Saturday, July 4, 2020

සීතල වතුර පොද..

ඇතැම් ජීවිත ගංගාවන් සිය ගලා යාම නතර කිරීමෙන් ඉක්බිති පවා සිය සිහිලෙන් ලෝකය සුවපත් කරනවා. වසර විසිපහකට පෙර සිය කායික ගලායෑම නතර කළ එබඳු එක් සීත දිය උල්පතක් මේ වචන ලියැවෙන මොහොතේ පවා නොරැඳී රැඳී මහත් සිහිලකින් අප හදබිම් තෙමා බසිනවා.

ඒ සීතල වතුරපොද සමන් සිත්තරා. තිස්හත්වැනි වියෙහිදී කායිකව සමුගත් ඔහු  සිය හැටදෙවැනි ජන්මදිනය උදා වූ අද දිනයේත් සදකාලික තාරුණ්‍යයේ රැඳෙමින් අප අතර අදෘශ්‍යමානව ජීවත් වෙනවා.

මේ සටහන ලියන මා කිසිදිනෙක ඔහු දැක නැතත් ඔහු අතින් ලියැවුණු අපමණක් සටහන්, මනරම් සිත්තම් ඔස්සේ ඔහුගේ අහිමිවීමේ රිදුමත්, හිස්තැනත් බොහෝ වරක් අත්දැක තිබෙනවා. ඔහුව ඇසුරු කළ මගේ මාපියන් ඇතුළු බොහෝ වැඩිහිටියන්ගේ තාරකාලෝකයෙන් ඔහු කියවන්නට දරන දුබල උත්සාහයන් බොහොමයක් මා ආ මගෙහි තිබුණා.

අද දිනයේ මේ වියුණු අඩවිය අරඹන්නේ ඔහු අතින් ලියැවුණු, පළ නොවුණු ආලෝක ප්‍රකාශ අපේ ශක්ති පමණින් ලෝකයට ප්‍රදානය කිරීමේ ළපටි පියවරක් ⁣විලසින්.

පහත සබැඳියෙන් ඒ වියුණු අඩවියට පිවිසෙන්නට පිළිවන්.

https://seethala-wathurapoda.blogspot.com/?m=1

No comments:

Post a Comment