Tuesday, February 2, 2016

මගෙ ආදරේ ඩෙනිමක් වගේ vs මල් කිති කවමින් - දිය රළ බිඳිමින්...

බස්රියේ යන කල ඇහෙන සින්දු පුදුමාකාර ය. ජීවිතය පිළිබඳ මහා පුදුමයක් ඒ ගීත ඇසෙද්දී ජනිත වෙයි. සකල කලාවට අධිපති සරස්වතී දේවියගේ විශාල කරන ලද වර්ණ පින්තූරයක් ද බස් රියේ ගසාගෙන එලොවටත් මෙලොවටත් නැති ගීත වාදනය කරමින් යද්දී මවිතයට පත් වෙමි. ගායනාව විතරක් ඇහෙනවා නම් තව කමක් නැත. බස්වල අටවා ඇති රූප පෙට්ටිවලින් අර රූප රචනා කියන ජාතිය ඇස් දෙකට පෙනෙන කල දැනෙන්නේ ඊටත් වඩා සුවයකි. මෙතෙක් කල් නරඹා ඇති රූප රචනාවලට අනුව මවිසින් ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඇති කාරණා කිහිපයකි. එනම්, හොඳම ඇඬීමේ සම්මානය අවිවාදයෙන් ම ලංකාවේ තරුණයන්ට හිමි කර ගත හැකි ය. බිත්ති දිගේ රෑරා වැටෙමින්, හිසකේ ඇද ගනිමින්, පපුවට ගසා ගනිමින් අඬන්නට නූතන ලාංකික තරුණයන්ට සිතා ගත නොහැකි අන්දමේ දක්ෂතාවක් ඇත. ඊළඟට ලංකාවේ තරුණියෝ ආදරය කරන්නට දන්නේ නැත. අහිංසක කොල්ලන්ට ඔවුහු බූට් දෙති. සිනා නොවෙති. රවති. එක වර දෙදෙනෙකුට ආදරය කරති.. ලංකාවේ දුප්පතුන් ද නැත. ඔක්කෝ ම පොහොසත් ඇත්තන් ය. එන්නේ බී.එම්.ඩබ්ලිව් රථවලිනි. කන්නේ සුපිරි අවන්හල්වලිනි. බොන්නේ ෆෘට් ජූස් ය. ලංකාවේ සියලු පෙම්වතුන් වාසය කරන්නේ ද නුගේගොඩ හා ඒ අවට ප්‍රදේශවල ය. ගම්වල තරුණ තරුණියෝ ආලය නොකරති. ඔය රූප රචනාවලින් ඉගෙනගත් ඉතා ම සුළු කාරණා කිහිපයක් පමණෙකි.

ඒ අතරේ ඉතා ම විශිෂ්ඨ ගණයේ නව ගීත ද පවත්නා බැව් අමතක නොකළ යුතු ය. ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, දිස්නා අතපත්තු, ලක්ෂණා ලක්මිණී, සමන් ලෙනින් ආදී සැබෑ තරුණ තරු සුභාවිත ගීතය සඳහා සිය ශක්ති ප්‍රමාණයෙන් සිය මෙහෙවර ඉටු කරන බැව් මෙහි සටහන් කරන්නේ මහත් ගෞරවයකින් යුතුව ය.

එහෙත් අවාසනාවකට මෙන් සමන් ලෙනින්ගේ මෙවර රාජ්‍ය සම්මාන ලද ගීය යූටියුබ් හරහා තුන්දහසක් වැනි පිරිසක් නරඹන කල ශිහාන් මිහිරංගගේ ගීයක ප්‍රේක්ෂක ප්‍රමාණය හයලක්ෂය ඉක්මවයි. එය එක් අතකට ලංකවේ ගුවන් විදුලි, රූපවාහිනී ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය කලාවේ ද පරිහානිය පෙන්වන නිදසුනක් බඳු ය. චාට් ෂෝස්වලින් අවර ගණයේ ගීත ම අසන්නට සැලැස්වීම ද, සල්ලි දී තමුන්ගේ නාලිකාව අස්සවා ගැනීම ද හැරුණු කොට බොහෝ නාලිකාවලින් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදු වන යහපතක් නැත. 

