"..ඒ අර බලන්නකො.. කරාබු දාන්නැති ගෑණුළමයෙක්..."
ඔය කතාව මට හයක් හතරක් නොතේරෙන කාලෙ ඉඳල අනන්ත වාරයක් ඇහිල ඇති. ළමයගෙ කන හිල් කොරල රිද්දන්න නොහැකි බවට තාත්තත්, අම්මත් ඒකමතික තීරණේකට එළැඹීම හේතුවෙන් පොඩි කාලෙ මගෙ කන විදල නැහැ. ටිකෙන් ටික ලොකු වෙද්දි මටත් කන විදින්න වුවමනාවකුත් දැනුණෙන් නැහැ. ආබරණ පාවිච්චි කරන්න වුවමනාවක් දැනුණෙත් නැහැ. ඇයි දෙයි හාමුදුරුවනේ.. මේ යසට තියෙන කන මොකටද නිකං හිල් කරගන්නෙ. හිල් කරගත්ත මදිවට ඕවයෙ සරුවපිත්තල එල්ලන්නත් එපායැ.. සමහරු කන අතගාලා අනේ පව් කියලා කියද්දි හිනත් යනවා.. අඳින ඇඳුමට ගැළපෙන්න පාට පාටින් කරාබු තෝරන්න ඕන නැති වීමත්, කොයි වෙලාවෙ හරි කන කඩාගෙන රත්තරන් කරාබුව උගුල්ලන් යාවි කියල බයෙන් ඉන්න ඕන නැති වීමත් කොයි තරම් පිනක් ද කියල ඒ ඇත්තන්ට වටහල දෙන්න අමාරුයි නොවැ..
"බඳින දවසටවත් කන විදිමු නේ...? "
කියලා ඒ ඇත්තො අහද්දි,
"බඳින කොට උත්සවයක් නම් ගන්නෙ නෑ.ඒ සල්ලිවලින් පුස්තකාලයක් හදන්න හිතන් ඉන්නෙ.." කියල මං කටවහගන්නව.
අනිත් එක තමා සකල ස්ත්‍රී වර්ගයා මල් පොකුරුවලට ආසා කරන බවට තියෙන මිත්‍යා විශ්වාසය මං නං කොහෙත්ම පිළිගන්නෙ නැහැ. අඩුම තරමෙ මල් පොකුරුවලට ආසා කරන්න එක හේතුවක්වත් මට හිතාගන්න බෑ. ඔන්න නැචුරල් මල් කළඹක සුවඳට හරි ලස්සනට හරි ආසා කළා කියමු. ඕක පරවෙලා ගඳ ගහන කොට පැත්ත පළාතක ඉන්න පුළුවන් ද..? ප්ලාස්ටික් මල් කළඹක් පරවෙන්නෙ නැතුව ලස්සනට තියාගන්න පුළුවන් කියල තර්කයක් ගෙනාවැහැකි. ඒත් වදේ ඕවයෙ දූවිලි බැඳෙනවනෙ.. තව එකක් තමා ආදරේ ප්‍රකාශ කරන්න මල් යොදා ගන්න පුළුවන් කියන එක.. ඒත් දෙයියනේ පෙම්වතාගෙන් පොතක් තෑගි ලැබුණම ඇති වෙන ආදරෙන් දසලක්ෂෙන් පංගුවක් ඇති වෙනවද එයාගෙන් මල් පොකුරක් තෑගි ලැබුණොත්.
අපේ අම්මල තාත්තලත් අනික් ගෑල්ලමයින්ට වගේ මටත් හැම උපන්දිනේකටම මාල- මුදු- කරාබු - දිලිසෙන පාට පාට ගවුම් හෙම ගෙනත් දුන්න නම්, එහෙමත් නැත්නම් මගෙ කාමරේ බිත්තිවල රෝස පාට තීන්ත ගාලා - තුරුල් කරගෙන නිදාගන්න අලි ටෙඩිබෙයාර්ස්ලා ගෙනැත් දුන්න නම් මාත් අනිත් සමහර ගෑල්ලමයි වගේ වෙන්න ඉඩ තිබුණ. ඒත් මේ අවුරුදු දහනමයෙන් එක අවුරුද්දකවත් මට උපන්දිනේකට තෑග්ගක් විදියට සෙල්ලම් බඩුවක්, ඇඳුමක් ගෙදර උදවියගෙන් තෑගි ලැබිල නැහැ. හැම අවුරුද්දෙම ලැබුණෙ පොත්..! වයසෙ ගාණට.. උදාහරණයක් විදියට එකොළොස් වැනි උපන්දිනේට පොත් එකොළහක්..
