Friday, May 16, 2014

පැනයක්..?

වැස්ස ලියන්නට ගත්ත මුල් ම දවස්වල මා ලියූ දේවල් දැන් කියවද්දී මට ම පුදුම සිතේ. ඒවා ලියා ඇත්තේ මාතින් ම දැයි මා අද මොහොතක් නතර වී කල්පනා කළෙමි.දැන් ලියැවෙන්නේ බොහෝ වෙනස් දේ ය.ජිවිතය කිසිදාක කිසි තැනක සිර නොකර ගන්නේම යැයි මා සිතා සිටි කාලයක් තිබුණි.ඒත් ජිවිතේ අපට ඕනා පැත්තට ගලා යන්නේ නැති වන විට.... අපහසුවෙන් හෝ තමන්ට ඕනා විදියට ජීවිත ගඟ ගලා යන්නට සලස්වත්දීත් නේක ගල්පර බාධක මුණ ගැහෙන විට නොයෙක් සිරවීම් සිදු වේ.ඒ බව අන් කවරදාටත් වඩා මම දැන් අත් විඳින්නෙමි..

...මම කවි ලියන්නේ සතුටින් ඉන්නා විටදී ය.බොහෝ දෙනා දුකට කවි ලියද්දී මම බොහෝ විට සතුට කරණ කොට කවි ලියමි.එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ.ඒත් බහුතරය සිනාවන් නිසා උපන් කවි ය. දුකට ලියැවෙන්නේ මෙන්න මේ වාගේ පල් හෑලි ය.. ඒ මේ වැසි දැරියගේ විදියයි..!!!

...දුක දැනෙන්නේ ජීවිතයේ වෙනස් වීම් දෙස බලත් දී ය.ඉස්සර ජීවිතයේ පුදුමාකාර නිදහසක් තිබුණි.කාමරයට වී පාඩම් කර මහන්සි දැනෙනා විට හෙමින් වැයෙනා සින්දුවක් විඳින්නට.. හීනයක් දෙකක් මවන්නට මම බොහෝ ආසා කළෙමි.ඒ අස්සේ කතා පොතක් අස්සට ගොස් මොහොතකට හැබෑ ජීවිතයට යතුරු දමා ගන්නට මසිතේ අප්‍රමාණ වූ ආසාවක් විය.. ජීවිතයට ආශා හිතෙන අන්දමේ පිරුණු බවක් ඒ දිනවල විය..

ඒත් හදිසියේ ම පොත් ගොඩක් යට ජීවිතය හැංගී තිබේ....

.....වරද කාගේදැයි මම නොඅසමි.අන්තර්ජාලයට මොහොතකට මූණ ඔබා යනවා හැර වෙන අමතර මිහිරක් විඳින්නට වෙලාවක් නැත.ඉස්සර වාගේ තිස්සේ ම දෙමලිච්චියන් සේ දොඩමලු වන්නට මිතුරියන්ට වෙලාවක් නැත.ඉස්සර පොත්වල චරිත ගැන,නලුවන් ගැන,සින්දු ගැන කටවල් වසන්නේ නැතුව කියැවූ අප ම සිතාගත නොහැකි විදියකට පොත් අස්සේ අතර මං වී සිටිමු..

..ජීවිතයට පැතුම් තිබිය යුුතු බව මම පිළිගනිමි.අනාගත බලපොරොත්තු යනු නිසැකව ම අප සතු විය යුතු දෙයකි.එහෙත් ඒ ගමන යා යුත්තේ මෙසේ ද? මිනිස්කම්වලින් තොරව ද? අනුන්ට උදව් නොකොට තමන් ම පමණක් පොහොණි වෙමින් ද? විඳවමින් ද....?

....ඉතින් මේ හැම පැනයක් ම හිත යට මෝදු වෙත්දිත් දුරැති සිහිනයක් වෙනුවෙන් ජීවිතය අමතක කොට දමා හිඳින්නේ වෙමි..