මට මෑතක දී ම අසන්නට ලැබුණ ගීත දෙකක් මේ ලිපිය ලියන්නට උල්පතක් වූවා යැයි කිවහොත් නිවැරදි ය. ඒ දෙක ම අහම්බෙන් කන වැකුණ ඒවා ය. පළමුවැන්න බස් රියක දී බලහත්කාරයෙන් අසන්නට සලස්වන ලදී. දෙවැන්නෙහි පද මාලාව, කොහේ හෝ පොතක සඳහන් වී තිබෙනු දැක යූ ටියුබයෙන් නරඹා එය බාගත කර ගතිමි. ගී දෙක ම අහම්බයකින් ඇසූ ඒවා ය. පළමුවැන්නෙහි ආදරය ඩෙනිමකට සම කෙරෙන අතර මං ආදරෙයි යන්න ගලකින් ඔළුවට තඩිබාන්නාක් බඳු ව අමු අමුවේ කියා දමයි. දෙවැන්නෙහි කොතැනකවත් මං ඔයාට ආදරෙයි කියා නොපැවසෙයි. කියැවෙන්නේ කතාන්දරයකි. පෙම්වතා වෙනුවෙන් තමා විසින් රචනා කරන ලද සන්දේශයක් නිස්කාන්සුවේ කියවාගන්නට නොහැකි වූ යෞවනියක විසින් පවසනු ලබන කුඩා කතාවකි. ඇය පෙම්වතියක යන්න වදනකිනුදු නොකියැවෙයි. ඒ ප්‍රේමය කොතරම් ගැඹුරු ද යැයි නොකියැවෙයි. කියැවෙන්නේ මෙපමණකි. තරු එළිය, මඳ සුළඟ, කොවුල් හඬ මතු නොව පිනි කැට වැටෙන හඬ පවා කරදරයක් වන තරමට සියුම් වූත්, ආහ්ලාදජනක වූත් ප්‍රේමයක් පිළිබඳව ය. එපමණකි.. 







50 comments:

  1. අනේ මන්ද ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නේ ආදර සිංදු... මේ සම්ප්‍රදාය කවද වෙනස් වෙයිද දන්නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔය යට සඳහන් කළ ගීයත් ආදර ගීයක් තමා.. ගැටලුව ආදරය නොවෙන යමක් ආදරය යැයි හඳුන්වා දෙන අන්දමේ විකාර ගීත ජනප්‍රිය වීමයි.

      Delete
  2. උඩ ගීතය ගයන ගායිකාව ඉතා දක්ෂ ශිල්පිනියක්. නමුත් ඇය වරින්වර මේවගේ කිසි තේරුමක් නැති ගායනා කරනවා. ඔබ හම්තාන සිහිනේ කියන ගීතය අහන්න. උමාරිය එක්ක අමරදේව මාස්ටර්ගෙ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක අහලා තියෙනවා.හොඳ ගීයක්.කණාගාටුවට කාරණේ හොඳ හඬක් තිබියදීත් මේවාගෙ විකාර ගායනා කිරීම ගැනයි..

      Delete
  3. එයාලත් ඉදල හිටල පොඩි ආතල් එකක් ගන්න එපැයි නැද්ද හා..
    හැක්
    අපේ කන් වලට මක වුණත් අවුට්ඩෝ ෂෝස් වලට ගොහිං කියන්නත් සිංදු හදාගන්න එපැයි නැත්තං කවුරු හරි කන්න අදින්න දෙනවෑ හිහි
    දැං බලන්න සසිකා නිසංසසලා අක්කා
    අන්න ඒකයි වෙනස කියන්නෙ
    ඔබ ඇසිපිය නොහෙලා බැලුවා
    බ්ලා බ්ලා බ්ලා

    ReplyDelete
    Replies
    1. ඒක තමා කරුමේ. සංගීතේ බඩවියත රැකගන්න යොදාගත්තම රසිකයන්ගේ ඔළුව නරක් වෙනවා. ඒ වගෙම ඒ අතරේ හර්ෂණ දිසානායකලා, ශානිකා සුමනසේකරලා වගේ ඒ මඩ ගොඩට වැටෙන්නෙ නැති පිරිසකුත් ඉන්නවා වෘත්තිය වශයෙන් සංගීතය කළාට.

