Monday, January 27, 2014

පන්තියේ දී නින්ද යනවාට උපදෙසක් පතමි...!!

මගේ විතරක් නොව අපි හැමෝගේම කැතම පුරුද්ද ටියුෂන් පන්තියේ දී දවස් ගාණක් තොවිල් බැලුවාක් මෙන් නිදා ගැනීමය.අප තරම් ඊට හපන් පිරිසක් මේ තුන් ලෝකයේ ඇතැයි මම විස්වාස නොකරමි.නිදාගන්නට අපිට ඕනෑ තැනක පුළුවන් ය.ඊට ටියුෂන් පන්තිය යනු අපූරුම ස්ථානයයි.. ඊට අපගේ දයාබර ගුරුභවතුන්ද ලබාදෙන සහයෝගය මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිය.

මෙය ලියන්නට සිතුණේ අද මගේ යෙහෙළියකට සිදු වූ දෙයක් නිසාය.ඇයට එක්තරා පන්තියක දී (නම කීම නුසුදුසු නිසා නොකියමි.) හොඳටම නින්ද ගොස් ඇත.ඈ හැමදාම වාඩි වෙන්නේත් ගුරුතුමියගේ නාහයට කෙළින්ය.එහෙම වීත් ඈ කොතරම් තද නින්දකට වැටී සිටියාද කියතොත් ගුරුතුමියගේ අණින් තමා ව ඇහැරවන්නට උත්සාහ කරන ශිෂ්‍යාව ඇයට පෙනී ගොස් ඇත්තේ තමාව උදේ පාසල් එන්නට සූදානම් කරවන මව ලෙසිනි.. එතැනින් එහා ඈ කියවන ලද බයිලා ටිකත්, ඇයට මුහුණ දෙන්නට සිදු වූ අපහාස උපහාස පිළිබඳවත් සඳහන් කළ යුතු නැතැයි සිතමි...)))))))

....ඉතින් ඇයට පමණක් නොව මටත් අපේ අනිත් සියලු ම මිතුරියන් පිරිසටත් මේ නින්ද යෑමේ රෝගය තදින් ම වැළඳී තියේ.හැමදාම මම ටියුෂන් පන්තියේ මැද හරියේ දී අවදි වන්නේ වර්ෂා,දැන් නිදාගත්තා ඇති කියා මිස් තෙපළන හඬටය.ඒ නිසා පෙර කී මිතුරියට සිදු වූ දෙය මටත් ඉතාම නොබෝ දිනකදී සිදු වෙන්නට ඉඩ ඇත.එහෙයින් මේ ගැත්තිය කෙරෙහි අනුකම්පාවෙන් යුතු ව මේ කුම්භකර්ණ නිද්‍රාවට පිළියමක් පවසන මෙන් අයැද සිටිමි...!!!!!



47 comments:

  1. බඩ පිරෙන්න වතුර බීල පන්තියෙන් ඉදගන්න.

    ReplyDelete
    Replies
    1. ඔය උපදේසේ නම් ගොඩක් අය දීලා තියෙනවා නලින් මාමේ... ඒක ක්‍රියාවට නගන්න ඕන නෑ වගේ.. හේ හේ..)))))

      Delete
  2. පිළිතුරු නම් මාත් දහසක් අසා ඇත.ඒත් ඒ නින්ද නම් කවදාවත් නැවතුනේ නැත. මොනා නමුත් ඔබ දිගින් දිගටම ඔය විදියට ගියොත් පස්සේ කාලෙක දුක් වෙන්න වෙයි නංගි. නින්ද කියන දේ භාදාවක් බව අදුරගන්න,ඒකට ඔයාව යටත් කරගන්න දෙන්න එපා.. ශරීරයේ ආශාව පසෙක තියලා අනාගතේ ගැන හිතන්න ක්ලාස් එකක් අතර තුර නින්දෙන් ලැබෙන මිහිර වෙන කොහෙන් ගන්නද කියලා දන්නවා. ඒත් ශක්තිමත් වෙන්න .. ඒ සිතුවිල්ල අයින් කරන්න ,අපරාදේ නංගි කාලේ සහ දෙමවුපියන්ගේ සල්ලි ,

    ReplyDelete
    Replies
    1. හදවතින් ම එකඟ වෙනවා අපූ අක්කියෝ... සම්පූර්ණ ඇත්ත! හිත පාලනය කරගන්න එක තමයි හොඳ ම විසදුම.

