Wednesday, December 16, 2015

මැටිල්ඩා.. මෙමිහිපිට සුන්දර ම දැරිවිය..



මැටිල්ඩාට මා ආදරය කරන්න පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියට මතක නැත. කූරු කළු කොණ්ඩයකින් යුතු මේ දුඹුරු පාට කැහැටු කෙලි පොඩිත්තිය, මගේ පමණක් නොව, මගේ මව්පියන්ගේ ද, මගේ මිතුරු මිතුරියන්ගේ ද අන්තර්ජාතික වීරවරිය ව හුන් කාලයක් තිබුණි. මට නම් අදට කියා ඒකේ වෙනසක් නැත. මැටිල්ඩා යනු රෝල්ඩ් ඩාල්ගේ පෑනෙන් උපන් සුන්දර ම වස්තුවයි. මගේ සාහිත්‍ය ලෝකයේ වීරවරියන් අතර උඩින් ම ඉන්නා ඇබිත්තන් කෙල්ලයි...

මැටිල්ඩා යනු අසාමාන්‍ය දරුවෙකි. ඇගේ අසාමාන්‍යතා කිහිපයක් ඇත. ඒත් ඒ අතුරින් රෝල්ඩ් ඩාල් වඩාත් ම ඉස්මතු කොට දක්වන අසාමාන්‍ය බව වන්නේ පොත්වලට ඇති පෙරේතකමයි. මැටිල්ඩා පුස්තකාලයට ගොස් පස් වියැති දැරියක ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන් ආදීන්ගේ පොත් ගෙනැවිත්, උණු චොකලට් කෝප්පයක් පානය කරමින් ඒවා කියවන විට මම අමන්දානන්දයට පත් වීමි. 

කියන්නට ඕනෑ වුණේ එය නොවේ. වර්තමානයට මැටිල්ඩා වැනි කෙල්ලන් කොල්ලන් වුවමනා වන බවය. මෑතකදී දුටු බොහෝ දරුවන් කරන්නේ මැටිල්ඩා මෙන් පොත් කියවීම නොවේ. අම්මලා තාත්තලා ද වට කර ගෙන අවුරුදු හතරේ පහේ සිට ජෝදා අක්බාර් හෝ මේ ආදරයයි බැලීමය. මා හොඳින් ම හඳුනන පස් වියැති කුඩා දරුවෙක් ජෝදා බලන්නට නිදා නොගෙන ඇහැරගෙන සිටියි. අඩුම තරමේ පොඩි එකා කාටූන් එකක්වත් බලනවා නම් දුකක් නැත. වෙනස් විය යුත්තේ ළමයින්ව නළවාගන්නට ඔවුන්ට රූප පෙට්ටිය දමා දී තමුන්ගේ වැඩක් කරගන්නා මව්වරුන්ගේ මානසිකත්වයයි.

කියවීමේ රුචිය දරුවෙකුට ඇති විය යුත්තේ පුංචි ම කාලයේදී ය. ළමයින්ට කියවන්නට නොහැක. මව්වරුන් පියවරුන් ඉන්නේ කවා පොවා ඇඳුම් අරන් දී ළමයින් උස් මහත් කරන්නට ම නොවේ යැයි හඟිමි. අනාගතය තනන්නට සවි සත්තිය ඇති මිනිසුන් - ගැහැණුන් තැනිය යුතු වන්නේ කුඩා අවදියේ සිට ය. ඔවුන් එසේ ශක්තියකින් යුතු අය වන්නට නම් මැටිල්ඩාගේ වර්ගයේ සුන්දර වූ ත්, ප්‍රඥාවන්ත වූ ත් ළමා වියක් ඔවුන්ට හිමි විය යුතු යැයි හඟිමි. ඩාල්ගේ මනෝ ලෝකයේ මැවුණු මැටිල්ඩාට පාර පෙන්නන්නට තරම් ප්‍රඥාවකින් යුතු මව්පිය යුවළක් නොසිටියහ. ඈ පාර තනා ගත්තේ තනිවම ය. ඉනික්බිති ඇගේ ගුරුතුමිය මිස් හනී සඳක් මෙන් ඇගේ ජීවිතයට පායා ආවාය. ගුරුවරුන් සතු කාර්යභාරය වාර සටහන් පිරැවීම පමණක් නොව දරුවන්ගේ හිස්මොළ පිරැවීම බව ඩාල් ඒ ළාබාල ගුරුතුමිය හරහා ලෝකයට කියන පාඩමයි.