      මට තියෙන දුක උපාධිධාරිනියක් වන ශශිකා නිසංසලා හරි හමන් සින්දු කියන්න පුළුවන්කම තියෙද්දි මියුසිකල් ෂෝස්වල කියන්න විතරක් ම සුදුසු අන්දමේ ගීත ගායනා කරමින් අළෙවි වෙන එක ගැන..

      ඔය සින්දුව කියන්නේ නම් හොල්මන් ජෝඩුවක් ගැනයි කියා කොතැන හරි සඳහන් වෙලා තිබුණා.මොකද අපි අහලා තියෙන හැටියට ඇස්පිය නොහෙළන්නේ හොල්මන් නෙව.. අනික ඔහොම සින්දු සංගීතේ ගැන මෙලෝ හසරක් නොදන්න මටත් කියන්න පුළුවන්.. එකම පද ටික අරෙහෙට මෙහෙට කරකවකව..

      ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
      ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
      ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
      මගෙ දෑස් දිහා..

      මා ඇස්පිය නොහෙලා බැලුවා
      මා ඇස්පිය නොහෙලා බැලුවා
      මා ඇස්පිය නොහෙලා බැලුවා
      ඔබෙ දෑස් දිහා..

      බලාගන ගියාම ඒකත් නරක නෑ අපිටත් පුරුදු වෙන්න...

      Delete
    2. මෙතන වෙනස් වෙලා තියෙන්නේ.. ඔබයි මමයි විතරයි. දැන් සින්දු කොච්චර තියෙනවද ඒක නිසා හොද පද රචනයක් කරගන්න බැරි කමද කොහෙද? ඒත් මෙව්වනේ අපේ රටේ හිට්ස් වෙන්නේ..

      Delete
    3. හොඳ පදරචකයෝ නැති වීමත් ලොකු ගැටලුවක් තමා.. ප්‍රේමකීර්ති ද අල්විස්, දයා ද අල්විස්, කරුණාරත්න අබේසේකර වගේ අසීමිත හැකියාවක් තිබුණ ලේඛක ලේඛිකාවෝ හිටිය අතීතයක් අපිට තිබුණා.දැන් ලියැවෙන්නේ රම්පෙට පොරි හැලෙයි - දෙල් ගහේ පොල් හැදෙයි වගේ තුට්ටු දෙකේ සින්දු.

      Delete
  4. ලියන්නටයි අසන්නටයි සාහිත දැනුම මදි වුණාමයි ඔහොම වෙන්නේ.. එතකොට සඳකඩ පහනක කැටයම් ඔපලා කරවිල මාළුවක් වගේ වෙලා ඔයා නිසා හඬලා ෆයිඩ් රයිස් එකක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නියම උපමාව.මිනිස්සු කරවිල තිත්තයි කියලා අහක දැම්මට වඩා ශරීරෙට ගුණ ඒක.ෆ්‍රයිඩ් රයිස් රස කර කර කෑවට ඒක දීර්ඝකාලීන අහිතකර ප්‍රථිපල ගේනවා.. සුභාවිත ගීතයයි අවර ගණයේ ගීතයයි ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර ම තමා..

      Delete
  5. අප්පෝ දැන් තියන සිංදු ඇහුවම බල්ලෝ බත් කන්නේ නෑ. හොටු පෙරාගෙන අඬනවා ඇරෙන්න කියන සිංදුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අර දුෂ්යන්ත් වීරමොන් අය්යා පපුවට පහර දෙමින්, කෑ ගසා වැළපෙමින් කියන්න ගත්ත ගීතයෙන් තමා ඔය ඇඬිල්ලට අත් පොත් තැබුණෙ..)))