29 comments:

  1. කටුක වුනත් සත්‍යය ඕක තමයි..ටිකක් ඉවසන්න වෙයි..ජය නියතයි..

    ReplyDelete
  2. වැසි දැරියේ ජීවිතය විදවන්නෙපා විඳපන්...ලැබෙන දේ ලැබී ඇති ඒ ඇති සැටියෙන් ජීවිතය විදින්න හුරුවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූති නලින් මාමා...))

      Delete
  3. ඉතින් මේ හැම පැනයක් ම හිත යට මෝදු වෙත්දිත් දුරැති සිහිනයක් වෙනුවෙන් ජීවිතය අමතක කොට දමා හිඳින්නේ වෙමි..////
    ඒ.....?????

    මම නං විස්වාස කරන විදියට සිහිනෙන් ආදරය කලාට කමක් නෑ සිහින වලට ආදරය තකරන එක භයානකයි..
    හීනයක් වෙනුවට අරමුණක් තියාගන්න.. ජීවිතේ පහසුවෙන් ජය ගන්න පුලුවං...
    ඔයා කියන දේ තේරුණා.. පල් හෑලි දෙඩුව නෙවී..
    කියන්න ඕන කියල දැනුන දේ තමා කීවේ

    ReplyDelete
    Replies
    1. ආදරයක් ගැන නෙවෙයි මෙතන කිව්වේ.. කැම්පස් හීනේ ගැන.දුරැති සිහිනය ඒක..!!!!!

      ස්තූතියි කමෙන්ට් එකට..!

      Delete
  4. අනේ නංගියෝ ඔයා දැම්මම ඒ/ලෙවල් පොත් අස්සේ හිර වෙලා ජීවිතේ සතුටක් නෑ කියනවද? එහෙම නෑ නංගියෝ, ටිකක් විතර අපේ වෙනද රටාවෙන් අපිව ඈත වෙනවා තමා, එත් ඉතින් එකම තමා රටාව, බලන්න අපි කොහොම මොකක් කිව්වත් අපි හැමෝගෙම ජීවිත වලට පොධු රටාවක් තියෙනවා, ඉපදෙනවා, ඉස්කෝලේ යනවා, ඊට පස්සේ කැම්පස් යන ඇය එකට යනවා, අන්තිමේදී රස්සාවටත් යනවා, අයි ඉතින් හම්මකරනවා, බඳිනවා, ළමයි හදනවා, ගෙවල් හදනවා, ඔහොම ගිහින් මැරෙනවා, බලන්න නංගි ඔයාගෙම අම්ම හැමදාම උදේට නැගිටලා උයනවා, එයා එක කරන්නේ ඔයා ඉපදෙන්නත් කලින් ඉඳල, එතකොට ඔයාගේ වයසටත් වඩා එයා එක කරනවා නේද? ඉතින් අම්ම අසතුටින්ද ඉන්නේ? නෑ නේ, එතකොට ඔයාගෙයි අම්මගෙයි වෙනස මොකක්ද? මන් ඔයාගෙන්ම අහනවා,