      Delete
  3. ඕක අහන්න වෙන්නෙ ටියුශන් ක්ලාස් වල නිදා ගන්නැති කෙනෙක්ගෙන්ම තමයි.

    අහල මටත් කිව්වනං ^_^

    ReplyDelete
    Replies
    1. එහෙම අය මේ ලෝකේ ඉන්නවයි???????

      Delete
  4. මම දේශනවල දි කුරුටු ගානව වගේ කයියක් දෙකක් වත් කුරුටු ගාමු.... මේ තියෙන්නේ එහෙම එකක්.... “බඩගිනියි-කම්මැලියි-නිඳි මතයි-පව තමයි“ කොහොමද මගෙ ප්‍රතිභාව හි හි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් ජනප්‍රිය ක්‍රමයක්නේ.. ඒත් අපේ ක්ලාස් එකේ ළමයි අඩුයි.එහෙම කරන්න ගියාම මිස් අහනවා කාටද ලියුම් ලියන්නේ කියලා.... එතකොට මගේ බෝධිසත්ත කාඩ් එකට මොකෝ වෙන්නේ..??

      ....ඔයාගේ ප්‍රතිභාව ගැන කතා කරලා වැඩක් නැති නිසා මුකුත් කියන්නේ නෑ!!

      Delete
  5. කවදාවත් නිදා ගන්නට නොලෙබෙන පංතියක දිනක් මාද ගොරව ගොරවා නිදාගෙන ඇත.මිතුරු කමේ අරුමය යනු මගේ යහලුවන් මා වට කොට සිනා සිසි සිටීමයි.

    ReplyDelete
    Replies
    1. ඒ යහපත් මිත්තරයන්ගේ විදියයි.. ගණන් නොගත මැනවි!

      Delete
  6. අලියාගේ මිතුරා වන AtomAnt මහතාගේ දොයිය ගැනිල්ල කියලම වැඩක් නැත!

    //අප තරම් ඊට හපන් පිරිසක් මේ තුන් ලෝකයේ ඇතැයි මම විස්වාස නොකරමි.

    ඔබගේ විශ්වාසය කුඩුවී බිම වැටෙනු පෙනේ!
    මම නං මේ සංසිද්ධිය අත් දකින්නේ කරන්න වෙනවට කරන විශයයන් සම්බන්ධයෙන් පමණි!
    Ant මහතා නම් කරන්නේ ඔය Tic Tac හෝ වෙනත් bubblegum වර්ගයක් භාවිතා කිරීමයි. ඔබගේ පරිසරය තුල මෙය කලහැකියයි නොසිතමි.
    රාත්‍රියට අඩුතරමින් පැය හයකවත් නින්දක් ලබාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. අලියාගේ භාෂාව දැන් හරි ම කලාත්මක වි තිබෙනු පෙනේ..)) ලියන අපි ගැන බයත් හිතේ!

      ..එහෙම කොරනවාට ම්ස්ලා කැමති නැත!!!!

      Delete
  7. ගෙනියන්න හොරෙන් කන්න පුළුවන් ජාති ටිකක්.... ^_^ නිදිමත එද්දි කන්න පටන් ගන්න වැඩේ තිතට ගොඩ.

    ReplyDelete
    Replies
    1. මං ඉන්නේ ඉස්සරා පේළියේ.. ක්ලාස් එකේ ළමයිත් අඩුයි.. ඉතින්??????

      Delete
  8. ඔයා නිදා ගත්තම ලේක්චර් එක කවර් කරන්නේ අපිද?? හැම මොහොතෙම අමුතු උදයෝගයකින් ඉන්න ඒ ඇති. ඒ හැගීම නිතරම හිතට පුරවගන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්... උත්සාහ කරමි.අදත් ක්ලාස් එකේදි ට්‍රයි එකක් දුන්නා.දෙසැරෙකට වඩා නින්ද ගියේ නෑ..!!

      Delete
  9. නලින් අයියා කියපු ක්‍රමය සාර්ථකයි වගේ...