ඉතින්... යහපත් මව්පියගුරු සෙවණක් ද ලැබ, තීක්ෂණ කල්පනා ශක්තියකින් වැඩ කරන්නට සමත්, මැටිල්ඩා බඳු දරුවන් බිහි වන ලෝකයක් දිනක උදා වෙතැයි බලා හිඳිමි.


44 comments:

  1. ඔබගේ වයසේ කෙනෙක් මෙසේ සිතීම ගැන ඉතාම සතුටුයි

    ReplyDelete
    Replies
    1. අප්පේ... ලොකු වර්ණනාවක්.. මෙහෙම හිතන එක ඒ තරම් දෙයක් නෙමේනේ ඉයන්..

      Delete
    2. ඒකනෙ...දැන්මම මෙහෙම හිතන්න ගියාම ඔය ළමයා මේ අපිවගෙ උනහම මොනවද හිතන්න හිතාගෙන ඉන්නෙ හැබෑට ඈ?

      ඒ හින්ද මම කියන්නද? සුට්ටක් ඒ කාලෙටත් හිතන්න දේවල් ඉතුරු කරගත්තොත් මොකද?

      Delete
    3. අහ් අහ්.. තේරුණා..

      මාත් අන්නතයෙන් ආ තරු කුමරා බලන්න පටන් ගන්නංකො එහෙනම්..)))

      Delete
    4. අහ්හ්හ්……...අනන්තයෙන් ආ තරු කුමරා..

      ආනේ…....ල..ස්..ස..න..ම ල...ස්...ස..න...ආදර කතාවක්...ස්තූතියි වර්ෂා..ඒ ගැන මට කිව්වට...අදම බලන්ට ඕන..ඔව්..ව්.....ව්....මේ දැන්ම...මේ දැන්ම..... :)

      Delete
    5. එහෙනං දෙන්නා එක්කම බලමු.. ඇස් පින් කරල තියෙන්න ඕනා ඒ වගෙ රටක් වටින නිර්මාණ බලන්න.. තේරුණැයි ඔහෙට..?

      Delete
  2. මැටිල්ඩා මට අාගන්තුකයෙකි.

    කරුණු වලට 100%කටත් වඩා එකඟය. නමුත් යකාගෙ පෙට්ටියෙන් ඉහත කී බහුබූත බලන කීයෙන් කීයක් ඉහත කී අදහස් කියවන්නේ දැයි නොදනිමි :(

    ReplyDelete
    Replies
    1. යකාගේ පෙට්ටිය දිහා ඇස් අලවාගෙන බලා ඉන්නා මිනිස්සුන්ට පොත් කියවන්නට වෙලාවක් ඇත්දැයි නොසිතමි.. නමුත් අඩුම තරමේ දවසකට පැය කිහිපයක් හෝ එය නිවා දමා දරුවන් සමඟ ගත කරන්නට මව්පියන් පෙළඹෙන්නේ නම් අනාගතය මීට වඩා යහපත් වනු ඇත.

      Delete
  3. වැස්සේ තෙමෙන්න අපිත් ආවා...
    ජයවේ වැසි දැරිය!

    ReplyDelete
    Replies
    1. අපිත් ආවා ඒ පැත්තේ... ස්තූතියි.. වැස්සට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  4. මැටිල්ඩා මගෙත් ‌ෆේවරි‌ට් පොතක්... අර මිස් හනීගෙ ගේ ගැන තියෙන විස්තරේට තමයි මං වැඩියම ආස.... මැටිල්ඩා ෆිල්ම් එකත් මාර ගති...

    අනේ ඔය සමහර අම්මල ගැන නං කියල වැඩක් නෑ බං.... සමහරු එක අන්තෙකට යනව.. එක්කො අපි වෙජිටේරියන් කියල බිස්කට් එකක් කේක් කෑල්ලක් කන්න දෙන්නෙ නෑ...පොඩි එකා ඇස් දල්වගෙන ෂෝකේස් දිහා, අනිත් උන්ගෙ කේක් දිහා බලං ඉන්නව.. මට ඔය අපි වෙජිටේරියන් කියල ළමයටත් නොදී ඉන්න අම්මල දැක්කම කනට ගහන්න හිතෙනව... ඇත්තමයි...