    ඉන්නකෝ ඉතින් මන් මගේ කතාවත් කියන්න. ඕ/ලෙවල් කරලා මත ඕ/ලෙවල් ඒ 9/ බී 1 එක්ක උඩින්ම පාස් වෙනවා, එට පස්සේ ඉතින් ඒ/ලෙවල් මැත්ස් තෝරාගෙන ඔහේ පන්ති යන්නන් වාලේ ගියා, පොත් වලට යට උනා, ඒවාට වයිර කළා, මේ මොන මගුල්ද පොත් වල තියෙන්නේ කියල හිතුවා, උදේට කුකුළා අරන් පන්ති ගිහින් හවසට ආවේ හුළු අත්තපත්තු කරන්, ඉතින් ඔහොම ඉඳල විබගේත් ලියලා ප්‍රතිපල එනකන්ම මන් දැන් නෑ මන් ෆේල් කියල, ඔව් මන් එලෙවෙල් පලවෙනි සැරේ අයි උඩින්ම ෆේල්, මට එදා තමා තේරුනේ කොහේ හරි අවුලක් ගියා නේද කියලා, මගේ යාලුවෝ අන්දධි මන් ආණ්ඩුවේ නං නෑ, මන් මටම හිනා උනා, ඇයි මන් ඕ/ලෙවල් පාස් උණ පාර උද ගිය හැටියට, ඉතින් දෙවෙනි සැරේ කරලා කැම්පස් ගියා මන්, දැන් එකෙන් එලියට එන්නේ ඔන්න මෙන්න, ඊට පස්සේ ඉතින් රස්සාවක් හොයාගෙන දුවන්න ඕන, අවුලක් නෑ, එකත් කොහොම හරි කරගන්නන්කෝ.

    ඉතින් කැම්පස් එකට ඇවිත් එකේ විබාග ලියද්දි තමා තේරුනේ ඒ/ලෙවල් කියන්නේ මොකක්ද කියලා, ඒ/ලෙවල් හරි ලේසි නංගි මන් මේ ඇත්තමයි කියන්නේ, ඇත වර්රැද්ද තියෙන්නේ අපි එක කරන ක්රමෙයි, අපි එක මුලින්ම බරක් කරගන්නවා, ඔහේ නිදි මරාගෙන පාඩම් කරනවා, එත් ඔලුවේ මුකුත් නෑ ඉගෙන ගන්න විෂයන් ගැන. ඉතින් නැගී මුලින්ම කරන දේට අස වෙන්න, අනික ඒ දෙ හරියට කලොත් ලැබෙන්න දෙ ගැන හිතන්න, එතනයි ඔයාගෙයි අම්මගෙයි වෙනස, නංගි ඔයා ඔආගේම උත්තරයි ලියන්න ඕන විබාගේදී, උත්තර කට පාඩම් කලාට වැඩක් නෑ, අනික ඒවා මතක හිටින්නෙත් නෑ, ඔයාට තාම කල් තියෙනවා, නංගි විෂයන් ගැන අවබෝදයක් ලබාගන්න, අවබෝදෙයි දැනුමයි කියන්නේ දෙකක්, දැනුම නං කට පාඩම් කරලත් ගන්න බුලුවන්, එත් අවබෝදය ඔයා තුලින්මයි ගොඩ නගා ගන්නොන, ඔයාට අවභෝදයක් තියෙනවනම් කරන විෂයන් ගැන ඒවගේ හරය ගැන, ඔයාට උත්තර ඇත්තමයි නිකන්ම පහල වෙනවා, ඒ කියන්නේ උත්තර ගැලප ගන්න පුළුවන් මොන විදියට ප්‍රශ්න ඇහුවත්. නංගි විබගේදී අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන තමා, එත් ඔයා ලියන්නේ ඕන ඔයාගේ උත්තරය, ඔයා විබාගේදී ඔයාට උත්තර ලියන්න පුළුවන්, ඔයා මේ ගැන දන්නවා කියලයි ඔප්පු කරන්න ඕන, ඉතින් කැම්පස් එකේ මන් විබාග ලියලා එක සරෙකට මන් බැජ් ටොප් වෙනවා, අනිත් සැරේ මගේ යාලුවෙක් ලකුණකින් දෙකකින් බැජ් ටොප් වෙනවා, එත් අපි අතරේ ඉරිසියාවක් කුහක කමක් නෑ, අපි නෝට් බෙදා ගන්නවා එකට පාඩම් කරනවා, අනික මන් දන්නා දෙ මගේ යාළුවන්ට කියල දෙනවා, එයාල මට කියලා දෙනවා. ඔයත් එක්ක අර මන් කිව්වා මගේ වගේ යාලුවෝ පිරිසක් ඉන්න එකත් වැදගත් වෙනවා නංගි, ඔය දෙයක් කියල දෙන්න දෙන්න ඔයාගේ අවබෝධය වැදී වෙනවා. ඉතින් අපි සුන්දර තරගයක නිරත වෙනවා එක වෙන්න, මොකද එක උණ කෙනා අනිත් ඇයට පර්ටියක් දෙනවා, අනිත් අයත් එකට උදවු කරනවා. එතින් නංගි කරනදෙට ඇති අසව හුඟක් වැදගත් ඒ ගැන අවබෝදයක් ලබා ගන්න, එතකොට අනිත් විබාග වලදී මගේ ප්‍රගතිය දැනෙද්දී තවතවත් ආසාව වැදී වෙනවා, ඔයාගේ ක්ලාස් වල එෂං එකට තෝතැන්නක් කරගන්න, ඉතින් මන් තව තවත් ඒ ගැන දැනුම හොයනවා විෂය නිර්දේශේටටැහැ එහා ගිහින්, ඒ දේවල් තේරුම් ගන්න අර මන් ලබපු අවබෝදය හුඟක් වැදගත් වෙනවා, අවබෝධය කියන්නේ කරන විෂයන ගැන අදහසක් මේ දෙ මේකයි , මේක තියෙන්නේ මේකටයි, මේකෙන් වෙන්නේ මේකයි, කියල. ඉතින් මන් විබාගේදී මහා ලොකුවට පාඩම් කරන්නෙත් නෑ, හැබැයි නොකර ඉන්නෙත් නෑ, මන් මගේ ජීවිතය විඳිනවා, ඉතින් ඕකයි මන් විබාග වලට ලියන ක්‍රමය, එක ඔයාට හරි නොයන්න පුළුවන්, මොකද මම මමමයි, ඔයා ඔයාමයි, ඉතින් ඔයා ඔයාගෙම ක්‍රමය හොයා ගන්න, ඔයා ඔයාම වෙන්න. ඉතින් යන්න බය නැතිව ඉස්සරහට, ගිහින් ජීවිතය දිනන්න. ඒවගේම විඳින්න, ඔයාට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. හිතල බලන්න වටින කතා ටිකක්!!!!! අපේ වයසෙ අනිත් බොහෝ අය තරම් මං හිර වෙලා නැහැ.අනිත් අයට උදව් කරමින් තමයි ගමන යන්න බලන්නේ.