මේ කාටවත් දොස් පවරන්න ලියූ ලියැවිල්ලක් නොවෙයි. ළඳ බොළඳ ගෑල්ලමයින්ට අපහාස කරලා ලියපු දේකුත් නෙමෙයි.. ඒත් ලෝකයෙ බටහිර රටවල තත්ත්වය බලද්දි ඒ රටවල හැම ක්ෂේත්‍රයකම පාහෙ 50% - 50% ගැහැණු - පිරිමි සහභාගීත්වයක් දකින්න පුළුවන්.වෛද්‍ය,කලා,මාධ්‍ය ආදී අනේක විධ ක්ෂේත්‍රයන්වල.. ඒත් ලංකාවෙ හුඟක් දෙමව්පියො ගෑණු දරුවන්ව පොඩි කාලෙ ඉඳල හදන්නෙ බොහොම දුර්වල ජීවීන් කොට්ටාසයක් විදියට. ගැහැණිය ඉතා ම සියුමැලි, දුර්වල, ශක්ති හිීන ජීවියෙක් නම් කොහොමද ලෝකෙ තියෙන දරුණු ම වේදනාව වන ප්‍රසව වේදනාව දරාගන්නෙ..? නමුත් ලංකාවෙ පුංචි ගැහැණු දරුවන් තුළ පවා බොහෝ විට ඇති කරල තියෙන්නෙ තමන් පිළිබඳ ව අවතක්සේරුවක්. කැරපොත්තෙක් දැක්ක ගමන් ගමට ම ඇහෙන්න හූ තියන මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් තමුන්ගේ සමාජ මෙහෙවර ගැන කල්පනා කරන්න බොහෝ ගැහැණු දරුවන්ගෙ මනස සකස් කරලා නැහැ.. එතනයි වරද තියෙන්නෙ..
අපේ බ්ලොග් අවකාශයෙ ම සහෘද ඉයන් මාමා ලියූ දැන් ළඳුන් සිංහාසනේ ගීතයේ පද වචන බවට පත් නොකර සත්තාවක් කිරීමේ වගකීම ඇත්තේ අප අත බව අමතක කරන්නට බැහැ.
මං මෙතැනදි කියන්නෙ ස්ත්‍රී ලාලිත්‍යය නැති කරගත යුතු බව නොවෙයි. මේක කිසිසේත් ම ස්ත්‍රිවාදී කෝණයකින් ලියන ලිපියකුත් නොවෙයි. ඒත් අනවශ්‍ය විදියට බොළඳකම් පෙන්වන්න ගිහින් රටට ලෝකෙට විහිළුවක් නොවී, සමාජයට වැඩදායක විදියට ජීවත් විය යුතු බවයි මගේ අදහස.
ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ කාර්යභාරය ඔබ අප සියලු දෙනාගේ උර මත පැටවී තිබෙන මහත් වගකීමක්.. ඒ සමාජ මෙහෙවරේ දී ගැහැණු - පිරිමි භේදයක් කිසිසේත් ම අදාළ වෙන්නෙ නැහැ.
ඒ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම සඳහා අපට මල් පොකුරු වෙනුවට පොත් සිපගන්නත්, අබරණ වෙනුවට පෑන් අතට ගන්නත් හැකි විය යුතුයි...
අප එසේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකය යහපත් කරනු පිණිස වැඩ කරන කල අප නොදැනුවත්ව ම මේ ලෝකය බොහොම ප්‍රියමනාප තැනක් බවට පත් ව තිබේවි...
මරු. මටත් මල් වලට නං ආසවක් නෑ. වෙන්ඩ මහත්තය ඉඳල හිටල විහිලුවක් නං කරනව.. මල් ගහක්වත් හදන්න දන්නවැයි, කෙලි ගති ගෑවිලාවත් නෑනෙ කියල. ඊට චුට්ටකට පස්සෙ ආයෙම කියනව කරන බොළඳ වැඩ බලල, නෑ නෑ ගෑණු වැඩ තියෙනව කියල. ඒ හින්දා ඕක ප්‍රශ්නයක් නෙවෙයි වර්ෂා.. පාට පාට කරාබු මාරු කරන්න මට ආසාව තිබුණ අවුරුදු දාසයෙ, දාහතේ විතර. දැන්නං ඒව මතකත් නෑ. පොත් කේස් එකටනං මාත් එකෙන්ම අත උස්සල.
