Sunday, May 26, 2013

නික්මෙන්න පෙර සෙනෙහෙන් ලියන්නෙම්!

ජීවිතය අපිට වුවමනා දේවල්ම හැම විටම දෙන්නේ නැත.මගේ තාත්තා කියන අන්දමින් ජීවිතයේ සමහර හිමිවීම් යනු අහිමිවීම් වෙන්නට පුලුවන.අහිමිවීම් යනු හිමිවීම් වෙන්නට පුළුවන.යම් දෙයක් හිමි වෙනවා යනු ජීවිතයේ තවත් දේවල්වල අහිමිවීමක් වෙන්නට පුලුවන.සමහර දේ අහිමි වීම ඒ දෙයට වඩා ඉතා සුන්දර දෙයක් හිමි වන්නට ඉඩ සැලසීමක් වෙන්නට පුලුවන.ප්‍රේම සම්බන්ධතා බිද ගෙන ජීවිතය ගැන කලකිරුණු සිය සිසු සිසුවියන්ට ඔහු එසේ කියනවා මම අසා ඇත්තෙමි.

දැන් ඉතින් මගේ ජීවිතයටත් හිමි අහිමි ලෙස වෙන් කළ නොහෙන තැනක් උදා වී තියේ.උසස් පෙළ හදාරන්නට මගේ ඉස්කෝලයෙන් සමු අරන් යා යුතුය.මට ජීවිතයේ බොහෝ තැන් කියා දුන්නේ ඒ පාසලයි.ජීවිතය යනු මේ යැයි, මිත්‍රත්වය යනු මේ යැයි, ආදරය යනු මේ යැයි, ගුරු ජීවිතය යනු මේ යැයි නිදර්ශනත් සමගම මට කියා දුන්නේ මගේ සොදුරු තක්සලාවය.ඒ හෙවණේ වැඩුණු කාලය තුළ මම අනන්ත වතාවක් හිනාවෙන්නට ඇත.ඊටත් වඩා අඩා වැටෙන්නට ඇත.හිත් සැනසීම් මෙන්ම හිත් රිදවීම් අනන්ත වාරයක් සිදු විය.ඒත් කදුලු අස්සෙන් හිනා වෙද්දී ළමයින් බොහෝ ලස්සන බව අප ඉගෙනගත්තේ ඒ තක්සලාවේ ඉගෙනගත් කාලයේදීය...

පසු ගිය දවස්වල අපේ ඉස්කෝලේ උසස්පෙළ පන්ති පටන් ගැනුනි.එක බත්පත බෙදාගෙන කෑ,එක පිට්ටනියේ  සෙල්ලම් කළ,එකට හොර වැඩ කළ අපේ අනිත් අය පෙරදා වාගේම සුදු ඇදගෙන පෙර පුරුදු ටයි පටියම පැළදගෙන, පෙර පුරුදු ගේට්ටුවෙන්ම ඇතුළු වී පාසල් යති.හොද ප්‍රතිඵල ගත් අපට ඒ වාසනාව නැත.එය අපේ ජීවිතවල අහිමි වීමක් සේ දැනේ...

ඒත් අනික් පැත්තට අලුතින් ජීවිතය පටන් ගැනීමත් වාසනාවකි.වෙනත් පාසලකට යන්නට වරම් නොලද්දෝ අප ගැන සිතන්නේ එසේය.එහෙත් නුඹලාට තව අවුරුදු දෙකක් හෙවණ විදින්නට ලැබෙන ඔය දයාබර පොළොවට අපි කොයි තරම් නම් පෙම් බදිනවාද... ඔය සියඹලා ගස් හෙවණේ ආයෙත් දවසක් වාඩි වී හිස් වචන කතා කරන්නට අපි කොයි තරම් ආසා කරනවාද කියා නුඹලා දන්නේ නැත.



43 comments:

  1. ඔයා ඉතින් තාම සුට්ටන් බට්ටෙක් වගේ නිසාත් ඔයාගේ අම්මා තාත්ත දැන උගත් අය නිසාත් අමුතුවෙන් ඔයාට දෙන්නයි කියලා ඔවදනක් නැහැ ...

    ඒත් පුද්ගලික අද්දැකීමක් කියන්නම්...ළඟ රැඳේවී කියලා හිතන දේවල්මයි මුළින්ම අපිව අත ඇරලා යන්නේ... ඒ නිසා ඒ දේවල් වෙනුවෙන් ඔයා මග බලන් ඉන්න එපා...ඔයා යන්න...

    ( කවදාක හෝ ළඟ නවතින කෙනෙක් ලැබේවි , එතෙක් යන්න . ඒක වෙනම කතාවක් )

    ReplyDelete
    Replies
    1. සුට්ටන් බට්ටෙක් වගේ නෙමෙයි තව කොච්චර ලොකු වුණත් ගෙදර අයට මම හැමදාම සුට්ටන් බට්ටෙක් තමයි.ඒක මුලින්ම කියන්න එපෑ..))))

