මම සමනළ සංධ්වනිය බැලුවේ එය තිරගත වූ අවසාන දවස්වල ය.එක් එක්කෙනා විවිධ විදියේ නිර්වචන දුන්නාට මෙය බැලිය යුතු ම යැයි යන අදහසක් මහිතේ පහළ වූයේ එහි පූර්ව ප්රචාරක දැන්වීම් පළ වූ 2011 අවුරුද්දේමය. ඒ නිසා මෙය සංධ්වනියක් නොව සන්නියකැයි ලියා තිබුණු විචාර දුටුව ද මහිත වෙනස් වූයේ නැත.
පෞද්ගලික ව ගත් කළ මම සමනළ සංධ්වනියේ වැඩිපුර ම ආසා කරන ගීතය මගේ සිහින මැදුරේ.. ය.එහි නව යෞවනයේ පැටලිලි සහගත වූ දුක්බර බලාපොරොත්තුවල ඡායාව තැවරී තියේ.එසේ ම සිනමා පටයේ මුල් භාගයේ වටපිටාවට ද මම අතිශය ආදරය කරමි.ඒ කොහොමටත් සීතල කඳුකරයට මා තුළ පවතින විකාර ආසාව නිසා විය යුතුය...
අනික් අතට මේ කතාන්දරයට හේතු වූ වස්තු බීජය සිදු විය නොහැක්කක් ලෙස යමෙකුට පෙනී යන්නට පුළුවන.එහෙත් ජීවිතයට කයෙහි පමණක් නොව හැගීම්වලද සම්බන්ධයක් ඇතැයි විස්වාස කරන්නවුනට - සැබෑ මිනිසුන්ට මෙවැනි දෑ අරුමයක් වන්නේ නැතැයි මම සිතමි.
අනික් අතට චිත්‍රපටයේ වාදීෂ ගේ චරිතය ලක් වන විපර්යාසය අපට අප දෙස බලන්නට ඇසක් ඇති කරවයි.මුල දී ඔහු නිහඬ මුත් හෘදයංගම කලාකරුවෙකි.ඒත් සමාජය කලාකරුවා යැයි ගසන ලේබලය පැළඳගත් විට ඔහු ව්‍යාජ පරාධීන මිනිසෙකු බවට පත් වී තමාට තමා අහිමි කොට ගෙන ඇත.අද බොහෝ කලාකරුවන්ට සිදු වී ඇත්තේ මේ ඛේදවාචකය ම නොවේ ද..??
ඕනාවට වඩා පණ්ඩිත කතා තවත් කිව යුතු යැයි මම නොසිතමි.මා නොලිව්වාට බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මේ සිනමා සිත්තම ගැන බොහෝ දෑ ලියා තිබුණි.වැඩිපුර ම අප සිත ආකර්ශණය කළ දසුන් ගැන ලියා තියන්නට පමණි මට වුවමනා...
මගේ දෑසට කඳුළු ඉනූ පළමු අවස්ථාව වාදීෂ ව වට කරගෙන බෝඩිමේ නවාතැන්කාරියන් පහර දෙන්නට හදන අවස්ථාවේ පුණ්‍යා ඇයි මේ පොඩි දරුවට ගහන්නේ? යනුවෙන් විමසූ ආකාරයයි.එහි තැවරී ඇති පුණ්‍යාගේ මව්වත් ගුණය ඇගේ චරිතය පිළිබඳව සම්පූර්ණ විචාරයක් කරන්නට තරම් සෑහේ.
එවන් තවත් මොහොතකි, කුමාරි උද්‍යානයේ දී වාදීෂ මැරයන් දෙදෙනාට පහර දෙන අවස්ථාවත්,ඉන් පසු සිය සොහොයුරා වෙත ගොස් සැඟවෙන අවස්ථාවත්...! පොඩි එකාට ඒ මොහොතේ තමන් දකින අසාධාරණය වෙනුවෙන් කළ හැකි දෙය ඔහු ඉටු කරන යුරු ඉතා අපූරුවට සිත්තම් වී තිබේ.එසේ ම අනික් අතට ඔහු තවමත් පොඩි එකෙකි.ඔහුගේ රැකවරණය සහෝදරයා ය.
එවන් තවත් අවස්ථාවකි වාදීෂ ගේ සොහොයුරා ඔහුට ලිපිය පිළිබඳ සිතුවිල්ල අත හරින්නට යැයි කියන අවස්ථාව.ඒ මොහොතේ වාදීෂගේ සිරුර සුදු පැහැති පොරෝනයකින් සම්පූර්ණයෙන් ම වසා දැමීමත්, චිත්‍රපටයේ මැද භාගයේ වාදීෂගේ මුවින් පිට වන "මම ආදරයත් ආදරය මාවත් මරාගෙන මැරුණා" යන වචනත් අතර අපූර්ව සම්බන්ධයක් මට පෙනේ.