    විෂයට අකැමැති වුනාම වැස්සෙ විතරක් නෙවෙ හිටගෙනත් නින්ද යනව මට නම්..

    ReplyDelete
    Replies
    1. හේ හේ... එක බෝට්ටුවේ ඔක්කොම!

      Delete
  10. ඉස්සරහම පේළියේ වාඩිවෙලා බලන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :)

    ReplyDelete
    Replies
    1. මුනා... මට මිස්ගේ නාහෙ ගාවත් නින්ද යනවානේ!!

      Delete
  11. නින්ද නොයන දේශනයක් කොහෙද තියෙන්නෙ වර්ෂා .........ගණන් ගන්න එපා......

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්නෙ නෑ.ඒත් නෝට්ස් කම්ප්ලීට් නැති වෙනකොට දුක හිතෙනවා!

      Delete
  12. විකල්පයක් නෑ. ඔයා තව හොදයි. මෙන්න දැනට මගේ තියන වාර්තා කිහිපයක්.
    1.ලෙක්චර් එකේ මුලු පැය දෙකම නිදා ගැනීම. (නින්ද ගිහින් තියෙන්නේ සර් එන්න කලින්. සර් ගියාට පස්සේ ඇහැරුනේ)
    2.දවසක් තුළ තිබුණු ලෙක්චර් සේරගේම (උදේ 8 ඉදන් හැන්දෑවේ 5 වෙනකල්)නිදා ගැනීම
    3.ටියුට් බෙදන කොට පලවෙනි පෝලිමේ ඉන්න කෙනාට දීලා ඒවා පාස් කරනවා එකින් එක පිටි පස්සට. එක ටියුට් එකක් ඇවිත් ඊලඟ එක පාස් කරන්න කලින් නින්දට වැටීම

    ReplyDelete
    Replies
    1. වෙරි ගුඩ්.. ඔයාගෙන් මට උපදෙස් එපා!!

      Delete
  13. නින්ද යනවට එකම බෙහෙත නිදාගැනීමයි.. රෑට රෑ වෙනකල් නිදි මරන්නෙ නැතුව කලිං නිදාගන්නකෝ දරුවෝ !

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයාද සරත් මාමේ පාඩම් කරන්නේ??

      Delete
    2. ඔ්ක මෙහෙමයි!

      අලියා එ්ලෙවල් කරන සමයෙහි (මුලදී) උෟ පාඩං කලේ පැය හතරක් පමණි. එ්කත් පන්ති නැති දවස් වලය. පන්ති තිබ්බ දවස් වලට පැය දෙකක් පමණි.

      අලියාගෙ පන්තියේ එක් සිසුවෙක් වන K මහතා රෑ දෙක වෙනකං පාඩං කරන බවට හෙණ අැඩ් එකක් පැතිර ගියේය.

      වාර විභාග ප්‍රතිඵල අනුව ...
      පන්තියේ
      1- අලියා
      2-රොන්ට්ජන් (එක්ස් කිරණ සොයාගත් විල්හෙල්ම් රොන්ට්ජන් ගේ නෑයෙකි :P)
      3-ප්‍රදීපා
      4-යුරේනි
      5-වාසනා
      ................
      25-k
      .....
      30-(නම මතක අැත)

      නංගියාට අපහාසයක් කරනවා නොවේ. පාඩම අසා නොසිට ගෙදර ගිහිං පාඩං කිරීම ... මට සහ සාර්ථක ගුරුවරුන්ට අනුව ගොංපාට් එකකි!

      සරත් මහතා සමග එකඟවෙමි. මමනං පාඩං කරන්නේ දවල් දවසේය! :)

      Delete
    3. ඒක ඇත්ත ය.. පාඩම් කරන වෙලාවට වඩා වැදගත් වෙන්නේ පාඩම් කරන්නේ මොනවාද යන්නයි..))

      අලි අය්යාට තමුන්ගේ නම මතක නැතත් පන්තියේ උන් ගෑල්ලමයින්ගේ නම් මතක තිබෙන බව පෙනේ..))

      30 යනු විසේස පුද්ගලයෙක් බවත් හිතා ගන්නට හැකි ය.

