Monday, February 4, 2013

යශෝ කැලුම් වරජෝතිය පිනෙන් උදාරයි..!

  නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
  නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

  නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
  නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි
  
  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි

  නිදා නොඉද යළි පිබිදී අහස බලන්නේ
  නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ

  නිදා නොඉද යළි පිබිදී අහස බලන්නේ
  නවෝදයේ තෙද රැදි හිරු පිපී දිලෙන්නේ

  පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

  පීදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
  හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි

  එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
  යශෝ කැළුම් වර‍ජෝතිය පිනෙන් උදාරයි