Monday, October 12, 2015

වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...

ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...

මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!

උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...

වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..

පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්.. 





25 comments:

  1. ඔන්න අපි උදේම ආවා මේ පැත්තට.
    ලස්සනයි පද පෙල.

    ReplyDelete
  2. වෙනස් පෙම් කතා තියෙන්නට පුළුවන්
    ප්‍රේමය හැමතැනකම තියෙන්නත් පුළුවන්
    අපි දකින්නත් පුළුවන්
    නොදකින්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිරගේ පහළ තියෙන කමෙන්ට් එක සිහිපත් වුණේ මේ කමෙන්ටුව දැක්ක ගමන්

      Delete
  3. ප්‍රේමය ලොව හැම තැනම ඇති...
    හැම දෙනටම හමුවෙලා ඇති...
    එනමුදු ප්‍රේමය කිමැයි කියා...
    හඳුනාගත් කිසිකෙනෙකු නැති

    ReplyDelete
    Replies
    1. අපූරු සින්දුවක්.. නමුත් ප්‍රේමයට බොහොම නිර්වචන තියෙනවා එකිනෙකාගෙන් වෙනස් වුණාට

      Delete
  4. මුලින්ම කියන්නේ අතිලස්සනයි....

    තේරුමක් නැති කවියක
    පුංචි වැරැද්දකින්
    කවිකාරියක් කවිකාරයෙකුගෙ
    පෙම්වතියන් වෙන්නත් පුළුවන්

    ළඟින් ඉන්න හොඳම මිතුරි
    පුංචිම පුංචි නිමේෂයකින්
    මගේ ආදරවන්ති වෙන්නත් පුළුවන්

    ජයවේ වැසි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. අලුත් සෝයුරෙක් වාගෙයි.වැස්සෙ තෙමන්න පිළිගන්නවා මුලින් ම!

      Delete
  5. හරිම ලස්සන අදහසක්

    ReplyDelete
  6. ලස්සනයි දුව. පෙම කොතනින් පටන්ගන්නවද? කොතනකින් ඉවර වෙනවද ? කියන්න කවුද දන්නෙ. ඒත් කාලෙකදි ඉපදෙන පෙම සසර පුරාම එක්ව ඉන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ නැන්දේ... හුඟ කාලෙකින් දැක්කේ.. ඔව්.. සංසාරගත ප්‍රේමය මම විශ්වාස කරනවා.

      Delete
  7. A beautiful poem Nanga! Keep up your good work my dear

    ReplyDelete
  8. පුස්තකාලෙ ගිහිල්ලත් හමාරයි ඔ්ං :)
    කවි ලස්සනයි as usual!

    ReplyDelete
    Replies
    1. ඔව් නෙව...

      ස්තූති වේවා අය්යෙ..))

      Delete
  9. හැබැයි ඔය අතර මෙහෙම දේවලුත් තියනවා වර්ෂා ...:)

    පොතක් අතින්වත් නොඅල්ලන,
    ඇයට බැඳුනු මා සෙනෙහස,

    " මොකක්ද අනේ ඔය පොතක් බදාගෙන උදේ ඉඳල? "

    " හ්ම්ම්ම්...හරි හරි..මොකක්ද දැන් කියන්න තියෙන්නෙ? ඔන්න මම පොත වහල පැත්තක තිබ්බ…"

    " ඊයෙ හවස අරය කතා කරල මාර කතාවක් කිව්වනෙ….."

    " කවුද අරය? "

    " අරය අනේ ..අර අරය... "

    " හරි හරි ඉතින් අරය මොකක්ද කිව්වෙ? "

    " එයා කියනවා......"

    හරිම අපූරුයි වර්ෂා ළමයා...හරිම අපූරුයි...ඔබේ පරිකල්පනය විශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. එහෙම කතන්දරත් හරි ලස්සනයි රවී මාමා!

      Delete
  10. ලස්සනම ලස්සනයි..........

    ReplyDelete
  11. ෂහ්... බොහොම අලංකාරයි.. අපරාදයක් ඔබ වැඩි වැඩියෙන් නොලියන එක.

    ReplyDelete
    Replies
    1. ලියනවා.. නමුත් නිරන්තරයෙන් බ්ලොග් එකේ රැඳෙන්න වෙන්නේ නැති එකයි ගැටලුව.. බොහොම ස්තූතියි සෝයුරේ..

      Delete