Monday, December 8, 2014

ඔව්.. ඉතින් මේ වෙනස..!!

ඔබ ආදරේ කරන්නේ
වෙනස් ම වෙනස් කෙල්ලකට..

හත වසරෙදි ළමයි සුපර් ස්ටාර් බලන කොට
මිල්ටන් ගේ - අමරදේව ගේ - ස්ටීව් වොන්ඩර් ගේ ගී ඇසූ
අමුතු රසිකාවියකට..

අට වසරෙදි ළමයි ආදරේ ගැන හීන මවන කොට
පොත්වලින් තැනුනු ලෝකයක් තුළ හිඳ
පොත් එක්ක හුස්ම ගත් - හිනා වුණු - හැඬූ
පිස්සු දැරිවියකට...

පොත් නොකියවා ක්‍රිකට් මැච් බලන
කොණ්ඩෙ ජෙල් ගාන - තඩි ඔරලෝසු බඳින
අලුත් පන්නෙට හැදුණු කොල්ලන්
ඇලජික් පිස්සියකට..

කෙල්ලන් ටීන් පොත්වල බෝල අකුරින් ලියන කොට
ඒ ගැන වගක්වත් නැතුව
සටහන් පොත්වලත් කවි කුරුටු ගෑ
මොළේ හොඳ මදි ගෑණු ළමයෙකුට..

දන්නවා නේද..
ඔබ ආදරේ කරන්නේ
මස්කාරා ද - ෆවුන්ඩේෂන් ද
තොල් ආලේපන ද - නිය ආලේපන ද
කරදරයකැයි සලකන නිසා ම
පමණට වඩා සරලයි කියා ලෝකෙට පෙනෙන
ඒත්... සංකීර්ණ ම හිතකට..

කොල්ලන් චුට්ටක් බොනවාට හරි ආස
එහෙම කොල්ලන් මොඩ් බව හිතන
සම වයස් බොහෝ කෙල්ලන් මැද
මත් පැනින් මත් නොවුණ - ආදරෙන් ඉතිරුණු මුවකින්
සෙනෙහස පතා හිඳිනා අමුතු යුවතියකට..

ඔබ දන්නවා..
ඔබ ආදරේ කරන්නේ එහෙම කෙල්ලකට..

ඒ කෙල්ලට තියෙන සුවිසල් ම පුදුමය
නයිට් ක්ලබ්වල රඟ දෙන - සුරාවේ දිවිය පොඟවන
ප්‍රේමය නොහඳුනන - කවි යනු මොනවදැයි අසන
ඉතා පොෂ් කොල්ලන් මැද..
ඔබ වැනි පිස්සෙක් මුණ ගැහුණ එක ගැන..

19 comments:

  1. පිස්සටයි පිස්සිටයි සුබ අනාගතයක් කිව්ව ලු එහෙනම්.... :-D

    ReplyDelete
    Replies
    1. දැන් ම කියන්න එපා දිලිනි අක්කේ... තව ටික කාලෙකින් කියන්න...!!!

      Delete
    2. ඉස්සරලා විභාගෙ... එහෙම නේද?

      Delete
  2. ආහ්......... හාහාහා
    ඔහොම යන්කො
    ජයවේවා
    හිතේ තියන ඒව ඉස්ට සිද්ද වෙන්ටෝන ඈ

    ReplyDelete
  3. විච්චුරන දාගනේ කොල්ලොන්ගේ ඇස් බලෙන් ඒගොල්ලෝ ලගට ඇදලා ගන්න කෙල්ලෙක්ට වඩා සරල විදියට ඇදලා පැළදලා කොල්ලෙක්ගේ ඇස් එයා ලගට ඇදලා ගන්න පුළුවන් නං ඒ නියම කෙල්ලෙක්...... අපුරුවට ලියලා තියෙනවා නියමයි

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්කූ...!!

      අලුත් යාලුවෙක් නේද..

      Delete
  4. ඔය තියෙන්නේ දාපියකෝ යකෝ ඔන්න ඔය වගේ අත්‍යාලන්කෘත්ත ද මොනාද ඒවා තව තව....

    ReplyDelete
    Replies
    1. ඔයාට බයේ නොවැ මල්ලියා මම මේක ලිව්වෙ...!!! ඉතින් වැඩිය අලංකෘත ලෙස ලියන්න බැරි වුණා..!

      Delete
    2. ඔන්න ඉතිං තද වෙනවා...ලියාපිය යකෝ තව.......බලං ඉන්නේ නැතුව...

      Delete
  5. සිරා කතාව...පට්ට

    ReplyDelete
  6. කවුරු උනත් එ් කොල්ලනං ගොඩක් පිං කරල තියනව කියල නිකමට හිතෙනව! :)
    පරක්කු උනාට සමාවෙන්න :)

    ReplyDelete
    Replies
    1. පිං කියන්නෙ පව් කියන එකට සමාන පදයක්ද අලියෝ??

      Delete
  7. one more!
    //
    පිස්සු දැරිවියකට...
    ඇලජික් පිස්සියකට..
    මොළේ හොඳ මදි ගෑණු ළමයෙකුට..
    //

    ඔයාට නෙවෙයි ළමය, ඔය තැං වල උඩිං විස්තර කරල තියන අයටයි පිස්සු!

    ReplyDelete
    Replies
    1. මෙව්වාට තමා අය්යෙ ධ්වනිය කියලා කියන්නෙ...))))

      Delete
  8. ලස්සනයි..... ඒකට නම් හරියට හිත ගියා මගෙත්....
    මමත් ඔය වගෙයි...

    හිමි උනා නම්..
    මටත් ඔය වගෙ හිතක්..
    මගෙ හිතට සුසර වෙන...
    ඒත් කොයි මට..
    පූරුවේ පිං...

    ReplyDelete
  9. ලස්සනයි , ඒත් මේක දිග වැඩියි වැහි ළමයෝ ! :)

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් මේ කවියෙ අනුභූතිය ගැන දන්නව නොව.. ඒක කෙටියෙන් කියන්න පුළුවන් කතාවක් නෙමේනෙ..!!

      Delete