ආයුබෝවන් ඇදුරුතුමනි..
ඇදුරුතුමනි,නුඹ මට හමු ව ඇත්තේ දෙවරකි.පළමු වර පොත් එළි දැක්මකදී දුටු නිරෝගී නුඹ නොවේ,දෙවන වතාවෙහි හමු වූයේ.එතෙකුදු වීත් නුඹ මනා සිහියෙන් සිටියා මතකය.එදා මහරගම පිළිකා රෝහල වෙත ගියේ මා ගියේ නුඹට සමු දෙන්ට සිතා ගිය ගමනක් නොවේ.නුඹ මගේ මාපියන්ට ඇදුරු වූ මුත් මට ඇදුරු වූයේ නොවේ.එහෙත් එදා මගේ නම විමසා නුඹ මට ශක්තිනී කියා ඇමතු සැටිය අමතක නොකරමි.ඉන් දින කීපයකට පසු නුඹේ පියවි සිහිය නැති ව ගිය බව ආරංචි විය.ඊටත් දින කිහිපයකට පසු නුඹ අද යන්ටම ගොස් තියේ.පියවි සිහිය පවතිත්දී නුඹව අවසන් වරට දැකගන්ට ලැබීම ගැන තුටු වෙමි.
ඉතින් ඇදුරුතුමනි ආයුබෝවන්...
ආයුබෝවන් ඇදුරුතුමනි
ReplyDeleteඑය තමයි කියන්නට තියෙන්නේ.
Delete:(
ReplyDelete?
Deleteකණගාටුයි! :(
Deleteවියතුන් අතර සිටි පඬි රුවනකි මහැදුරු ගම්ලතුන්. සිංහල බස පමණක් නොව ඉංගිලිසි බසෙහිද එතුමෝ කෙළ පැමිණි විද්වතෙක්. ඔහුගේ දිවියේ අමරණීය සළකුණ සංහිද පොතක් ලෙස එළියට පැමිණි ඉංගිලිසි සිංහල ඩික්ෂනරියයි. එසේම ලාංකිය විචාර කලාවේ නව මං පෙතක් විවර කළ යුග පුරුෂයා ඔහුයි. මා අකමැති වුවත් ට්රොස්කිවාදයේ ලාංකිය නියමුවානන්ද ඔහුයි.
ReplyDeleteඇදුරු තුමාණෙනි මා ඔබෙන් උගත් දේ බොහෝයි.. ඔබට නිවන් සුව.
මම මේ සටහනට එකතු කරන්නට වුවමනා ටික නලින් මාමා එකතු කරලා.
Deleteකෙනෙක්ගේ ජීවිතයේ එකග වෙන්න පුලුවන් වගෙම බැරි දේවල් තියෙන්ඩ පුලුවන්.මෙතුමා ආචාර්ය අදිකාරම්තුමාගේ අදහස්වලට එරෙහි වූ අයුරු ගැන මට තිබෙන්නෙ ප්‍රසන්න හැගීමක් නෙවෙයි.ඒත් ඔයා මේ කියා තියෙන්නා වගේ මාමේ අපි ගරු කළ යුත්තන්ගේ ජීවිතවල ගරු කළ යුතු තැන් වලට ගරු කළ යුතුයි.ස්තුතියි.
//ගරු කළ යුත්තන්ගේ ජීවිතවල ගරු කළ යුතු තැන් වලට ගරු කළ යුතුයි//
Delete++++++++++++++++++++++++
ඇදුරුතුමනි, ඔබට ආයුබෝවන්.....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......
ReplyDeleteහ්ම්!
Deleteඅරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු.........
ReplyDeleteමහා ඇදුරානනී..ගිහින් එන්න ආයෙමත්......!!!
ඔව් ආයෙමත් ගිහින් ඒවි,අපෙන් පස්සෙ පරම්පරාව වෙනුවෙන්!
Deleteතනතුරු ලබන්න පන්දම් නෝල්ලා හරි යයි හිතු දෙ කෙලින් කියන්න ශක්තිය තිබ්බ විද්වතෙක්.. ඔහුගෙ දෙස්පල් දසුන මගෙ සිත් නොගත්තත් විචාර නම් කියවුයේ ඉමහත් ආසාවෙන්... අධි භෞතික වාදියෙක් වූ ඔහුට නිවන් සුව පැතීම ? සත්‍යය අවබෝධවීමට වාසනාව ඇතිව සුගතියක නැවත ඉපදේවා කියා පතන්නම්..
ReplyDeleteඒකනේ ආයුබෝවන් කියල කිව්වෙ.නමුත් මිනිස්සු තමන් සසරේ පුරුදු කළ දේවල් දිගටම අරගන යනවා.අපි බුදුදහමේ තියෙන සත්‍යය කාලයක් පුරුදු කළ අය වෙන්නැති.ඒ හින්දයි අපිට සත්‍යය ප්‍රායෝගිකව කෙසේ වෙතත් න්‍යායානුකූලව හරි අවබෝධ කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ මයෙ හිතේ.
Deleteසැබැවින්ම එතුමා මහා භාෂා ප්‍රාඥයෙක්. ඔහුගේ චිචාරාත්මක භූමිකාව, සාහිත්‍ය සිනමාව, සංගිතය ආදී නොයෙක් ක්ෂේත්රවලට විහිදුනා. අති විශිෂ්ඨයෙක්ගේ නික්ම යාමක්
ReplyDeleteඔව්...ස්තූතියි කමෙන්ටුවට!
Deleteඔහුට සුභ ගමන්..
ReplyDelete..))))
Deleteඑතුමා හාල් කිලෝ එහෙක නමවත් දන්නේ නැහැ.ඒ තමා නියම ශාස්ත්‍රවන්තයෝ..උදේ රෑ...ඒ අරමුණ,ඒ කියවීම..ඒ හැදෑරීම....ඒ වගේ ජීවිතයක් ශාස්ත්‍රයක් ඔබටත් ලැබේවා
ReplyDeleteඅනේ එපා... එච්චර ශාස්ත්රවන්ත වෙන්න ඕන නෑ
Delete