Monday, February 4, 2013

යශෝ කැලුම් වරජෝතිය පිනෙන් උදාරයි..!

  නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
  නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

  නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
  නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි
  
  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි

  නිදා නොඉද යළි පිබිදී අහස බලන්නේ
  නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ

  නිදා නොඉද යළි පිබිදී අහස බලන්නේ
  නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ

  පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

  පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි

45 comments:

  1. හය්යෝ කොපි ඇන්ඩ් පේස්ට් කරලා දැම්මෙ කම්මැලිකමට.වැඩේ අප්සැට් වෙලා වගෙයි.

    ReplyDelete
  2. මගෙ බ්ලොග් එකේ නම් හොදට පේනවා.ඒත් ටයිප් කරලාම දාන්නම්.

    ReplyDelete
  3. මේ ඩෝල්ටන් අල්විස් අමරදේව අමරදේව සුසංයෝගයේ මියුරු ඵලයක්..

    ReplyDelete
    Replies
    1. ඒ කීවෙ තනු නිර්මාණයත් අමරදේවයන්ගෙ විය යුතුයි.
      ස්තූති ඔබට දැනුවත් කිරීමට!

      Delete
  4. කියන්න ඕන ටික දයා කියලා.... සිගිරි ගලේ කවි ලිව්වෙත් ඩෝල්ටන් කියල අහල නැද්ද.

    ReplyDelete
    Replies
    1. සීගිරි ගලේ කවි ලිව්වෙ නම් එතුමා කියල අනුමාන කරන්නවත් පුළුවන්.ඒත් මෑතක් වෙනකම්ම මං විස්වාස කළේ නෑ නන්දා මාලිනිගේ නිම් වළල්ලෙන් එපිට සින්දුව ලියා තියෙන්නෙ ඔහුයි කියල.අම්මයි මායි රණ්ඩු වෙනව ඔය සින්දුවෙ පද රචනය ගැන කිය කිය.මොකද මට විස්වාස කරන්නත් බෑ එච්චර මටසිලිටි පද ටිකක් එතුමා අතින් ලියැවුණා කියල.ඒ සින්දුව නිකං මහගමසේකර ලියු එකක් වගේනෙ.

      Delete
    2. @ Naleen Dilruksha

      ප්‍රේමදාස මහත්තයා ඩෝල්ටන් අල්විස්ගේ සිංදුවක් තමන් ලිව්වා කියලා කියා ගත්තු නිසා ඒ කාලේ පත්තරේක කවියක් ගියාලු නේද "සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්" කියලා

      Delete
  5. මං ආස කරන ගීතයක්....

    ReplyDelete
  6. මාර ගැම්මක් එනව ඒ සින්දුවට.....

    හික්ස්.... ඉස්සර පොඩිකාලෙ අපි කවුරුත් සින්දු කියන්නෙ අපිට ඇහෙන විදියටනේ....
    මං ඉස්සර පොඩිකාලෙ ඕක කියන්නෙ...

    “එවන් අසිරිමත් ජාතිය ජනෙල් උඩාලයි“ කියල...^_^

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල අක්කියො.ඇග හිරිවැටෙනව අහන් ඉන්දැද්දි.

      හික් හික්..මරු කතාව තමා.මතකද මිල්ටන් පෙරේරාගෙ සුරැකීමට හෝ සින්දුවෙ තියෙනවා හද පෙම් ගිතෙල් දමා කියල.අපේ අම්ම පොඩි කාලෙ හිතන් ඉදල තියෙන්නෙ පෙම් ගී තෙලේ දාලා බදිනවා ඇති කියල..)))

      Delete
  7. මේ ගීතයේ පද රචනයේ, වගේම ගායනයේ තියෙන අපූර්වත්වයත් ගීතය මිනිස්සුන්ගෙ හදවත්වලට ළං කරන්න හේතු වෙලා තියෙනව කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ස්තූතියි අක්කියෙ..

      Delete
  8. මේවා තමා සින්දු කියන්නේ .මෙහෙම ඒවා දැන් නිර්මාණය නොවීම කණගාටුවට කරුණක් !

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.මේ සින්දු අහන කොටත් නිකං හිත ජාතිකාභිමානයෙන් මෙව්ව වෙලා යනව නේද..අද තියෙන ජාතිකාභිමානී ගීත ඇහුවාම වමනෙ යන්න එනවා.මොනව කරන්නද කාලය මැව් වෙනසක අරුමේ....)))

      Delete
  9. නිදහස් දිනේට ජාතිකානුරාගී ගීතයක්...
    මරු මරු...

    ReplyDelete
  10. නිදහස් දිනය සමරල නංගි බ්ලොග් පෝස්ට් එකකින්.... ලස්සන ජාතිකානුරාග ගීයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ..ස්තූතියි!

      Delete
  11. උදාර වූ හැඟීමක් ඇති වුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි එහෙම නම්..ස්තූතියි.