      Delete
  5. ඕක හරිම සාමාන්‍ය හැගීමක්,, කාලයට ඉඩ දෙන්න,, මාද ජිවිතේ අතෘප්තකර අත්දැකීම් ගොන්නක හිර වෙලා ආනගතේ දිහා බලන් ජිවත් වෙන කෙනෙක්,, මේවා සිතන්න සිතන්න තවත් ඔළුව බරවෙනවා මිසක් සතපහක සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ...සතුටින් ඉන්න උත්සහ කරන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කියෝ... ගොඩක් පින්!!!

      Delete
  6. මටත් ඔහොම හිතුණා සා/පෙළ කරල කාලේ, හැබැයි උ/පෙළ කරනකොට නම් ඔහොම හිතිල ම නෑ. එතනින් පස්සෙත් එහෙම යි. මම නම් හිතන්නෙ තමන් ඒ දේ කරන්නෙ අරමුණක්/ හීනයක් වෙනුවෙන් කියනවටත් වඩා ඒ දේ කරන එකෙන් තමන්ට මේ මොහොතෙ තෘප්තියක් ලබන්න පුළුවන් නම් හොඳ යි. උ/පෙළට යද්දි මම ආස නොකරන විෂය ඔක්කොම අයින් වුණා. ඉතින් මම හරි ම සැහැල්ලුවෙන්, ආසාවෙන් තමා හැම දෙයක් ම කළේ. අදටත් එහෙම යි. වෙන වෙන දේවල් නිසා දුක හිතුණට මට නම් පොතපත එක්ක ඉඳල දුක හිතිල ම නෑ :-) තව කෙනෙකුට අත දෙන එක නම් බොහොම වටිනවා. හැබැයි එහෙම කරන්න ඕනෙ තමන් ගෙ වැඩ ටිකත් කර ගන්න ගමන්. ඒ වගේ ම තමන් ඒ කරන උදව්වෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට උදව් කරන එකත් වැදගත්!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. උත්සාහ කරනවා මේ මොහොතෙ තෘප්තියක් ලබන්න... ඔය කවුරු කවුරුත් කතාවක් එහෙම ලියලා අපේ මානසික පීඩනේ මෙව්වා කරනව නම් හොඳයි ඉතින්!

