Tuesday, May 24, 2016

එන්න.. අපි උදව් කරමු..!!

මේ දිනවල ගංවතුරින් අනාථ වූ සිසුන් වෙනුවෙන් සටහන් සහ අභ්‍යාස පොත් එකතු කෙරෙමින් පවතිනවා.
උසස් පෙළ,සාමාන්‍ය පෙළ සිසුන් ඒ අතරින් විශේෂයි.මෙවැනි අවස්ථාවක වඩාත් ම අසරණ වන්නේ එවන් තරඟ විභාගයකට මුහුණ දෙන සිසුන්.ඒ අපේ රටේ අනාගතය.ඔබේත් මගේත් නංගිලා මල්ලිලා.. ඔවුන් වෙනුවෙන් අපි අපට කළ හැකි දේ කරමු.

සටහන් ඉල්ලූ විට විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් ඉන්න ඇතැමුන් කීවෙ තමන්ගෙ සටහන් විශ්වවිද්‍යාලයට ගියාම පාඩම් කරන්නට වුවමනා වන බව. ඒත් ඒ කාලෙට ඔවුන්ට ඒ සටහන් මතක් වෙන එකකුත් නැහැ.අනෙක් අතට සටහන් තමා ළඟ තබාගන්නට ඒ තරම් ලොකු වුවමනාවක් තියෙනවා නම් සටහන්වල ඡායා පිටපත් ලබා දෙන්නට බැරිකමක් නැහැ. 

ඒ වගේම කිසිම පැකිලීමකින් තොරව තමන්ගෙ සටහන් ලබා දුන් අය බොහොමයක් ඉන්නවා. විශ්වවිද්‍යාලයට ඇතුළු විමට තරම් ප්‍රමාණවත් ඉසෙඩ් අගයක් නොමැති මිතුරියක් ඇයගේ සියලු ම සටහන්වල ඡායාපිටපත් සමඟ අමතර සටහන් සියල්ල ලබා දුන්නා. ඒ අතරේ රසිකා, අපේ කල්‍යාණ මිතුරිය තමන්ගේ උසස් පෙළ විභාගය ගැන පවා අමතක කරමින් නිරන්තරයෙන් ඇමතුම් දෙමින් සටහන් ඇති අය සෙව්වා. 

අන් අයට උදව්වක් කිරීමට උත්සාහ කළ සෑම දෙනෙක්ට ම මේ මොහොතේ ස්තූතියි.. ඔවුන්ට මේ මොහොතේ සටහන් පමණක් නොවෙයි, වෙනත් විෂයානුබද්ධ ග්‍රන්ථත් - අභ්‍යාස පොතුත් වුවමනා වෙනවා. අපි ඔවුන් වෙනුවෙන් උත්සාහ කරමු.

පහත සඳහන් අංකවලට කතා කොට සටහන් සහ පොත් ලබා දිය හැකියි.. 

071 7621548
077 1280666

අත්තූපනායික ධර්ම පර්යාය ඇත්තේ මෙවැනි තැන්වලට ආදේශ කිරිමටයි.. ධර්ම කරුණක් සේ දේශනා කරන්නටවත්, අසා සිටින්නටවත් පමණක් නොවෙයි..!

10 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහන් අංකවලට කතා කරන්න අලියෝ.. දෙවැනි අංකය චවීන්ගේ.ඔහු තමා සයන්ස් පොත් එකතු කරන්නේ.එසේත් නැත්නම් දෙල්කඳ ACME සයන්ස් ඉන්ස්ටිටියුට් එකට ගොස් පොත් බාර දිය හැකියි.අලියා එතැන දන්නවා ඇති නොවැ..))

      Delete
  2. ඔව් අපි උදව් කරමු...!

    ReplyDelete
    Replies
    1. හැකි තාක් මේ පණිවිඩය මෑතකදී උසස් පෙළ,සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටි අයට දැනුම් දෙන්න..

      Delete
  3. වැසි. ඔබගේ උත්සාහයට සුභපැතුම්. මම වගේ 'තරුණ' උදවිය පාවිච්චි කරපු ඒ ලෙවල් සටහන් අද ප්‍රයෝජනවත් වෙන්නෙ කටුගෙට තමයි. ඒක නිසා ඔබ මේ කරන දේට වෙනත් විදිහකින් සහයෝගය දෙන්න විදිහක් තියෙනවනම් දන්වන්න. සටහන් පිටපත් කිරීම බෙදා හැරීම වගේ දේවලට යන වියදම් පියවීමට වගේ.

    ඔබගේ මින් පෙර පෝස්ට් එකක මගේ ලිපියක් සහ ගීතයක් අගය කර තිබුණා. ඒ ගැන බොහෝම ස්තූතියි. එවන් දේවල් බොහෝවිට තේරෙන්නේ හෝ පිලිගැනෙන්නේ තමන්ගේම පරම්පරාවේ ඉන්න අය තරයි. පරම්පරා එකකට වඩා දෙපැත්තක ඉන්න ඔබගෙන් ලැබුණ ඒ අගය කිරීම එම නිසාම ඉතාමත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අභ්‍යාස පොත් ලබා දීමෙන් සහයෝගය දෙන්න ඔබට පුළුවන්.ඒවා සහ වෙළඳපොළේ මිළට ගැනීමට ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත් දෙල්කඳ ACME ආයතනයට ලබා දිය හැකියි.ඉහත සඳහන් කර ඇති අංකවලට කතා කිරීමෙන් ඒ සොහොයුරන් වැඩි විස්තර පවසාවි.විශේෂයෙන්ම සාමාන්‍ය පෙළට පෙනී සිටින ඇතැම් ළමුන්ගේ සියලුම සටහන් අස්ථානගත වී තිබූ අවස්ථාත් අන්තර්ජාලයේ සඳහන් වී තිබුණා.ඔවුන්ට පොත් ලබා දිය හැකි මාර්ගයක් ඇත්නම් ගොඩක් වටිනවා.

      දැන් ළඳුන් සිංහාසනේ ගීතයට වැසි දැරිය බොහොම මනාපයි නොවැ.. ඔබ වැනි පුළුල් ව හිතන්න පුළුවන් පිරිමින් ඔබේ පරම්පරාවටත් වඩා අපේ පරම්පරාවටයි වඩාත් ම වටින්නේ.වඩ වඩාත් එවැනි අදහස් සමාජගත කරන්න අපිත් උත්සාහ කරමින් ඉන්නේ.. ජය වේවා!!

      Delete
  4. මේ බ්ලොග් එකට පහුගිය ටිකේ එන්න බැරුව තිබ්බ. ක්ලික් කලාම Invited Users only, seems like you're not an invited user වගේ Error එකක් එනවා.
    මමත් නෝට්ස් දෙන්නම්. ෆොටෝ කරලා එවන්න පුළුවන් ඊමේල් එකක් තියනවා නම්.

    ReplyDelete
    Replies
    1. ihatha sandahan ankayata katha karala balanna.email magin laba gannawa nam eyala kiyawi.bassi akkalata nam ehema wada piliwelak thiyenawa.

      me link eken balanna;

      http://bassigenawathana.blogspot.com/2016/05/blog-post_21.html

      Delete