Thursday, March 7, 2013

එපා වෙන සිහින කතන්දර..

සිහින දැකීම යනු සාමාන්‍ය දෙයකි.ඒත් පොඩි අවදියේ මම සිහින දැකීම ගැන හිතා උන්නේ ඒ දවස්වල මගේ ප්‍රියතම කතුවරයා වූ රෝල්ඩ් ඩාල්ගේ ක්‍රමයටය.ඔහු සිය The BFG නම් කෘතියේ සදහන් කරන්නේ (මෙය මමියෝ-මහ මිතුරු යෝධයා නමින් උපාලි උබයසේකර වෙතින් සිංහලයට නැගී තිබේ.) බිග් ෆ්‍රෙන්ඩ්ලි ජයන්ට් නොහොත් මහ මිතුරු යෝධයා ලොකු මල්ලක සිහින පුරවා ගෙන විත් ඒවා නිදා සිටිනා අය වෙත විසල් බටයකින් පිඹිනා බවය.ඔහු ළග හොද මෙන්ම නරක සිහිනද තිබේ.හොද අයට හොද සිහිනත්,නරක අයට නරක සිහිනත් පිඹීම ඔහුගේ රාජකාරියයි.කතන්දරය අවසන් වන විට මේ සිහින පිඹීමේ හැකියාවෙන් ඔවුහු එංගලන්තය කනපිට හරවති....

..මට කියන්නට වුවමනා කළේ එය නොවේ.සිහිනයෙන් පෙනෙනා කතන්දර ගැනය.සමහර දිනකදී මට සම්පූර්ණයෙන් කතන්දර දෙක තුන පෙනේ.එහෙත් උදේ නැගිට බලද්දී සිහිනයේ තැනින් තැන මිස කතන්දරය මතක නැත.තව දවසකදී සිහින කතන්දරයේ පොඩිත්තක්වත් මතක නැත.... 
..මෙතෙක් මා එලෙස දැක ඇති සිහින ටික ගණන් කළා නම් නවකතා විසිතිස් ගණනක් ලියන්නට තිබුණි.මට ජීවිතය ලබා දී ඇති දේවලට දොස් පවරනවා නොවේ.එහෙත් අඩුම තරමේ ඒ කතන්දරවල ශේෂයන්වත් මතක තබා ගැනීමේ හැකියාව මට ලබා දුන්නා නම් මම බෝ සෙයින් සතුටු වෙමි.

ඒ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වූ ඩාල් මෙන්ම මේ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වන භද්‍රජී මහින්ද ජයතිලකද මේ හීන කතන්දරයට සම්බන්ධය.ඒ ඔහු සිහින ගැන ලියා ඇති හින්දාම නොවේ.ඔහුටත් සිහිනයෙන් කතන්දර පෙනෙන හින්දාය.තමා ලියන කතන්දරවල අනුභූතින් තමන්ට සිහිනයෙන් පෙනෙන බව දිනක් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි....ඒ හැරුණාම මගේ පවුලේ තව කීප දෙනෙකුටම සිහිනයෙන් කතන්දර දැකීමේ වාසනාව මෙන්ම ඒ සිහින මතක තබාගැනීමේ හැකියාවද තිබේ.මගේ අවාසනාවට පළමුවෙනි වාසනාව මට ඇතත් දෙවෙනි වාසනාව නැත.ඉතින් එහෙයින් පළමු වාසනාවෙන්ද පලක් නැති වී තිබේ... කොහොම වුණත් ජීවිතය අපට හැම දෙයක්ම එක වර ලබා දෙන්නේ නැත.එහෙයින් පළමු වාසනාව හෝ ලබා දීම වෙනුවෙන් ජීවිතයට ස්තූතිවන්ත වෙමි...

35 comments:

  1. සමහර කවි වගේ අදහස් මටත් හීනෙන් පේනවා නංගෝ. ඒත් ඇහැරෙනකොට ඒ ඔක්කොම අමතකයි. කොච්චර මතක් කලත් ඔලුවට එන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..ලැබීම තමයි අක්කියො නේද..))))

