Tuesday, April 30, 2013

සරස වසන්තය ආයෙත් එනවා නම්..

සෑම ගීතයක් ම එක සේ හිත නළවන්නේ නැත. හිත රිදවන්නේ ද නැත.එලෙසින් මා එක විට රිදවූත්, නැළවූත්, මා ජීවිතයේ වඩාත් ම ආසා කළ,ආදරය කළ,අදටත් එලෙසින් ම ආසා කරන,ආදරය කරන,ගීතය ගැන මම මීට පෙර ලියා තබා ඇත්තෙමි.ඒ රෝහණ වීරසිංහයන් ගයන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතයයි.. ඒ ගීතය ළගට මා ආසා කරන ගීත බොහෝමයක් ඇත.ඒ අතරින් මෑතකදී කණ වැකුණු මේ ගීතයටද මම ආසා කරමි.... ඇතැම් විට.. ඇතැම් විට.. මේ ගීයත් ඒ ගීය මෙන්ම සෙංකඩගල පසුබිම් කොට ලියැවුණු නිසා හෝ ඒ පරිසරය මතක් කරමින් මේ පදවැල් මට දැනෙන නිසා වෙන්නට පුළුවන.

හේතුවක් ඇතුව හෝ නැතුව මම ඒ පරිසරයට ආසා කරමි.ඉතින් ඒ හා බැදුණු පද පෙළක්, කටහඩක් සහිත ගීයකට ලොබ බැදීම වරදක් ද?

පුද්ගලිකව මේ ගීයට ආසා කරන්නට මට තවත් හේතුවක් තිබේ.ඒ මේ ගීයට රූප රචනාවක් තිබුණද මා එය නරඹා නැති වීමයි.රූප රචනා සහිත ගී හදවතට දැනෙන්නේ නැත.ඒවා දැනෙන්නේ ඔලුවටය.යමක් ජීවිතය හා බැදෙන්නට නම් එය හදවතට දැනිය යුතුයැයි සිතමි.ඔලුවේ රැදුණු පමණින් පාඩම් මතක හිටින්නේ නැත්තේත් ඒ නිසාය.පාඩමක් වුව මතක හිටින්නට නම් එය හදවතට දැනිය යුතුය.

ගීතයක් ඇහෙද්දී දෑස පියත්ම අප ඇස් ඉදිරියේ මැවෙන්නේ අප සිතේ රැදෙන අවංක රූප රචනාව නොවේ නම් එය අවාසනාවකි.එහෙත් රූපරචනාවලින් තොර ගීතවල රූප රචනාව අපට කැමති විදියකට ඇද ගන්නට පුළුවන.එය වාසනාවකැයි හගිමි....

..මේ ගීයත් එවන් ගීයකි.ගයන්නේ අපේ යුගයේ දයාබර මහලු ප්‍රේමවන්තයා සමග අනෝමා රාසපුත්‍ර ගායිකාව ය.ලියා ඇත්තේ නිලාර්.එන්.කාසිම්ය.නාද මාලාව ජගත් වීරසිංහගෙනි.ගීය මෙතැනින් අසන්නට පුලුවන.

සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ  අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක ඒ හංගා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට 
ආයෙත් හමු වී හිනා නගන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

දෙනෝදහක් මැද සිත් හංගන්නට 
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමු වී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම

..ඉතින් සරස වසන්තය යළිත් කවදාක හෝ උදා වේ.වසන්තය එක ම ආකාරයෙන් උදා නොවන්නට ඉඩ තිබේ.නිවැරදි ඇසැකින් බලන්නේ නම් ජීවිතය ගැඹුරුය.ඒත් ගැඹුරේත් සුන්දරත්වයක් තිබේ.ඉදහිට බොළද බවක් වැළදගන්නා ගැඹුරු ජීවිතයද ලස්සනය.කෙලෙසින් හෝ උදා වන වසන්තය ජීවිතයට පිළිගනු මැනවි.වසන්තයේ සිනහසෙන කුසුම් කැකුළු ජීවිතයට සුගන්ධය ඉසිනු ඇත!!!

ප.ලි
සොදුරු කවිපද ලියැවෙන තවත් බ්ලොගයකට පාර මෙතැන සටහන් කරමි.කුරුටු ගෑ ගී පොත

47 comments:

  1. සිරාවටම ලස්සනයි තමා ඒ සින්දුව නම්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ බ්ලැක් අය්යා!!!

