Sunday, November 3, 2013

විහඟෙකුට...

අහම්බෙන් වගෙ ඇවිත් මගේ හදවත් බිමට
පුරන් කොට වගා කොට දිය යොදා යස රඟට
කෙතක් තැනු නුඹම නුඹෙ ආදරය පෙරටු කොට
ඉගිලෙන්ට හදයි අද ගිනි තියා ඒ කෙතට

යන්ට සැරසෙන නුඹව නවත්වා ගමි කුමට
පෙම් ගොයම් නොකන නුඹ පලක් වෙද මගෙ කෙතට
තෙරක් නැති මුළු අහස හිමි හෙයින් විහඟෙකුට
හැකිය ඉගිලී යන්න කැමති ඕනෑ තැනට

යළිත් කවදාක හරි එන්න හිතුණොත් එහෙම
සැක බියක් නැතුව නුඹ පැමිණෙන්න මා වෙතට
පැමිණ පිවිසෙන්න හද ගෙදර ඕනෑ තැනට
අඟුළු ලා නුඹව සිර කරනු බැහැ මගෙ අතට

විහඟ සිත යට සැඟව තිබෙන මනුසත්කමට
නතු වෙලා නුඹ දිනෙක ඈත ඉගිලෙන කලට
හඬා නොවැළපෙමි මම එලෙස හඬමිද කුමට?
සිනා උපදවනු මිස පුරුදු මුහණෙම රුවට...


-මේකත් අහම්බයෙන් ලියු කවියක්.මතක හැටියට ඕ ලෙවල් භූගෝල විද්‍යා පේපර් එක ඉවර වෙලා නිකං ඉන්න අතරේ ලියුවේ... බ්ලොග් එකේ දාන්න කවියකුත් නැති හින්දා මේක දාන්න හිතුණා!

24 comments:

  1. එ් කියන්නේ ඕලෙවල් වලට කවිත් ලිව්වා එහෙනම් භූගෝල විද්‍යාවට....කවි ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැමදාමත් කියනවා වගේ මිහිරිම තමයි..

    ReplyDelete
    Replies
    1. භූගෝල විද්‍යාව කියන්නෙ කොහොමත් කවියක් වගේ විෂයක්නේ.දුකයි දැනුත් කවි ලිය ලියා ඒක කරන්න බැරි වුණාට.....))) ස්තූතියි!!

      Delete
  2. නියම කවි ටික.. :)

    ReplyDelete
    Replies
    1. බොරු කියන්ඩ එපා මොන්ටිසෝලි බබෝ....))))))))))))))))))

      Delete
  3. ලස්සනයි ලස්සනයි.. දැන් මොකෝ නංගියේ වැඩිය ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩියිනේ... ලියන්නේ නැතුවා නෙවෙයි අය්යේ ඔයාලගෙ බ්ලොග්වලට එන්න වෙන්නේ නෑ දැන්.....

      Delete
  4. කවියනම් සෝයි ආ ..
    මම මේ කල්පනා කරේ අපිනම් පේපර් ලියල ඉවර උනාම ඉතුරු කොළ වල බලි අඳිනවා .

    ReplyDelete
    Replies
    1. මේකත් ඉතින් බලියක් තමයි අය්යේ...

      Delete
  5. 'දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින්' මතක් වුණා....

    දෙවසරක් ළඟ රැඳී සමු ගත්ත හින්දා
    ඉතිහාසය මැදට එන්න ඉඩකුත් තියන හින්දා
    කිව්වෙ මේ කව් පේළි යසට පද බන්දා
    භූ ගෝල් විද්‍යාවට වත් ද මන්දා :))))

    ReplyDelete
    Replies
    1. හ්ම් ටිකක් ඒක වගේ තමයි නේද??? මං හරි ආස කය්යක් ඒක!

      ...........භූගෝල විජ්ජාව.......අනේ ඔව් මට දුකයි ඒ ලෙවල්වලට සබ්ජෙක්ට් හතරක් කරන්න බැරි එක ගැන.!!!

      Delete
  6. //යන්ට සැරසෙන නුඹව නවත්වා ගමි කුමට
    මටත් ඔ්කම හිතුන.
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අලි සිතිවිලි කියෝන හැමෝම දන්නවා ඔයාට එහෙම හිතෙන බව!!!

      Delete
  7. ලස්සනයි නංගි. විභාගෙ අස්සෙත් කවි ලිව්වද?

    ReplyDelete
  8. අහම්බෙන් ලියු කවි
    මෙතරම් මනරම්වේ නම්
    කෙලෙසක වේදැයි සිතම්
    වැර යොදා ලිව්වොත් හෙම

    ReplyDelete
    Replies
    1. මං වැර යොදා ලියන ගොඩක් කවි අහම්බෙන් ලියවෙන ඒවා තරම් ලස්සන නෑ මාමේ....!!!

      Delete
  9. අනේ වර්ෂා මේවා දකීද්දි මගේ කවි කුරුටු බුරුටුම තමයි

    ReplyDelete
    Replies
    1. හය්යෝ එහෙම කියන්න එපා අනේ.. සියල්ල සාපේක්සයිනේ!!!

      Delete
  10. //තෙරක් නැති මුළු අහස හිමි හෙයින් විහඟෙකුට
    හැකිය ඉගිලී යන්න කැමති ඕනෑ තැනට//

    නන්දා මාලිනී ගයන සුළං කපොල්ලේ ගීතයත්, ආදරයේ වේදනාව ගීතයත් එක වර සිහියට නැගුණා.
    අගෙයි!!!

    ReplyDelete
  11. කවි පෙල නම් හරිම අපුරුයි නංගියෝ. අපි නම් විබාගේ ඉතිරි වෙන වෙලාවල කලේ බලි කුරුටු ඇදපු එක තමයි ඕං... :) :D

    ReplyDelete
    Replies
    1. හා හා තැන්කූ මේවා කවි කුරුටුනේ අක්කෝ!

      Delete