Tuesday, February 16, 2016

දැඟලිලි, කියවිලි, පෙම්කෙළි සහ පාසල් බස් ගැන තවත් කථා

දෙපන්හිඳ බ්ලොගියේ ලියැවිලා තිබුණ ලිපියක් දැක්කම මට අපේ පාසල් බස් රිය  සහ ඒ හා බැඳුණු සිදුවීම් අටෝරාසියක් මතක් වුණා. වැසි දැරිය උසස් පෙළ හැදැරූ පාසල බාලිකාවක්. මගේ පාප මිත්‍රයන් අතරින් මාත් තව කෙනෙකුත් එක ම පුරවරයට යන බැවින් අපි අපේ පාසල් බස් රියේ නිත්‍ය සාමාජිකාවන් බවට පත් වුණා. තවත් හතර පස් දෙනෙක් අමතර පන්ති තියෙන දවස්වලට අපේ සුපුරුදු චාරිකාවට එක් වුණා. මුලින් ඉතා ම අහිංසක ආකාරයෙන් බස් රියේ ගමන් කල අපි දහතුන වසරේ ජ්‍යෙෂ්ට උත්තමාවියන් පාසලට සමු දීමත් සමඟ බස් රියේ අසහාය කෙරුම්කාරයන් වුණේ හය,හත වසරවල අහිංසක ළමයින් භීතියට පත් කරමින්. සමහර අටේ නමයේ කෙල්ලන්ට දොළහ පන්තියේ අපිට වඩා දැවැන්ත, උත්තුංග සරීර තිබුණත් ඒවායින් අපි නෙමේ සැලුණේ.




අපිට එක් එක් දිනවලට හම්බවුණේ නානාවිධ ලංගම බස් රථ. වැඩිය ඕන නෑ පණ්ඩුකාභය ස්වර්ණපාලිත් එක්ක පැනලා යන්න පාවිච්චි කරපු බස් රථයෙ යන්නත් දවසක් අපිට වාසනාව ලැබුණා. තවත් දවසක අපේ පාසල් බස්රිය වුණේ විජය කුමාරයා තම්බපණ්ණියෙ ඉඳලා සිරිසවත්ථුපුරයට ගියපු බස් එක. ඔය බස් රථවල විවිධත්වයට අනුලෝම ව සමානුපාතික ව කොන්දොස්තරවරුත් වෙනස් වුණා. අපරාදෙ කියන්න බෑ සමහර දවසට ආවෙ හොඳට ඇහැට, කනට පේන, කඩවසම් කොන්දොස්තරලා. අපිත්  ඉතින් ලස්සන කොල්ලෙක් හෙම දැක්කාම බලනවා. ඒ වාගෙ අහිංසක කොන්දොස්තර අය්යා කෙනෙක් ආවා එක දිගට මාස දෙක තුනක්. හරි අහිංසක කොලුවා. හරස්කඩ පෙනුම සිද්ධාර්ත් සූර්යනාරායන් වාගෙයි. ඒකා ආව දවසට බස් එකට පෝදා හඳ පායලා වගේ. හරි එළියයි. ඉතින් ඉස්කෝලෙ යන්න කම්මැලි දවසට වුණත් මාත්, මගේ අතිජාත මිතුරියත් හරි කැමැත්තෙන් ඉස්කෝලෙ එනවා සිද්ධාර්ත් ව දැක බලාගන්න. ආන් එහෙම පෙරුම් පුරාගෙන ඉස්කෝලෙ යන දවසට එන්නෙම නාකි ම නාකි කොන්දොස්තර අංකල් කෙනෙක්. සිද්ධාර්ත් අය්යගෙ ප්‍රියතම සින්දුව මල් පිබිදෙන එක වසන්ත සමයක.. මොකද හැමදාම බස් එකෙන් ගෑල්ලමයි බහින කොට මේකා දොරටුපාල රූපෙ වාගෙ දොර ගාව හිටගෙන ඔය සින්දුව හම් කරනවා. ආං ඒ හින්දා අපි එයාට නමක් දැම්මා දයා කියලා. දැන් දයා කොහෙ ඉන්නවද දන්නෑ.. හැබැයි අපේ මිතුරියො කොහේ හරි බස් එකක සිද්ධාර්ත් වාගෙ කොන්දොස්තර අය්යා කෙනෙක් දැක්කොත් අදටත් මගෙයි, මගෙ යාලුවගෙයි දුරබණුවලට කෙටි පණිවිඩ එවන්න අමතක කරන්නෙ නෑ..)) 