      Delete
  12. අමරදේව මහත්තයගෙ සුපිරි ගියක්!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..අලි අය්යා දැන් බ්ලොග් එක ලියන්නෙම නෑ වගෙයි!

      Delete
    2. නිල වශයෙන් අතෑරල දාල නෑ! ටිකක් කල්පනා කරනව! :)

      Delete
    3. කල්පනා කර කර ඉන්නැතුව ඔය මොනා හරි චාටර් වෙච්ච සීන් ටිකක් ලියා දාන්න අනේ..)))

      Delete
  13. //..යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි....//

    …මේ කෑල්ලේ තේරුම කියමුකෝ නඟා :)

    ReplyDelete
    Replies
    1. කීර්තිය නමැති උතුම් කාන්තිය,ලංකා මාතාව සතු පින්වලින් සාඩම්බර බවට පත් වෙලා කියල තමා කියන්න වෙන්නෙ නේද? මේ සින්දුවල ඉතින් වැඩි හරිය වචන හරඹනේ.නියමෙටම පදරුත් පසිදන්න අමාරුයි අෆ්ෆා... ශාස්ත්‍රවේදියෝ ඕවා ඔහොම අහනවද මං අහන්නෙ ඈ..?P

      Delete
    2. මාර තේරුමක්නේ. ශාස්ත්‍රවේදියෙක් වුණත් දන්නේ නැත්නම් දෙයක් ගැන බොරු නම්බුවට කටවහගෙන ඉන්නවාට වඩා දන්නේ නැහැ කියලා අහගන්න එක නම්බුයි :D

      Delete
    3. ඒක තමා මාරම තේරුමක්..
      ශාස්ත්‍රෙව්දීතුමාට කේන්ති ගියාද මන්දා...))!

      Delete
    4. අයියෝ නැහැ :D ඇත්තම කිව්වොත් "ශාස්ත්‍රවේදීතුමා" සාමාන්‍ය පෙළට විතරයි සිංහල ඉගෙන ගත්තේ. උසස් පෙළ විෂයක් විදිහට සිංහල ඉගෙන ගත්තේ නැහැ. ඒක නිසා සිංහල භාෂාව ගැන පෘථුල අවබෝධයක් ඇත්තේම නැත :(

      Delete
    5. අනේ අප්පේ එහෙමත් එකක්ද..මං ඉතින් උ/පෙට ඉතිහාසයත් එක්ක සිංහලත් කරන්න ඉන්න නිසා මට හිතෙන්නෙම අනිත් අයත් එහෙම කරන්නැති කියලානෙ අනේ...සමාවෙන්නෝනෑ...))))

      Delete
    6. @ වර්ෂා ( Rain_Girl )

      හප්පච්චියේ තවත් ඉතිහාසකාරියක්ද ? :D සන්තෝෂයි සන්තෝෂයි

      සාමාන්‍යයෙන් කලා අංශයෙන් උපෙ කරන අයට සිංහල අනිවාර්ය වුණත් සමහර ඉස්කෝලවල එහෙම නැහැ. අපේ ඉස්කෝලෙත් එහෙම නැති නිසා මම කළේ ඉතිහාසයයි, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රයයි.

      Delete
    7. ඔව්නේ තවත් ඉතිහාසකාරියක්..තව ටික දවසකින් හසිතය්යට යන එන මං නැතිවෙනවලු ඈ...D

      හැබැයි මං කරන්න ඉන්නේ ඉතිහාසය අමතර විෂයක් විදියට.භාෂා තමයි කරන්න ඉන්නේ.ඒක නිසා මයෙ හිතේ ලොකු අවුලක් වෙන එකක් නෑ ඔයාටයි ඔයාගෙ බ්ලොග් එකටයි...P

      ඔයා කරපු විෂයන් තුන එක වගේ නිසා ටිකක් නීරස නැද්ද...මට නිකම් එහෙම හිතුණා!හැබැයි තමන්ගෙ උනන්දුව මත තමයි හැම දෙයක්ම පදනම් වෙන්නෙ නේද..

      Delete
    8. @ වර්ෂා ( Rain_Girl )

      එහෙනම් අපිට හැංගෙන්න තැන් හොයාගන්න වෙයි වගේ :P

      විෂයන් තුනම තුන් පැත්තකට යන්නේ. දේශපාලන විද්‍යාව, ඉතිහාසය නම් ටිකක් ලඟින් යනවා. ඒත් සමහර වෙලාවට විතරයි. නීරස කතාවට උත්තරේ ඔයාටම හිතුණනේ. අපේ කැම්පස් එකේ ඉන්නවා සාමාන්‍යවේදී උපාධිය කරන ළමයි විෂයන් තුනටම තෝරාගෙන තියෙන්නේ භාෂා 3 ක්. කොහොමට ඇද්ද ඉතින් :D

      Delete
    9. ඔව් අෆ්ෆ බිත්තර කට්ටක් හොයාගන්න...D

      මං එක වගේ කියල අදහස් කළේ විෂයන් තුනම පාඩම් කරන්නම තියෙන හින්දා.දැන් බලන්නකො භාෂාවක් කරන කොට පාඩම් කරන්න විතරක් නෙවෙයි තව කොයි තරම් දේවල් තියෙද-විචාර ලියන්ඩ එහෙම!

