Wednesday, November 8, 2017

වැස්ස, කුරුලු ආදරේ සහ The Notebook

ඇස් ඉස්සරහ සිත්තම් මවන වැස්සට වැහි දැරිවි ආදරය කරන්න පටන් ගත්තෙ කවදා ඉඳලද කියලා හරියටම නිනව්වක් නැතත් වැස්සත් - වැසි දැරිවිත් අතරෙ ඇති අරුම පුදුම සම්බන්ධය පටන් ගන්න ඇත්තෙ ඈ උපන් දවසෙම වෙන්න ඇති කියලයි හැම දෙනෙක් ම කියන්නෙ. වැස්සත් අරන් ඉපදිච්ච දැරිවිට වැස්ස එක්ක යා වුණු නමක් ලැබෙන්න ඇත්තෙත් ඒ නිසයි..!

ඊයෙ වැස්ස වැටුණේ වෙනදටත් වඩා ලස්සනට. එළියට බැහැලා වැහි වතුර දිහා බලන් ඉන්න වැහි දැරිවිට හිතුණේ ඒකයි. ගස් වැස්සෙ තෙමෙනවා බලන් ඉඳලා ගේ ඇතුළට යන්න හැරෙද්දියි අමුත්තන් දෙන්නෙක් ව ඇහැ ගැහුණෙ. කුරුලු ජෝඩුවක් වැස්සට ගෙට ගොඩ වැදිලා. පියස්ස උඩ. දෙන්නා එකිනෙකාගෙ තෙමුණු තටු පිහදානවා. මූණට මූණ තියාගෙන මොනවදෝ කොඳුරනවා. කුරුලු බාසාව දැනගෙන හිටියා නම් කියලා වැහි දැරිවිට හිතුණා. 

ඒ කුරුලු ආදර කතාව කවියක් වුණේ අඩ හෝරාවකට විතර ගෙවුණාට පසුවයි.. 

තටු පෙඟී තෙමී ගිය කුරුලු පැටවෙකු විලස
අනෝරා වැහි මැදින් ඔබ මවෙත පැමිණෙන්න
ඇඳුම් ඔහෙ තෙමුණාවෙ, මා ළයට ගුලි වෙන්න
ළං වෙන්න, සෙනේ සළුවෙන් ඔබ ව පිසලන්න

සතියකට විතර උඩදි විසි වෙනි වතාවට විතර ආපහු බලපු The Notebook චිත්‍රපටියේ මතකයත් කුරුලු කතාවට එකතු වුණා. ඒ සිනමා සිත්තම කොතෙක් මනරම් වුණත් ස්පාර්ක්ස් වචනවලින් මවන රූප චිත්‍රපටියටත් එහා යනවා කියලයි වැහි දැරිවිට නම් හිතෙන්නේ. වසර ගණනකට පසු මුණ ගැහෙන පෙම් යුවළ හංසයෝ පිරුණු වැවේ බෝට්ටු පදින්න ගිහින් අනෝරා වැස්සකට අසු වෙන මොහොතේ ඉඳන් දිග හැරෙන රූප රාමු පෙළ පොත කියවලා මවා ගනිද්දි.. මන්දා මට නම් චිත්‍රපටයටත් වඩා ඒ අකුරු රොමාන්තිකයි.

කෝපි උණුහුමක්වත් නැති හවසක වැටුණ වැස්ස මගේ කැත අකුරුවලින් කවියකට හැරවුණේ ඒ රොමාන්තික බව නිසා ම වෙන්න ඇති..

පැයක්වත් ගත වේවි පියාපත් වියැළෙන්න
Notebook පොත අරන් එතෙක් මෙහි ඉඳගන්න
සුමුදු බුමුතුරුණ මත තටු විදා වැතිරෙන්න
වැහි වැටෙන මොහොත මට අැහෙන්නට කියවන්න

ආල උණුහුමින් හද ගිනි උදුන දල්වන්න
වචන අහුරක් වෙමින් දෙතොලතර තැවරෙන්න
අහසැසට ඉඩ තියා වැහි පොද ව වැගිරෙන්න
තුඩට තුඩ තියා මගෙ තටු මතින් ඇලවෙන්න


29 comments:

  1. Nicholas Sparks <3 The Notebook <3 <3 <3 :)

    මේ මං ලියාපුවා, ඔය කොච්චර කතා කළත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සනම පොත ගැන. :)

    සොඳුරු මිනිසෙකු ගැන සොඳුරු පොතක්

    හංස විල

    ReplyDelete
    Replies
    1. අක්කා මේක පරිවර්තනය කළොත් මොකද.. හැමදාමත් කියනවා වගේ ඔයාගේ වචන හරි ලස්සනයි.චිත්‍ර අඳින අකුරු..!

      ස්පාර්ක්ස්ගේ පොත්වලින් මේක තාම පරිවර්තනය වෙලාත් නෑ මං දන්න තරමට..!