එක දවසක් අපේ යාලුවෝ අතරින්  හය දෙනෙක්ටම අපේ පාසල් බස් රථයේ යන්න සිද්ද වුණා. පහුගිය ආත්මවල කර්ම පටිසන් දීලා එදා අපි ඔක්කොටම යන්න වුණේ හිටං. ඒ දවස්වල ඡන්ද උණුසුම නිසා ජනාධිපතිතුමාවත් මතක් කරමින් අපි වාඩිවෙලා ඉන්න උන්ට රැවුම් ගෙරවුම් නින්දා අපහාසවලින් පහර දෙමින් ගමනාන්තය දක්වා හිටං තමා ගියේ. ඔය අතරේ අපෙන් එකියක්ට රහස් කෝච්චිය කිරීමේ මොන්ටිසෝරි ආසාවක් පැන නැගුණා. ඕං ඉතින් එහා කොණේ සිට මේ කොණ දක්වා අපි හය දෙනා රහස් කියන්ට පටන් ගත්තා. එහා කොණේ උන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි කෙළ පැමිණි විද්වතියක්. කොටින් ම එතුමියට පාරේ යන කපුටෙක් දැක්කාම පවා කීට්ස්ගේ කවි පන්ති මතක් වෙන තත්වයක් තිබුණා. ඉතින් එතුමිය තමුන්ට එහා පැත්තේ උන්න එවැනිම සාහිත්‍යකාරියකට සී ගල් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ට්‍රිප්ලොව් කියන අහිංසක කොලුවාගෙ නම තමා කනට කොඳුරලා කියලා තියෙන්නෙ. එතුමියට එහා පැත්තේ හිටියේ මං. සීගල් මගෙත් ප්‍රියතම නාට්‍යයක් වෙච්ච හන්දා මාත් බොහොම සන්තෝෂයෙන් එහා පැත්තෙ උන්නු තැනැත්තිගෙ කනට ට්රිප්ලොව් කියා කොඳුරා හිටියා. අවාසනාවක මහත! එතැනින් පස්සේ උන්නු කිසිම කෙනෙක් වැරදීමකින්වත් ඇන්ට්න් චෙකොෆ්ගේ පොතක් අල්ලලා තිවුණ එවුන් නෙමෙයි. ඒත් තමුන්ට ඇහිච්ච විදියට ඒ වචනේ හැමෝම ළඟ ඉන්න එකාගේ කනට කොඳුරලා තිබුණා. ඒ වටය ඉවර වුණා ම බස්රිය මැද්දෑවෙ තිබුණ කණුවක එල්ලිලා උන්න අටවෙනියා බොහොම ගරුගාම්භීරව බස් එකටම ඇහෙන්න තමුන්ට ඇහිච්ච වචනේ ප්රකාශ කළා.

                                    _ත්‍රීවීල් එක.._

මහින්ද - මෛත්‍රී ඡන්ද කැම්පේන් පටන්ගත් සමය තමා අපි අන්තිමට ඉස්කෝලෙ ගිය කාලෙ. ඔය දෙපැත්තටම අයිති ඡන්ද දායිකාවො අපේ බස් රථයෙ උන්නා. ඒ දවස්වල බස් එකේ තිබුණෙ දැඩි ලෙස උණුසුම් දේශපාලන වාතාවරණයක්. දොළහ දහතුනේ දේශපාලන විචාරකයෝ බස් එක ඇතුළේ මිනී මරා ගනිද්දි පුංචි බටු ඇට කෙල්ලො ඒ දිහා බලන් උන්නෙ මහා භීතියකින් ගල් ගැහෙමින්. වාසනාවකට වගේ ජනවාරි 8 වෙද්දි අපේ පාසල් ජීවිතේ අහවර වෙලා.. අපේ දේශපාලන සංවාද කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අපි අදටත් පාසල් ගියාම ගුරුවරු කියනව, උඹල ලබන අවුරුද්දෙ කැම්පස් ගියාම වතුරෙන් නාන්න ඕන නෑ. කඳුළු ගෑස්වලින් ම දිනපතා ස්නානය කරයිලු..නාන්නෙම නැති එකේ ඒකත් නරක නෑ ඉතින්..))

නමුත් අපේ පාසල් බස් රථ සංවාද දේශපාලනේට විතරක් සීමා වුණේ නෑ. අලුත් කවි පොත්, හොඳ සිනමා නිර්මාණ.. මේ හැම දෙයක් ම ගැන අපි නිරන්තරයෙන් කතා කළා. පුංචි උන් ආසා කළා වට වෙලා අපි කතා කරන දේවල් අහන් ඉන්න. අනිත් ළමයින්ගෙ කතාවලට බඳුන් වෙච්ච සැලොන් ගමන්, ඇඳුම් පැළඳුම් කිසිදාක අපිට මාතෘකා වුණේ නැහැ. ඒ තර්කානුකූල, සුන්දර සංවාදයන් ජීවිතේට ලොකු ආලෝකයක් වුණා. අදටත් ඒ සංවාදවලට එක්කහු වුණු මරුමුස්, ඩ්‍රමී, ඇස්ට්‍රා ඇතුළු ආදරණීය මිතුරියන් ව සිහිපත් කරන්නේ ගෞරවයෙන්. පොතේ දැනුමට විතරක් සීමා නොවුණු, චින්තනයකින් යුත් පිරිසක් ලෙස සමාජයට අඩිය තියන්න ඒ සංවාද අසීමිත ලෙස වැදගත් වෙච්ච බව මං අදහන කාරණයක්. අනවරත සංවාදවල නියැලෙන්න අපට සොඳුරු සංවාද මණ්ඩපයක් තනා දුන් ඒ ආදරණීය පාසල් බස් රියට එදා මෙන් ම අදටත් අපි ආදරය කරනවා.. ගරු කරනවා.. 

