Sunday, November 6, 2016

දෑ සමන් සුවඳ..!!

මුළු හද ම දෑ සමන් සුවඳැති
පෙම්වතෙකි නිති මහදවත වැසි..!

~~~~~~~~~~~~~~~~

දිග දුරැති සසරෙහි
එක් භවයකට හෝ
නවාතැන් දෙන්නැයි ඉල්ලූ
කොලු හදවත් ද ඇත 
මෙතුවක් පැමිණි
වැසිබරිත මග දෙපස..

ඔවුන්ගේ හිත් නේක සුවඳය..
ඇතැමුන්ගෙ හිත් බලෙන් ගැල්වූ
සුවඳ විලවුන් සුවඳ ය..
ඇන්තූරියම් සුවඳ ය..
ඕකිඩ් - සැන්ඩ්‍රියානා
මිලාධික මල් සුවඳ ය..

එහෙත් මා පෙම්වත
දෑසමන් සුවඳැති
වෛවර්ණ නැති - සුදු පෑ
සුපිරිසුදු සුවඳක් ඇති..

ඔබට - ඔබෙ දෑසමන් සුවඳට
මට මේ සංසාරයත් මදි කොට
අන් කිසිදු මල් සුවඳකට
භවයකින් ඇබිත්තක හෝ
ඉඩ තියන්නට මට නොහැකි ය..

~~~~~~~~

සුපෙම්වත!
ඔබ හද
දැන් පිපුණු
දෑසමන් සුවඳ ය..!

22 comments:

  1. ආදරය පැත්තෙන් සහ සාහිත්‍යම පැත්තෙන් යන දෙකෙන්ම ඉස්තරම්. සුභ පැතුම්. ඔහු නම් හැබෑ වසනාවන්තයෙක්

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ම ස්තූතියි..!!

      වාසනාව ගැන නං ඉතින් කවර කතා ද..)))

      Delete
  2. දිග දුරැති සසරෙහි
    එක් භවයකට හෝ
    නවාතැන් දෙන්නැයි ඉල්ලූ
    කොලු හදවත් ද ඇත
    මෙතුවක් පැමිණි
    වැසිබරිත මග දෙපස..

    I was thinking howmany girls I have loved or crushed on in my past lives

    ReplyDelete
  3. දෑසමන් මල පර උනාම..ඒ තරන් වටිනා හදවතක් පිපී පරවෙන දිරා යන මලක සුවඳට උපමා කලේ ඇයි වර්ෂා..

    ReplyDelete
    Replies
    1. එක ම වස්තුවක් දෙන්නෙක්ට දෙවිදියකට කියවන්න පුළුවන්නේ අක්කේ.මලක තියෙන පර වෙන බව ගැන නෙමේ මං මෙතනදි කතා කළේ..

      "වෛවර්ණ නැති - සුදු පෑ - සුපිරිසිදු සුවඳක් ඇති"
      මේ පෙළේ මං දෑසමන් මල උපමා කරපු හේතුව හැංගිලා තියෙනවා නේද..))

      Delete
    2. ඔව් වර්ෂා.. ඔයා සඟවලා තියන සුවඳ දැනෙන හදවතක් මට ලැබුනොත් එය කිසිම දෙයකට සමාන කරන්නේ නැ...ඒ තරන් වටිනා හදවතක් සමාන කරන්න දෙයක් මම දන්නේ නැති නිසා.. කවිය හරිම ලස්සනයි වර්ෂා..:) :)

      Delete
    3. දැසමන් සුවඳකට සිත් බැඳි පෙම්බරියේ
      සඳවන් නුඹේ රූපෙට මා ඇදී ගියේ
      භවයෙන් වෙන් වුණත් මතු මතු ජීවිතයේ
      සැනහෙන් නුඹට මා ඉමි මගෙ ආදරියේ.....

      ජයවේවා!!!

      Delete
    4. ස්තූතියි දුමින්ද.. අපූරු පිළිතුරු කවියට..))

      Delete
    5. ස්තූතියි හීන දකින්නියේ..

      සඳෙහි ලප තියේ
      මලෙහි කටු තියේ
      ඔබ මා නෑ සසඳන්නේ..

      කියා කරුණාරත්න අබේසේකර ලිව්වේ ඒ නිසා වෙන්න ඇති..))

      Delete
  4. අම්මටයි තාත්තටයි කියන්නං මං. ඉන්නකෝ හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. හය්යෝ.. කවියක් කියන්නේ සත්‍යයයි ප්‍රබන්ධයයි අතර පවතින දෙයක්නේ..

      අය්යා ඉතින් මෙව්වා හැබෑවට ගන්නෙපා..

      බලන්න.. කේලම් කියන්න හදන හැටි.. ))

      Delete
  5. නගාගෙ ආදරේ තරමටම කවියත් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හප්පා.. මෙයාට අවුරුදු ගාණකින් බ්ලොග් එකක් තියෙනවා කියල මතක් වෙලා තියෙන්නෙ...)))

      Delete
  6. ජාති ජාතී අණ්‍යයෝක,
    උරචක්‍රමාලං වධකේන,
    මානවකං අසරණං,
    පශ්චාත් පත්‍රෝල සුනඛංච,

    මා හිතවත් අසරණ මානවකය,

    ජාතී ජාතී ඔබට ඇණයක් සහ වධයක්වන උරචක්‍රමාලයක ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් වහ වහා පසුපසට පෙට්රල් නම් වූ නම් වූ දියරයෙන් දමාගසනු ලැබූ සුනඛ පොව්වකු මෙන් පලාගොස් ගැලවී ගත මැනව.

    ReplyDelete
    Replies
    1. ඔය ස්ලෝකේ මොන පොතේද දන්නෙ නෑ තියෙන්නෙ.තව ටික දවසකින් ප්‍රාචීන පණ්ඩිත විබාගෙට පෙනී සිටින්න අදහසක් තියෙනව.ඒ කාලෙටවත් වැදගත් වෙන්නැතැයි.ශ්ලෝකය අන්තර්ගත පොත කිව්වා නං මං හොයාන පාඩං කරගන්නම්..))

      Delete
  7. Replies
    1. පළමු පැමිණීම වගෙයි.. ආදරෙන් පිළිගත්තා එහෙනම් වැස්සෙ තෙමෙන්න..))

      Delete