      උ/පෙළ ගැන කියනව නම් මට වුනෙත් ඕකමනේ.. ගණන් විද්‍යාව ලියපු දවසෙම ගෙදර ආපු ගමං පොත් ටික පේන්නැති තැනකට ගොඩ කළා.එව්වා කළේ නෑ කියලා මිස්ලා එහෙම බනින කොට හිනා යනවා අෆ්ෆේ..))))

      මට විෂය ගැන ප්‍රශ්නයක් නෑ.ආදරෙයි කරන විෂයන් ඔක්කොටම.කොහොමටත් මානව ශාස්ත්‍ර විෂයන් අනිත් ක්ෂේත්‍ර වලට වඩා බොහොම ආදරණීයයි.පාඩම් කරන කොට තමා මෙව්වා හිතෙන්නෙ.. නිදහස නැති වෙනවා වගෙ හින්දා!

      Delete
  7. Replies
    1. I completely agree with u aiye.. but the matter is we could not think this much deeper coz we r living a worldly life.

      Delete
    2. u have to think deeply, irrespective to whether u like it or not! :(

      Delete
    3. yes.. thatz right.. but life is a complicated thing..!!!

      Delete
  8. කියන්න ගොඩක් දේ නම් තියෙනවා ,නංගි ඉවසන එක තමා හොදම විදිය ,හොද සිහියෙන් වැඩ කරන්න ,ප්‍රශ්ණ තමන්ට උත්තරයක් ලැබෙයි කියලා හිතෙන මනුස්සෙයෙකුට කියන්න ...මේ ජිවිතේ ප්‍රශ්ණ එන්නෙ නැත්නම් වැඩක් නෑ ...ඕන දෙයක් සිහියෙන් අවබෝධයෙන් බැලුවාම හරි ....නයි අරින්න ඕන නෑ මේ ඇති කියලා හිතනවා ..ජොලියේන් හිතමු

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අය්යේ.ප්‍රශ්නවලින් තමා මිනිස්සු ඉගෙනගන්නෙ අන්තිමට බැලුවම.ස්තූති..!

      Delete
  9. දුව.. ජීවිතේ කියන්නෙ දුර ගමනක්.. එක එක කාලෙදි එක එක විදිහට යන්න වෙන.. ඔයා දැන් ඉන්නෙ අත්තිවාරම දාන කාලෙ. ඔන්න.. හරියට බදාම ඇනෙන්න ඕනෙ. හොඳ කළුගල් වලින් බැමි බැ‍ඳෙන්න ඕනෙ.. ලඹේට කෙලින් යන්න ඕනෙ.. මට්ටම් ලෙවලයට අනුව වෙන්න ඕනෙ..

