Friday, October 25, 2013

පැතුම් මල් නෙළා.....!!!!

හැමදාම කවි විතරක් ලියනවා යැයි මාව කන්නට හදන පිරිසක් බ්ලොග් අවකාශයේ සිටිත්.ඉතින් උපන් ජීවිත බයෙන් යුතුව මේ පොඩි ලිපිය ලියමි.....))))))))) එය පළමුව කියා සිටිය යුතුය.

නමුත් මෙය ලියන්නට ඊට වඩා හේතුවක් තිබේ.ඒ අන්තර්ජාලයෙන් "සින්දු බලා බලා" ඉන්දැද්දී හදිසියේම අපේ පරපුර ගැන සිතට සතුටක් දැනුනු බැවිනි.අපේ පරපුරේ ගීත අපි නොඅසනවා නොවේ.අපි ඒවා අසන්නෙමු.ඒත් අවාසනාවකට මෙන් ඒවා විඳින්නට නොහැකිය.ගීතයක් විඳින්නට වුවමනා නම් අඩුම තරමේ අනූව දශකයේ මුලම හරියට යා යුතුය.ඉන් මෙහා පැත්තේ බොහෝ ගීත ඇත්තේ අසා රස විඳින්නට නොව අසා අමතක කරන්නටය.ඒත් අලුතින් පිපී එන නැවුම් හඬවලින් ගැයෙන මේ සොඳුරු ගීතය සිංහල ගීතයේ හෙට දවස ගැන ලස්සන බලාපොරොත්තුවක් ඇති කරවයි.

 පි-පැතුම් මල් නෙළා පැසකට අතින් අත අරන්
  ගොසින් ජීවිතේ සමනොළ වඳිමු අත් බැඳන්

 ගැ-නිතින් පින් පිරුණු පෙම්බර සිනහ මල් නෙළන්
 ඉතින් ආදරේ ගී පද ගයමු හිත් බැඳන්..

 පි-මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය රැළී
 මුළා වනු එපා ජීවන පහන මම වෙමී

 ගැ-පිපෙයි අත වනයි මාවත බොළඳ හසරැලී
 මුළා වනු එපා ආදර කිරුළ මට හිමී

 පි-දුරයි පා රිදෙයි යන මග රුදුරු කටු ඇනී
 අඩන්නට එපා තනියට සදා ළඟ ඉමී

 ගැ-කදුළු ගණ වළා හිනැහේ රිදී ඉරි ඇඳී
 වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී

ඒ ගීතය අසන්නට යැයි කියමින් මේ ලිවුම මෙතැනින් නවතමි.


23 comments:

  1. ඈ...අහලම බලමුකෝ ඈ

    ReplyDelete
  2. කතාවනම් ඇත්ත...ඔන්න මමත් අද තමයි මේ සිංදුව ඇහෙව්වේ..ටිකක් හිතට වැදෙන සිංදුවක්

    ReplyDelete
    Replies
    1. වැදුණා නම් එච්චරයි...)))

      Delete
  3. kawi diga muth meya ketiya.. :( grrr..

    KAthawanam boho durata aththa nangi...
    @K.A.I.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අඳුරන කෙනෙක්ද කියලා.... තැන්කු වේවා!!!

      Delete
  4. වර්ෂා ලියන්න බය වෙන්න එපා ......ටික ටික උත්සහ කරන්න කවි වගේම ලිපිත් ලියන්න දිගටම ....සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා.වෙලාවක් නැති එකනේ වෙලා තියෙන්නේ අෆ්ෆා!!!

      Delete
  5. කාලෙකින් සිංහල සිංදුවක් අහන්න උනේ නැති හන්දා මේක මඟ හැරුන සිංදුවක්..

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් අහන්නේ ඉතාලි සින්දු විතරයි නොවැ!!!!

      Delete
  6. ආපොයි ඔය සෑහෙන්න දිගට ලියල තියෙන්නේ.. ගීතය ගැන හොද විචාරයක් දෙන්න උවමනායි නේ..

    ReplyDelete
    Replies
    1. වෙලාවක් නැති එකනේ අෆ්ෆා අවුල!!

      Delete
  7. මට මේක මෙතනින් අහන්න බැරි වුණා නේ. මොකක් හරි අවුලක් ද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න. ගූගල් සීයා ගෙන් ඉල්ලගෙන ඇහුවා. මග පෙන්නුවට තුති! අතරින් පතර හරි මෙහෙම නිර්මාණයක් හමු වෙන එක සතුටක්....

    ReplyDelete
  8. සිරාවට පට්ට නේ.....

    ReplyDelete
  9. අන්න එ් වගේ ලිපි ටිකකුත් ලියන්න. කවිත් ඉතිං ලියන්න :D

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි.. අලි අය්යා වාගෙ අනිත් අයත් හිතන්න පටන් ගත්තා නම් ඉවරයි! කිසි කරදරයක් නෑ!!!!

      Delete
  10. //උපන් ජීවිත බයෙන් යුතුව මේ පොඩි ලිපිය ලියමි..///
    බුහාආආආ......... :)

    පොඩි එකී උනාට හෙන අණ්ඩපාල.. කවි/ සිංදු ලියන්න එපා කිව්වම, සිංදුවෙ ලිරික්ස් වෙනුවට media source එක දානවා :)
    කොහොම දැම්මත් කවිය කවියමයි... හි හි

    Online අහන්න වෙන්නෙ නෑ data limit පැනල පට්ට ස්ලෝ... ඩවුන්ලෝඩ් කරන් අහනවා

    ReplyDelete
    Replies
    1. මොකද කැත විදියට හිනාවෙන්නේ.ඔයාට බයේ නෙවෙයි නොලියා ඇරියේ හරිය...

      මං අණ්ඩපාල නෙවෙයි අණ්ඩපාලි හරිය.... ඒක මතක තියාගන්නවා හොදයි!!!!!
      පුළුවන් හැටියකිං සින්දුව අහන්න.

      Delete
    2. මේකත් ආදරේ ගැන :( ඇයි අෆ්ෆා ආදරෙයි, විරහවයි නැතුව වෙන සිංදු ඇත්තෙම නැද්ද මේ ලෝකෙ?

      Delete
  11. අළුත් පරම්පරාවෙ මෙහෙම හිතන එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්න එක ගැන මට සතු‍ටුයි..

    ReplyDelete
    Replies
    1. ඇයි මේ අපි වගේ එව්වො ගැන සතුටු නෑ...))))

      Delete
  12. හරි නේ ඉතින්.. හර්ෂණ දිසානායකගේ නේ!!!
    මට මතකයි හර්ෂණගේ මුල් ඇල්බම් දෙකේ සිංදු කටපාඩම් වෙනකම් ම අපි කීප දෙනෙක් ඇහුවා.
    තාත්තා රට රැක ගන්නට ගිය හැටි
    අත්තම්මා නිවන් ගිහින්
    ඇත් රජුනේ
    වගේ ගීත අහද්දී ඇස් වලට කඳුළු එන එක නවත්ත ගන්න ඒ කාලේ ගොඩක් අමාරු වුණා.
    මේ ගීතයත් ඇත්තට ම හිතට දැනුණු එකක්!!

    බොහොම ස්තුතියි නංගියෝ බෙදා ගත්තාට..
    මං මේ ලිපිය මුණු පොතේ බෙදා ගත්තට කමක් නෑ නේ?

    ReplyDelete