      Delete
  2. මට නම් ඔය හීන මතක හිටින හැකියාව අඩු වැඩි වශයෙන් තියෙනව. සමහර වෙලාවට උදේ ඇහැරුණාම මුලු හීනෙම සම්පූර්ණයෙන්ම මතකයි. සමහර හීන දැකල දවස් ගානක් යනකනුත් සෑහෙන දුරට මතක තියෙනව. සමහර ඒව නම් ඉතින් උදේට මතකම නෑ. තවත් සමහර හීන උදේට එහෙන් මෙහෙන් මතකයි :)

    ReplyDelete
    Replies
    1. මටත් සාමාන්‍ය හීන එච්චර අවුලක් නැතුව මතකයි.ලස්සන කතාවක් වගේ දැක්කම තමයි කෑලි කෑලි මතක හිටින්නේ.

      Delete
  3. මොකද හීනෙන් සුදු අශ්වයෙක් පිටේ කුමාරයෙක් සිංදුවක් කියාගෙන එනව පේන්නෙ නැද්ද තාම.......... හී... හී...
    (පොඩ්ඩි බය වෙච්ච පාර කියනව නම් මාසෙකට එකක් දාන්න කියපු එකට සතිය ගානෙ දානවලු ඈ..)

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් මැට්ටා යන්න..))))

      Delete
    2. මොකද හුග දවසකින් මුකුත් ලියලා නැත්තෙ..බනියා ලියපු කවියක්වත් දානවකෝ!

      Delete
    3. විභාග භීතිකාව වැළඳිලා හලෝ..... මේ මාසෙ semester exam.. අපි මේ දවස්වල බරටම කොපි කිරීම ගැන හදාරනවා......

      Delete
    4. කැතයි හොදේ....,කොපි කරන එක!

      Delete
  4. //..ඔහුටත් සිහිනයෙන් කතන්දර පෙනෙන හින්දාය.තමා ලියන කතන්දරවල අනුභූතින් තමන්ට සිහිනයෙන් පෙනෙන බව දිනක් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි...//

    භද්‍රජි මහින්ද ජයතිලකගේ පවුරු බැඳි රාජ්‍යය පොත කියවලා බලන්න. චීන මහා ප්‍රාකාරය ඉදි කිරීම සම්බන්ධව වගේම චීනයේ අලුත් රාජධානියක් ආරම්භ වෙන කතාවක් ඒකේ තියෙන්නේ. ඒ කතාව භද්‍රජි ලියලා තියෙන්නේ එයාට හීනෙන් පෙනුණු සිදුවීම් පාදක කරගෙන. විශේෂයෙන්ම ඒ විදිහට හීනෙන් පෙනුණේ එයාගේ පෙර භවයක් කියලා තමා ඔහු කියන්නේ

    ReplyDelete
    Replies
    1. හය්යූ ඒක කියවලා නෑනේ අය්යා...හොයාගෙන කියවන්න ඕනේ...))) එයාගේ අර හොල්මන් කතා ටික තමා අප්පා පොත් කියන්නේ.කියවල තියෙනවද උලමගෙ රාත්‍රිය,බෝදිලිමා සාපය,දුර කදු මත අකුණු එහෙම.....මතක් වෙන කොටත් බය හිතෙනවා!

      Delete
  5. අම්මෝ.. හීන.. මතක් කරන්නෙපා.. මට හෙන අමුතු හීන පේනවා.. කාලයක් තිස්සෙ මට නින්දෙන් එකම හීනයක් පේනවා.. දැන් මට ඒක වදයක් වෙලා.. බයේ ඉන්නෙ ඒකයි, සැබෑ ජීවිතෙයි අතරෙ සම්බන්ධයක් ඇතිද කියාලා.. :(

    ReplyDelete
    Replies
    1. හෆෝ වැඩිය හිතන්නෙපා අක්කියෝ....ඔක්කොටම මුල හිතනේ.හීන පේන්නෙ යටි හිතේ තියෙන බලාපොරොත්තු,බියසැක වාගෙ දේවල් නිසයි කියනවනේ....හිත සැහැල්ලුවෙන් හිටියාම හරියාවි..!

      හැබැයි ඕක කියන කොට මට තව දෙයක් මතක් වුණා අක්කියො...සසර කතරක පියසටහන් කියන පොත.ඒකෙ ඉන්න කෙනෙක්ටත් එකම හීන නිතර පේන කොට එයාව මෝහනය කරනවා.බැලින්නම් පූර්ව ආත්මයෙ දේවල් පෙනිලා තියෙන්නෙ.මෝහනය කළාට පස්සෙ එයාට ඒ තත්වය හරියනව.ඒක සැබෑ කතාවක් කියලත් තිබුණා.අනේ මන්ද කැමති නම් හොද වෛද්‍යවරයෙක් ලව්වා මෝහනය කරගෙන බලන්ඩ...,අදහසක් පමණයි.

