Wednesday, August 24, 2016

මල්හාර 04


මල්හාර 01

මල්හාර 02

මල්හාර 03

ඊළඟ දිනයේ උදාසන මා පාසලට පැමිණෙන විට ඈ පන්තියේ එහා කෙළවර වූ හිස් පුටුවකට මාරු වි සිටියාය. ඇය යළි මා අසළට ගෙන්වා ගන්නට කොතෙක් උත්සාහ දැරුවද මම අපොහොසත් වීමි. සිතග යමක් සිර ව ඇතුවාක් සේ දරුණු වේදනාවක් දැනෙද්දී එය මඟ හරවා ගැනීමට අසීරු උත්සාහයක් දරන්නට මට සිදු විය.

එදා විවේක කාලය වන තුරු ම අපට එක සීරුවට වැඩ තිබුණි. විවේක කාලයෙහි සීනුව වදිනවාත් සමඟ ම මම ඉතිහාසය ගුරුතුමියගෙන් විෂය කරුණක් දැනගන්නා නියාවෙන් ඈ පසුපස ගොස් ඔහු ව මඟ හැරියෙමි. ඒත් ජීවිතයේ අප සකසන සැලසුම් හැම විටෙක ම බාධා විරහිත ව ඉටු වන්නේ නැත. දවසේ අවසන් කාලච්ඡේද දෙක හිස් විය. එකී විෂය උගන්වන ගුරුතුමා පාසල් නොපැමිණි බැව් දැන සිටි ඔහු හත්වන කාලච්ඡේදය ඇරඹෙන්නට සීනුව වදිනවාත් සමඟ ම මා වෙත දිව ආවේය. ඒ වයසේ කොල්ලෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ප්‍රේමණීය බවක් ඔහුගේ දෙනෙතෙහි සටහන් වී තිබිණ. ඒ බැල්ම මඟ හැරි මම ඔහුත් සමඟ පන්තියෙන් පිටතට යනු වස් අසුනින් නැගිට්ටෙමි.

පන්තියෙන් පිටතට යනතර මා උමාලි දෙස බැලූයේ නැත.

අප ඇවිද ගියේ පුස්තකාලය වෙත ය. විවේක කාලච්ඡේදවල පුස්තකාලයට යාම අප තිදෙනාගේ පුරුද්දක් වූයෙන් කිසිවෙකුටත් අප දෙදෙන තනි ව එහි යාම ගැටලුවක් වූයේ ද නැත. ඒ යන අතර මග අප දෙදෙනා උනුන් දෙස නොබැලුයෙමු. උනුන් හා කතා නොකළෙමු. ඔහු තුළ වූයේ සාමාන්‍ය ගැටවර‍යකු තුළ නොපවතින අන්දමේ සන්සුන් හැදිච්චකමකි. ඒ යන මග ඔහු මගේ අතකින්වත් ස්පර්ශ නොකළේ ය.

පුස්තකාලය කෙළවර දිගු මේසයක් විය. අප දෙදෙන එදා අසුන් ගත්තේ එහි ය. මුහුණට මුහුණ ලා ය. එදායින් පසු කිසිදාක මා අසුන් නොගත් ඒ මේසය අදටත් අහම්බෙන් පාසලට ගිය දිනෙක මම දැක බලාගෙන එමි. එදා අප වාඩි වී හුන් යුරු, අප හද ගැහෙන හඬ පවා ඇසෙන තරමට අප තුළ වූ තිගැස්ම මට අදටත් මතක ය.

කතාව පටන් ගත්තේ මා ය.

අපි තාම පොඩි ළමයි.. අඩු ගාණෙ ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ.

ඔහු ඊට මඳ සිනහවක් පෑයේය. ඉක්බිති මෙසේ කීවේය.

ඔයා ඕක කියන බව මං දැනගෙන හිටියා. ප්‍රශ්නයක් නෑ. මට ඕන තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන්..

මම මවිතයට පත් වීමි. නව යොවුන් ගැටවරයෙකුට මෙපමණ බරපතළ ලෙස පිළිණ දිය හැකි ද.. එහෙත් ඔහුගේ ගැටවර ඇස්වල වූයේ අතිශය විශ්වසනීය බවකි. අවංක පිරිසිදු පෙනුමකි.  

