Thursday, February 9, 2017

වහින දවසට..

දණිස්සට දිග වරලස
නොවේලෙන වග දැන දැන
ෂැම්පු සුවඳේ එතෙමින්
සීත වතුරේ දිය වෙමි

තෙතැති වරලස නොපිස ම
හිම කිරම රස විඳගමි
එමිලිගේ කවියක ඇති
සීත පපුවට ඇදගමි

වැස්ස නිම වෙන්නට පෙර
පුංචි මිදුලට බසිනෙමි
තෙතැති ගහකොළ රූරා
වැටෙන වැහි යට ඇවිදිමි

නැතිව වහළක් තෙමෙනා
දනන් සිහි වී දැවෙනෙමි
සීත වැහි යට ගින්නෙන්
දැවෙන හදවත උහුලමි

යම් දිනෙක මේ ලෝකය
ටිකක් හොඳ වෙයි පතනෙමි
එදවසට වහිනා වැහි
සොඳුරු වේ යැයි සිතනෙමි

අනවරත වැහි බිඳු යට
හීන මාළිග තනනෙමි
දරුණු වෙන තුරු වැහිපොද
ඔහේ වැස්සට තෙමෙනෙමි

උණ ගැණුනු පසු අම්මා
හදා දෙන සමහන් බොමි..

12 comments:

  1. අන්තිමට අම්මටයි වදේ උණහැදුනම සමහන් තම්බන්න
    අපේ ගෙදර නම් ස්වෙච්චාවෙන්ම නංගි තමයි ඔය වැඩේ බාර ගන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් උණ හදාගන්න එකාටත් වදේ නොවැ.. ඊට පස්සෙ ඒක ගෙදර අනිත් අයට බෝ වුණාම ඒ ඇත්තන්ටත් වදේ නොවැ...

      මක් කරන්නද.. ඊට වඩා පොඩි එකීගෙ ආසාව ලොකුයි නොවැ වැස්සෙ තෙමෙන්න..))

      Delete
    2. උණ නම් හදාගෙන ඉන්න එක ඉවසන්න පුලුවන්.
      සමහන් කොත්තමල්ලී හදන්න බාර ගත්තු කෙනා හදලා ඉවරවෙනකම් කියන දේවල්නේ අහං ඉන්න බැරි :(:(

      Delete
    3. ඒ වුණාට ඔය ඔක්කොම ඉවසන්න පුළුවන් නොවැ වැස්සෙ තෙමෙන්න තියෙන ආසාව වෙනුවෙන්...)))

      Delete
  2. සීතලයි වැස්සයි කියන්නෙ ඉතිං මටත් රටක් රාජ්ජයක් වගේ තමා :) හැබැයි ඉතිං වහින අවස්ථාවෙ ඉන්න තැන හැඩි නොවී තිබ්බොත්!

    ReplyDelete
    Replies
    1. වැස්ස නෙව ගොරෝ ගොරෝ!පැය තුනක්

      Delete
    2. ගොරවනවට නම් මං කැමති නෑ.. එතකොට වැස්ස වැටෙන සද්දෙ අහන්න බැහැ නොවැ...___

      Delete
  3. // උණ ගැණුනු පසු අම්මා හදා දෙන සමහන් බොමි.. // හි.. හි...

    ReplyDelete
    Replies
    1. හිනා තමා උණ හැදිලා ඉහේ ඉඳන් පෙරෝගෙන ඇඳට වෙලා ඉන්න කොට..))

      Delete
  4. වැස්සෙ තෙමි තෙමි හීන මවන්න තමයි මම නම් දැන් ආස. ඒ වෙලාවට හිතේ තියන හැම දුකක්ම අමතක වෙනවනේ.

    ReplyDelete