      ..ළග රැදෙයි කියල හිතන් උන්නු ගොඩක් දේවල් ළග රැදුන්නෑ තමයි.යාලුවෝ හිටියා.ජීවිතේම ඉදියි කියලා හිතුවා.ඒත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච දවස් ගාණට කෝල් එකක්වත් නෑ.ඒත් එහෙම ඉදීවි කියලා නොහිතපු අවශ්‍යම වෙලාවට උදව් කරන බෝසත් යාලුවොත් හම්බුණා.මං දැන් ලොකුවට හිතන්නෑ.අපි දෙන ප්‍රමාණයට අපිට ලෝකෙන් ලැබෙනවා... මිත්‍රත්වයත් එච්චරයි!

      (හා හා ඔව් සහන් අය්යේ.ඒක මෙතෙන්ට අදාළ නෑ.ඒක වෙනම කතාවක්නේ..)

      Delete
  2. පෙර දා සේම අලුත් පාසල් බිමත් ඔබට ජය බිමක්ම වේවා... දුකයි තමා ඒත් මොනව කරන්නද.. සෙනෙහසින් සමුදෙන්න පාසල් මෑණියන්ට.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් නලින් මාමේ... ස්තූතියි!

      Delete
  3. ඇඬෙනවාය... මමත් ගිය සතියේ ගිහින් අස්වීමයි, සහතික පට්ටම් ටිකයි අරං ආව..
    සල්ලි සල්ලි කියල නොබල කැන්ටිමෙන් 200/-කම කෑව. පැය ගානක් ඉස්කෝලෙ වටේ ඇවිද ඇවිද පොඩි උන් ෆෝම් කරා..

    අන්තිමට අවුරුදු 13ක් තිස්සෙ සැබෑ කර ගන්න දඟලපු ඒ හීනෙ මං සැබෑ කර ගත්තා... යේඒඒඒඒඒඒඒඒ..
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඔව් මං එස්කෝලෙ තාප්පෙන් පැන්නා.... ☺

    ReplyDelete
    Replies
    1. උඹනං මාර යකෙක් මලයා..

      Delete
    2. ඒ හීනෙ ඉටු වුණාට මගේ සුබ පැතුම්.මුකුත් ලියන්නෙත් නැති එකේ ඒ ගැන පෝස්ට් එකක් ලියාපන්කො භූතයෝ..))))

      ..කෝම හරි අපේ යාලුවොත් ඔය ආසාව ඉටු කරගන්න හරි කැමැත්තෙන් හිටියේ.ආසාව තිබුණත් අපිට පුලුවන්යෑ.ඉස්කෝලෙ පිට්ටනිය වටේ හත් අට පාරක් දුවලා ආවා.එකම දුක ඉගෙනගත්ත පන්ති ටිකට වැදලා එන්න බැරි වුණා.ඔය සැරේ අස්වීම් සහතිකේ ගන්න ගියාම ඒකත් කරන්න ඕනේ!!

      Delete
    3. @නලින් මාමා,

      අදද දන්නේ.....)))))))

      Delete
    4. හි හි.. යසිත් අයිය හලීම හොඳා .. අවුරුදු 13ටම එක පාරලු :P
      එකටත් එක්ක අපි. අන්තිමට ගිය දවසෙත් ආවේ තාප්පෙන් තමා :D ආරක්ශාකාරියි, පහසුයි, ඉක්මන්, මොකට ගේට්ටු හයිකරනවද මන්ද... :P

      Delete
    5. මෙයා නොකියා කිව්වා මෙයා ඉස්කෝලෙ කාලේ හෙන පොරක් වෙලා හිටියා කියලා. පර්ස් එකේ තිබුණේ ඔය රු. 200/- විතරක් වෙන්න ඇති නේද? පව්! යසිත්, අයියා, දුකේ බෑ මට නං. ආ! හරි වීරකමක් කරලනේ. මම හිතන්නේ ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ පැනපු පළවෙනි වතාව වෙන්න ඇති. ඉස්කෝලේ යන කාලේ පැනපු ඒවා ගණන් කරන්න නැතු ව ඇතිනේ.

      Delete
    6. හූ හූ ඇද්ද මෝඩයට.. තව ටිකක් මඩ ගහන්න සහෝදර සහෝදරියනි!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    7. ජනප්‍රිය පුද්ගලයන්ට මඩ ගහන එක ලෝක ස්වාභාවයනේ... :)

      Delete
    8. කවුද ජනප්‍රිය... කා ගැනද ඔය කියන්නේ ඈ????

