Monday, December 31, 2012

දුරුත්තට අවසර..

දුරුත්තේ මුල්ම දවසට තව ඇත්තේ බොහොම පොඩි වෙලාවකි.නින්දේදී දුරුත්ත උදා වනු ඇත.නින්දට පෙර දුරුත්තට හාදුවක් දී සෙනෙහසින් පිළිගන්නට මට අවැසි වී තියේ.මේ අකුරු ලියැවෙන්නේ ඒ සොදුරු සිතිවිල්ල පෙරටු කොටගෙනය....

...මේ ජීවිතයේ මුල්ම දුරුත්ත අත් විදින විට මට යාන්තම් දෙමාසයකි.ඉතින් මට එකල ගැන මතකයක් තියෙන්නට නොහැකිය.එතෙකුදු මේ දහසය වැනි දුරුත්ත මට අත් විදින්නට පුළුවන.මන්ද මට දැන් සීතලක් විදගත හැකි අන්දමේ තරමක් වැඩුණු හදවතක් තිබේ.එහෙයින් දුරුත්ත සෞන්දර්යයක් කොට සලකමි.

සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගත්තේ පහු වී ගිය දුරුතු මාසයන්වලදී ය.

..............................

..ඉතින් මේ දුරුත්තට ඇවිදින්නේ ඒ අවබෝධය සමග උපන් දැරිවියකි.....

පසු සටහන
කැලැන්ඩරයක් වෙනස් වීමට අලුත් අවුරුද්දක් කිව නොහැකි වුවත් ඒ කැලැන්ඩර් වෙනසත් සමග මිනිසුන්ගේ ජීවිත මත මතු වෙන වෙනස්කම්වලට මම ප්‍රිය කරමි.

අවුරුද්ද අලුත් යැයි සිතා මිනිස්සු ජීවිත අලුත් කර ගනිති.ඒ අලුත් බව ජීවිතයට බොහෝ දේ එක් කරයි.නමුත් බොහෝ දෙනා එසේ එක් කරගන්නේ තමන්ට පමණක් වටින දේවල්ය.තමන්ගේ ජීවිතය හරිහැටි සකසා ගැනීම වරදක් බව නොකියමි.ඒත් ඒ ආත්ම අර්ථය සමග පර අර්ථය යන්තමින් හෝ තැවරී තිබිය යුතුය.

දුක් විදින්නන් ගැන නොසිතා සිය සුඛ විහරණය පමණක් පතන්නවුන්ට දුරුත්තේත්,නව අවුරුද්දේත් සැබෑ සන්තුෂ්ටිය ලද හැකි යැයි සිතන්නට නොහැකිය.

ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දි‍නය අග හිද සෙනෙහස් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.... 

48 comments:

  1. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

      Delete
  2. මනුස්සකම රජයන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

      Delete
  3. "කෙටියෙන්ම කිවතොත් ජීවිතයේ සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගතිමි."

    මොනවා වුනත් ඉගෙන ගෙන තියෙන අන්න ඒ පාඩම නම් ගොඩක් වටිනවා..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නංගි..

    ReplyDelete
    Replies
    1. නංගි...?
      නංගි නෙවෙයි අක්කා කියන්න.ඔයා තාම මොන්ටිසෝරි බබෙක්නේ..))

      ඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  4. ලෝක විනාස අවුරුද්දේ අන්තිම දවසේ අන්තිමට සෙට් වෙලා අන්තිමට ෆලෝ කරන බ්ලොග් එක තමයි මේක ..... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ විනාසයි..))_
      ඔයාගෙත් සියලු කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  5. අනේ මන් අදමයි ආවේ( if am not mistaken) ..
    ඔයාගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තා
    නංගි හරි වෙනස් , අරුත් බර දේවල්..ඔයාගේ වයසේදී මන් නම් මීට වඩා
    හරි වෙනස්.ඒ අතින් ඔයාල ගොඩක් ඉදිරියෙන් ඉන්නවා..හොද අනාගතෙකට සුබ
    පතනවා ඔයාට ... හොදට AL කරලා ලොකු නෝනෙක් වෙන්නකෝ හොදේ...

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අය්යා අදම තමයි මෙහේ ආවේ.සාදරයෙන් පිළිගන්නවා එහෙනම්..))

      බොහොම ස්තූතියි සුබ පැතුමට.ලොකු නෝනෙක් වෙන්න නම් ඕන නෑ මට.මැරෙන තුරු සරල චරිතයක් වෙලා ජීවත් වෙන්න තිබුණාම හොදටම ඇති.

      ඔයාගෙ සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට මේ එක්කම සුබ පතනවා.