      ....මම ගොනා බව නොකියා කීම ගැන ප්‍රණාමය පල කරන අතරේ ම පාසල නිම වන වෙලාව අනුව දවල් පාඩම කිරීම අපහසු බව ද පවසමි.

      Delete
    4. හිත රිදුනනං සමාවෙන්න නංගියා! :)
      ඉස්කෝලෙ එකහමාරට නෙවෙයිද අැරෙන්නෙ? :O

      Delete
    5. මේකනේ අය්යා.. ඉස්සර වගෙ නෙවෙයි දැන් ඉතින් කලම්බු ඉඳලා එන්න ගියාම හවස් වෙනවා නෙව..))) සා/පෙ කාලෙ තිවුණ නිදහස දැන් නෑ!

      Delete
  14. මේකට උපදෙස් දීම වනාහි වැදි බණ කීමක් මෙන්ය.. ඒ හන්දා ඉගෙනීම ලැදි අයගෙන් උපදෙස් පතන්න..

    අපිත් මේ අන්තිම පේලියට වෙලා නිදාගත්ත එවුන්නේ නංගියේ..

    පන්තියේ සිටින කොල්ලන් දෙස බලන්න.. ඔන්න දුන්නා උපදෙසක්..

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ... අපේ පන්තියේ ඉන්න කොල්ලන් දිහා බැලුවොත් නින්ද යන්නේ නෑ.. ඒත් වමනේ යනවා.. චිහ්!!

      Delete
  15. ඕකට බෙහෙත් තාම හොයාගෙන නැහැ..බෙහෙත් තිබුනනම් අද අපිත් මේ තැන්වල නැහැ..

    ReplyDelete
  16. මාත් උත්තරේ හොයාගන්න කියලා ආවේ... කො කවුරුවත් දන්නේ නෑනේ ඉතින් :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මට එපා.... රාජ සම්පත්!! නින්ද යන්නැති වෙන්න මුනා හරි කිව්වොත් ඇති!

      Delete
  17. කැම්පස් ගියාම නොමිලෙම ලැබෙන දක්ෂතාවයක් තමයි ඕනෙම තැනකදි ඕනෙම විදියකට නිදාගන්න පුළුවන් වෙන එක... :D

    ReplyDelete
    Replies
    1. ඒ කැම්පස් ගියාම නෙව.. !!

      Delete
  18. ලමයි නිදි කිරන්නේ ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව නීරස හින්දා. ඒක ලමයාගේ වරදක් නොවේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.සමහර ගුරුවරු මුළු දවසක් ඉගැන්නුවත් නින්ද යන්නෑ

      Delete
  19. ටියුෂන් ක්ලාස් වලනම් මට නින්ද ගියේම නැති තරම්. එව්වා හරිම ඉන්ටරෙස්ටින් ඒකයි :) එකටත් එක්ක කැම්පස් ලෙක්චර්ස් වලනම් හොඳට නින්ද ගියා.

    ReplyDelete
    Replies
    1. ඒ මදැයි... මට මතකයි ඔයා ඒ ගැන පෝස්ට් එකක් ලියලා තිවුණා!

      Delete
  20. මං වගේ හැඩකාර කොල්ලෙක් දිහා බලන් ඉන්න :P

    ReplyDelete
    Replies
    1. යසිත් අයිය හැඩකාරයි කිව්වනම් ඉවරයිනේ :3

      Delete
  21. කවුරුවත් හොඳ පිලියමක් කියලා නැති නිසා මම හොඳ උපදෙසක් දෙන්නම්...

    1.පන්ති යනකොට ලොකු බේසමක් ගෙනියන්න.ඒකට වතුර පුරවල කකුල් දෙක ඔබාගෙන අහන් ඉන්න.

    2.මේසය උඩ උල උඩට හිටින්න ඇනයක් තියන්න.මුණ තියන්න පුරුදු වෙන තැනම.පෑන උනත් කමක් නැහැ

    3.තව තියනවා.ඒවා නොමිලේ කියන්නේ නැහැ.ගෙවන්න ඕනි


    ReplyDelete
    Replies
    1. හා බොහොම ස්තූතියි... අම්මපා ළඟක හිටිය නම් මරනවා...!!

      Delete