    සමහරු ටීවී තියා පොඩි එකාට කාටූන් එකක් බලන්න දෙන්නෙ නෑ... ළමයගෙන් ආස කාටූන් මොනවද ඇහුවම ඌ උඩ බිම බලනව... ඇස් වල මාර දුකක් මතු වෙනව... ඌ නොදන්නව නෙවෙයි කාටූන් කියල ජාතියක් තියනව කියල.. ඒත් අම්මල බලන්න දෙන්නෙ නැති හින්ද මුකුත් කියන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ම්ම්.. මිස් හනී කියන්නෙ මං පොත්වල ආසා කරන චරිත අතරෙ ඉතාම ආසා කරන කෙනෙක්..

      වෙජිටේරියන් වීම නම් මම හෙළා දකින්නෙ නෑ.දරුවො වෙනුවෙන් කියල අහිංසක සත්තුන්ව මරන්න අනුබල දීම වැරදියි.ඒත් ඒක දරුවව හීනමානයකට ලක් වීමට හේතුවක් නොවිය යුතුයි.තමන් මස්මාළු කන අයට වඩා පරිත්‍යාගයක් කරන බව,වෙජිටේරියන් වීම ආඩම්බරයට හේතුවක් බව දරුවන්ට කියා දෙන්න ඕන.මම උපතේ පටන් වෙජිටේරියන්.නමුත් මට කවදාවත් මස්මාළු හෝ කේක් කන්න ආසාවක් ඉපදිලා නෑ.වෙජිටේරියන් වීම ගැන මම ඒ කාලෙ ඉඳන් උන්නේ අභිමානයකින්.නමුත් දරුවට ඒක මව්පියන් විසින් කියාදෙන්න ඕන.ඔය ඔයා කියන්නා වගෙ තත්වයක් ඇති වෙන්නෙ මව්පියොත් අනවබෝධයෙන් කටයුතු කරනකොටයි..

      කාටුන් බලන්න දෙනව නම් හොඳයි.. ඒ වගෙම ටීවි බලනව කියල ළමයින්ට බලන්න දෙන්නෙ ජෝදා අක්බාරුයි වස්සානේ ප්‍රේමයයි නම් බලන්න නොදී ඉන්න එක වඩා හොඳයි..

      Delete
  5. මමත් දැකලා තියෙනවා මේ ආදරයයි බලන්න අම්මලා දරුවන් සමග නිදි මරාගෙන ඉන්නවා. සමහර දරුවන්ගේ මූණෙන් නිදි මත බේරෙණවා.පොඩි කාලේ ඉදලා දරුවන් මේ නරක පුරුදු උගන්වන්නේ දෙමව්පියන්.
    ගොඩක් ආදර්ශමත් කතාවක්.
    අපේ පැත්තට ඇවිල්ලා ගිහිල්ලා තිබුණා.එයටත් ස්තුතියි. ගිහින් එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. දරුවො ගැන දෙමව්පියො නොහිතන එකේ වැරැද්ද තමා..

      Delete
  6. අපේ පැත්තට ගොඩවෙලා තිබුණා.
    මමත් මේ වැස්සට ගොඩ වුණා.
    ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
  7. දැන් කාලේ පොඩි ළමයින්ට පොතක් කියවන්න දුන්නොත් මූන ඇඹුල් කරගන්නව ..අපේ ගෙදර එන පොඩි එවුන්ට පේන්නෙ කාමරේ පොත් පුරවපු පොත් අල්මාරිය නෙවේ කම්පියුටරේ.පොත් කියවන අයගෙයි නොකියවන අයගෙයි ලොකු වෙනසක් තියනව ඒ ගැන වටිනාකම දන්නා අම්මල තාත්තල ළමයින්ට පොත් අරන් දෙනව වාසනාවට මාව පොත් වලට ඇබ්බැහිකරවන්න අම්මෙක් තාත්තෙක් වගේම හොඳ ගුරුවරු යාළුවො හිටිය අදටත් හොඳ යාළුවො කට්ටියක් ලැබිල ඉන්නවා පොත් වලටම ආදරේ අය :)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ.අපි පොඩි උන් කාලෙ පොතක් දැක්කම ඇති වෙන සතුට දැන් පොඩි උන්ට ඇති වෙන්නෙ ෆෝන් එකක් කම්පියුටර් එකක් දැක්කම..