ReplyDeleteමේක මගෙ අනන්‍යතාවය.ඒ නිසා ලෝකය කොයි ආකාරයෙන් ඒක කියෙව්වත් මට කිසිම ගැටලුවක් නැහැ.කියන්න උත්සාහ කළේ මල් පොකුරු ඉඹින එකෙන් එහාට ගොහින් ගැහැණිය තමන්ගෙ සමාජ,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික කාර්යභාරය තේරුම් ගත යුතු බවයි..
Deleteමම මල් වලටත් කැමතියි ආභරණ වලටත් කැමතියි හැබැයි රත්තරන් වලට වැඩිය කැමති නැහැ. නංගිගෙ කතාව කියවද්දී මතක් උන දෙයක් කියන්නම් දන්නවද අපිට දෙයක් තියනවට වඩා නැතිකොට ඒ දේ දැනෙනවා වැඩී. උදාහරණයක් විදිහට කරාඹු නොදා දවසක පාරේ තොටේ යන්න උනාම වැඩියෙන්ම ඇහැගැටුනෙ කරාඹු එදා තමා මම දැක්කෙ කරාඹු දාන්නෙ නැති තවත් අය ඉන්නව නේද කියල. සෙරෙප්පුව කැඩිලා සෙරෙප්පුව අතේ තියන් කඩයක් ගානෙ යද්දී තමා දැක්කෙ සෙරෙප්පු නොදා ඉන්න තව කොච්චර අය ඉන්නවද කියල. මේ ඔය කරාඹු කතාව කියද්දී මතක් උනේ දෙයක් ...
ReplyDeleteඅපේ ගෙදර උපන්දිනේට පොත් වගේම එක එක දේවල් ගේනව.මම සල්ලි වියදම් කරලා පොත් ගොඩක් ගෙනාවත් කවදාවත් මොකුත් කියන්නේ නැහැ.මම හිතන්නෙත් උපන්දිනයකට දෙන්න පුළුවන් හොඳම තෑග්ග පොතක්. ඒත් හැමෝම පොත් කියවන්න කැමති නෑනෙ ඒ නිසා දෙන තෑග්ග වෙනස් වෙනව.
ලිපියෙ මැද කොටසෙ කාන්තාවන් ගැන කරපු සටහන කියවද්දි ඉයන් අංකල් කාලෙකට කලින් ලීව මේ ලිපිය මතක් උනා .
ගැණු නැත්තං අපි කපෝති -http://lankanian.blogspot.com/2016/04/blog-post.html
//එදා තමා මම දැක්කෙ කරාඹු දාන්නෙ නැති තවත් අය ඉන්නව නේද කියල. සෙරෙප්පුව කැඩිලා සෙරෙප්පුව අතේ තියන් කඩයක් ගානෙ යද්දී තමා දැක්කෙ සෙරෙප්පු නොදා ඉන්න තව කොච්චර අය ඉන්නවද කියල.//
Deleteමිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති වුන් වෙසෙන රටේ
ඉයන් අංකල්ගේ ඔය ලිපිය එතෙක් මෙතෙක් බ්ලොග් අවකාශයේ ලියැවුණු විශිෂ්ටතම ලිපියක්.ඒ මාතෘකාව මෙතැනදී නොවෙයි මීට වඩා පුළුල් විදියට වෙනත් ලිපියකින් කතා කරන්න ඕනෑ.
ඒ වගෙම මතක් කළ යුතුයි, දැන් ළදුන් සිංහාසනේ ගීයෙ පදරචකයාත් ඔහු බව.
//හැම අවුරුද්දෙම ලැබුණෙ පොත්..! වයසෙ ගාණට.. උදාහරණයක් විදියට එකොළොස් වැනි උපන්දිනේට පොත් එකොළහක්.
ReplyDeleteපිං කලාම එහෙම තමා ඉතිං!
පින පව අහගන්න පුළුවන් අපෙ අම්මගෙන් තාත්තගෙන් මේ පාර උපන්දිනේට පොත් ගන්න ගියාම.ඇයි වදේ එන්න එන්න පොත් ගාන වැඩි වෙනව නොවැ..)))
Deleteවැසි දැරිය හරි. ඒත් ඕක තේරුං කරවන එක නං අති අමාරුයි..