      Delete
  2. අර සිංදු වල රූපරචනා ගැන කියල තියෙන කතාවට නම් මාත් එකග වෙනවා. සමහර වෙලාවට ගීතයක් අහනකොට ඒක මට දැනෙන විදියටනේ මං ඒක මවා ගන්නේ. හැබැයි රුප රචනාව බලනකොට වෙනමම දෙයක්.සමහර වෙලාවට හිතෙනවා රුපරචනය ගීතයට ගැලපෙන්නේ නැන්ද කියලත්....

    ReplyDelete
    Replies
    1. අද තියෙන ගොඩක් රූප රචනා සින්දුවට ගැළපෙන්නෙ නෑ අක්කේ.ඒත් ඉතාම කලාතුරකින් තියෙනවා අපිට දැනෙන හැගීමට ගැළපෙන විදියෙ රූප රචනා.

      Delete
  3. වසන්තය උදා වෙනකම් බලං නොයිඳ වසන්තය උදා කරගන්නත් ඒක හැමදාම පවත්ව ගන්නත් උත්සාහ කරමු :)

    ReplyDelete
    Replies
    1. ඔහේ නම් ඉතින් ඒ හරිය කොරගෙන ඉවරයිනේ සහෝ...))))

      Delete
    2. ඒක නං සහතික ඇත්ත. මෙයාට වසන්තය නෙමෙයි රජ මඟුල් වගේ ඇති. අනේ පව් අෆ්‍ෆා හනී බනී කෙල්ල :'( පූරුවේ කරුමයක් ගෙවනව ද කොහෙ ද :P

      Delete
  4. පද පෙළ නං ලස්සණ යි, වර්ෂා. ඒත් සින්දුව නං අහන්න බැරි වුණා තාමත්. ඉක්මනට අහලා ආයෙත් කොමෙන්ටුවක් දාන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කමක් නෑ පුලුවන් වෙලාවක අහන්න අක්කේ!!

      Delete
    2. සින්දුව ඇහුවෝ :) ලස්සණ යි, නංගි.

      Delete
    3. එහෙනං එච්චරයි..!!!

      Delete
  5. මම නම් මේ ගීතය ඇහුවෙ අදමයි නංගි...අද ඉඳන් මම කැමති ගීත අතරට මේ ගීතයත් අනිවාර්‍යයෙන් එකතු වෙනවා.

    ඇස් දෙක පියාගෙන ගීතයක් අහද්දි හිතේ මැවෙන රූප රචනය තමයි ඒ ගීතය අපිට දැනෙන්න අරින්නෙ. එහෙම උනාම අපිට නිදහසේ අපි කැමති,අපිට දැනෙන විදිහට ඒ ගීතය රසවිඳින්න පුලුවන්. ටීවී එකේ යන රූප රචනය අපේ පරිකල්පනය සීමා කරනව. "මේ සින්දුවෙන් කියවෙන්නෙ මෙන්න මේ වගේ දෙයක්" කියන අදහස අපේ හිතට බලෙන් ඇතුල් කිරීමක් රූප රචනය හරහා සිද්ධවෙනව කියල හිතෙනව. එතකොට ගීතයක් තමන්ගෙ කරගෙන විඳින්න තියෙන ඉඩ ඉබේම නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙනම් ගොඩක් සතුටුයි.මේ සින්දුවෙ කියන්න නොතේරෙන සෞම්‍ය බවකුත් තියෙනවනේ...

      රූප රචනා එක්ක සින්දු නරඹද්දි මටත් දැනෙන හැගීම ඕකමයි අක්කේ.. අපේ නිදහස නැති වෙලා අපේ වින්දනය වෙනුවට වෙන දෙයක් ඔලුවට වැටෙනවා.ඒක හරි අවාසනාවක්නේ..

      Delete
  6. ජීවිත කාලයට කී වරක් මෙසේ සිතී අැත්ද? :(
    අද උදෙත්!

    ReplyDelete
    Replies
    1. හෙට උදෙත් එහෙම හිත හිතා ඉන්නෙ නැතුව මේ මොහොතෙ ඉදන් අලුත් විදියට ජීවිතය පටන් ගන්න අය්යේ... අර යසිත් අය්යා කියා තියෙන්නා වගේ එතකොට සරස වසන්තය ඉබේම ජීවිතයට උදා වේවි!