      හැබැයි භාෂා තුනක් නම් ටිකක් වැඩියි වගේ.දෙකක් කළාම හොදටෝම ඇති!

      Delete
    10. @ වර්ෂා ( Rain_Girl )

      විෂයන් තුනක කටපාඩම් වුණාට ලොජික්වල නම් මැජික් කෑලි එහෙම තියෙන නිසා ගිරවා දාලම හරියන්නේ නැහැ. ඉතිහාසය වුණත් ගිරවා දැම්මා එන ප්‍රශ්නෙට ගලපලා ලියන්න පුලුවන් වෙන්න එපැයි. දේශපාලන විජ්ජාවත් හුඟක් වෙලාවට එහෙම තමා. භාෂාවක් ඉගෙන ගද්දී පාඩම් කරන්නේ නැහැනේ. ප්‍රායෝගිකවම කරන්න එපැයි.

      ඔයා භාෂා තුනක් වැඩියි කියනවා. අපේ බැච් එකේ බංගලාදේශ් හාමුදුරු කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ හින්දි, ජර්මන්, කොරියන්. ඒ වගේමයි සිංහල, ඉංග්‍රීසි, බංගලාදේශ් භාෂා තුනත් හාමුදුරුවන්ට සුපිරියට පුලුවන්. [ෂඩ් භාෂා පරමේශ්වර]

      Delete
    11. @ වර්ෂා ( Rain_Girl )

      විභාගේ අස්සේ කවි මඩු තියෙන එවුන් හරියට සෙම් එකේ මුල ඉදන් වැඩ ටික කරනවා නම් උන් මේ වෙද්දී මහාචාර්යවරු වෙලා :D

      ජීවමාන සාක්ෂිය කිව්වාට අපි දන්නවයෑ \ඇත්තද කියලා. හොඳා කියමු බලන්න මොනවද පුලුවන් බාසා කියලා :D

      Delete
    12. වෙලා වෙලා..ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු වෙලා...))))

      අනේ එහෙම කීවට වැඩි යමක් බෑ අෆ්ෆ..සිංහලයි ඉංගිරිසුයි විතරයි! පුළුවන් බාසාවල් දෙකෙන් තමයි බ්ලොග් ලියන්නෙ.තව එකක් ඉගෙනගත්තොත් අනිවා බ්ලොග් එකක් පටන් ගන්නවා....D

      Delete
    13. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙමේ විඥාපක මහාචාර්ය වෙලා තමා නතර වෙන්නේ :P

      මටත් දවසක් කමෙන්ට් කරපු පොරක් කිව්වා මේවා සිංහලෙන් ලියන එක සිංහල භාෂාවට කරන අගෞරවයක් ඒක නිසා හින්දියෙන් ලියාපන් කියලා. මම කිව්වා හින්දි පුලුවන් වුණු කාලෙක ලියන්නම් කියලා :D

      Delete
    14. සොරි ෆෝ ඉන්ටරප්ටින් යූ... මං පොඩ්ඩකට මැද්දට පනිනෝ!!

      හෑ... බයෝ නේද කරන්න හිටියේ? එක පාරට මොකද ආටියෙක් වෙන්න හිතුවේ.? අන්න කෙල්ලෙක් වීමේ වාසිය.. රස්සාවල් ගැන හිතන්න ඕන නෑ.. හිතුනු විෂයය කළා! එහෙම වුණා නම් මාත් ආටෙක් නේ! කොහෙද! පව් ගෙවන්න තියෙනෝ නේ... :/

      මං මේ දවස්වල ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නෝ.. අප්‍රබංශ වලට වඩා ටිකක් ලේසියි!! ඒකත් ඉගෙන ගන්න.. එතකොට ත්‍රෛ භාෂා පරමේශ්වර වෙන්න පුළුවන් නේ!! :)

      අනිත් එක අර ගිරවා කතාව.. කැම්පස් ඇවිත් නම් ඉතින් ගිරවා නොදා ගොඩ දා ගැනිලි බොරු.. අපිට වැඩියෙන් ම ගිරවා දාන්න තියෙන සබ්ජක්ට් වලින් එකක් මැත. එහෙව් එකේ අනිත් එව්වා ගැන කවර කතා ද??

      Delete
  14. නෑ ඉතින් මගේ ආදරණීය සහෝදරිය කියන දේත් පොඩ්ඩක් විතර වත් අහන්න එපා යැ! ඒ හින්දා ඕන් ඒ හිනාව අතැරලා දැම්මා!! :) :) :P

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්....ලොකු දෙයක්!)))))!

      Delete