    අමාරුයි තමයි..නීරසයි තමයි.. තව චුට්ට දුරක් අවට ඇති මනරම්යයි සිතෙන් දේ නොබලා ඉස්සරහ බලාගෙන යන්න ඕනෙ.. පතලක් හාරන කෙනාට ඉස්සෙල්ලම හම්බවෙන්නෙ මඩ මැටි කළුගල්.. තිරිවාන ගල්. කිරි මැටි . හෆොයි කියල දාලගියොත් හරි කිරි මැටි තිරිවාන වලට හොඳයි කියල නැවතුනොත් හරි මැණික් දකින්න වෙන්නෙ නෑ. ඔයා දන්නවද ? අක්කිට දැන් 22යි.. එයා අවසන් වෙද විභාගය සමත් උනේ ඊයෙ පෙරේදා. ලබන මාසෙ සිට සීමාවාසික වෙනවා. ඔයාට වගේම එයාටත් පසුගිය වසර වෙනකලුත් නීරසයි කිය කියා තමයි හිටියේ.. දැන් මගෙන් අහන්නෙ පලවෙනි පඩියෙන් තාත්තිට මොනවද ඕනෙ කියලා !

    මං කැමතියි කවදා හරි දුවත් ඉණිමගේ ඉහලටම නැගලා බ්ලොග් එකේ ලිපියක් දානවානම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඔන්න මාමාගෙ කමෙන්ටු දෙකටම එක උත්තරයක් ලියන්නම්..

      මේවා ලිව්වට බය වෙන්න එපා ඉතින්.පාඩම් කරලා කම්මැලි හිතෙන කොට ලියන බහුබූත තමා.මේ සැරේ ලකුණු හොදයි..

      අක්කටත් ඉතාම ආදරයෙන් සුබ පැතුවා කියන්න.. එයා ඉතින් මගේ අක්කා වගේ තමයි දන්නෙ නැති වුණාට..))

      අනික මැණික් කතාව හරි ලස්සනයි.. උත්සාහ කරනවා තිරුවානා ගල් ගාව නවතින්නෙ නැතුව මැණික් හොයාගෙන යන්න... අන්තිම ප්‍රාර්ථනාවට ගොඩාක් පින් මාමේ..!!

      Delete
  10. ඔයා අපිව පවුලට බන්දාගත්තානෙ.. අනං මනං ලියනකොට අපිටත් රිදෙනවා.. එහෙනං ඉතිං අපි කියන් දේත් අහන්න ඕනෙ.. නොකිව්වයි කියන්නෙපා..

    ReplyDelete
  11. අදහස සම්පුර්ණ ඇත්ත. සමහර වෙලාවට මේ කාලයේ පොතට පතට ඇලි ගැලී සිටින අය රසවින්දන්යෙන් තොර වෙන්නෙ ඒ නිසා. පාසල් විෂය තුළත් වින්දනිය ක්‍රියාකාරකම් නැති නිසා ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අනිත් පාසල්වලට වඩා අපේ පාසලේ තත්වේ හොදයි විෂය බාහිර සහ වින්දනීය දේ සම්බන්ධව.ඒ ගැන හිතල සතුටු වෙනවා.

      Delete
  12. කාලයත් සමග ගොඩක් දේවල් වෙනස් වෙනවා,.. ඒ අතීතයම නොවුනත් අනාගයත මිට වඩා සුන්දර වේවි. වර්තමානේ හරියට වැඩ කරන්න.

    තව දවස් 425 ක් විතර නේද ? :p

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඒකත් ඇත්ත තමා... ස්තූතියි සෝයුරේ!!!

      Delete
  13. අතීතය පිලිබඳ වර්තමානයේ පුදුම හිතුනට. සමහරුන්ගේ වර්තමානය ඒ අතිතට නිසා අර්ථවත් උනා.
    සුබපැතුම් නඟා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. නන්නාදුනන සොයුරාට/සොයුරියට බොහොම පින් අදහසට!

      Delete
  14. AL aurudu deka ekakariy thamai... eth e aurudu deke nidahasa hoyanna giyoth samaharawita ithuru jeewitha kalayama ekakari wei..

    ReplyDelete
    Replies
    1. eka sampurna eththa.. mama piligannawa.mahansi nowunoth jeevithe rasa vidinna be..

      Delete