      Delete
  7. ඇත්තටම ලස්සන සින්දුවක් නංගි. ඒත් ඔයාගෙ පෝස්ට් එක නිසා ඒ ගැන තවත් තේරුණා.

    හරිම ලස්සනයි......

    ඔයා කියපු එක හරි. හදවතට දෙයක් දැනුනම ඒක අපේ හිතේ තියෙනව හැමදාටම

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ කියන්නෙ පෝස්ට එක ටිකක් හොදයි වගේ?????????
      ගොඩක් ස්තූතියි අක්කේ.හදවතට දැනුන දේවල් අමතක කරන්න බැරි ඒකනේ නේද!!

      Delete
  8. ලස්සන සින්දුවක් නංගා. අදමයි මේ සින්දුව ඇහුවේ. ගොඩක් ස්තූතියි මේ සින්දුව අපිත් එක්ක බෙදා ගත්තට...

    ReplyDelete
  9. ඇත්ත නංගියෝ..වසන්තය එනවා සත්තයි........
    ලස්සන සින්දුවක්.මාත් ඉස්සෙල්ලම ඇහුවේ අද

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මේක එච්චර ජනප්‍රිය සින්දුවක් නෙවේ අක්කියෝ තාම.ළගදිනේ ආවේ!

      Delete
  10. අපූරු ගීයක්. අදමයි ඇහුවෙ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හපොයි ස්තූති කරන්නත් දෙයක්යැ.ගීතය වින්දා නම් එච්චරයි!

      Delete
  11. ගෙදර ගිහින් සින්දුව අහන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හා හා අහන්නකෝ.අහලා කමෙන්ට් එකක් දෙන්නකෝ.

      Delete
  12. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අනේ පුංචි කුමාරිහාමියේ.. එන්නම් එන්නම් ඒ පැත්තෙ.බොහෝම ස්තූතියි..ඒත් ඉතින් මාත් තාම පුංචි කෙල්ලෙක්නේ.අඩුපාඩු පෙන්නන්න කෙසේ වෙතත් කියවලා රස විදින්න නම් ඇවිල්ලා යන්නම්!!

      Delete
  13. රූප රචනා සහිත ගී හදවතට දැනෙන්නේ නැත.ඒවා දැනෙන්නේ ඔලුවටය. ඒ කතාවට මමත් එකඟ යි. දැන් බොහෝ අය සින්දු අහන්නේ නෑ, බලනවනේ. (දැන්වීමට ස්තුති යි හොඳේ....)

    ReplyDelete
    Replies
    1. සින්දු බලද්දි නම් අහන කොට දැනෙන හැගීමෙන් අරික්කාලක්වත් දැනෙන්නෙ නෑ.....

      ((((( දැන්වීමට නම් ගාණක් අය කරන්න වෙනවා!!

      Delete
  14. සමහර ගීතවලට අපි ආසා කරන්නේ ඇයි කියල පැහැදිලි අදහසක් අපිටම නැතත් ඒ හැම එකක්ම අපේ ජීවිතවල යම් අවස්ථාවකට බැඳිල තියෙනව. හරියටම එතැනට ඇඟිල්ල තියන්න බැරිකම විතරයි..

    ReplyDelete
    Replies
    1. හපොයි මෙයාගෙ දර්ශනික කතා...))))

      Delete
    2. වැඩිහිටියෝ එහෙමයිනෙ..

      Delete
    3. ඇත්ත ඇත්ත පොඩි එවුන් වුණාම අපි මෙයාලගෙ ගෑස් බලන්න එපැයි!!!

      Delete
  15. මාත් හුඟාක් ආස කරන සින්දුවක්...... විෂුවල් එකත් එක්ක තියෙන සින්දුව තමා මුලින්ම දැක්කෙ... ඒකෙනම් කියන්න තරම් වරදක් තිබුනෙ නැහැ පැට්ටෝ... ඒත් හුඟාක් සින්දු විෂුවල් එකෙන් කනව කියන කතාවටනම් මාත් එකඟයි...!!


