Thursday, December 20, 2012

අලුත් වැස්සක් වහින්නට සැරසේ..

"අහස වැසි වසිනා නමුත්
 කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්..
 නියං කල හැමදා නැතත්
 කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
 දුකක් වින්දොත් සැපක් ළගමයි...
 දිය දහම ඒ විලසයි!"

 අලුත් වැස්සක් වස්වන්ට සැරසෙමි.මේ වැස්ස කලින් වැටුණු ඒවාට වඩා පැහැදිලිවම වෙනස් බව මටත් දැනී තියේ.ඒත් යළිත් ලියන මා හදුනාගන්නට ඔබ සමත් වනු ඇතැයි ද,බොරලු පාරක් මත ඇතිරෙන බොරලු කැටයක් දෙකක් කියවාගන්නට ඉදහිට මෙහි එනු ඇතැයි ද විස්වාස කරමි.

අලුත් යමකින් මුණ ගැසෙන තුරු මුල්ම බ්ලොගයේ සිට මේ දක්වාම සොදුරු සෙනෙහසකින් මා හා රැදී උන් බ්ලොග් අවකාශයේ සියලු හදවත් අපමණ සෙනෙහසින් සිහියට නගමි.

හිත නිදහස් වන්නේ අදද හෙටද ඒ මොහොතේ පටන් ලිවීම අරඹමි.
එතෙක් සියලු සොදුරු සිත් ඇත්තවුනට යහපතම වේවා!  

23 comments:

  1. හප්පේ, යන්තම් ඇති සිංහල බ්ලොග් ලියන්න පටන් අරං. :D
    සුභ පැතුම් නංඟා/අක්කා/ඇන්ටී/ආච්චී :P

    ඔන්න එහෙනම් මමත් තෙමෙන්න එනවා ඉක්මනට වස්සවන්න (මේ ගංවතුර කාලේ)

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙමද.. එහෙනම් දූවේ කියල කතා කරන්නම්..
      තාමත් වැහැලැ නෑනේ :(

      Delete
    2. ඔය වැහැලා තියෙන්නේ දැන්.කමෙන්ට් ස්පෑම් කොට පණ්ඩිතකමක් කරන්නට ගිය නිසා රිප්ලයිස් සමග ඇතැම් කමෙන්ට් ඩිලීට් වූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
  2. අලුත් නමක් නේද? :) මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූති අක්කේ,
      ඔව් අලුත් නමක් නේන්නම්!

      Delete
  3. සුබ පැතුම් ඒ අළුත් වැස්සෙන් පුබුදන්න වස්සානයක්..! :)

    ReplyDelete
  4. ඔන්න මගෙනුත් සුභ පැතුම්...! :)

    ReplyDelete
  5. හෙම්බිරිස්සව තියාගෙනත් ඔන්න ආව තෙමෙන්න, :D

    උණුසුම් සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බලාගෙන නිව්මෝනියාවටම හැරෙයි..ඩී

      ගොඩක් ස්තූති සමී..))

      Delete
  6. මම බැලුව වර්ෂා නංගට මොකෝ උනේ කියල... අප්පේ.. මේ ඉන්නේ...

    ReplyDelete
  7. අලේ.. මෙන්න චූටි කෙල්ල ඇවිල්ලා.. :*
    සුභ පැතුම් නංගෝ!!!!

    ReplyDelete
  8. මාරුවෙන් මාරුවට බ්ලොග් ලියන එක මේ ළමයාගේ පුරුද්දක් වෙලාද මන්දා. මේක දිගටම ලියන්න සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා..මහ කැතම කැත පුරුද්දක්!

      මේකවත් දිගටම ලියන්න බලනවා.බොහොම ස්තූති සුබ පැතුමට..

      Delete
  9. ගර්ර්ර්... ගර්ර්ර්.. බයටමයි ආවෙ කියවන දේත් සිහියට එන්නේ නැහැනෙ..

    ReplyDelete
    Replies
    1. පව් අනේ..!
      ඔච්චර බයවෙන්නෙපා මට.දුක හිතෙනවා..!

      Delete
  10. සුබ පැතුම් නංගෝ! (හැබැයි මං නම් වැඩියෙන් කැමති වර්ෂා එහෙමත් නැත්නම් වැස්ස කියන පරණ නමට!! )

    මේ බොරලු පාර කෙලවර සාර්ථකත්වය ම රැඳේවා!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ලෝකයි භින්නරුචිකයිනේ.ඒ නිසා මගෙ නමත් කලින් කල වෙනස් වෙනවා..

      බොහොමත්ම ස්තූතියි..!

      Delete