ReplyDeleteඅපි උත්සාහ කරමු දේශකතුමනි..))
Deleteසරල එන තරමට ජීවිතේ ලස්සන වෙනවා, අපි ජාතියක් වශයෙන් සරුව පිත්තල පස්සේ ස්දුවන කාලෙක පිරිහීම දාස මත්තෙම පෙනෙන කොට එකිනෙකාගේ නතු අඩු කම් වලට හිනා හෙන කොට අපි අපිටම හිනා වෙනවා , උද බලන් කෙල ගහ ගන්නවා කියල හිතන්නැති මිනිස්සු ගොඩක් ඉඳිද්දී වර්ෂාගේ ලිපිය ඒ අදහස් හරිම අපුරුයි, ඔය වෙනස තමා සිදු විය යුත්තේ. රටක් වශයෙන් ඉදිරියට යන්න අලුත් අලුත් දෑ අපුරු පරිකල්පන නව නිර්මාණ බිහි විය යුතුයි.
ReplyDeleteපළමුවෙන් ම කොමෙන්ටුවට ස්තූතියි සොමියා.. ඔබ වැනි පුළුල් ව හිතන්න පුළුවන් ඇත්තන් බ්ලොග් අවකාශයේ වැඩි වැඩියෙන් මුණ ගැසීම සන්තෝෂයක්..))
Deleteඅපි අපේ අඩුලුහුඬුකම් දැකිය යුතු බවත්,ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යා යුුතු බවත් මං අදහන කාරණයක්.ලෝකයේ දියුණුම ජාතියක් වුණ අපි-රාවණ,විජයබාහු,සුගලා,දෙවන පරාක්‍රමබාහු වගේ ශ්‍රේෂ්ධ මිනිසුන්,ගැහැණුන්ගෙන් පැවතගෙන අපි දැන් ගමන් කරන මාවත ගැන වෙලාවකට දැනෙන්නේ ලැජ්ජාවක්.
අප්පෝ කෙල්ලොද.. ලංකාවේ කෙල්ලෙක් මොන ක්ෂේත්‍රයකට ආවත් එතන ප්‍රශ්න සීයක් හමාරක් හදලා තමා යන්නේ. විශ්‍රාම ගිය අපේ පරණ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් කියපු කතාවක් තමා- "රේල්වේ ඒකෙ ඉන්න ගෑනු ටික අයින් කරා නම් ඔකේ තියන ගැටළු වලින් සීයට 90ක් නැති වෙනවා" කියන එක. මටත් පෙන්නේ එතන ගත යුත්තක් තියනවා.
ReplyDeleteඅනික් එක කන් විදීම- මේක නම් අනවශ්‍ය දෙයක් තමා. මට මතකයි අපේ නංගිගේ කන් විදපු දවස. එයාට දවස් 2ක් විතර උණ හැදිලත් හිටියා. මේවා නම් විකාර තමා.
කොහොමත් ලංකාවේ ළමයි හදන්නේ බෝනික්කෝ වගේ නේ. එකනේ අද මේක මෙහෙම වෙලා තියන්නේ.
ලංකාවෙ තියෙන තව ප්‍රශ්නයක් තමා හැම වෙලේම ගැහැණුන්ව පහත් කරලා බලන්න ඇතැම් පිරිමින් තවමත් පුරුදු වෙලා ඉන්න එක.එක ගැහැණියක් වැරැද්දක් කළාම තාම ලංකාවෙ මිනිස්සු බනින්නෙ ගෑණුන්ගෙ හැටි කියලා.හැබැයි එක පිරිමියෙක් කරන වැරැද්දකට පිරිමින්ගෙ හැටි කියලා පොදුවේ සකල පුරුෂ සංහතියට බනින අවස්ථා නම් බොහොම අඩුයි..
Deleteතවත් පැත්තකින් ලංකාවෙ ගැහැණු ළමයින්ව හදන්නෙ ස්වාධීන ව තීරණ ගන්න පුළුවන් විදියට නෙමෙයි.බටහිර රටවල ගැහැණු පිරිමි කිසි ගැටලුවක් නැතුව එකට වැඩ කරද්දි ලංකාවෙ එහෙම කරන්න බැරි වීමටත් එක හේතුවක් ඒක.හැම වෙලේම අනුන් මත යැපෙන්නෙ නැතුව කොන්ද කෙළින් තියන් වැඩ කරන්න ලංකාවෙ ගැහැණු දරුවන්ට පුරුදු කළ යුතු කාලය එළැඹිලයි තියෙන්නෙ.