චිත්‍රපටයේ අඩුපාඩු තියෙනවා විය හැකිය.මම පිළිගනිමි.නමුත් පීටර් වන්,ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ වැනි චිත්‍රපට නිර්මාණය වන රටක සමනළ සංධ්වනිය යනු ඉතා විශාල පිම්මකි.එතෙකුත් වීත් ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට මීට වඩා යමක් චිත්‍රපටය තුළ කරන්නටත් හැකියාව තිබුණා ය යන්න මම තරයේ විස්වාස කරමි.
//"මම ආදරයත් ආදරය මාවත් මරාගෙන මැරුණා" Normal thing! :D
ReplyDelete//.මම පිළිගනිමි.නමුත් පීටර් වන්,ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ වැනි චිත්‍රපට නිර්මාණය වන රටක සමනළ සංධ්වනිය යනු ඉතා විශාල පිම්මකි.
100% :) :) :) :) :)
මේ ගැන මම ඉතින් ලිව්ව නේ. ඒ හින්දා මෙතැන කිසිවක් නො කියමි... මම නම් කැමති ම ගීතය මේ දවස්වල ජාතික ගීතය තමා. මගේ සිහින මැඳුරේටත් අකමැති නෑ... //මෙය සංධ්වනියක් නොව සන්නියකැයි ලියා තිබුණු විචාර දුටුව ද // කොහෙද එහෙම තිබුණේ?
ReplyDeleteඑක් ගීතයක් වෙනුවෙන් දීර්ඝ තම කාලයක රුප රචනාවක් කළ පළමු අවස්ථාව. අමිල තේනුවරගේ ගීතය චිත්‍රපටය පුරා 5 වතාවක් ගායනය කරවන්නේ මන්ද?.
ReplyDeleteමම දාන්න ආපු කමෙන්ටුවට සමාන කතාවක් නලින් අයියා කියල තියෙන නිසා මම මෙතනම මගේ කමෙන්ට් එක කොටන්න යන්නේ..
Deleteමම කලින් දවසක සංධවනිය පිලිබදව කියවූ බ්ලොග් පෝස්ට් එකකම කිව්වා, සිංදුව වෙනුවෙන්ම සැදූ එහෙමත් නැතිනම්, මුලින් ගීතය රචනා කර පසුව ෆිල්ම් එක සැදූ ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඇති කියල
ස්තුති..
මම දාන්න ආපු කමෙන්ටුවට සමාන කතාවක් නලින් අයියා කියල තියෙන නිසා මම මෙතනම මගේ කමෙන්ට් එක කොටන්න යන්නේ..
Deleteමම කලින් දවසක සංධවනිය පිලිබදව කියවූ බ්ලොග් පෝස්ට් එකකම කිව්වා, සිංදුව වෙනුවෙන්ම සැදූ එහෙමත් නැතිනම්, මුලින් ගීතය රචනා කර පසුව ෆිල්ම් එක සැදූ ප්‍රථම අවස්ථාව මේක වෙන්න ඇති කියල
ස්තුති..
ඒකට නම් මාත් එකඟයි..!!
Deleteමම මේ චිත්‍රපටිය බැලුවේ තිරගත වෙලා ටික දවසක් ගියාට පස්සෙ. හෝල් එකට යන්න කලින් බලෙන්ම වගේ ඔලුවට ඔබ්බවල තිබ්බ විචාර ටික පැත්තකින් තියල යන්න මම සෑහෙන්න උත්සහ කලා.කොහොම උනත් චිත්‍රපටියේ ගලාගෙන යෑම සමහරතැන් වලදි මැදින් කැඩුනු ගතියක් දැනුනා. සමහර චරිත උනත් එහෙමයි. චිත්‍රපටි විචාරයක් කරන්න තරම් නම් දැනුමක් මට නෑ. මේ ඉතින් අතිශය සාමාන්‍ය ප්‍රේක්ශකයෙක් විදිහට මට දැනුන දේ. හැබැයි චිත්‍රපටිය තිරගත උන මුලු කාලය පුරාම මාව ඊට තදින් බැඳලා තියා ගත්තේ සංගීතය කියන එකත් නොකියම බෑ
ReplyDeleteචිත්තර පටියේ පැහැදිලි අඩුපාඩු දෙකක් තියෙනවා.