      Delete
  4. ලොකුවට හිතන්න එපා නංගි .... ජිවිතේ ගොඩක් දේවල් ඔහොම තමා අවශ්‍ය වෙලාවට ලඟම උනාට නොහිතු මොහොතක ඈත් වෙලාම යනවා.... හැමදාටම ළඟ රැඳෙන්නේ බොහොම සුළු පිරිසක් ;)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අෆ්ෆා.. මොනව කරන්නද...ජීවිතේ හැටි!!!!

      Delete
  5. අලියත් ඉස්කෝල හතරකට ගිහිං අැත! :) ඉන් තුනක යාලුවන් අදටත් කතා කරති! :)

    ReplyDelete
    Replies
    1. එයින් පෙනෙන්නේ අලියා යාලුවන් ආශ්‍රය කළ විදියේ හොදකමය!!!

      Delete
    2. :D වෙන්නත් අැති. මෙන්න මේක උපුටාගත්තෙ අැල්කෙමියා සර් ගෙන්...

      Bonds are made by sharing things, donating and accepting things, whether it's electrons, charges, emotions, or anything else,. So do the bond of friendship. However, the beauty of the friendship is unlike a real chemical bond, it can still exist as a long distance bond.

      Delete
  6. ලොව ඇත්තේ යෑම් ඊම් ය කියල තමයි ලියන්න වෙන්නේ...අලුත් ගමනට සුබ පැතුම්! පාසල් ජීවිතය ඉවර වෙනකොට ඔයිටත් වඩා දුක හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා.අලුත් ගමන ගැන සතුටු වෙන්න පුළුවන් ඔයාලා වගේ අය බිහි වෙච්ච තැනකට යන නිසයි!

      Delete
    2. අපෝ අපි කවුද? සතුටින් අලුත් ජීවිතයට පිවිසෙන්නට වරම් ලැබේවා!

      Delete
    3. එහෙම තමයි ඔයාලා හිතන් ඉන්නේ තමන් ගැන... ඒත් මේ විප්‍රකාර සමාජයෙ ඕගොල්ලො හිතනවාට වඩා ඔයාලා වටිනවා අක්කේ!

      Delete
  7. ජීවිතෙ ඔය කලෙ අත්විඳින ගොඩක් දේ සොඳුරු මතක විදිහට අපි අරං යනවා දුව. ඔයාගෙ වයස පහුකරලා ගිය දුවකුත් ඉන්න මම උනත් ඒ අතීතයට යන්න ආසයි.. ගූගල් අර්ත් ගිහින් ඉස්කොලේ ලකුණු කරල තියෙනවා.. ඉඳ හිට එහේ ගිහින් හිතෙන් අතීතයට යනවා. ඒත් ඒ අතීතයට අදාල තැන් මිනිස්සු ඔක්කොම වෙනස් වෙලා.. ඒවා ජීවත් වෙන්නෙ අපෙ මතකයෙ විතරයි.. හැමදෙයක්ම වගේ.. ඔන්න ඉතිං මගෙ වයසට ගැලපෙන එකක් මං ලිවුවෙ.. දාර්ශනිකය උනේ වයස හින්දයි

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකනේ දැන් වයසයි කියලා තමුන්ම කියා ගන්නව නම් මොනව කරන්නද...))))))))))) කොයි වයසක කොහොම හිටියත් විදින කෙනා ජීවිතේ විදිනවමනේ මාමේ!

      Delete
  8. අපි ආදරය කරන තැන් වලින් වෙන් වෙන්න ලෝබ හිතෙනව. ඒත් හැමදාමත් එතනම රැඳිල ඉන්න පුලුවන් කමක් අපට නැහැනෙ නේද නංගි.
    හොඳින් ඉගෙන ගන්න

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ... ස්තූති වේවා කමෙන්ට් එකට!!

      Delete
  9. මට ජීවිතයේ අවස්ථා දෙකක දී පාසල මාරු කරන්න සිදු වුණා. පළමු වන වතාවේ එය සිදු වුණේ දෙවන ශ්‍රේණියේ දී. ඒ වෙද්දී වයසින් බොහොම අඩු නිසාත්, කාත් එක්ක වත් ලොකු බැඳීමක් ඇති වෙලා තිබුණේ නැති නිසාත් ලොකු ගැටළුවක් ඇති වුණේ නැහැ.

    ඒත් දෙවන වතාවේ නම්, ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා නගරයේ පාසලකට යන්න සිදු වුණා. ඒ වෙද්දී බොහොම සමීප වුණු මිත්‍රයන් බොහොම දෙනෙක් අතැරලා යන්න වීම ලොකු දුකක් වුණා. වාසනාවකට වගේ, මම තුන් වෙනුවට ගිය පාසලේ උසස් පෙළ හොඳයි. ඒ නිසා සාමාන්‍ය පෙළ කරලා ආයෙත් මාරු වෙන්න අවශ්‍ය වුනේ නැහැ.