ලෝකෙ තියෙන හොඳම වාහනේ මොකක්ද කියල ඇහුවොත් අදටත් අපි කාගෙත් කටින්, ස්කූල් බස් එක කියා කියැවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති...))

50 comments:

  1. ඉස්කුල් බස් ගැන නං ඉතින් කතා කරලා වැඩක් නෑ...ඔකේ වෙච්ච සිද්දි අනන්ත අප්‍රමාන තියනවා.පොස්ටුවක්ම දානං තව කියන්න ගියොත් මේක පොස්ට් එකක් වෙනවා.
    :D :D

    ReplyDelete
    Replies
    1. අහ්.. අහ්.. ඔය එන්නේ... ලියමු බලන්න පෝස්ට් එකක්..))

      Delete
  2. ස්කූල් බස් අත්දැකීම් නං නැහැ....... එ්ත් යාලුවොන්ගේ ඒවා අහලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. මටත් දෙවසරක අත්දැකීම් විතරයි තියෙන්නෙ.. උසස්පෙළ වෙනකම් තාත්තා මාව ප්‍රවාහනය කළා.ඒත් දුර ඉස්කෝලෙකට යන්න ගත්තාම ස්කූල් බස් එකේ යන්න සිද්ධ වුණා.කතා දෙකක් නෑ ඒ අවුරුදු දෙක හරිම මිහිරි කාලයක්..))

      Delete
  3. ඉෂ්කෝල බස් පටං ගත්තෙ ගිම්මිය හැක්
    එදා කොමෙන්ටුවක් නොදා පොරොන්දු වුණා මම පෝස්ට් එකක්ම දානවය කියල
    හෙහ්. අද වෙනකං පෝස්ට් එක දානව හිහි

    ඉෂ්කූල් කතාවක් ලියන්නං ඇත්තටම මෙදා පොටේ ලියනවම තමා පහ වසරෙ ඉදං ඉෂ්කූල් ගියෙ බෂ් එකේ හිම්ද කියම්න කතා ගොඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ායි

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද.. මං දැක්ක සාකියා නම් ලියල තිවුණ පෝස්ට් එකක්.. ගිම්මියගෙ එකත් හොයාගන කියවන්නෝනැ..))

      හම්මේ.. පහ වසරෙ ඉඳන්... එහෙනම් පෝස්ට් එකක් නෙමේ නවකතාවක් ලියන්න තරම් ජාති ඇති..)))

      Delete
  4. මේක කියවද්දි මාත් ස්කුල් බස් ගිය හැටි මතක් උනා .... ඔය බිග් මැච් කාලෙට එහෙම බස් එකේ ගියාම ඉඳුල් වතුර එහෙම ඇතිපදම් කාල ඇති කියල මම හිතනවා.ඒ කාලේ බස් එකේ හිටගෙන ගියාම ඈත තියාම අපි දකිනවා කොල්ලන්ගෙ මැර බස් :D දවසක් අපි කල් තියාම ඉවෙන් වගේ ජනෙල් වැහුව අන්තිමට ඉඳුල් වතුර කෑවෙ ජනෙල් අරගෙන ඉස්සරහෙන්ම ගිය ටීචර්ලා ටික :/ මම බාලිකා පාසලකට ගියේ උසස්පෙලදී ඔය කිව වගේ ලස්සන කොන්දොස්තර අය්යල අපිට හම්බුනේ නැහැනෙ.හිටිය අන්කල් නොවන අය්යත් බුම්මගෙන වැඩි කතාබහක් නැති ලේසියෙන් හිනවෙන්නැති පොරක්. ඒ අතින් ඔය දයා හොඳයිනෙ :D ... මම මෙච්චර කල් හිතාගෙන හිටියේ වැසි ලොකු අක්කෙක් කියල. මේ හෙන චූටි නංගියෙක් නෙ. :) :)

    ReplyDelete
    Replies
    1. අපිට නම් වතුර විතරක් නෙමේ බුලත් කොළවලිනුත් ගැහුව දවසක්.. මේකනෙ ප්‍රශ්නෙ.. අපේ බස් එකට වතුර ගැහුවොත් ගහන උනුත් නාලා තමා යන්නෙ.ෆුට්බෝඩ් යන කෙල්ලො හැමදාම තඩි වතුර බෝතල් ළඟ තියාගන උන්නා පෙරළා පහර දෙන්න...)))