      එහෙම මව්පියො යාලුවො ලැබෙන එක වාසනාවක් අක්කේ.. සම තටු ඇත්තන් එක්ක පියාඹන්න ලැබෙන එක තරම් සතුටක් තවත් තියෙනවද..

      Delete
  8. මාත් මේ වැස්සට ගොඩවුනා.
    ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  9. මාත් මේ වැස්සට ගොඩවුනා.
    ආදර්ශමත් කතාවක්

    ReplyDelete
  10. බොහොම අමාරුවෙන් පාර හොයාගෙන ඇවිත් ඔන්න මමත් වැස්සෙ තෙමුනා.
    දරුවො කියවීමෙන් ඈත්වීම නැතිනම් දෙමව්පියො දරුවන්ට පත පොතට ළං නොකිරීම ඇත්තටම ඛේදවාචකයක්.

    ඔයාගෙ වයස ගැන මට හිතෙන හැටියට ඔයා මේ හිතන විදිහ ගැන ඇත්තටම සතුටුයි.

    ප.ලි.ඔයාගෙ සුබ පැතුමට ස්තූතියි.ඒත් මොකක්දෝ අබග්ගයක් වෙලා ඒ කමෙන්ට් එක මගෙ අතින් ඩිලීට් වෙලා

    ReplyDelete
    Replies
    1. වැස්සෙ තෙමෙන්න අද ඉඳන් ආදරයෙන් පිළිගත්තා එහෙනම්..

      අනේ මං තාම පොඩි ළමයෙක්..))

      කමෙන්ට් එක ඩිලීට් වුණාට කමක් නැහැ.. සුබපැතුම් හදවතෙන් මැකෙන්නෙ නැහැනේ..!!

      Delete
  11. ඊයෙත් මේ පැත්තට ආව මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා කොමෙන්ට් එකක් දාල යන්න බැරි උනා. අදත් මේ සැකෙන් දාන්නේ, කතාවනම් අනර්ඝයි හොදේ
    ජය වේවා දිගටම ලියමු.

    ReplyDelete
  12. කොමෙන්ට් එකක් දාන්න පට්ට ගේමක් දෙන්න උනා

    ReplyDelete
  13. ඊයෙත් මේ පැත්තට ආව මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා කොමෙන්ට් එකක් දාල යන්න බැරි උනා. අදත් මේ සැකෙන් දාන්නේ, කතාවනම් අනර්ඝයි හොදේ
    ජය වේවා දිගටම ලියමු.

    ReplyDelete
  14. ඊයෙත් මේ පැත්තට ආව මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා කොමෙන්ට් එකක් දාල යන්න බැරි උනා. අදත් මේ සැකෙන් දාන්නේ, කතාවනම් අනර්ඝයි හොදේ
    ජය වේවා දිගටම ලියමු.

    ReplyDelete
  15. ඊයෙත් මේ පැත්තට ආව මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා කොමෙන්ට් එකක් දාල යන්න බැරි උනා. අදත් මේ සැකෙන් දාන්නේ, කතාවනම් අනර්ඝයි හොදේ
    ජය වේවා දිගටම ලියමු.
    මහේෂ් සමන්ත කුමාර

    ReplyDelete
  16. ඊයෙත් මේ පැත්තට ආව මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා කොමෙන්ට් එකක් දාල යන්න බැරි උනා. අදත් මේ සැකෙන් දාන්නේ, කතාවනම් අනර්ඝයි හොදේ
    ජය වේවා දිගටම ලියමු.
    මහේෂ් සමන්ත කුමාර

    ReplyDelete
    Replies
    1. අනේ මගේ බ්ලොග් එකේ මොඩරේෂන් දාලනේ තියෙන්නෙ.මං කියවලා ඇප්රූව් කරන තුරු කමෙන්ට්ස් මේකේ පෙන්නන්නේ නැහැ.බොහොම ස්තූතියි කමෙන්ට්ස්වලට.. ගොඩක් පාරක් ඇවිත් ගිහින් තිබුණා.වැස්සේ තෙමෙන්න ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  17. ඇත්තෙන්ම. මම දන්න නංගි කෙනෙකුත් ඉන්නවා මේ ආදරයයි බලන්න එලාම් තියල අහරිනවා. දරුවන්ට තේරුම්ගන්න බැහැ. අත්දැකීම් තියෙන වැඩිහිටියොයි දරුවන්ට හොඳ නරක තෝරලා දෙන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. වෙලාවකට මේ විදේශීය කතාමාලා ලංකාවට මහා විසබීජයක්..අපේ මිනිස්සු ඒවායෙ තියෙන පණිවිඩයක්වත් ගන්න ලෑස්ති නෑනෙ.ඇස් උඩ තියාගන කට ඇරගෙන බලන් ඉන්නවා මිසක.