      Delete
    2. ඔන්න මගේ 2013 අවුරුද්දේ මුල්ම කමෙන්ට් එක මේ.
      සරල වෙන්න ඕනේ තමයි වර්ෂා හිතින්.මාත් හරි කැමති දෙයක්
      ඒක.බොරු ජීවිතයක් මත්තේ නොයා හොදට ඉගෙන ගෙන තමන්ගේම
      කියල කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන එක.එහෙම ජීවිතයක් ඔයාටත් ලැබේවා...

      Delete
    3. ලස්සන පැතුමක්.බොහෝමත්ම ස්තුතියි ඔබට!

      Delete
  6. නංගිටත් වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  7. ඔයාටත් සුබ නව වසරක් නංගි.

    ReplyDelete
    Replies
    1. අක්කටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  8. සුභම සුභ නව වසරක් වේවා...!!!!

    ReplyDelete
    Replies
    1. අක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  9. ලැබුවා වූ නව වසර සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. අක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  10. තැබූ බලාපොරොත්තු අළුත් බලාපොරොත්තු ඉටුවෙනා සුබම සුබ නව වසරක් නංගියෝ..!! :)

    ReplyDelete
    Replies
    1. අක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  11. 2013 අවුරුද්දේ බ්ලොග් එකකට මුලින්ම දාන කමෙන්ට් එක මේ..
    ඉතිං ඔයාටත්, බ්ලොග් කියවන නොකියවන හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. හෝම්ස්ටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  12. දුරුත්ත සීතල වෙන්න පුලුවන්....ඒත් අපේ හදවත් උණුසුම් - සුබ අලුත් අවුරුද්දක් වේවා....මුළු හදවතින්ම.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි..

      ඔබටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරක්!

      Delete
  13. ජීවිතයම වෙනස්කරගන්න පුළුවන් වෙන සුබම සුබ නවවසරක් වේවා නංගියෝ......

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අය්යේ.

      ඔයාගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා!

      Delete
  14. අපූරු අදහසක්..සීතල දුරුතු මාසේ ලංකාවේ කලාවේ පෙරලි සිදූවූ මාසයක්..

    ඔබටත් සුබ නව වසරක් වේවා..


    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම නිනව්වක් නෑ මොනවද ඒ පෙරළි කියල..

      ඔබ‍ටත් සියලු කලා කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා කියල පතනවා..!

      Delete
  15. //ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දි‍නය අග හිද සෙනෙහස් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි....

    නංගිටත් එය එසේම වේවායි පතමි! :) :)

    ReplyDelete
    Replies
    1. අලියාටත් එය එසේම වේවායි පතමි..))

      සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර,වාසනාවන්ත නව වසරක් වේවා!

      Delete
  16. හැමදේම හොඳින් සිද්ධවෙයි මගෙ පැටියෝ..........ඔයාට වරදින්නෙ නෑ.....

    ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් සුභම සුභ අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව පැටියෝ........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මගෙ අක්කියෝ..

      ඔයාටත්,ඔයා ආදරය කරන හැම දෙනාටමත්,සියලු යහපත් කටයුතු ඉටු වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා..!

      Delete
  17. සුභ නව වසරක් වේවා නංගියේ..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  18. උගතමනා ශිල්පයමයි මතු ‍රැකෙනා.
    ඔබට මේ වසර සතුටින් පිරි සාර්තක වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔය දීල තියෙන්නේ මට උපදේශයක්..))

      සරත් මාමගෙත් හැම යහපත් වැඩකටයුත්තක්මසාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත්තැවුල්වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා එහෙනම්!

      Delete
  19. සුබම සුබ නව වසරක් නංගියේ ඔයාට...

    ReplyDelete
    Replies
    1. අක්කාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  20. Replies
    1. කෝරලේ මහත්තයටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  21. ජනවාරි 1 වෙනිදාත් ජනවාරි මාසයත් සාමාන්‍ය ආකාරයෙන් ගත කරන නිසා ඒක විශේෂයක්. හැබැ‍යි හැම දවසක්ම අලුත් දවසක්. එහෙම හිතුවාම ඔක්කෝම හරි :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.අය්යාටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  22. විසි එක් වැනි දුරුත්ත අත් වින්දෙමි!
    නව වසරෙන් අරඹන උසස් පෙළ ජීවිතය ඇතුළු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! ජයෙන් ජය ම වේවා!!

    හද පිරි ප්‍රීතියෙන්, තවත් බොහෝ දුරුතු අත්විඳින්නට වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අය්යාටත් සියලු යහපත් කටයුතු,අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete
  23. ගෙවී යන දින, වසරවල් නැවත ආයේ කිසිම දවසක අපිට ලැබෙනුයේ නැහැ. ලැබූ අත්දැකීම් තුළින් නව වසර ලස්සන කරගන්න උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි කළ යුත්තේ.ඔබටත් සියලු යහපත් කටයුතු සාර්ථක වෙන,නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පැතුම්!

      Delete