      මාත් ගියේ උසස්පෙළදි තමා.. අනේ අපේ ඇස් පින් කරලා තිවුණ තරම්.. එව්වා ගැන නම් කතා කරලා මොකටද.. දයාගෙ හිනාව බැද්දට හඳ පෑවුවා වගේ..))

      හා හා.. මං පොඩි දැරිවියක් නොවැ හංසි අක්කේ.. තාම විසිවන දශකය පටන් ගත්තෙත් නෑ..))

      Delete
  5. බස් එකේ අත්දැකීම් නම් තියෙනවා ඉස්කෝලේ කාලෙන් පස්සේ

    ReplyDelete
    Replies
    1. හප්පේ.. අක්කණ්ඩි මේ කල්ප කාලෙකට පස්සෙ කරළියට ඇවිත් තියෙන්නෙ...))

      පාසල් බස් කියන්නෙ වෙනම උප සංස්කෘතියක් කියා කිව්වත් වැරැද්දක් නැහැ මයෙ හිතේ.බස් එකේ යාම එකක්.පාසල් බස් එකේ යාම තව එකක්..

      Delete
    2. එව්වා මට කියාගන්න බෑ.. නේද??

      Delete
    3. මටත් පේන්නෙ සිංහයො එහෙම එකක් තමා මෙයාට වෙලා තියෙන්නෙ..))

      Delete
  6. තවම පොඩිනේ මේ බ්ලොග් එකක් ලිව්වට.. අපි නම් ඉස්කෝලේ ගියේ කෝච්චියේ... බස් එක වගේ නෙවේ. ඒක වෙනම ලෝකයක්. දුක සැප දෙකම මිශ්‍ර වෙච්ච.
    අපෙත් හිටියා සෙට් එකක්. හැබැයි ඒකෙ නම් කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම හිටියා. උදේ 6.30 කෝච්චියේ (ගෙලිඔයෙන්) සෙකන්ඩ් ක්ලාස් එකට තමා සෙට් වෙන්නේ.
    උදේ නම් කෙල්ලෝ සෙට් එක ඉඳගෙන යන්නේ. අපි ටික ෆුට් බෝඩ් එකකට වෙලා සිංදු කියනවා. අපි සිංදු කියන්නෙත් කෝච්චියේ බීට් එකටමයි. හවස නුවරින් 2.10 ට්‍රේන් ඒකෙ තමා අපි ඔක්කොමල සෙට් වෙන්නේ. 6ක් ඉඳගන්න තියන සීට් ඒකෙ 12ක් විතර ඉඳගන්නවා. කිසි අවුලක් නෑ. සයන්ස්- කොමර්ස් වලි එහෙමත් තිබ්බා ඒ කාලේ.
    දවසක් අපි ඔය කෝච්චියේ වෙළඳාමේ එන එකෙක්ව බයිට් එකට අල්ලගත්තා. අඹ මල්ලක් 20යි ..... අරකයි මේකයි කියාගෙන එන එකා අපේ සීට් එක ගාවට ආවම එකෙක් නැගිටලා ඇහුවා අන්කල් අංකල් 20 අඹ මල්ලක් කීයද කියල.
    දවසක් ඔය 2.10 කෝච්චිය ඇවිල්ලා පේරාදෙණියේ නතර උනා. හරියටම පාලමක් උඩ. ඒක පේරාදෙණියට වෙන එන්ජින් එකකින් ඇදලා, කැඩුන එන්ජිම හදලා, ඊළඟ ස්ටේෂන් එකට කෝච්චිය යනකොට හවස 5.20යි! ඒත් අපි සෙට් එක ඔක්කොම හිටියා.
    තව දවසක් මග නතර උනා වතුර ටැංකිය හිල් වෙලා. ඒත් පේරාදෙණියෙන් යනකොට 3.30යි. ඒත් අපි එක්කෙනෙක්වත් බස් වල ගියේ නෑ.
    උදේට අපි මුහුණ දෙන භයානකම අත්දැකීම තමා පේරාදෙණියේදී එන්ජින් මාරු කරන එක. එදාට නම් ඉතිං අනිවා 8 පනිනවා අපි ඉස්කෝලෙට යනකොට.
    මම බොහොමයක් දවස් වල හවස ගෙදර ආවේ මේ ස්කුල් ට්‍රේන් ඒකෙ නෙවේ හවස ඔෆිස් ට්‍රේන් ඒකෙ. එකෙත් හිටියා හොඳ සෙට් එකක්. අපි පාටි හිටං දැම්මා උපන්දින වලට එහෙම කට්ටියගේ. ට්‍රිප් හිටං ගියා කෝච්චි සෙට් එක එකතු වෙලා.
    2012 මම පාසලෙන් සමුගත්තත්, සමහර දවසට හවසට නුවර යන කෝච්චිය අල්ලාගෙන නුවරට ගිහිං, ඔය ඔෆිස් ට්‍රේන් ඒකෙ ගෙදර ආවා අර සෙට් ඒකත් එක්ක එන්නම.
    මගෙන් නම් ඇහුවොත් හොඳම වාහනය මොකද්ද කියලා, මම කෙලින්ම කියන්නේ කෝච්චිය!