    “බොරු විස්සෝපෙන් අහක බලන්නට
    ආයෙත් හමු වී හිනා නගන්නට
    සරස වසන්තය ආයෙත් එනවා නම්....“

    මාව කාලයක් අඬවපු සින්දුවක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මේකෙ විෂුවල් එකක් තියෙනව කියල නං දන්නව.ඒත් බලන්න හිතෙන්නෙ නෑ අක්කියෙ.එතකොට සින්දුව දැනෙන්නෑ...!!!

      ..මේ සින්දුව අහල දැන් ඇඩෙන්නෑ නේද???
      අඩන්නත් එපා!

      Delete
  16. මමත් මේ ගීය ඇහුවේ අදමයි. කාලෙකට පස්සෙ අනෝමා රාසපුත්‍ර ගයාඇති ගීය සැබැවින්ම ලස්සනයි. අනෙක් අතට මෙවන් ගිතවලට අමුතුවෙන් රූප රචනා කළ යුතු නෑ. විඳින්නාගේ පරිකල්පනයන් තුළ රිසිසේ රූප මවාගෙන විඳින්නට ඉඩදියි යුතුයි.ඒත් ඔබ ගීතයට එකතු කර ඇති අදහස අපූරුයි

    ReplyDelete
    Replies
    1. මම ඇයගෙ වෙනත් ගීත අහලා නෑනෙ.මේ වගෙ ගීතවලට රූපරචනා ඕන නෑ කියන එක නම් ඇත්තම ඇත්ත.රූප රචනා අවශ්‍ය වෙන්නෙ තේරුමක් නැති බාල ගීතවල ජනප්‍රියභාවය සදහා පමණයි.අදහසට බොහොම ස්තූතියි ඔබගෙ..

      Delete
  17. huga kalekin kawiyak dakke na nangige....wats up nangi baba???hope everything ok>????

    ReplyDelete
    Replies
    1. කවියක් තියෙනවා අක්කියෝ.මේ පෝස්ට් එකට පස්සෙ ලියුවේ කවියක්!

      Delete
  18. මේ සින්දුව ගැන වෙනත් තැනකදි කෙනෙක් අහපු ප්‍රශ්ණයක් මටත් ආවා. ඒකට උත්තර හොයද්දියි මේ සටහන දැක්කේ.

    සරස කියන වචනයේ තේරුම සහ ඒක මෙතනදි පාවිච්චි වෙලා තියෙන විධිය කියන්න පුළුවන්ද?

    ReplyDelete
  19. මේ සින්දුව ගැන වෙනත් තැනකදි කෙනෙක් අහපු ප්‍රශ්ණයක් මටත් ආවා. ඒකට උත්තර හොයද්දියි මේ සටහන දැක්කේ.

    සරස කියන වචනයේ තේරුම සහ ඒක මෙතනදි පාවිච්චි වෙලා තියෙන විධිය කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. සරස කියන්නේ රස සහිත කියන එක.. ගොඩක් සුන්දර අතීතයක් ගැන කියන්න මෙතන ඒ වචනය පාවිච්චි කරලා ඇති කියලා හිතන්න පුළුවන්!

      Delete
    2. ස්තූති වේවා... මම ඒක අහපු කෙනාට මේකෙ ලින්ක් එක් දෙන්නම් :-)

      Delete
  20. මටත් මේ සරස මොකක්ද කියල ගැටළුවක් වුනා.

    අද හදිස්සියෙ සරස හම්බවුණා නෙ.

    මගෙ ගූගල් ඩ්රයිව් එකේ පරණ ඩොක් සුද්ද කරන්න බලද්දි, ලියාගත්තු එකක් අහුවුණා.

    ලලිත ලවංග ලතා පරිශීලන
    කෝමල මලය සමීරේ….
    මධුකර නිකර කරම්බිත
    කෝකිල කූජිත කුංජ කුටීරේ…
    විහරති හරි රිහ සරස වසන්තේ්…

    මේක ගීත ගෝවින්දය. සුනිල් සාන්තත් සිංදුවක් වගේ කියල තියනව.

    මේක අහන්න වෙලාවක.... හරියට පටන් ගැනෙන්නෙ විනාඩියක් විතර ගියාම.

    https://www.youtube.com/watch?v=uNfRHTris84

    නෙට් එකේ සංස්කෘතයි ගීත ගෝවින්ද සටහන් හෙමයි කියෙව්වාම හිතුණේ 'සරස වසන්තේ' උන්මත්තක වසන්ත කාලය වගේ අරථයක් දෙනව කියලයි.

    ReplyDelete