Tuesday, April 7, 2015

වැව



වාන් බිඳ නොයන්නට හිත නතර                කරගන්න
ඇතුළු වානෙන් ගලන පෙම පෙමින්            පිළිගන්න
ඉඳහිටක උනන කඳුළක් දෙකක්                පිටවෙන්න
පිටවාන සේ ම හයි හත්තියට නුඹ                     ඉන්න

දිය සැරෙන් වැදෙන කොට වැව් බැම්ම නොබිඳෙන්න
ඕන රළ පාරකට බය නැතුව ළය                    දෙන්න
සෙනේ රළ ජීවිතේ බිත්ති මත                     අතුරන්න
රළපනාවක් සේ ම මා ළඟ ම ඔබ                     ඉන්න

පිපාසෙන් යුතු දනට ඇති තරම් දිය                දෙන්න
විඩාබර උන්ට පැන් සනසන්න ඉඩ                දෙන්න
දිය බෙත්ම හරවලා කුඹුරු                     අස්වද්දන්න
මුත් බිසෝ කොටුව මට බුත්තියට               පවරන්න

මහද වැව වාන් දා රැල් නඟා                     උතුරන්න
එක සිනා සොරොව්වක දොර විවර කර        දෙන්න
මුට්ටි නමනා දිනට බැති සිතින්                 වැඳගන්න
අලුත් කළයකට පෙම් වැව් වතුර                පුරවන්න

19 comments:

  1. නියමයි කවිටික...... හරිම ලස්සනට ගලපලා..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුරේ හැම දෙනාටම

      Delete
  2. හරිම ලස්සනයි.. අන්තිම කවි පද හතරට මන් ගොඩක් කැමතියි

    ReplyDelete
  3. හෙහ්..බොහොම අපූරුයි..බොහොමත්ම අපූරුයි...ඔබගේ කවිසිත ඉතා විශිෂ්ඨයි!!!

    හද සොරොව්වෙන් නික්ම ගලායන පෙම්දියට,
    පිණි විසුල වතුසුද්ද මල් දෝත විසිකරමි,
    නිල දිලෙන ගොයම කිරිවදින පුර පෝදාට,
    ඔබ සමඟ වැව් ඉවුර මතින් පියවර තබමි.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් එහේ ඇවිත් ගිය උදවිය අාදර නිල් දෑස ලියැවෙන කාලෙ... ඉන් පස්සෙ අධ්‍යාපන කටයුතුත් එක්ක නිතර බ්ලොග් කියවන්න බැරි වුණා... ඔබතුමා වගේ බ්ලොග් ලෝකෙ ප්‍රවීණයෙක් වැස්සෙ තෙමන්න ආ එක ගැන බොහොම සතුටුයි.ආදරයෙන් පිළිගන්නවා...)))

      Delete
    2. හෙහ්..ආදර නිල් දෑස ලියන කාලෙ ඔය දරුවා ඒ අහ ආවය? අඩේ..අර වර්ෂා කියල කමෙන්ට් කලේ ඒ ඔයාය? කවුද දන්නෙ? කියන්ට එපාය...හෙහ්, අවුරුදු හතරකට වගෙ කලින් සොඳුරු මතකයක්...ස්තූතියි ඔබට!!!

      Delete
    3. ඔව් ඔව්... වර්ෂා කියන්නෙ වැසි දැරියට පර්යාය පදයක්....)))

      ඒ කාලෙ මම සාමාන්‍ය පෙළ ලියනවා... ටෙන්ෂන් නැති වෙන්න කියෙව්වෙ ආදර නිල් දෑසේ.. ආයෙ අන්දර මල්දම එහෙම ලියනවා නම් ඒ ලෙවල් ටෙන්ෂන් එකත් නැති කරගන්න පුළුවන් වෙයි...))))

      Delete
    4. හෙහ්..මල්දම අයෙම ලියන්ට පටන් ගන්න ඕන...එතන වුනේ මේකනෙ දරුවා...මල්දම් නඩේ මම ඇරෙන්න ඉතුරු පස්දෙනාම ඇවිල්ල අංගනාවියොනෙ. ඉතිං වැස්ස දන්නව ඇතිනෙ ඒ වගෙ විසුරුමාන බබලත්තු පස්දෙනෙක් එක අරමුණක තියාගෙන කතාවක් එක දිගට ලියාගෙන යන එක ඉබ්බංගෙන් අර මොනවද ගන්නව වගේ වැඩක් කියල. ඔය ලියපු කතන්දර පහත් අර මගේ ගාම්බීර පවුරුසේ හින්දම ලියව ගත්ත මිසක්කා.....හෙහ්,හෙහ්, එවුං ඔක්කොම මොනව උනත් මට පරාණ බයයි. ආය මේ ලොකුකමකට එහෙම කියනව නෙවෙයි. හෙහ්,හෙහ්,

      රයිට් ඔය ළමයා කවද්ද ඒ ලෙවල් කරන්නෙ? මම හිතන්නෙ මේ අවුරුද්දෙ අගෝස්තු වෙන්න ඕන..හරි නෝ ප්‍රොබ්ලම්..කොහොමත් ඉතා ඉක්මනින්ම ආයම මල්දම පටන්ගන්නයි අපි හිතාගෙන ඉන්නෙ...:)

      / එලෙසින්ම බ්ලොග් අවකාශයේ සිටින අපූරුම නිර්මාණකරුවන් එක්රැස් වී අමුණන අන්දර මල්දමටද,අන්දර මල්දම ලියන්නවුන්ගේ බ්ලොග් අඩවිවලටද මම ඉතාම ආසා කරමි. /

      මේක දැක්කෙ අදයි...ඔබට බොහොමත්ම ස්තූතියි වැස්ස..මල්දමේ සියළුම සාමාජිකාවන්ද වෙනුවෙන්... :)

      Delete
  4. කාලෙකින් නංගිගෙ කවියක් කියෙව්වෙ. කවියකින්ම උත්තර දෙන්න හැදුවෙ. ඒත් බෑ අනේ. කවි සිතුවිලි හිර වෙලා

    ReplyDelete
    Replies
    1. සොරොව්වේ වෙන්නැති එව්වා හිරවෙලා තියෙන්නෙ නේද....)))))

      Delete
  5. කාලෙකින් දුව. ලස්සන පැදි ටිකක්. හොඳින් ඉතිරි වැඩ ටිකත් කරගන්න. ජයම පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  6. ලස්සණ කවියක්....

    ReplyDelete
  7. සෑහෙන කාලෙකින් කවියක් දැක්කේ... මේ පැත්තෙ ආවෙත් කාලෙකින්... වෙනද වගේ ම අපූරු යි... ‘මුට්ටි‘ කියන වචනෙ අනෙක් ගීතවත් වචනවලට බාධාවක් දෝ කියල හිතුණා....

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්නම්කෝ....)))))) මුට්ටි නමනවා කියන සංකල්පය වෙන වචනවලින් ගන්න අමාරුයි නේද ඒත්...

      Delete