කන් විදීම පුද්ගලික රුචිය කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.තමන්ට ආස නම් වැඩිහිටි වයසට ආවට පස්සෙ හත්අට පොළක් විදගත්තත් ප්‍රශ්නයක් නැහැ.කෙල්ලො විතරක් නෙමේ කොල්ලොත් ඔය අනන්තවත් කන් විදගෙන ඉන්නෙ.ගැටලුව තියෙන්නෙ අර හයක් හතරක් නොතේරෙන පුංචි පැටවුන්ගෙ කන් විදින එකෙයි..
අපේ පරම්පරාව එතැනින් වෙනස් වුණාම හරි.. බෝනික්කෝ වෙනුවට අනාගතයට ශක්තිමත් ව මුහුණ දිය හැකි දූවරුන් ව හදන්න අපේ පරම්පරාවට වගකීමක් තියෙනවා..
මෙහෙම හිතන්න පුළුවන් කෙල්ලෝ ඉන්න එක වාසනාවක්.
ReplyDeleteස්තූතියි දිනේෂ් අය්යේ..
Deleteපොත් එළිදැක්වීමට එන්න බැරි වුණාට සමාවෙන්න.එදා හදිසි වැඩක් යෙදුණා.පැයබාගෙන් එන්න පුළුවන් දුරක ඉඳලත් එන්න බැරි වීම ගැන බොහොම කණගාටුයි.පොත කියවන්න ම ඕනෑ.මහරගම හෝ නුගේගොඩ සරසවියෙ තියෙනවද?
වැසි දැරිය ගේ කමෙන්ට් එක හරහා බ්ලොග් එක සොයාගෙන ආවේ. අපුරුයි. මම දවසක් තෑග්ගක් දුන්න චීන යාලුවෙක්ට ,,කරාබු දෙකක්. පසේ දැක්කේ උන්ද කන් විදලා නැහැ කියල . පසු කලෙක ඊමේල් එකක් ඒවා තිබුණ කන විද්ද කියල.
ReplyDeleteපොත් කියවීම ඉතාම හොඳ පුරුද්දක්. පොතක් කියන්නේ වෙනම ලෝකයට ඇස විවර කරන දොරක්. ජිවිතයේ ඇති වෙන හුඟක් ප්‍රශ්ණ එහාට මෙහාට හරෝලා විඳ ගන්න පුළුවන් හුඟක් පොත් කියෝලා තිබ්බම.
වැසි දැරිය වැසි දරුවන්ට කියනවද දැන් වැස්ස ඇති කියල හා හා
බ්ලොග් ලෝකයේ ප්‍රවීණියක් මේ පැත්තට ගොඩ වැදුණ එක ගැන බෝම සන්තෝසයි.. පළමුවෙන් ම..))
Deleteවැස්සෙ තෙමෙන්න ආදරෙන් පිළිගන්නා අතරෙම කොමෙන්ටුවටත් ස්තූතිය පළ කරනවා..!
දරුවො ඉන්න එපැයි එහෙම කියන්න.. වැස්ස දැන් වැසි දැරියටත් පාලනය කරන්න බැරි තත්වෙකයි තියෙන්නෙ...)))
අයි අයියෝ ....මේක කියවන්න දවස් ගාණක ඉඳලා වලි කනවා. අද නෙව නෙත් දෙකට පෙන්නුම් කලේ ....
ReplyDeleteමේක කියෙව්වාම මට මතක් වුණේ තාගෝරයන්ගේ ලලිතා . වර්ෂා ව ඒ විදිහට හිතින් මවා ගන්නද ?
//ගැහැණියකගෙ සුන්දරත්වය තියෙන්නෙ ස්ත්‍රීත්වයේ බවට විවාදයක් නැහැ. ඒත් අනවශ්‍ය විදියට බොළඳකම් පෙන්වන්න ගිහින් රටට ලෝකෙට විහිළුවක් නොවී, සමාජයට වැඩදායක විදියට ජීවත් විය යුතු බවයි මගේ අදහස. ගැහැණුකම රැකගන්න ගමන් ම සිය සමාජ මෙහෙවර ඉටු කළ යුතු වන බවයි ඉන් අදහස් කළේ.//
සීයට සීයක් එකඟයි මේ කතාවට ....
