සුළඟ හමා එන දසතින්නේ - ඔහුගේ සුවඳ ද මේ ගෙන එන්නේ
“අපි මේ ජීවත් වෙන්නෙ බලවත් යයි කියන රටවල් තවත් රටවල යුද්ධ අවුලලා ඒවට මැදිහත් වෙලා ඒ ගොල්ලන්ට කරන්න ඕන කරන මහම මහ විනාසෙත් සිද්ධ කරලා තමන් තමයි සාමයේ නියෝජිතයා කියලා පෙනී ඉන්න කාලෙක. යුද්ධයේ ප්‍රතිඵල හැටියට ඒකට මොන විදිහෙන් වත් වගකිව යුතු නැති ලෝකයෙ කොතැනක හරි ඉන්න අපේ දරුවන් - මිහිකතගෙ දරුවන් අහිමි කරන ලෝකයක. අපේ මේ මොනරාගල ගමනෙදි අපට හමු වන පාසල් දරුවන්ගෙයි පහුගිය දවස්වල යුද්ධය නිසා අහිමි වෙච්ච දරුවොයි අතර මම වෙනසක් මම දකින්නෙ නැහැ.”
සහන් මේ වචන පැවසුවේ සිය පවුලේ සාමාජිකයන් අතරට ගඟුල් සහ මිහිදිනී එක්කොට ගනිමින් පාසල් පඤ්චකයන ගුරු දෙගුරු සිසු තෙපිරිස උදෙසා වන වැඩ සටහන් පහකට සහභාගී වීම සඳහා මොනරාගල බලා යන ගමනේ දී ය. සිය ආචාර්යවරයාගේ වදන් ඇසීමත් සමග ගඟුල්ට සිහිපත් වූයේ ඊයේ රාත්‍රියේ සිය අධ්‍යයනයට හසු කොට ගත් 1986 වර්ෂයට අයත් ගුරු දිනපොත් තුන යි. ඔහු කතාවට පිවිසියේ ඒවා ද සිය කතාවේ කොටසක් බවට පත් කොට ගනිමිනි.
“සර් මම ඊයේ රෑ සර්ගෙ 86 අවුරුද්දට අයිති සිංහල දිනපොත බලලා ඉවර කළා. ඒ දිනපොත අගට සර් එකතු කරලා තියෙනවා ලියෝ ටොල්ස්ටෝයිගේ, බහා අල්ලාතුමාගේ, එඩිටි මොරිස්ගෙ හිරෝෂිමාවෙ මල්වල ප්‍රකාශ වගෙම බිල්දේව් සිං මාන්ගෙ ප්‍රකාශ. ඒ ඔක්කොම ප්‍රකාශ අපට පෙන්වන්නෙ යුද්ධයේ අමිහිරිකම. ඒවා නිසා මනුෂ්‍ය හදවත්වල ඇති වන බලවත් ශෝකය. ඒ හැම ප්‍රකාශයක් ම මනුෂ්‍යයා කැඳවන්නෙ යුද නොකර සිටිය යුතු යි කියන මානසිකත්වයට. අපි සමාජගත කරන්න ඕන ඒ අදහස්. අපේ අලුත් පරම්පරාවට දෙන්න ඕනෙ ඒ අදහස්.”
“ගඟුල්, අපි තවම ගමන පටන් ගත්තා විතරනෙ. මේක දුර ගමනක්නෙ. හසිත් පුතා වාහනේ එළවන නිසා දැනට අපි ඒ වගකීමෙන් නිදහස්නෙ. ඔයා ඔය කියපු ප්‍රකාශවලින් වඩාම දැනෙන එකක් මේ වෙලාවෙ ඔයාට පුළුවන් මතු කරන්න.”
“සර්, මේ හැම ප්‍රකාශයක්ම වගේ එක වගෙම වැදගත් කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මට එක ප්‍රකාශයක් නෙමෙයි ඒවයින් දෙකක් වත් මතු කරන්න ඉඩ දෙන්න. පළවෙනි ප්‍රකාශෙ බිල්දේව් සිං මාන්ගෙ. මේ ප්‍රකාශය එයා කරලා තියෙන්නෙ 1986 සැප්තැම්බර් දහ අටවෙනිදා. මේක කරලා එයා ජීවත් වෙලා තියෙන්නෙ දවස් අටක් විතරයි. ජීවිතවලට ආදරය නොකරන ත්‍රස්තවාදීන් සැප්තැම්බර් 26 වෙනිදා එයාව මරලා දානවා. හැබැයි ඒ ගොල්ලන්ට පුළුවන් වෙන්නෙ නැහැ බිල්දේව් ප්‍රකාශ කරන දේ මරන්න.”
