Monday, August 25, 2014

ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳපානේ....

ඉස්සර ඉඳලා මට ජනප්‍රියම විනෝදාංශ තුනක් තිබුණා.පොත් කියවීම තමයි අංක එක.අදටත් ඒකෙ වැඩි වෙනසක් නෑ.දෙවැනි එක චිත්‍රපටි හා ටෙලිඩ්‍රාමා බැලීම.

කියන්න වුවමනා වුණේ තුන්වැනි විනෝදාංශය ගැන.. ඒ තමා සින්දු ඇහීම.කැමැත්තෙන් අසන සහ බලෙන් අස්සවන සින්දු දක්වාම මං සින්දු අහන්න කැමතියි.කොහොමත් හුඟක් අලුත් ගීතවල රූප රචනා බැලුවාම ඉබේ ම ඇඟේ ලේ පිරිසිදු වෙනවා.කොල්ලන්ව රවට්ටන කෙල්ලෝ සහ බිම වැටීගෙන කඳුළු පෙර පෙරා අඬන කොල්ලෝ ඇරුණම ලංකාවේ වෙන කවුරුවත් ජීවත් වෙන්නේ නැද්ද කියලත් හිතෙනවා ඒවා බලද්දී..!

මේ දවස්වල කැමතිම ගීතය ගැන තමා පෝස්ට් එක ලියන්න ගත්තේ පීලි පැන්නට.. අහපු දවසේ ඉඳලාම මේ ගීතයට කැමති බව ඇත්ත.ඒත් ළඟකදී ඉඳන් සුවඳ හමන සප්ත ස්වර සහ හිස් ටින් පිළිබඳව ගීත ඇහෙන කොට මේ ගීය ආයෙ ආයෙත් මතක් වෙන්න පටන් ගත්තා... ජීවිතය හිස් ටින් එකක් නොවෙයි පුන්කලසක් බව තේරුම් යනවා සමහර වෙලාවට මේ වාගෙ ගීත අහන කොට..



මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න..

සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
බලා වැලෙන් ගිලී වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ..

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් නිමිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ...

17 comments:

  1. මගෙත් ආසම ගීයක් මේක.. ඔබ කියූවා හරි මේ ගී අසන විට ජීවිතය පුන්කලසක්...

    ස්තුතියි රසබර මොහොතක් උදාකර දුන්නාට

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. රස වින්දා නම් හුඟක් සතුටුයි ඉතින්.. මේ පැත්තේ ආවට විදානේ මහත්තයාටත් ස්තූති වේවා..!

      Delete
  2. ඔය සින්දුව නම් විභීෂණ ත් බොහොම අසාවෙන් අහන සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. සතුටුයි එහෙනම්.. අලුත් යාලුවෙක් නේද මේ?

      Delete
  3. මේක නම් නංගෝ අපිත් ආසාවෙන් අහන සිංදුවක්...

    ReplyDelete
    Replies
    1. හේ හේ... වර්ණ කියවන්න ආවෙත් නෑ අය්යේ කාලෙකින්..!!

      Delete
  4. කාලෙකින් සිංදුව අහන්න සෙට් කරාට ටැංකියු....

    ReplyDelete
    Replies
    1. අහ්.. යූ ආ වෙල්කම්...))

      Delete
  5. අනේද කියන්නේ, තමාට දැනෙන හැඟෙන දකින ගන්න විදියට ජීවිතේ දැනෙන ආකාර එකිනෙකාට සාපේක්ෂයි නේද? එක එකෙකුට හිස් ටින් එකක් වෙද්දී තව එකෙකුට සැමන් ටින් එකක් වෙන්නත් පුළුවන්. එත් ජීවිතේ රස වින්දනය ගැන කියද්දී සම්ප්‍රප්පලාප හිස් වචන ටිකක් අහනවට වඩා රසක් තියෙන මේවා වටිනවා, එකත් හැබැයි මගෙන් තව කෙනෙකුට සාපේක්ෂයි, කෙනෙකුට හිස් වචන ටිකක් රහ වෙන්න පුළුවන්, හැබැයි අද මේ වගේ දේවල් කෙමෙන් කෙමෙන් මැකිලා යනවා, ඒ නිසාම හැබැයි නැති රහක් හොයා හොයා අපිත් ඇදෙනවා, හොඳම දේ තමුන්ගේම අරකට රහක් හදා ගන්න එක එතකොට ඔය ඕනෑම දෙයක් රහ විදින්න පුළුවන්, ඔබට ගොඩක් ස්තුතියි මේ සොඳුරු මොහොත උදා කරලා දුන්නට. ජය වේවා. (මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න) හ්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඒක මම පිලිගන්නවා.ඒත් රහක් නැති ගීත විඳින්න පුලුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.රැල්ලට යන ගීත අහන්න පුලුවන් බව ඇත්ත.නමුත් ඒවා විඳින්න පුලුවන්ද..? ගොඩක් දෙනා රස වින්දනය කියන දේ මොකක්දෝ විකාරයක් එක්ක පටලාගෙන තියෙන කාලයක් මේක.ඒත් අලුත් පරපුරෙත් හොඳ ගීත ඕනෑ තරම් තියෙනවා.අලුත් ඒවාට බනින එකවත් පරණ ඒවා අගයන එකවත් නෙමෙයි කරන්න ඕනේ.. මිනිස්සුන්ගේ රස වින්දනය ලස්සන තැනකට ගෙනන එකයි මට හිතෙන්නේ.

      Delete
  6. මමත් කැමති “ම“ ගීතය නොවුණත් කැමති ගීත අතර එකක්. කාලයක් උදේ එලාම් එකටත් තියල තිබුණා...)))

    ReplyDelete
    Replies
    1. කොච්චර ලස්සන සින්දු වුණත් එලාම් එක විදියට පාවිච්චි කරන කොට එපා වෙනවා.. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි...!!))

      Delete
    2. එලාම් එකට තිබ්බේ මුල් පද දෙක ගැන හිතලා...)))

      Delete
    3. ඒක මිසක්...))))

      එතකොට කැමති ම ගීතය මොකක්ද දන්නෙ නෑ...??

      Delete
    4. කලා වැවෙන් ගත් දිය දෝතක් සේ....

      Delete
  7. හොයනවා මටම කියල කෙනෙක් නොමති ආටෝපේ
    තිබුනට පාට ඔබේ නති බොරු සටෝපේ
    හිරු දක විකසිත වල පියකරු පිවිතුරු කුසුමේ
    සුවදයි පාටයි උපතින් අරගෙන එන උරුමේ...
    නැති බොරු පාට අනා පෙති පෙති මත අතුරන අරුමේ
    උපතින් හුරු උනට එකයි මට අති අරුමේ
    එ වගෙ කෙනෙක් ලබුනොත් ලෙස දය්වයේ
    කගෙ වරද නෙමෙයි එකයි මගෙ පෙර කරුමේ..

    ReplyDelete