මට මතක් වූයේ උමාලිත් මාත් පළමු වරට හමු වූ දවස ය. එදා අපට චිත්‍රයක් අඳින්නට නියමිත ව තිබුණි. මා ළඟ පාට කූරු තිබුණේ නැත. උමාලි ඇගේ පාට පෙට්ටියේ වූ කූරු දෙකට කඩා මට පාට කූරු තනා දුන්නාය.

මා රෑ තිස්සේ නිදිවර්ජිත ව සකසා ගත් හේතුකාරණා ලැයිස්තුව ඉතා අසීරුවෙන් සිහිපත් කරන්නට වීමි.

මගෙ ජීවිතේ පළමුවැනි අරමුණ ඉගෙනගන්න එක.. ඔයාගෙත් අරමුණ ඒක. ඒ අරමුණ ඉෂ්ට කරගන්න අපි මෙහෙම හිතන එක බාධාවක්.. අනිත් එක ඕ ලෙවල් කරන්න තව මාස කීය ද?

ඔහු නැවත වරක් සිනාසුණේය.

හරි කෙල්ලෙ.. අපි තුන්දෙනා ඉස්සර වගෙ විභාගෙ කරන තුරු යාලුවො වගේ ආශ්‍රය කරමු..

මිතුරන් සේ ආශ්‍රය කරන්නට තව දුරටත් අප තිදෙනෙකු නැති වග මට ඒ මොහොතේ මතක් විය. ඒ මතක් වීමත් සමඟ මම ඔහුගේ දෑස් කාන්තියට හසු නොවී සිටින්නට දිරි උපදවා ගනිමින් මෙසේ කීමි.

මගේ ෆීල්ඩ් එක සාහිත්‍යය. ඉතින් මං ආදරය කරන්න ඕන ඒ කලා කටයුතු තේරුම්ගන්න කෙනෙකුට.

කෙල්ලෙ මං චිත්‍ර අඳිනවා කියල අමතක වුණාද.. එහෙනම් ඇයි මට බැරි ඔයාගෙ කවි හිත තේරුම් ගන්න..

ඔහු එවර කීවේ එසේ ය.

මා අසනීප වූ නිසා වාර විභාගය ලියන්නට නොහැකි වූ දවසක උමාලි ද විභාගය නොලියා මා ළඟට වී තනි රැකි අන්දම මට සිහිපත් විය. තාත්තා මා ගෙන යන්නට එන තුරු ම ඈ මගේ හිස අතගාමින් ද බෙහෙත් පොවමින් ද අසළට ම වී උන්නා ය.

මට ඉදිරිපත් කරන්නට තවත් හේතු ගණනාවක් තිබිණ. දැන් මට ඒවා එකින් එක මතක් කරන්නට නොහැක. එපමණට ම හේතු රාශියක් මගේ මනස් සටහනේ ලියැවී තිබිණි. ඒත් ඒ සියල්ලට ම දෙන්නට පැහැදිලි පිළිතුරු ඔහු සතු විය.

මුළු රැයක් තිස්සේ නිදිවරා කල්පනා කළ හේතු ගොන්න ඔහුගේ දිදුලන ඇස් ඉදිරිපිට බිඳ වැටෙමින් තිබිණ.

"you can close your eyes to the things you don't want to see, but you can't close your heart to the things you don't want to feel" - Jhonny Deep 

21 comments:

  1. ප්‍රමාද වෙලා හරි 4කොටස ලියලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොනාවෙයිද කියලා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් මේ බලාගන ඉන්නෙ මොනවා වෙයිද කියල තමා..))

      ස්තූති වේවා..!!

      Delete
  2. තව ටිකක් ලිව්වනන්. මේක මේ නාකි අපිවත් පොඩි ළමයි කරනව. ලස්සන කථාව වැසි. ඔයාගෙම කථාවද කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. සරස වසන්තය ආයෙත් එනවා නම්.. කියා හිතිලා වගේ ඉයන් මාමට..))

      ස්තූතියි ස්තූතියි..