ගොඩක් දෙනෙක්ගෙන් චෝදනා ආවා තමා බ්ලොග් එකට ඇතුළු වෙන්න බැරුව.. ඔන්න දැන් හැදුවා ඕං..))
Deleteමරු මරු.. හැසිරීමෙන්,මුරණ්ඩුකමින්,ආදරය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති බවින් වගේ බොහෝමයක් දේවල්වලින් වර්ෂා,ලලිතාට බොහෝම සමානයි..))
මෙතූ අක්කා මේ ලිපියට බොහොම අනුගත බව ඔයාගෙ බොලොග් කොටය කියවන මං දන්නවා.සමාන අදහස් ඇත්තන් සයිබර් අවකාශයෙන් හමුවීම සතුටක්..!
බොහොම අපූරුයි..බොහොම අපූරුයි...හැම අදහසකටම එකඟයි. මට එකඟ වෙන්න බැරි අදහස් ඔය දරුවා ගාව ඇත්තෙම නැද්ද මන්දා...පුදුම වැඩේ කියන්නෙ ඔහෙටම හරියන අම්මෙකුයි තාත්තෙකුයි ලැබිච්ච එක.
ReplyDeleteඅනික් අතට මෙහෙම වෙන්නත් පුලුවන්. ඔයාගෙ ඔය ගති පැවතුම් සහ අදහස් උදහස් වලට හේතුව ඒ වගෙ දූරදර්ශී, බුද්ධිමත් මව්පියන් දෙදෙනෙක් ලැබීම....:)
මං හිතන්නෙ මං සම්බන්ධයෙන් නම් වඩාත්ම නිවැරදි දෙවැනියට කිව්ව එක.දරුවො බොහෝ වෙලාවට යන්නෙ මව්පියන් යන පාරෙ.එහෙම නොවෙන අවස්ථා තියෙනවා.ඒ ජානමය බලපෑමට එහා ගියපු පාරිසරික සාධක නිසා වෙන්න පුළුවන්.ඒත් ශක්තිමත් මව්පිය යුවළකට පුළුවන් තමන්ගෙ චින්තනය සහිත,ඒ වගෙම ඒ චින්තනයෙනුත් එහාට හිතන්න පුළුවන් දරුවන් හදන්න..
Deleteමට කවදාවත් තාත්තවත්,අම්මවත් අවවාද කරලා,දැනමුතුකම් දීලා මේ කියන විදියට ජීවත් වෙයං පුතේ කියල කිව්වෙ නැහැ.එයාලා ජීවත් වෙන දිහා බලන් ඉඳලා මං ජීවත් වෙන්න ඉගෙන ගත්තා මට හිතෙන්නෙ..))
මේ කමෙන්ටුවත් මට කවදාවත් අමතක නොවේවි.. සමාන අදහස් ඇත්තන්ගෙ අදහසක් පවා කොයි තරම් නම් හිතට සිහිලක් ගෙනෙනවද.. මට රවි මාමවත් තාත්තා කෙනෙකු වගෙ දැනෙන්නෙ ඒ සහෘද භාවය නිසාමයි.
නියම පෝස්ට් එකක්..
ReplyDeleteමට සරලව කියන්න තියෙන්නෙ දැන් බොළඳ කෙල්ලෝ අල්පයි, දුලබයි.
බහුතරයක් රටේ ආර්ථික වර්ධනයට දායක වෙන, යම් දෙයක් එළියට බැහැලා කරන උදවිය.
ඉතිං සතුටුයි !
බොහොම ස්තූතියි...
Deleteඒ වගෙම ස්ත්‍රීත්වය පිළිබඳ ව පුළුල් ව හිතන්න පුළුවන් කොල්ලොත් දැන් බොහොමයි..
ඒ ගැනත් සතුටුයි..
ගන්න දේවල් බොහොමයක් තියෙන කතාවක්.අර උපන් දිනේට වයස හැටියට පොත් දෙන එක තමයි මට නං ආසම දේ.දැන්නං වැහි වැස්සා ඇති නේද?
ReplyDeleteහා හා.. ඔයා ඒකට ආස වුණාට තව අවුරුදු හතඅටක් යනකොට අපේ ගෙදර අය නම් ඒකට ආස වෙන එකක් නැහැ..))
Deleteවැස්ස ඉතින් වැසි දැරියට නවතන්න පුළුවන් වුණා නම් මෙලහකටත් නවත්වලා තමා..))