Monday, August 25, 2014

ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳපානේ....

ඉස්සර ඉඳලා මට ජනප්‍රියම විනෝදාංශ තුනක් තිබුණා.පොත් කියවීම තමයි අංක එක.අදටත් ඒකෙ වැඩි වෙනසක් නෑ.දෙවැනි එක චිත්‍රපටි හා ටෙලිඩ්‍රාමා බැලීම.

කියන්න වුවමනා වුණේ තුන්වැනි විනෝදාංශය ගැන.. ඒ තමා සින්දු ඇහීම.කැමැත්තෙන් අසන සහ බලෙන් අස්සවන සින්දු දක්වාම මං සින්දු අහන්න කැමතියි.කොහොමත් හුඟක් අලුත් ගීතවල රූප රචනා බැලුවාම ඉබේ ම ඇඟේ ලේ පිරිසිදු වෙනවා.කොල්ලන්ව රවට්ටන කෙල්ලෝ සහ බිම වැටීගෙන කඳුළු පෙර පෙරා අඬන කොල්ලෝ ඇරුණම ලංකාවේ වෙන කවුරුවත් ජීවත් වෙන්නේ නැද්ද කියලත් හිතෙනවා ඒවා බලද්දී..!

මේ දවස්වල කැමතිම ගීතය ගැන තමා පෝස්ට් එක ලියන්න ගත්තේ පීලි පැන්නට.. අහපු දවසේ ඉඳලාම මේ ගීතයට කැමති බව ඇත්ත.ඒත් ළඟකදී ඉඳන් සුවඳ හමන සප්ත ස්වර සහ හිස් ටින් පිළිබඳව ගීත ඇහෙන කොට මේ ගීය ආයෙ ආයෙත් මතක් වෙන්න පටන් ගත්තා... ජීවිතය හිස් ටින් එකක් නොවෙයි පුන්කලසක් බව තේරුම් යනවා සමහර වෙලාවට මේ වාගෙ ගීත අහන කොට..



මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න..

සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
බලා වැලෙන් ගිලී වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දළ යහන් නිබඳ සෑදේ..

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් නිමිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ...