Tuesday, December 25, 2012

වැහි මතකය

මා අඩවන්නට සමත් වූ ගීත ඇත්තේ ඉතා ස්වල්පයකි.එක්කෝ සමහර හෘදයංගම ගීත සම්බන්ධයෙන් මා අසංවේදීය.නැත්නම් ඒවායේ සංවේදී බව ක්‍රියා කරන්නේ ම‍ගේ සංවේදී බවෙන් එහා විෂය පථයකය.ඒත් එහෙම නැති ගීත කීපයක් තියේ.

ඒ ගීතවලින් එකකි මා වඩාත් ආසාම කරන ගීතය.එය ගයන්නේ රෝහණ වීරසිංහය.මට තේරෙනා හැටියට ඔහු විශිෂ්ට සංගීතවේදියෙකු මිස ඒ තරම් හොද මට්ටමේ ගායකයෙක් නොවේ.මන්දා ඒ මගේ අදහසයි.සමහර විට අස්වැන්නේ හිමිකරු දයානන්ද රත්නායකයන් ඒ ගැන මීට වඩා වෙනස් අදහසක් දරනවා වෙන්නට පුළුවන් බව දනිමි.

කොහොම නමුත් මේ ගීතයේ අමුත්තක් තියේ.වැසි සහිත ශීත රාත්‍රීන්වලදී අහන මොහොතක ඒ අමුත්ත තවත් වැඩිය.ඇත්තටම මේ ගීය අසද්දී මට මොනවාදෝ සිහිපත් වේ.සිතින් මකා හරින්නට බැරි දෙයක් වන් යමක්!ඒ කුමක්දැයි නොදැනම මෙය අසන වාරයක් පාසා මම පීඩාවට පත් වෙමි.

මුලින්ම මේ ගීතය ඇහුණේ කොතැනදීද,කොහේදීද මට මතක නැත.සමහර විට මා වඩාත් තදබල ලෙස මෙගීය වෙතට ඇදී ගියේ මෑතකදී වීම ඊට හේතුව වන්නට ඇත.මේ මෑතකදී..  එනම් මේ අවුරුද්දේම මුල හරියේදී අකුණක් ගැසුවා වැනි හැගීමකින් මට මෙහි වචන සහ සංගීතය ගැන යම් දෙයක් දැනී ගියේය.එතැන් පටන් පෙර කියූ පරිද්දෙන් මම මෙය අසන්නට නොව මෙහි වචන හරහා මසිත තුළ ඇති වන හැගීම් ගැන සිතන්නට පටන් ගත්තෙමි.

මා වඩාත්ම ආදරය කරන ගීතය මේ ගීතය වන්නේ අන්න ඒ හින්දාය.
මටවත් නොතේරෙන,කාටවත් තේරුම් කරන්නටත් අපහසු,කුමක් හෝ පෞද්ගලික හේතුවක් හින්දාය.ඒ හැගීමට නමක් දෙන්නට මම නොදනිමි.එය කුමක් වේවා,මම ඊයේ මෙන්ම අදත්,මේ කැළඹිලි සහගත යෞවනය තුළ සමහර විට හෙටත් මේ ගීතයට බොහෝ සෙයින් ආදරය කරන්නෙමි...

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..

අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
දිය දහරා පාටයි දේදුන්නේ....
තෙමී... තෙමී...
ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී..
නහවයි මා රියසක මඩ වතුරේ....
නෑ හිත රිදුණේ,
අදත් එදා සිහි වී..
අපේ සබදකම් නෑ රියසක දන්නේ..

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..

උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..


















http://sinhala-lyrics.com/lyric/928/rohana-weerasinghe-muthu-kuda-ihalana-mal-warusawe.html



31 comments:

  1. යම් යම් තත්ව යටතේ මමත් මේක අහද්දි අැඬුව! තුවාල හොඳවෙද්දි නං ගානක් නැති උනා! :)
    පස්සෙ මතක් උනේ! කලිං එකට කලිං post එකේ මට වටිනවයි කිව්ව එ්ව අතරට හුදෙකලාවයි නිහඬතාවයි ඊලඟ එක අදෘශ්‍යමාන බවයි අාවනං පරිපූර්ණයි! :)

    ReplyDelete
  2. හ්ම්ම්...ලස්සන ගීතයක්. සමහර ගීත අපේ ජීවිතයට ගොඩක් සම්බන්දයි. දුකෙන් ඉන්න වෙලාවට තමා ඒක හොදින්ම දැනෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. මට නං ඒකෙ අනිත් පැත්ත.දුකෙන් ඉන්න වෙලාවට මොකුත් දැනෙන්නෙ නෑ.අදාල කාරණය විතරයි ඔලුවෙ තියෙන්නෙ.

      Delete
  3. අම්මට කියන්නදෝ ??? තාම පොඩි එකී නේද.. ළමා සිංදුවක් අහන්න.

    ReplyDelete
  4. මම බ්ලොග් පැත්තෙ ආපු නැති කාලේ නම් ගම් වෙනස් කරලානේ හ්ම් හ්ම්.....කොහොම උනත් මමත් ගොඩක් ආස කරන ගීතයක්....

    ReplyDelete
    Replies
    1. නම්ගම් බ්ලොග් ඔක්කොම වෙනස් වුණා.

      Delete
  5. හ්ම්ම්... ඒත් පුදුමේ කියන්නේ ගොඩක් වෙලාවට අපේ හිත යන්නේ පරණ සිංදු වලට.අලුත් සිංදුවවකට හිතයන්නේ කලාතුරකින්. ඒත් ඒකත් ටික කාලයක් යද්දී අමතක වෙලා යනවා. පැරණි ගායකයන්ගේ දක්ෂකමද, අලුත් ගායකයන්ගේ නුහුරු බවද කියන්න බෑ .....

    ReplyDelete
    Replies
    1. කකුල් දෙකට කියන සින්දු හිතේ හිටින්නෑනෙ යාලු..))

      Delete
  6. මමත් හුඟාක් ආදරේ ගීතයක්!!! නිකන් හ්තට අමුතු දුකක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. හිතූ අක්ක‍ගෙත් ෆේවා එහෙනං..?

      Delete
  7. ලස්සන සින්දුවක්.... එක නෙමෙ ඔයව අඩවන්නේ මෙ සින්දුව මොකක් හින්දද කෙල්ලේ... ????

    ReplyDelete
    Replies
    1. කවුද අෆ්ෆා දන්නෙ..:P

      Delete
  8. රෝහණගේ ආරම්භය ගායන ශිල්පියෙක්විදියට සටහන්වෙන්නේ. ඒයුගයේ ගැයූ ගිත ඉතාමත් මිහිරියි. නමුත් ඔහු පසුකලෙක සංගිත අධ්‍යක්ෂකවරයෙකු විදියට මතුවිමත් එක්කම ගායනය ඔහුගෙන් ගිලිහී ගියා. ඒනිසාඔහුගේ ගායනයේඇතැම්විට මිහරක් නැතිවෙන්න පුළුවනි.

    ඒත් මේගීය වගේම හැන්දෑකරේ, මොනවද මුත්තේ, බිඳුනුපෙමට, ගමන්මගක්, ඔහුගේ ගායනයේ ප්‍රභාවත් ගීත විදියට හැඳින්විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා වෙන්නැති මටත් ලොකු මිහිරක් දැනෙන්නැත්තෙ..))

      ආන්න තව සින්දුවක් මතක් වුණා."ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ" ඒකත් ලස්සන සින්දුව!

      Delete
  9. මමත් කැමතිම ගීතයක් .....

    ReplyDelete
  10. රොහණ වීරසිංහයන්ගේ කටහඬට මං ආස කලේ මේ සිංදුව එක්ක.. ඔන්න මං නම් මේකට අඬලා නෑ නඟෝ.. හැබැයි මේකට ආසයි..

    ReplyDelete
    Replies
    1. ඇඩුවේ නැද්ද.. වැඩක් නෑ..))

      Delete
  11. මේ වැස්ස වෙලාවේ මටත් අහන්න හිතුනා මේක !මාත් කැමති ලස්සන ගීතයක්

    ReplyDelete
    Replies
    1. ඔයා නං රුවන්පුරේනෙ.වැස්ස දිහා බලාගෙන සින්දුව අහන්නැති.අපිට කොයින්ද එච්චර වාසනාවක්!

      Delete
  12. රෝහණ වීරසිංහයන්ගෙ මේ ගීතයට වගේම ගමන් මගක් තිබුනාද කියන ගීතයටත් මං ගොඩක් කැමතියි. ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරල නැති උනත් ගැයූ ගීත කීපයෙන් මිනිසුන්ගෙ හිත්වලට දැනෙන දෙයක් ඔහු දීල තියෙනව.

    සෑහෙන වෙනස් වෙලානෙ නංගිගෙ බ්ලොග් එක. දැන් විභාගෙ ඉවරද? ඉවරයි නම් දැන් නිදහසේ ලියන්න පුලුවන්නෙ :)))

    ReplyDelete
    Replies
    1. ගමන් මගක් තිබුණාද ගීතයට මාත් ආසයි.ඒත් මේකට තරම් ආස නෑ..))

      බ්ලොග් එක වෙනස් වුණා.විභාගෙත් ඉවර වුණා.නිදහස කෙසේ වෙතත් ලියන්න වෙනදට වඩා ඉඩ නං තියෙනව.

      Delete
  13. මුලින් ම මේ ගීතය අහපු දවසේ මමත් ඇඬුවා...

    ReplyDelete
  14. සමහර වෙලාවට ඒකට හේතුවක් හොයන්න අමාරුයි.. පහුගිය ආත්මයක හේතුවක් වෙන්නත් පුලුවන්..

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව ලියල තියෙන්නෙ පහුගිය ආත්මයක මටද දන්නෑ නේ..P

      Delete
  15. මාත් බොහොම ප්‍රිය කරන ගීතයක්. ඒත් මට මේ ගීතයේ කොහේ හෝ තැනක යම් අඩුවක් දැනෙනවා. අහන හැම වෙලාවක ම ඒ අඩුව දැනෙනවා. තේරුම් ගන්න බැරි විදියේ අඩුවක්.

    ගීතය ආරම්භය නම් විශිෂ්ඨයි.. ඒත් ඒ විශිෂ්ඨත්වය ගීතයේ අවසානය තෙක් රැඳී නැති බවක් දැනෙනවා. පද මාලාවට තව ටිකක් ව්‍යංග එහෙම එකතු වෙලා ලස්සන වුණා නම් හොඳයි කියලා හිතෙනවා.!

    කොහොම වුණත් බොහොම දැනුණු ගීතයක්.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නිර්වාණයෙන් මෙපිට මේ ලෝකයේ කිසිවක් සර්ව සම්පූර්ණ නැහැ.එතනින් මෙපිට හැම දෙයකම අඩුපාඩු තියෙනව.ඒත් අපි ඒවා ග්‍රහණය කරගන්න විදිය අනුව ඒවා දැනෙන විදිය ‍අඩුවැඩි වෙන්න පුළුවන්.

      අදහසට ගොඩක් ස්තූතියි අය්යේ..

      Delete
  16. වැස්සකින් හිත පෙළා
    හිස් අහස පෙන්වලා
    මුවාකරපන් වැහි බිඳේ
    ඇසේ නැගි වැහි බිඳත්

    ReplyDelete