      Delete
    2. ගොඩාක් ස්තූතියි නංගි. ඒත් මං මේ ගැන කළින් අහපු යාළුවන්ටත් කියපු දේ තමයි ඔන්න ඔයාටත් කියන්න වෙන්නේ: මම මුළු පොත ම මගේ ආසාව නිසා ම පරිවර්තනය කළා. ඒත් ඒක ප්‍රකාශනය කරන්න අදහසක් නැහැ, මගේ ළඟම තියාගෙන ඉන්නවා. මොකද ඒකේ 'සමහර දේවල්' සවිස්තරාත්මක වැඩියි. මම කැමති නැහැ මගෙන් ලියවෙන / පරිවර්තනය වෙන දෙයකින් ඒ වගේ විස්තර සමාජගත වෙනවාට. ඒත් ඒ කතාවටනම් මම පුදුම ආදරෙයි. නිකලස් ස්පාර්ක්ස්ගේ කතාවලින් මම වැඩියෙන් ම කැමති ඒකට. :)

      Delete
    3. අක්කා සමහර දේවල් කියලා අදහස් කළේ මොකක්ද.. කොහොම වුණත් එහෙම දැනෙනවා නම් සංක්ෂිප්ත පරිවර්තනයක් කරන්න පුළුවන් නේද.. ඔයාගෙ වගේ අතකින් තමයි මේ වගේ දෙයක් කෙරෙන්න ඕනෑ

      Delete
  2. පිස්සු කොයිල්....

    ReplyDelete
    Replies
    1. පිස්සු හදාගන්න එපා ඉතින්...))

      Delete
  3. මම ඔය ෆිල්ම් එක බලන්න කියල හිටියට තාම බැරි උනා බලන්න.. පොතවත් අරන් කියවන්න ඕන

    ReplyDelete
    Replies
    1. පොත කියවලම ෆිල්ම් එක බලන්න දේශක..!

      Delete
  4. ලක්සනයි. මව්බස නොවන නිසා ඉංගිරිස් කියවන්ඩ කම්මැලියි. නරකද වැහි මේක පරිවර්තනය කලොත් කොටස් වශයෙන්...

    ReplyDelete
    Replies
    1. සිතු අක්ක කරලා තියෙනවලු නොව. ආයෙත් මං කරන්නේ මොකටද එච්චර හොඳ පරිවර්තිකාවක් ඉද්දි අපිට.. එයාගෙන්ම අහලා බැලුව නම් draki..!!

      Delete
    2. මං කිව්වනේ නංගි, මං ඒක පබ්ලිශ් කරන්නේ නැහැ. හේතුවත් කිව්වනේ. ඔයා වගේ ලස්සන ලෝබ හිතෙන සිංහල ලියන කෙනෙක් ඒක කළොත් කියවන්න මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. :)

      Delete
    3. හපොයි අම්මේ.. මම නම් කරන්නේ නෑ.කවදා හරි සිතූ අක්කාගේ වචනවලින්ම කියවන්න තමා බලාගෙන ඉන්නේ.

      Delete
    4. විකාරයක් නේ සිත්තමී. ඔයා වැඩේ කරල නං ඒක පබ්ලිෂ් කරන්න. වැහි දැරිය කරනවනං ඒත් කරපුවාවේ..

      Delete
    5. මෙච්චර දක්ෂ පරිවර්තිකාවක් ඒක කළාට පස්සේ තව මොන කතාද දේශකතුමා. මේ කෙල්ලට තර්ජනය කරලා ඒක පබ්ලිෂ් කෙරෙව්වා නම් හරි අපි කට්ටිය..!

      Delete
    6. @දේශකතුමා

      මං ඉතිං ඔහොම විකාර වැඩ කරන්න ආසයි. :D

      Delete
  5. වැස්ස නිසාද කොහෙද ටික කාලයක් පෙනෙන්නට නොසිටි වැසි කිරිල්ලියක් මතුවෙලා - Welcome Back !!

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ.. වැහි කාලෙට එහෙම පුදුමාකාර දේවලුත් සිද්ද වෙනවා.. මෙදා පොටේවත් දිගට වහින්න බලන්නම්කෝ..!!

      Delete
  6. පොත කියවලා නම් නෑ.. ඔහොම කියනකොට කියවන්න ආස හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. වෙලාවක අක්කට ඇහෙන්න කියවන්නම්කෝ.. රන්රසු එකේ වැඩවලට හිර වෙලා ඉන්නේ අක්කේ.ඉන් පස්සේ එන්නම් ලෝරා කියවන්න.ඒක කැම්පස් එකේ ඉඳන් අපි රෙකෝඩ් කරමු..!

      Delete
  7. එයාගෙ පොත් වල රසය සමහර වෙලාවට චිත්‍රපටයෙන් නැති වෙලා ගිහිල්ලත් තියනවා. Night in rodanthe එකක්. පොතෙන් මවන කඳුල චිත්‍රපටයෙන් එන්නෙ නෑ.
    ඔයා ලිව්ව්වෙ වැස්ස ගැන. මම කතා කරන්නෙ වෙනමම දෙයක්.... නේද?

    ReplyDelete
    Replies
    1. මට තාම කියවන්න බැරි වුණා.නිවාඩුවක් ලැබුණ වෙලාවක ඔක්කොම ටික එක පාර ඇදලා දාන්න හිතාගෙන පොත් ටික නම් ගත්තා අක්කේ..!

      නෑ.. නෑ.. වෙනම දෙයක් නෙමෙයි.බලං ගියාම මම ලියලා තියෙන්නෙත් ස්පාක්ස් අය්යා ගැන තමා..!

      Delete
  8. මන් බලන්නේ පිටසක්වල ජීවියෝ ඉන්න ෆිල්ම් විතරයි. මල් කතා අල්ලන්නේ නැහැ අපිට :/

    ReplyDelete
    Replies
    1. The Notebook romance fantasy එකක්නේ

      Delete
    2. මෙව්වට මල් කතා කිව්වොත් එඩ්වර්ඩ් මල්ලවආරච්චිගෙ පොත්වලට එහෙම කියන්න වචනයක් නැති වෙනව!

      Delete