      Delete
  6. ම්හු, ඔය ළමයා හරියන්නෙ නෑ මේ කාලෙට...ඔහේගෙ ඇතුලෙ ඉන්නෙ අපේ වයසෙ තලත්තෑනි බවලතෙක් නෙව....හෙහ්,හෙහ්, බෝම සන්තෝසයි..බෝම සන්තෝසයි....

    පලි - කොහොමද අපේ කාලෙ සින්දු? මල් හතයි නෙවද?

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... මම කාලයාත්‍රාවකින් අතීතයට ගිහින් අතුරුදහන් වෙන්න හිතා ඉන්නෙ මේ දවස්වල..))

      ..එ් කාලෙ සින්දු ගැන කවර කතාද... මං නං වැඩිහරියක් අහන්නෙම එව්වා තමා..))

      Delete
  7. සිංදුව අහලා තිබුනට වීඩියෝ එක දැක්කේ දැන්නේ. මෙවුවට ඉතින් කියන්න දේවල් නෑ.

    ReplyDelete
    Replies
    1. හරි ලස්සනයි නෙහ්...??

      Delete
  8. ගීතයක අර්ථ රසය විඳින කට්ටියක් වගේම ඒක ගැන එච්චර තැකීමක් නැති අසන්නන් පිරිසක් ඉන්නවා. ගොඩක් දෙනෙක් හින්දි සිංදු රස විඳින්නේ තේරුම නොදැන. මේවගේ ගීත නිර්මාණය වෙන්නේ ඒ අයට. අල්ලලා යයි එහෙම නැත්නම් නටන්නන් වාලේ නටන අවුට්ඩෝ ප්‍රසංග වලට ගැලපෙයි කියල හිතන තනුවක් හදලා ඒකට වචන දාන. සමහර රූකාන්තගේ ගීත නිර්මාණය වෙන්නෙත් එහෙම. ඒ සිංදු අහනවිට අර්ථ රසය බලන අයට මෙහෙම හිතෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. හින්දි සින්දුවල නම් ශබ්ද මාධූර්යයවත් තියෙනවා.මේවායෙ තේරුම ගැන නොහිතා රස විදින්න පුළුවන් විදියෙ ශබ්ද මාධූර්යයක්වත් නෑ. තනිකරම කකුල් දෙකට කියන සින්දු.විඳින්න පුලුවන් කකුල් දෙකෙන් තමා..))

      Delete
  9. හොදා දේ කියන්නේ ජනප්‍රිය බව නෙමෙයි කියල හිතල සැනහෙන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා තමා සැනසෙන්නෙ.. වෙන මොනව කරන්නද?

      Delete
  10. අඩිවියට පය තිව්වෙ අදමයි. මට මගහැරිලනෙ...

    මමත් හරිම ආස ගීතයක් ‘‘තරු එළිය ද කලබල කරයි.. නිවි නිවි දිලෙමින්.. දිලි නිවෙමින්...‘‘

    ReplyDelete
    Replies
    1. මෙහේ ආවෙ අද වුණාට ඔයා මාව අඳුරනවා.. වර්ෂා කියලා මතක් කරන්නකෝ.අපි බුක්ෆෙයා එකේදි මුණගැහුණා..))))

      ...විවාදයක් නෑ.. ඒ ගීතය හරිම ආකර්ෂණීය - සුන්දර ගීතයක්..!

      Delete
    2. මං හිතුවා ඒ ඔයයි කියල...

      අපි ළමා නව යොවුන් වැඩසටහන්වල ගීත රසවින්දනය ගැන කතා කරද්දි සසඳන ගීත කිහිපයක් තියෙනවා..