ReplyDelete1 පුන්යාෙග් ලියුම ගැන
ඒකෙදි කොතනවත් රේවත රට ඉන්න විත්තියක් කියන්නෑ නේද? එක්කෝ පුන්‍ය රට උන්න විත්තියක්වත්. ඒත් ලියුම ලැබෙන්නේ රට ලියුමක් විදියට (එයා මේල් කවරෙක) ඒක තැපැල්කරු කඩන්නේ රටින් ආපු ලියුමක් නිසයි. අන්න ඒ නොගැලපිල්ල තිර රචනයේ දුර්වල කමක්
2 අනිත් එක පාර්ක් එකේ චන්ඩි
ලංකාවෙ මොන පාර්ක් එකකවත් ඒ වගේ මෝඩ චන්ඩි නෑ.. ඒක තනිකර චිත්තරපටියට දාපු මෝඩ චූන් එකක්. කිසිම අදාලත්වයක් නැති. කතාවේ ටර්නිං පොයින්ට් දෙක ගොඩනගන්න ජයන්ත ගත්ත මහන්සිය අපතේ ගිහින් තිබුනා. සමස්ථයක් විදියට චිත්තර පටිය එළ. මේවා තාක්ෂණික ගැටළු
@අලි අය්යා- ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ ඔයාට.. ආදරය මරාගෙන මැරෙන එක..හේ හේ!!
ReplyDelete@දිලිනි අක්කා-මගේ නොවන මගේ ම??? මං ඔයාගේ ලිපියට ඇඩ් එකක් දාන්නත් හදලා ඒක හොයන්න කම්මැලිකමේ නිකං හිටියා... සන්නිය ගැන ලියා තිවුණෙ බූන්දියේ..))
@නලින් මාමා-ඒක ඇත්ත.සමහර විට සින්දුව වඩාත් ෆීල් කරන්න වෙන්න ඇති.ඒත් ඒක විකාරයක් වගේ.එක පාරක් තිබුණ නම් හොඳටම ඇති සින්දුව!
@චාම්ස්-ඔව් ඒක ඇත්ත අක්කෝ.සංගීතය හුඟාක් දැනෙනවා.ඒ වගේම තමයි කතාවත්.ඒ දෙක ෆිෆ්ටි ෆිෆ්ටි තියෙනවා කියලා මට හිතුණේ..
@දේශකයා-හ්ම්.. හැබැයි චිත්‍රපටියක හැම දෙයක් ගැනම කියන්න ඕනෙ නෑ නේද? ඒ නිසා ලියුම නම් ඒ තරම් වැදගත් කාරණයක් කියලා හිතෙන්නෙ නෑ.ඒත් ඒවත් හදාගත්තා නම් හොඳ අඩුපාඩු!
පාර්ක් කතාව නම් සම්පූර්ණ ඇත්ත.හැම පාර්ක් එකකම ඔය ටයිප් චණ්ඩි හිටියොත් ලංකාවේ පාර්ක් වහන්න වෙයි..D ඊට වඩා ජොලි වැඩේ අච්චර දෙයක් වුණාට පස්සෙත් පුණ්‍යා අවුරුදු පතා පාර්ක් එකට යන එක.මං වගේ නං ආයේ පස් පාගන්නේ නෑ..)))
අනික කවුරු හරි කියනවද මොකද මේ රිප්ලයි බට්න්ස් වැඩ කරන්නෙ නැත්තෙ කියලා?????????/
මට වැඩ කරනව නේ. වෙන බ්‍රවුසර් එකකින් බලන්න????
Deleteඒ පාර හරි ගිහින් නෙව.. අනේ මන්දා මේ ගූගල් දෙය්යෝ!!
Deleteතාම බලලා නැති හන්දා මුකුත් කියන්න බෑ නංඟෝ.. බලන්න ආසාවෙන් ඉන්නේ.. අපිට ඉතින් ඩීවීඩී තමයි..
ReplyDeleteමුනා කරන්නද.. සින්දු ටිකවත් බලලා හිත හදාගන්න....)))
Deleteඅපි ඉතින් කවද බලන්නද නොරට ඉඳන්..
ReplyDeleteදිනේෂ් අය්යණ්ඩිට කියාපු එකම තමා ඉතින් සරත් මාමාටත් කියන්න තියෙන්නේ..)))
Deleteහ්ම්ම් ෆිල්ම් එක නම් ෆට්ට
ReplyDeleteයේස්.. සමස්තයක් විදියට නැතත් ගොඩක් තැන්!!
Deleteමුළු කතාවම සිංදුව මත තමයි දුවන්නෙ..හොද ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්..මොකද කලාකාරයො කියන්නේ ඔය වගේ මිනිස්සුන්ට.
ReplyDeleteහ්ම් හැම කලාකරයෙකුටම පොඩි මාන්දවික ගතියක් තියෙනවනේ!!!!
Deleteබැල්කනිය 250/- ද කොහෙද.. ඒකෙ කොත්තුවක් කාල ගෙදර අවිත් නිදා ගත්ත මම නම්
ReplyDeleteඔහේයි මායි දන්න කලාව... අනේ ගොනා!!
Delete