      Delete
  18. අම්මල අප්පච්චිලට පොතක් කියවගන්න බැරිකොට ළමයි කොහේ කියවිලිද? අද ළමයි පාඩම් කරන්නෙත් ඉගෙනගන්න නෙවේ එක්සෑම් එක පාස් වෙන්න. අන්තිමේ මෙලෝ ලබ්බක් ඔලුවේ නෑ.
    අද පොත් කියවීම කියන එක ලැජ්ජාවට කාරණයක් වෙන තැනට වැටිලා. අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට යන්නේ බහුතරයක් පොත් බලන්නයි, ලවු කරන්නයි, කාලේ කන්නයි වෙන වෙන වැඩ වලටයි. පොත් කඳු පිටින් ගත්තත් ඒවා කවුද කියවන්නේ?
    අද පොත් කියවන අය සෑහෙන්න අඩුයි. කාන්තාවන් නෙවේ පිරිමිත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ළමයි අස්පරේස් දුවනවා.ඉස්කෝලෙන් ටියුෂන් එකට.කරුණු විතරයි ඔලුවෙ තියෙන්නෙ.පාඩම් කරලා ඉවර වෙලා මාසයක් යන කොට අර කලින් පාඩම් කරපුව මතක නෑ.මොකද කටපාඩම් කරලා මිසක අවබෝධෙකින් ඉගෙනගෙන නැති නිසා..

      Delete
  19. මම ඉන්න රටේ නම් ළමයි හැමදාම ඉස්කෝලෙන් පොතක් ගෙදර ගේනව කියවන්න​. මගේ පුතා 1 වසරෙ එයාට හොදට කියවන්න පුලුවන් එයාලට දැන් කියවන එක පුරුද්දක් වෙලා නිවාඩු කාලෙටත් හැමදාම දවසට පොතක් කියවන්න ඕන නැත්නම් රෑට නින්ද යන්නෙ නෑ. මෙහේ ළමයි computer විතරක් නෙවෙයි ipad, iphone පාවිච්චි කරනවා ඒත් එයාලා ගොඩාක් පොත් කියවනවා.
    ලංකාවෙ කියවන්න ආස ළමයි ඕන තරන් ඉන්නවා. ඒත් එයාලට කියවන්න පොත් අරන් දෙන්න අම්මලා තාත්තලාට වත්කමක් නෑ. මම නම් හිතන්නෙ නෑ ගම්වල තියන පුස්ථකාල වලවත් පොඩි ළමයින්ට ඇති තරන් පොත් කියනවා කියලා. පොත පත් අරන් දෙන්න වත්කමක් තියන කීප දෙනටත් උවමනාවක් නෑ. ළමයි ඇත්තටම පවු.

    ReplyDelete
    Replies
    1. වතක්මක් නැති අයත් බොහොම ප්‍රමාණයක් ඉන්නවා තමයි.නමුත් ඇත්ත කතාව බැලුවොත් පොතක් අරගන්න වියදම් කරන්න පුළුවන් මුදල් ගොඩක් අම්මල තාත්තල වැය කරන්නෙ පලකට නැති දේවල්වලට.ළමයින්ට කිසිම පලක් නැති සුකුරුත්තන් අරන් දෙනවා.පොතකට වියදම් කරන්න සල්ලි නැහැ.මිනිස්සුන්ගේ ආකල්පයි ගොඩක් හැදෙන්න ඕන.

      Delete
  20. අද තමයි මේ පැත්තේ ආවේ පලවෙනි වතාවට.. කියවීම දරුවන්ට හොඳින් හුරු කරොත් අපිට මීට වඩා බුද්ධිමත් ලෝකයක් ලැබෙයි .. එත් දෙමාපියන්ගේ මුදල් පසුපස හඹා යාම , තරඟකාරී අද්‍යාපන රටාව සහ රූපවාහිනිය අපේ දරුවන් කියවීමෙන් හුඟක් දුරස්ථ කරමින් ඉන්නවා. ඒක බොහොම කනගාටුවට කාරණයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය හැම දෙයක්ම වගේ අඩුවැඩි වශයෙන් ළමයින්ගෙ ජීවිතවලට නරක විදියට බලපානවා..

      .. අම්බලන්ගොඩවත් වැස්සෙ තෙමෙන්න ආදරයෙන් පිළිගන්නවා..))

      Delete
  21. අද තමයි මුලින් ම දැක්කේ ඔයාගෙ බ්ලොග් එක!දුටුමතින් සිත ඇදී ගියා... :) වටිනා පෝස්ට් එකක්.සහතික ඇත්ත මේ නම්.මමත් හරිම කැමති චරිතයක් මැටිල්ඩා.ඔයා කියන්නා වගේ ම පොඩි දරුවො තියා අපේ වයසෙ අවුරුදු විසි එකේ විසි දෙකේ හොඳ පොත් කියවන්නෙක් මුණ ගැහෙන්නෙත් කලාතුරකින් මට නම්,එහෙම කෙනෙක් දැන ගත්තම හරි ම සතුටුයි ඉතින්.මට පොත් කියවන්න පුරුදු කළේ මගේ දෙමාපියෝ.උපන් දින තෑග්ගක් විදියට,බස් එකේ කෝච්චියේ යනකොට කියවන්න පොතක් දුන්නත් දරුවෙක්ට යහපත් අනුබලයක් ලැබෙනවා.පොතක පිටු ඇතුළෙන් කොච්චර සොඳුරු,විස්මිත විදියකට අලුත් දේ දකින්න,ලෝකෙ පුරා සැරිසරන්න පුලුවන් ද කියලා දන්නවනම් පොඩි එවුන් ආයෙ කවදාවත් ජෝද අක්බර්ලා, ඊනියා තරු කුමාරයො දිහා බලන්න තරම් බොළඳ මානසිකත්වයකට ඇද වැටෙන එකක් නෑ... අනික අපි පොඩි කාලෙ ගිය spell binder වගේ කතා මේ දෙලොවට ම නැති මෙගා නාටක කබල්වලට වඩා කොච්චර අපූරුයි ද.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න වැස්සෙ තෙමෙන්න බොහොම ආදරයෙන් පිළිගන්නවා..

      අනිවාර්යෙන්.. පොත් කියවන කොට මැවෙන ලෝකය දෘශ්‍ය කලා මාධ්‍යවලින්වත් මවන්න අසීරුයි.ඒ තරමටම සුන්දර මනෝලෝකයක් මවාගන්නත්, විසල් චින්තනයක් හදාගන්නත් කියැවීමෙන් පුළුවන්.තාක්ෂණයේ ආගමනයත් එක්ක කියැවීමෙන් ගොඩක් දෙනා දුරස් වෙලා ගිහින් තියෙනවා.

      අනිත් අතට දෘශ්‍ය කලා මාධ්‍යවල තියෙන යහපත් කොටස කොච්චර වැදගත්ද? නමුත් අවාසනාවකට ලංකාවෙ රූපවාහිනී නාලිකාවල පෙන්නන්නෙ වටිනකියන ටෙලි නිර්මාණ නෙවෙයි.නිර්මාපක රටෙන් පවා ප්‍රතික්ෂේප වන පහත් වැඩසටහන්.

      Delete
  22. හා හා මැටිල්ඩා

    ReplyDelete
  23. මැටිල්ඩා මගේ ලෝකෙත් වීර වරියක්. පොත් කියවීම දරුවන්ට හුරු කරන එක කාලීන අවශ්ශතාවයක් තමා. ඔන්න අපිත් ආවා.

    ReplyDelete
    Replies
    1. පුංචි කාලෙ ඉඳල කියවන ගොඩක් දෙනාගෙ වීරවරියක් තමයි මැටිල්ඩා..

      වැස්සෙ තෙමෙන්න අද ඉඳන් පිළිගත්තා ඔන්න එහෙනම්..))

      Delete
  24. මැටිල්ඩා මමත් අාස පොතක්.අද ඉදල මාත් වැස්සෙ තෙමෙනවා අක්කියෝ

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා වැස්සෙ තෙමෙන්න එහෙනම්..)))

      Delete