    ReplyDelete
    Replies
    1. හප්පේ.. පොඩියි පොඩියි ඉස්සර ඉඳන් ලිව්වට.දහයෙ ඉඳන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.ඉතින් හැමෝම හිතන් ඉන්නෙ මං හරි ලොකුයි කියලා..)))

      ස්කූල් බස්,කෝච්චි,ස්කූල් වෑන්.. එව්වා උප සංස්කෘති වාගෙ දේවල් නේද..??

      කෝච්චි අත්දැකීම් හරි මරු ඇති.. කියනකොටත් ආස හිතෙනවා.ස්තූතියි අය්යණ්ඩි මතක බෙදා ගත්තට අපි එක්ක..))

      අනික මහනුවර පුරවරේ වගේ සුන්දර පළාතක කෝච්චියේ යන කොට.. ආයෙ ඉතින් කියලා වැඩක් නැහැ...)))

      Delete
    2. සුන්දර වගේම උඩරට නිසාම කරදර වෙච්ච වෙලාවලුත් තිබ්බා. නාය ගියපු වෙලාවල්, ගස්, කඳු පාරට කඩාගෙන වැටිලා කෝච්චිය නැති වෙච්ච වෙලාවල් එහෙම. ඒ දවස් වලට ඉතිං බස් ඒකෙ පිහිට තමා. එදාට නුවරින් බහින්නේ ආය නම් කෝච්චිය නැතුව රේල් පාර දිගේ පයින් නුවරට ආවත් බස් ඒකෙ නම් එන්නේ නෑ කියල හිතාගෙන.
      අපිට තිබ්බ තව කරදරයක් තමා උදේ වැස්සොත් රේල් පීල්ල උඩ රෝද ලිස්සන්න ගන්න එක. ෆ්ලැට් ලයින් වල වගේ නෙවේ, මෙහෙ තියන අධික ආනතිය (කඳු) නිසා පොඩ්ඩ ඇත්තම් රෝදෙ එක තැන කැරකෙනවා. විශේෂයෙන් මාතලේ පාරේ. ඔය වගේ දෙයක් උනහම අඩුම විනාඩි 15ක් කෝච්චිය පරක්කු වෙනවා.
      ඔය මොනවා උනත්, උදේ ඉස්කෝලෙට පරක්කු වෙලා ගිහිං, "Why are you late?" කියල අහපුවහම (සර් කෙනෙක් නම්) "Sir we came by the train, and it got late due to wheel slipping.." නැත්තම් "it got late due to a mechanical problem" කියපුවහම කෙලින්ම ක්ලාස් එකට යවනවා. ඒ වාසිය අපිට තිබ්බා. තව අත්දැකීම් හෝ ගාලා තියනවා. මෙතන කමෙන්ට් එකක් වෙනුවට පෝස්ට් එකක් වැටෙන නිසා දැනට මෙතනින් නවතිනවා. අර කිව්වත් වගේ, ඒක උප සංස්කෘතියක්..

      Delete
    3. ස්වභාවික විපත් ගහණ වුණාට මං ඒ පැත්තෙ දේශගුණේට හරි ආසයි..))

      හැබැයි ඉතින් ඕන දෙයක් කරලා පරක්කු වුණත් ට්‍රේන් පැසෙන්ජර්ස්ලට ට්රේන් එක පිට දාලා බේරෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඇති කියා හිතෙනව මෙව්වා දැක්කම..

      ඉස්කෝලෙ ධර්මරාජෙ හරි ට්‍රිනිටි හරි ද... නිකං හිතුණ..!!

      Delete
    4. Trinity. ධර්මරාජේ යන්න නම් නුවරින් බහින්න ඕනේ.

      Delete
  7. වැසි දැරිය කියනවට වඩා වැස්සි කියන එක ලේසිද මන්දා. හැක්.