      වික්ටර්ගෙ ආදරයේ උල්පත වූ අම්මා... සන්ෆලවර්ස් ජීවිතේ මල් අපෙ අම්මා ඉන්නකල්

      එඩ්වඩ්ගෙ කරදිය ගැඹරේ... සුනිල් පෙරේරාගෙ තාත්තා මට ඇනපු ටොක්ක

      වික්ටර්ගෙ මල් පොකුරු පොකුරු... සුරේන්ද්‍රෙග වැහි පබළු සැලී

      මට ඒ වැඩේ මතක් වුණා නංගි මේ ගීත දෙක දකිද්දි...

      Delete
    3. එක ම ගී පද රචකයාගෙත් ඔහොම සංසංන්දනය කරන්න පුළුවන් ගීත තියෙනවනේ අක්කේ..

      වික්ටර් රත්නායකට හිතමිතුරු සුළඟ ලියූ කෙනා ම චාමර වීරසිංහට මහරගමට වහින්නැතුව වගේ ගීත ලියන කොට ඉතින්..

      Delete
  11. දුක හරිම ලාබෙට මාකට් කරන්න පුළුවන් නිසා දැන් හැදෙන්නේ හොටු පෙරාගෙන බිම පෙරලි පෙරලි අඩන්න දගලන සින්දු විතරයි.//ඔයා නිසා හඩලා// කියල ආදරේ වේදනාව ගැන කෑගහගෙන බිම පෙරලි පෙරලි අඩනවට වඩා ආදරේ වේදනාව කපුගේ මහත්තයාගේ //තරු මල් යායම// කියන ගීතයෙන් හිතට දැනෙනවා.දැන් කාලේ ඒ වගේ පද රචකයන්ගේ අඩු කමක් තියෙන්න පුළුවන්.එත් ඉන්න අතලොස්සටවත් Fm නාලිකා හෝ වෙනත් හේතුවක් නිසා එලියට එන්න විදියක් නෑ.
    ආදරේ කරන කොට //ස්වීටි මැණික// ට වඩා //පෙම්බර මදු// කොච්චර විදින්න පුලුවන්ද..ආදරේ හැම කාලෙටම පොදුයි,හැබැයි ඒක ප්‍රකාශ කරන විදියේ අඩු පාඩුවක් නං තියනවා.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් ම එකඟයි. අද තියෙන විරහ ගීත අහන කොට දුක හිතෙන එක කෙසේ වෙතත් හිනායනවා.

      අද හොඳ පදරචකයෝ නැත්තේ නෑ.රවී සිරිවර්ධන,බුද්ධිකා නිශාන්ති,ශමිලා හුසේන්,රජී වසන්ත වගේ හොඳ ගේයපදරචකයෝ ඉන්නවා.නමුත් ජනප්‍රිය සංස්කෘතියට ඒ ගීපදරචනා හරියන්නේ නෑ..

      Delete
  12. දුක හරිම ලාබෙට මාකට් කරන්න පුළුවන් නිසා දැන් හැදෙන්නේ හොටු පෙරාගෙන බිම පෙරලි පෙරලි අඩන්න දගලන සින්දු විතරයි.//ඔයා නිසා හඩලා// කියල ආදරේ වේදනාව ගැන කෑගහගෙන බිම පෙරලි පෙරලි අඩනවට වඩා ආදරේ වේදනාව කපුගේ මහත්තයාගේ //තරු මල් යායම// කියන ගීතයෙන් හිතට දැනෙනවා.දැන් කාලේ ඒ වගේ පද රචකයන්ගේ අඩු කමක් තියෙන්න පුළුවන්.එත් ඉන්න අතලොස්සටවත් FM නාලිකා හෝ වෙනත් හේතුවක් නිසා එලියට එන්න විදියක් නෑ.
    ආදරේ කරන කොට //ස්වීටි මැණික// ට වඩා //පෙම්බර මදු// කොච්චර විදින්න පුලුවන්ද..ආදරේ හැම කාලෙටම පොදුයි,හැබැයි ඒක ප්‍රකාශ කරන විදියේ අඩු පාඩුවක් නං තියනවා.