      මේක සත්‍ය කථාවක් කියලා කියමුකෝ අපි දැනට..))

      Delete
  3. //මට ඕන තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන්..//

    සංසාරේ :D

    ReplyDelete
  4. මේ ළමයා ටික කාලෙකට ඉස්සර ඩයරියක ලියපු ටිකක් බ්ලොග් එකේ දානවද කොහෙද?.
    කතාවක්නං මීට ඩිංගක් දිග වෙන්නෙපැයි

    ReplyDelete
  5. කියවන්නෙම නෑ.. නෑමයි..

    ReplyDelete
  6. "you can close your eyes to the things you don't want to see, but you can't close your heart to the things you don't want to feel"

    මේක කිව්ව කෙනාට නම දාල තියෙන්නෙ කවුද දන්නෑ :D :(

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල මං උප්පැන්න සහතික ලියාපදිංචි කරනවා.ඒ නිසා මං තමා එයාට නම දැම්මෙ.

      හෙන නිදිමතේ හලෝ ටයිප් කළේ.. අකුරු වැරදිලා.. මෙච්චර අලි පෝස්ට් එකක් තිබුණා.දැක්කෙ ඒ වැරැද්ද විතරයි..)))

      මට පෝස්ට් එකේ හදන්න කම්මැලි.. ඔන්න එයා johnny depp..

      ඔබට සතුටුයි ද දැන්..?

      Delete
    2. මළා depp ද? මම අැත්තටම හිතුවෙ deep කියල :) ඔය comment එක දැම්මෙත් එ් නිසා :)

      Delete
    3. නම වැරදියට ලියපු බව ඇත්තටම තේරිලා කියලයි හිතුවෙ..))

      එනිවේස්.. තැන්කූ අය්යණ්ඩි නිතර වැස්සෙ තෙමෙන්න එනවට.

      Delete
  7. ඔය ජොනී ඩෙපා මාර කතා තමයි කියල තියෙන්නෙ...මිනිහගෙ හැටියට නෙවෙයි දෙන ටොල්ක්ස්...:) ඔන්න හරියටම ඔය ළමය වගේ...හෙහ්,හෙහ්,

    “People cry not because they’re weak, it’s because they’ve been strong for too long.”– Johnny Depp

    ReplyDelete
    Replies
    1. හපොයි ඔක්කොම ඉවසතැහැකි මේ රවී මාමගෙ හිනාව තමා ඉවසන්න බැරි..))

      //..හෙහ් හෙහ්...//

      ඒකෙ කැත..))

      Delete
    2. මල්හාර ගැන අහල තිබුණ කමෙන්ට් එක ඩිලීට් වුණා නෙව..

      මං අදහස් කළේ මල්හාර කාලය කියා මල් වරන කාලයට කියනව නොවැ.. ඒ වගෙ අදහසකින්. අනික් අතට නව යොවුන් වයස ගැන හැඟීමකුත් ඒකෙන් ධ්වනිත වෙනවා වගේ.. (නිවැරදි ම තේරුම නූනත්..)

      Delete
  8. ඉක්මනට ඣ=ඊලඟ කොටස් දාපන් යකූ....කුතුහලේ හින්ද පිස්සු වැටෙන්ට කලින්

    ReplyDelete
    Replies
    1. ගර්ර්ර්.. මේ ළමයි මාව බ්ලැක්මේල් කරලා කතාව ලියවන්න හදන්නේ.. හප්පෝ.. ලියනවා ලියනවා..))))

      Delete
  9. මේ ගැහැණු දරුවට හිතත් එක්ක බොහොම ලොකු සටනක් කරන්න වෙන්න ඇති....

    ශාරුක් ඛාන් සහ කාජල් රැඟු හින්දි චිත්‍රපටියක් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. බලමු ඉස්සරහට සටනින් දිනන්නෙ කවුද කියලා.))

      හින්දි ෆිල්ම් නම් බලන්නෙම නැති තරම්.කවුරු හරි හොඳයි කිව්වොත් බලනවා.ළඟදි එහෙම බලපු හොඳ ෆිල්ම්ස් දෙකක් තමා කහානි සහ බ්ලැක්.

      Delete