    මමත් ඉස්කූල් බස් එකේ ගියේ අව්රුදු දෙකයිනෙ. ඒ කාලෙ ගැන නම් කියල වැඩක් නෑ වැස්සි. නෑ නෑ වැරදුනා. වැසි දැරියනි. දැරිය කිව්වට අපිටනම් දැරියකුත් නෙවෙයි. වැසි මිනිබිරියෙක්. හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. අනේ මෙහ්.. වර්ෂා කියන්ඩ..))

      අපේ අම්මත් මට වෙලාවකට වැස්ස කියා කියනව කසුන් සීයෙ.. ඒක අහන් ඉන්න මිනිස්සුන්ට ඇහෙන්නෙ වැස්සි කියා තමයි..))

      Delete
  8. මට අවුරුදු තියන ස්කූල් බස් අත්දැකීම් අවුරුදු අටක්. අපිට නම් දාලා තිබුනේ CTB ඒවා. අනික් මිශ්‍ර විද්‍යාලයකනේ ගියේ.

    ...//ආන් එහෙම පෙරුම් පුරාගෙන ඉස්කෝලෙ යන දවසට එන්නෙම නාකි ම නාකි කොන්දොස්තර අංකල් කෙනෙක්//...

    උසස්පෙළ කාලේ නම් ඉතින් ඉස්කොලේ යන්නේම අඩුවෙන්.අපේ බස්වලත් කොන්දොස්තර කෙල්ලෝ හිටියනම් අපිත් හැමදාම ඉස්කෝලේ යැවෙයි.ඔය කඩවල් වල එහෙම ලස්සන කෙල්ලොම ඉන්න එකේ පොඩි රහසකුත් තියනවා. ඒවට කොල්ලෝ අාවම අර කෙල්ලන්ට නෝන්ඩි වෙන්න බැරි හින්දා වැඩක් නැතත් මොනව හරි අරගෙන යනවා. කෙල්ලෝ ඉන්න කඩවල් වලට ගියාම අපිටත් ඕක වෙලා තියනවා ඒ දවස් වල. අයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. අවුරුදු අටක්..)))

      හේ හේ.. ඒක තමා.. අපි හොඳට ඉගෙනගැනීමේ ක්‍රෙඩිට් එක යන්න ඕන දයාට තමා..))

      Delete
  9. මමත් ගියානේ ඔය ස්කුල් බස් කියන මෙව්වා එහෙක. ඔයා මේ කිව්වේ ස්කුල් වෑන් ගැන එහෙම නෙමෙයි නේද? මම කියන්නේ ස්කුල් බස්..අන්න හරි.
    අප්පා...එක්කෝ ඕනේ නෑ මතක් කරන්න :)

    ReplyDelete
    Replies
    1. ස්කූල් වෑන් නෙමේ මහාචාරියතුමී.. ස්කූල් බස් හරිය...

      ඒ මොකෝ.. ඔයාලෑ බස් එකෙත් ඇහැට කනට පේන කොන්දොස්තර අය්යා කෙනෙක් හිටියැයි???

      Delete
  10. ගමේ ස්කෝලෙට අමාරුවෙන් පයින් ගාටලා ගාටලා..ගියා මිසක් බස්සෙකක යන්න බැරි උනා.
    ඒත් A/L කරන අවුරුදු දෙක යන්තම් බස් එකේ යන්න හම්බ උනා.. හැබැයි අපි ගියේ ස්කූල් බස් එකක නෙවේ.... ප්‍රයිවට් බස් එකක. බස් වල යන කාලේ පුලුවන් තරම් සතුටු උනා. ඒ කාලේ අදුරන කවුරු හරි බයික් එකක් නතර කරලා කතා කරත් ඒකේ යන්නේ නෑ...
    අපිට කොහෙන්ද කොන්දොස්තර අක්කලා..හැක්.
    සොදුරු අත්දැකීමක් වැසි...

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ලෙවල් අවුරුදු දෙක තමා බස් එකේ ගියේ.එතකං තාත්තා දිනපතා ප්‍රවාහනය කළා මාව අවුරුදු එකොළහක්..ඒ ජීවිතේ ගැන වෙනම ලියන්න ඕන...))

      දුර යන්න ගත්තට පස්සෙ එහෙම බැරි වුණා.මගේ ඒ ලෙවල් පාසල තිබුණ හරියෙ පුදුම ට්රැෆික් උදේට.ඒ නිසා පාසල් බස් එකේ තමා ගියේ..))

      ප්රයිවට් බස් ජීවිතෙත් මරු ඇති.. යාලුවො කට්ටිය එක්ක යන කොට..))

      හේ හේ.. අර මොකක්ද ටෙලිඩ්රාමා එකක වගේ කොන්දොස්තර අක්කලා උන්න නම් නේද මචන්..??