    ReplyDelete
    Replies
    1. ඕං ඔයා එක ම කමෙන්ට් එක දෙපාරක් පබ්ලිශ් කරලා නොවැ..))

      Delete
    2. දහජරා අඳෝනා ජනප්‍රිය කිරීමෙහිලා ජනප්‍රිය රූපවාහිනී හා හුලංවිදුලි නාලිකා වලින් දෙන contribution එක අතිමහත් සේ හැඟේ

      Delete
    3. හුලංවිදුලි වගේ නමක් හදනවකෝ රූපවාහිනියටත්...))

      ...ඒක මරු නම..!!!

      Delete
    4. copyright දහම්පාසලේ එරන්ද අයියා (එ් මහතා කලකට පෙර අභාවප්‍රාප්ත විය :( )

      අපි...... යකාගෙ පෙට්ටිය කියමු! එ්කෙ කොපිරයිට මගෙ photography ගුරුවරය. එයාගෙං දවස් තුනක් ඉගෙනගත්තට පස්සෙ මම photographt අතෑරල දැම්ම... O/L කරන කාලෙ

      Delete
    5. ඔයාගෙ photography ගුරුවරයා ලාල් සර් හෙම නෙවෙයි වෙන්නැති නෙහ්..??

      Delete
    6. නෑ නෑ :) කැලණිය පැත්තෙ කෙනෙක්

      Delete
  13. //බස්වල අටවා ඇති රූප පෙට්ටිවලින් අර රූප රචනා කියන ජාතිය ඇස් දෙකට පෙනෙන කල දැනෙන්නේ ඊටත් වඩා සුවයකි

    අනේ අම්මේ රැග් වල හොඳම එක :) :D

    ReplyDelete
    Replies
    1. මොකට ඔව්වා පෙන්නනවද මන්දා මගීන්ට.. අපි අඬා වැළපෙන හැටි බලන්න හරි ආසයි කියලා හිතන් ඇති..))

      Delete
  14. ආයෙත් බිලොග් එක මිස් වෙලානේ.

    ...//මං ආදරෙයි යන්න ගලකින් ඔළුවට තඩිබාන්නාක් බඳු ව අමු අමුවේ කියා දමයි//...

    ඒ විතරක්ද සමහරු සිංදු කියනවා කියලා හිතාගෙන මරලතෝනි දෙනවා.අන්තිමට කියපු දෙයකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙන්නැති ප්‍රශ්නයක් තියෙනවද මනෝ අය්යේ..? සමහර වෙලාවට මගේ රීඩින් ලිස්ට් එකෙත් පෙන්වන්නෙ නැහැ.


      Delete
    2. අප්ඩේට් වෙනවා.මට මිස් වෙලයි තිබුනේ.දැන් හරි.මේක මගේ පුංචි සින්ඩියට දා ගත්තා

      Delete
    3. තැන්කූ තැන්කූ...))

      Delete
  15. මේ යුගයට අපිව ගැලපෙන්නේ නෑ. එක්කෝ අපි වයසට ගිහින්. අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. රවී මාමා කියන්නැහේ අපි තලත්තෑනි බවලතියෝ නෙව අක්කණ්ඩි..))

      Delete
  16. රත්තරන් පිත්තල ගැන නොකියා ප්‍රේමවන්තයා වටින බව කියන්න නොදැනෙන අය දැක්කම කලකිරෙනවා වර්ෂා.මට නම් ඔය "ආදරේ ආදරේ" කියලා විලාප තියන සින්දු ගැන තියෙන්නේ පිළිකුලක්.ආදරය කියන වදන සඳහන් නොකර කොච්චර අපූරුවට ඒ බව කියන්න පුලුවන් ආකාර,එහෙම ලියැවුණු ගීත තියෙනව ද. බලාගෙන යනකොට ඉංග්‍රීසි සින්දු තව හොඳයි.ඒවගේ chart showවල නටන්න තියෙන සින්දු වගේ ම ව්‍යංග්‍යර්ථ,තරමක ගැඹුරු අරුත් තියෙන සිංදුත් ජනප්‍රිය ලැයිස්තුවේ ඉහලින් තියෙනවා.ඒව දැක්කම අපි ගැන දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කොයි තරම් ලස්සනට ආදරේ ගැන උපමාවලින් ප්‍රකාශ කරන්න පුළුවන්ද.. ඒ වුණාට අපේ පරම්පරාවට ඒක අමු අමුවේ ඇහෙන්න ඕන.නැත්නම් ඒ සින්දුවේ කිසි ගතියක් නෑ.