      Delete
  6. ම්.... දැන් අවදි වෙන්න. සිහින බැලුවා මදෑ....

    ReplyDelete
  7. හොඳ පොත් පත් අපගේ මිතුරන් පොත් පත් කියවීම තුළින් විශාල අවබෝධයක් ලබා ගත හැකිය. කෙනෙකු වසර 100 ක් ජීවත් වී ලබන අත්දැකීම් වලට සමාන අත්දැකීම් ප්රයමාණයක් එක හොඳ පොතක් කියවීමෙන් ලබා ගත හැකිය. පොත් කියවන කෙනෙකු දෙස මතුපිටින් බලන කෙනෙකුට පෙනෙන්නේ නොසෙල්වී එකම තැනකට වී ගහක් ගලක් මෙන් සිටින පුද්ගලයෙකි. මෙසේ කල් ගත කර සමාජ අත්දැකීම් කෙසේ ලබාගත හැකි දැයි පොත් නොකියවන මිනිස්සු කල්පනා කරති. ඊට හේතුව ඔවුන් අනුව සමාජ ඇත්දැකීම් ලබා ගැනීමට ඒවා ක්රි්යාකාරීව තමන්ම විඳ ගැනීමට අවශ්ය.බවයි. නමුත් සෑම විටකදීම මෙසේ සිදු කරන්නේ නම් කෙනෙකු අවුරුදු 100 ක් ජීවත් වුවද ඔහු ලබා ගනුයේ ඉතාම අල්ප අත්දැකීම් ප්රේමාණයකි. නමුත් ඊට වඩා විශාල අත්දැකීම් ප්රදමාණයක් පොත් සුළු ප්ර මාණයක් කියවීම තුළින් කෙනෙකුට අනුන්ගේ අත්දැකීම් තුළින් ලබාගත හැකිය. නමුත් පොත් පත් අතර කියවා කිසිදු හරයක් නැතිව පසෙකට දැමිය හැකි මෙලෝ රහක් නැති පොත් පත් ද තිබෙන බව අමතක නොකළ යුතුය. කෙසේ වුවද දැන් තබාම පොත් පත් වලට ලැදියාව දැක්වීම සුබදායි පෙර නිමිත්තක් ලෙස දකින අතර ඒ පුරුද්ද පතපොතට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් මමද මහත් සේ අගය කරමි. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..මුලු ජීවිතේම කියන්නේ පොත්පත් නෙවෙයි.නමුත් ජීවිතේ විසාල ඉඩක් පොත්වලට දිය යුතුයි.

      Delete
  8. අනේ මටත් ඔය ලෙඩේ තියෙනවා. සමහරදාට මරු මරු හින දකිනවා. ඒත් උදේ නැගිට්ටම එක්කෝ භාගයයි මතක නැත්තන් තැනින් තැන තමා මතක....

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අවාසනාව තමයි අක්කෝ..))))))

      ඔයාට නම් මල් මල් හීන පේනවා ඇත්තේ නේද...::D:D:D
      ඇයි සමනළීනේ...?

      Delete
    2. මට පේන්නේ මොකක් හරි ෆිල්ම් එකක කෑල්ලක් ගලපලා.. ඒකේ ප්‍රධාන චරිතෙ මම..

      ළඟදි දැක්කා මං නයිට් රයිඩර් වෙලා..හික්ස්

      Delete
  9. චන්දන මෙන්ඩිස්ගේ සිහිනයක රැඳී රහසක් පොතත් නියමයි නංගියේ.. මම සතියක් විතර ෂොක් වෙලා උන්නේ... හැබැයි නිදාගත්තම නම් ඇහැරෙනකල් මට නම් වගේ වගක් නෑ..

    ReplyDelete
    Replies
    1. හම්මියෝ ඒ පොත....කතා කරලා වැඩක් නෑ ඩියර්...)))))))හිතාගන්න බැරි අවසානයක්නේ තියෙන්නේ...))මාවත් මාර විදියට ෂොක් වුණා!