      Delete
  11. / හරස්කඩ පෙනුම සිද්ධාර්ත් සූර්යනාරායන් …/

    හරස්කඩ නෙවෙයි බොල පැති පෙනුම. හරස්කඩ පෙනුම බලන්ට උඹට මන්නයක් අරගෙන අර මනුස්සයව හරියටම මැදිං කපන්ට වෙනව. අනික සූර්යනාරායන් නෙවෙයි සූර්යනාරායනන්...:)

    ReplyDelete
    Replies
    1. විද්‍යා ශාස්ත්‍රයන්හි කෙළ පැමිණිලා නැති සාමාන්‍ය පාඨකයන්ට හරස්කඩ පෙනුම කියන්නෙ පැති පෙනුමට ම විත්තිය තේරෙනව... ඔහේට තේරුන්නැති වුණාට.. තේරුනැයි රවි මාමෙ..???

      ..අනේ ඔයැයි මායි දන්න සිනමාව..මං දන්න තරමින් නම් උන්දැ නාරායන්.ඒ නැතත් ඉතින් උන්දැගෙ නමෙන් මට වැඩක් නැහැ..උදාහරණයක් ලෙස පාවිච්චි කරන්න විතරයි මට ඒ අහිංසකයාව ඕනැ වුණේ..)))

      Delete
  12. මටත් අවුරැදු 13ක ස්කූල් වෑන් අත්දැකීම් නම් තියෙ අක්කෙ. මෙ අන්තිම අවුරැද්ද.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ අවුරුද්දෙ උසස්පෙළ ලියනා නංගෙක් වෙන්න ඕනැ... විභාගෙට තව මාස පහයි නෙව.. ඉන් පස්සෙම බ්ලොග් ඉසව්වෙ ඇවිදින්න ආව නං හොඳ නොවෙද..))))

      Delete
  13. අපේ ඉස්කෝලේ ස්කුල් බස් නම් ගොහින් නැත. මොකද ඒවායේ යන්නේ 'දුර යන' උන් නිසා. අපිව ගන්නේ නැහැ ළඟ හින්දා.

    එත් මම මගේ යාලු ෆිට් එකක් හින්දා වෙනත් ඉස්කෝලෙක ස්කුල් බස් එකට නැගපු එක මතක් උනා. ඒ බස් එකේ පිටිපස්සෙම තමයි උන් ඉන්නේ. බස් එක නතරකරවගන්න උන් බෙල් එක ගහනවා. ඉතින් මම කරන්නේ ජනේලෙන් මගේ බෑග් එක දීලා අර ළමයි ගොඩේ පොරකනවා. හිනා කන වැඩේ කියන්නේ මම පොරකාල උන් ගාවට යනකොටම මගේ බහින තැන ලං වෙලා. ඉතින් ආයෙමත් අනික් අතට පොරකනවා. හි හි... පිස්සු කියන්නේ හොඳම එක! බහිනකොට කොන්දා බනිනවා හොඳටම. පස්සේ මම මගේ යාළුවො ගැන හිතලා කිව්වා වැඩේ නවත්තමු කියලා. උන් නම් කැමති උනෙත් නැහැ. ඒ උනාට මට අවුල් වගේ එයාල බැනුම් අහන එක.

    ReplyDelete
    Replies
    1. කොළොම්තොට ඉඳල අපේ පැත්තටත් එහෙමට දුරක් නැහැ.ඒත් හවස්වරුවට ඇති වෙන ට්‍රැෆික් එකත් එක්ක නිකම්ම පැය දෙක තුනක ගමනක් නිර්මාණය වෙනවා.ඒ නිසා මට නම් ස්කූල් බස් යන්න චාන්ස් එකක් පහළ වුණා..))

      ..ඔය වගේ වැඩ වෙනවා තමා බස්වල.කොන්දොස්තරට යකා නගිනව ඇති..ඒ වුණාට ඉතින් පාසල් අතර සහජීවනය ඇති වෙන්න ඒ වැඩෙත් නරක නෑ..))

      Delete
  14. අපේ ස්කූල් බස් එකේ හිටිය “බලු කටා“ කියල කොන්දෙක්. බස් එකේ ගිහ හැම එකාටම ඕනෙ වුනේ කවදා හරි ඌට අම්බානක නෙලන්ඩ.

    මං මේ ළඟදි දවසක දැක්ක. ඌ දැං හොඳටම වයසයි...

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නව තමුන්ගෙ රාජකාරිය හරියට නොකර අප්රසන්න විදියට හැසිරෙන මිනිස්සු...))

      Delete
    2. ඔව්. අරූ නං කළේ රාජකාරිය අකුරට කරන අතරෙ අප්‍රසන්න ලෙස හැසිරෙන එක.