    කොහොම නමුත්, අද මම මම දෙවනියට ගිය පාසලේ, එහෙමත් නැත්නම් හපුගල මහා විද්‍යාලයේ, අල්ලපු වත්තේ තියෙන ඉංජිනේරු පීඨයට වෙලා, ඉස්සර මං අකුරු කරපු පාසල දිහා බලා ඉන්න තරම් වාසනාවන්ත වෙලා.

    අද නුඹ මේ කැප කිරීම කරන්නේ හෙට ලබන මහා සම්පත් ගොඩක හිමිකාරිය වෙන්නයි නංගෝ. අලුත් පාසලේ ගෙවන්න තියෙන අලුත් ජීවිතය වාසනාවන්ත සහ ජයග්‍රාහි එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. පැතුමට ගොඩාක් ස්තූතියි අය්යේ..)))))

      සිව්වන වතාවේ තමයි වෙද නෝනා දාලා යන කොට පෙරලි පෙරලී අඩන්න වෙන්නේ.එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

      Delete
  10. ජීවිතේ සමහර දේවල් ලැබෙද්දි තවත් දේවල් අතාරින්න වෙනවනෙ නංගා..අලුත් ඉස්කෝලෙදි අලුත් අත්දැකීම්, අලුත් යාලුවො ඔයාගෙ ජීවිතේට එකතුවෙයි...ජීවිතේට එහෙම වෙනස් එකතුවෙන එකත් හොඳයිනෙ.
    යාලුකම් ගැන කියනවනම් සැබෑ යාලුකමක් නම් රටවල් දෙකක දෙන්න හිටියත් නැති වෙන්නෙ නෑ. එහෙම නැති ඒවා කොහොමත් නැතිවෙනව.

    ඒ දේවල් කොහොම උනත් අවුරුදු ගානක් ඉගෙනගත්ත ඉස්කෝලෙන් අයින් වෙද්දි නම් ගොඩක් දුකයි තමයි :(

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කියන්නෙ වෙනස් වෙවී අලුත් වෙවී යන්න තියෙන එකක්නෙ.ඉතින් ඒකට කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මූන දෙන්න එපැයි.අකමැත්තෙන් කරනවට වඩා කැමැත්තෙන් ජීවිතේට මූන දෙන එක හොදයිනේ.))

      මගෙ ජීවිතෙත් ලස්සන යාලුකම් වගෙම දුක හිතෙන යාලුකමුත් තිබිල තියෙනව අක්කියෝ.ඒත් අදටත් මොන්ට්සෝරියෙ මගෙ හොදම යාලුවා හෙවනැල්ල වගේ ළගම ඉන්නවා.එයා කවදාවත් මාත් එක්ක එකට ඉස්කෝලෙ ඉදල නෑ.ඒත් ඇත්ත යාලුකම් නැති වෙන්නෙ නෑ.

      හ්ම්.... පැතුමට ගොඩක් ස්තූතියි!

      Delete
  11. සමහර වෙලාවට දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒකට තමා ජිවිතේ කියන්නේ. හැබැයි තව කාලයක් ගිහින් අපිට ආපස්සට හැරිලා බලනකොට සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා නම් අන්න ඒකයි වෙන්න ඕනි....

    ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා නංගා.... හොදට ඉගෙන ගෙන ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඒකනේ වඩා හොද දෙයක් වෙනුවෙන් එක දෙයක් කැප කරන කොට දුක නෑ.ඒත් මෙතන පුංචි වේදනාවක් දැනෙනවා නොවැ..))

      පැතුමට හුගාක් ස්තූතියි මගේ අක්කේ!!

      Delete
  12. ම්ම්ම්ම්ම්... මොනා කරන්නද නංගෝ, හැමෝම කියලා තියෙනවා වගේ, හොද දේවල් ලබාගන්න තව දේවල් කැපකරන්න වෙනවා..., අලුත් ඉස්කෝලෙ ජීවිතෙට සුභ පැතුම්! හොදට ඉගනගන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි හිතූ අක්කියෝ!!!!!!

      Delete
  13. කාලයත් එක්ක මතකයන් අලුත්වේවි. අලුත් යාලුවෝ වගේම පැරණි මිතුදම් එහෙමත් ඉදහිට මතකයට නැගේවි.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. සමහර මතකයන් හිත නිවනවා.තවත් සමහර මතකයන් වේදනාකාරී.ඒත් ඒ තමා ජීවිතේ!!

      Delete
  14. අලුත් ගමනට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහාචාරියතුමනි...))))))))

      Delete
    2. කවුද ඒ කූටාචාරියා :P

      Delete
    3. හසිත ආචාරියා..))))

      Delete
    4. ආහ් එයාද :P

      Delete