      ..මටත් හින පේන්නැති එහෙම දවස් තියෙනවා.හැබැයි වැඩිහරියක් දවසට වෙන්නේ පෙනිලා අමතක වෙන එකයි..හිත ගොඩක් සැහැල්ලු අයට තමයි හීන පේන්නැත්තේ මං හිතන්නෙ.

      Delete
  10. තදින් නින්ද ගියාම යටිසිත අවදි වෙනවා. එවිට යටි සිතේ ක්‍රියාත්මක වන දේවල් හින විදියට පේනව. හැබැයි උදේ නැගිට්ටාම ඒ එකක්වත් මතක නෑ මොකද හීන දැක්කේ යටි හිතෙන් නිසා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.හීන විදියට පේන්නේ යටි සිතේ තියෙන අපේක්ෂාවන්ලුනේ නේද?

      Delete
    2. යථාර්ත ලෝකයේ ඇති ෆැන්ටසි අපේක්ෂාවන් අපේක්ෂාභංගත්වයට පත් උනාම මොළය තුල වන රසායිනික සමායෝජනයේ සංසේචනය භූ විෂමතාවයට ලක් වෙනවා.. එතකොට අතීත රාමායනය නැවත ප්‍රථිස්ථාපනය වෙනකොට ව්‍යාපාර කළමනාකරණය නිව්ටන්ගේ තුන් වන නියමය අනුගමනය කරනවා... අන්න එතකොට තමයි සිහින පේන්නේ.....

      සරලවම කිව්වේ... තේරුණානේ ?

      Delete
    3. මට හොදටම තේරුණා කිව්ව එක.තැන්කු.එතකොට ෆැන්ටසි නොවන අපේක්ෂාවන් අපේක්ෂා පූර්ණත්වයට පත් වුණාම මොකද දන්නෑ වෙන්නෙ නේද....ආර්ථික විද්‍යානුකූලව ජෛව භෞතිකවාදී සංකල්පයෙන් පැරකුම්බා සිරිත විස්ථාපනය වෙනව ඇතිනේ?

      Delete
  11. අනේ ඒ කතාව නම් ඇත්ත. මමත් හීනෙන් කතන්දර අහනවා, දකිනවා, ලියනවා. ඒත් උදේ නැගිටිද්දි ඒ හීන කතන්දර ඔක්කොම ඉවරයි.. :(

    එහෙම නැත්නම් හීන පේනවා ක්ෂනයකින් වෙන හීනෙකට මාරු වෙනවා. ආයෙම තව හීනෙකට. කිසිම ගැලපීමක් නෑ. සමහර ඒවා උදේ වෙද්දී මතකත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. හොදම වැඩේ ළගින් කොළයකුයි පෑනකුයි තියාගෙන නිදාගන්න එක කියලා අපේ තාත්තා මට උපදෙස් දීලා තියෙන්නේ....තාම ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා හැබැයි...)))))

      ගැළපීමක් නැති හීන පේන එක නම් සාමාන්‍ය දෙයක්නේ.අපේ යටි හිතේ තියෙන දේවල් ඔක්කොම කවලම් වෙලා මැල්ලුම් වෙලා පේන කොට ඉතින් ලස්සනට කතන්දරයක් පෙනේවියැනේ...:::D::D

      Delete
  12. ලඟදී හීනයක් දුටිමි!
    වැම්පයරුවෙකු මගෙ අතිං අම්බානක ගුටි කන අයුරු ය.
    අැහැරෙන විට දාඩිය දමා තිබුනේ මන්ද යන්න හිතා ගත නොහැක!

    ReplyDelete
    Replies
    1. ඒ ඔහේත් ඒ වාගේම වැම්පයරයාගෙන් ගුටි කා ඇති නිසාය..)))))))

      and thank u,I knew that!

      Delete
    2. මූණ බලාගෙන කිව්වනෙ!

      Delete
  13. හීනයක් මතක තියෙන්නෙ ඒ හීනය අතුරේදි අහෑරුනොත් විතරයිලු..

    ReplyDelete
    Replies
    1. ආ මෙයාට මතක් වෙලා මං බ්ලොග් ලියනවා කියලා..))))

      Delete
  14. "මගෙ හදමැදුරට අඳුර ගලනවා,... බට්ටිත්තෙක් මගේ දුකට හඬ්නවා..."

    අහල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලස්සන සින්දුව.විෂුවල් එක තමා කැත.

      Delete