      Delete
  15. ඉස්කූල් බස් ගැන අත්දැකීම් නෑනෙ මට. :( ඒත් පුන්චි කාලෙ ඉදන් ඉස්කූල් වෑන් එකක ඉස්කූල් බස් එකක යන්න තිබ්බ ආසාව නම් කියලා වැඩක් නෑ. ලස්සනයි වැසි නන්ගි

    ReplyDelete
  16. ඉස්කූල් බස් ගැන අත්දැකීම් නෑනෙ මට. :( ඒත් පුන්චි කාලෙ ඉදන් ඉස්කූල් වෑන් එකක ඉස්කූල් බස් එකක යන්න තිබ්බ ආසාව නම් කියලා වැඩක් නෑ. ලස්සනයි වැසි නන්ගි

    ReplyDelete
  17. ඉස්කූල් බස් ගැන අත්දැකීම් නෑනෙ මට. :( ඒත් පුන්චි කාලෙ ඉදන් ඉස්කූල් වෑන් එකක ඉස්කූල් බස් එකක යන්න තිබ්බ ආසාව නම් කියලා වැඩක් නෑ. ලස්සනයි වැසි නන්ගි

    ReplyDelete
  18. ඉස්කූල් බස් ගැන අත්දැකීම් නෑනෙ මට. :( ඒත් පුන්චි කාලෙ ඉදන් ඉස්කූල් වෑන් එකක ඉස්කූල් බස් එකක යන්න තිබ්බ ආසාව නම් කියලා වැඩක් නෑ. ලස්සනයි වැසි නන්ගි

    ReplyDelete
  19. ඉස්කූල් බස් ගැන අත්දැකීම් නෑනෙ මට. :( ඒත් පුන්චි කාලෙ ඉදන් ඉස්කූල් වෑන් එකක ඉස්කූල් බස් එකක යන්න තිබ්බ ආසාව නම් කියලා වැඩක් නෑ. ලස්සනයි වැසි නන්ගි

    ReplyDelete
    Replies
    1. Appe ekama comment eka keepa wathawak damala nowa..

      ...matath puduma asawak podi kaale thibune ehema yanna.A/L karaddi a heene ishta una..)))

      Delete
    2. වසන්තයට පෙරත් මං වගේ කෙනෙක්
      පලවෙනි කොමෙන්ටුව දැම්මා වැටුනේ නෑ.. කියවලා කොමෙන්ට් එකක් නොදා යන එක කොච්චර දුකක්ද? දෙවෙනි එකත් දැම්මා ඒකත් වැටුනේ නෑ.. කොමෙන්ට් කිහිපයක් දාලා උත්සහා කලා ම්හු වැඩක් උනේ නෑ... වැඩේ ඇත ඇරලා දාලා ගියා.
      වැ.දැ. මතකද දන්නෑ මටත් දවසක් මේ බ්ලොග් එකේදීම ඔය අත්දැකීමටම මුහුන දුන්නා. අපි දන්න එකක්‍යැ වැසි කොමෙන්ට් කියවලා පල කරනවා කියලා..

      Delete
    3. මට මතකයි කමෙන්ට්ස් ගොඩක් දාලා තිවුණා නෙව..)))

      ...මොඩරේෂන් දැම්මෙ නැත්නම් පරණ ලිපිවල කමෙන්ට්ස් මඟ ඇරෙනවා.ඒකයි වැඩියත්ම හේතුව..))

      Delete
  20. පාසල් බස් ගැන කුමන කතාද... අම්මෝ නැටුව තරමක්...

    ReplyDelete
    Replies
    1. මාලුවෝ බස්වලත් යනවද.. මාරයිනේ..))

      Delete
  21. ස්කූල් බස් ගැන මටනම් මෙලෝ අත්දැකීමක් නැහැ අප්පා. කොහොම උනත් ඔන්න ඔයාගෙ කතාවෙන් ඒ ගැන ටිකක් දැනගත්තා.ඔයාට ලස්සන අතීතයක් තිබිල තියෙනවා නංගි, අනාගතයත් ඒවගේම ලසන වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  22. නයිස් . අපිටත් තියේ සිවු වසරක ස්කුල් බස් අත්දැකීම් . මතක් වෙනකොටත් ඇඩෙනවා . ඒ දවස්වල බස් එකේ ලයින් කරපු කෙල්ලෝ දැන් කොහෙද දන් නෑ :(

    ReplyDelete
    Replies
    1. හහ් හහ්.. අපි නම් ඉතින් දෙවසරයි පාසල් බස්වල ගියේ.. පුදුම කාලයක් තමා ඒ කාලෙ..))

      Delete
  23. Replies
    1. Anaw.. my maama is back again..!!

      කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ.. බ්ලොග් එක පැත්තෙ ගිහින් හොයාගන්න බැලුවා.ඒකත් අතුරුදහන් වෙලා...

      ආදරෙන් පිළිගන්නවා ආපහු සැරයක් වැස්සෙ තෙමෙන්න...)))

      Delete