      https://www.youtube.com/watch?v=TaEtQjZZHPk

      මේං මේ වගේ නව පරපුරේ ඇත්ත ආදර ගීත ජනප්රිය නොවෙන්න හේතුව ඒක තමා මයෙ හිතේ..))

      Delete
  17. මම නම් බොහොම පරිස්සමෙන් තෝරගත්ත ගීත කිහිපයක් විතරයි අහන්නෙ. අනිත් ඒවා බලෙන් අපට අස්සවන ඒවා නේ. ඒවගේ සින්දු අහන්න අපි මොන පවක් කරලා තියෙනවද කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් සිතූ අක්කා... බස්වල යන එක එපා වෙලා තියෙන්නෙ මේ සින්දු කෙරුවාව නිසා..!

      Delete
  18. ලංකාවේ දැන් හැදෙන සින්දු ගැන නම් කියලා වැඩක් නැහැ බන්..ආපොඕ...අප්පිරියාවේ බැහැ...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙපා.. අලුත් ගායකයෝ අපිට ජුගුප්සා රසය පුරුදු කරවනවා..)) ඒකත් නරක නැහැ නොව..))

      Delete
  19. වැහි .. මේ කාලේ මෙල්ලෝ රහක් නැති ගීත ඇහෙනවා තමා බස් වල ඇහෙන ගීත අර රේඩියෝ වල වගේ තමා බලෙන් අස්සවන්න දීල කනට හුරුකරවනව දැන් නම් රේඩියෝ අහන්නෙම නැහැ වගේ බස් වල උනත් සිංදු හරි නැතිනම් earphone ගහන් යනවා වෙන මොකටවත් නෙවේ අර කන්කරච්චලෙන් බේරෙන්න ඒත් දකින සමහර අය හිතන්නේ සෝබනේ කියල ඉතින් කොහෙවත් නැති අනං මනං අහන්නත් වෙනවා.කොහොම උනත් මේ කාලෙත් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා ..මොන හෙතුවක්ද මන්ද ඒ නිර්මාණ එලියට එනවා ජනප්‍රිය වෙනවා අඩුයි. මම ලඟදි බ්ලොගේට දැම්ම ලස්සන සිංදු කිහිපයක් .. වැසි දෙවෙනියට දාපු සිංදු හරි අර්ථවත් ගීත ..පද මාලාව උනත් ලස්සනයි ..කොහොම උනත් පොදුවේ හිතට වදින හැම සින්දුවක්ම මම අහනවා හැබැයි හිතේ රැඳෙන්නේ අයෙ අයෙ අහන්න හිතෙන්නෙ අර දෙවෙනි සින්දුව වගේ සින්දු තමා ..

    ReplyDelete
  20. මටත් අනන්ත හිතිලා තියෙනව ජරා සින්දු ඇහෙද්දි ඉයර්ෆෝන්ස් ගහගෙන යන්න.ඒත් ඒකෙන් මැවෙන රූපය හරි නැහැ අපි ගැන.අහිංසක මිනිස්සුන්ට පේන්න ෂෝ එක දානවා කියලනෙ හිතන්නෙ. අනිත් අය එහෙම යනව දැක්කම අපිට වුණත් එහෙම හිතෙන්න පුළුවන් ඉතින්. ඒ හින්දා අමරුවෙන් අහගන යනවා. මොනව කරන්නද..))

    ReplyDelete