Wednesday, April 13, 2016

අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර..!!

සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග          හසර
හද කෙත පුරා මනුදම් පීදෙන                අතර
අරුණැල්ලක් ව ඇහැරේවා නව            වසර











බ්ලොග් පවුලේ නැන්දලා - මාමලා - අය්යලා - අක්කලා - නංගිලා - මල්ලිලා ඇතුළු සියලු දුටු, නුදුටු ඥාති සනුහරේට නිදුක් නිරෝගී, සුබ ම සුබ නව වසරක් වෙන්නැයි පළමුවෙන් ම ප්‍රාර්ථනා කරනවා.. 

වැසි දැරියට වැසි වස්වන්නට ශක්තිය සපයන ගාමක බලවේගය ඔබ හැම දෙනා බව නැවත නැවතත් මතක් කළ යුතු නැතත් මේ බ්ලොග් අඩවියේ ඔබ අතින් සටහන් වුණු සෑම ප්‍රතිචාරයකට ම හද පතුළින් ම තුති පිදිය යුතුයි.. ඒ තුති පිදුමටත් නව අවුරුද්ද අවස්ථාවක් කර ගන්නවා. 

එසේ ම මේ බක් මහ ආත්මාර්ථය වගේම පරාර්ථයත් සලසන්න සිත් වෙන යහපත් සිතැත්තන්ගේ ම නව අවුරුද්දක් වේවා..  කවිකාර හිත් අගට කවි උනන, මනරම් අනුභූති පහළ වෙන, ඉතා හොඳ දේ ම සිදු වෙන ප්‍රභාෂ්වර වසරක් ම වේවා.. 

ජය! 

15 comments:

  1. වැසි,
    ඔබටත් එසේම වේවා!

    හරි හරි අපි මේ අවුරුද්දෙත් ඔයා ලියන ඒව කියවන්න එනව. අපි ආයෙ එන්නෑ වගේ ඉස්තූති කලාට. අපි කියවන්නැති දවසකට ඉස්තූති කරන්න. හැක හැක.

    විහිලුවක් කරේ හොඳේ?

    ReplyDelete
  2. හැම වසරක්ම හෙට දිනයක පරණ වෙතී
    කල කී දෙයක් පමණක් ඉන් ඉතිරි වෙතී
    හඬනා වුන්ට හිනැහෙන්නට දිරිය දිදී
    හොඳ වැසි වසින්නට පතනෙමි ඔබට නිතී

    ReplyDelete
  3. සුබ අළුත් අවුරුද්දක් වෙවා,,

    ජයවේවා"

    ReplyDelete
  4. මේ අලුත් අවුරුද්දේ වැඩි වැඩියෙන් වැසි වස්සන්න ශක්තිය ලැබේවා..
    මෙහෙට නම් නියං කාලේ..

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා ළමයා :) may all of ur dreams become true

    ReplyDelete
  6. වැස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! වැඩි වැඩියෙන් පෝස්ට් ලියන්න ලැබේවා!

    ReplyDelete
  7. පැතුමක් ඇතත් හද පත්ලෙන් පතන්නට
    පැතුවට කොහේනම් ඒවා ඉටුවේද
    පැතුමක් පැතූ පමනින් නැහැ සෙත ලබන
    සවිමත් වෙලා උත්සහයයි ජය වීම

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වර්ෂා. :D

    ReplyDelete
  9. පරක්කු වෙලා වුනත් ඔන්න අපිත් සුබ පැතුවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  10. පෙරළා සුපැතුම් ගෙනා හැම දෙනාටම තුති..!!

    ReplyDelete
  11. සුබ නව වසරක් වර්ෂා!!!

    ReplyDelete
  12. පරක්කු වෙලයි ආවෙ . සුභ අලුත් අවුරුද්දක් වේවා වර්ෂා !

    ReplyDelete
  13. හොයාගෙන හොයාගෙන ආව වර්ෂා.. බ්ලොග් ගැන මගෙ දැනුම හුඟක්ම මන්දබුද්ධික තත්වෙ තියන නිසා හොයන් එන්න මෙච්චර පරක්කු වුණාට සමාව දෙන්ට ඕනෙ. දැං ඔන්න "පන්නං එනව".

    ReplyDelete