“ගඟුල් සර් කියන්ඩකො ඉතින් ඒ ප්‍රකාශෙ.”
“මිහිදිනී මම කියන්නම් ඒ අදහස. බිල්දේව් කියනවා එයාට ෂික් ජාතිකයෙක් වත් හින්දු ජාතිකයෙක් වත් මුස්ලිම් ජාතිකයෙක් වත් වෙන්න ඕනෙ නැහැ කියලා. එයා ලෝකයෙන් ඉල්ලා හිටින්නෙත් මේ ඔක්කොටම ඉහළින් තියෙන මනුෂ්‍යත්වයට පත් වෙන්න උත්සාහ කරන්න කියලයි. ඒ වගෙම අප එකිනෙකාගෙන් වෙන් කරන විෂම තත්ත්වයන්ට පත් නොවෙන්ඩ වග බලා ගන්න කියලත් ඔහු කියනවා. මේ ටික කියලා කියලා එයා අපේ පපුවටම දැනෙන ප්‍රකාශයක් කරනවා.”
“ඒ ප්‍රකාශෙ ප්‍රාර්ථනාවක් නේද ගඟුල්.”
“ඔව් සදසි, එයා කියන්නෙ මේකයි. මගේ මේ වචන කීපය ඔබගේ ජීවිතයට පදනමක් වේවා!”
“මට මතකයි ගඟුල් ඕක ලියපු දවසත්. අපේ අය්යත් ගොඩක් අගය කරපු ප්‍රකාශයක් තමයි ඔය. ඔය දවස්වල තමයි අය්යා මට ටොල්ස්ටෝයිගෙ උ්ර ්බා ඡැ්ජැ පොතේ සිංහල පරිවර්තනය වෙච්ච, මට මතක හැටියට කොටස් 12ක් විතර තිබිච්ච යුද්ධය හා සාමය ගෙනත් දුන්නෙ. ඒක පරිවර්තනය කරලා තිබුණෙ අපට හිටපු හොඳම පරිවර්තකයෙක්. ඒ තමයි කළුබෝවිල සිරිල් සී පෙරේරා. ඒ වගෙම ඔය දවස්වලම තමයි මම හිරෝෂිමාවෙ මල් බල බල හිටියෙ. ඒක එයිටි මොරිස්ගෙ. ඕකෙ පරිවර්තකයා හෙළ හවුලෙ ප්‍රබල චරිතයක් වෙච්ච හියුබත් දිසානායක. ඔය පොත පොඩ්ඩකට දෙන්න ගඟුල් මට. අපේ අය්යත් ගොඩක් අගය කරපු ප්‍රකාශයක් තියෙනවා ඕකෙ. මම පිටුව පෙරළලා දෙන්නම්. ඔයා ඒක කියවන්න.”
මේ අනුව සහන් ගඟුල්ට යථෝක්ත දිනපොතේ එක පිටුවක් පෙරළා දුන්නේ ය. දිනපොත අතට ගත් ගඟුල් සිය ගුරුවරයා දෙස බැලුවේ විස්මයෙනි.
“සර් මේ පෙන්නන ප්‍රකාශෙනෙ මම ඊළඟට කියවන්න හිටියෙ.”
එසේ පවසා හිරෝෂිමාවේ මල් අතර දෘශ්‍යමාන එකොටස ගඟුල් කියවන්නට ගත්තේ ය.
“අහෝ මාගේ දෙවියනි, බෝම්බයෙන් නටබුන් වූ සියලුම ජීවීන් ගැන සිතෙන විට, ඒ මාරක බෝම්බය හෙළා දැන් අවුරුදු දහහතරෙකි. එහෙත් එය එහි විනාශය තවමත් කැරගෙන යයි. මේ අතර අපි අනෙක් බෝම්බයක් වැටෙන තෙක් ගොළු වී සිටිමු. මේ ළඟට හෙළෙන බෝම්බය නම්, එදා නිකම් පුරුදු වන්නට මෙන් හිරෝෂිමාවට දැමූ බෝම්බයට වඩා දහස් වාරයකින් ශක්ති සම්පන්න වන බව අපි දන්නෙමු. එහෙත් අපි ඒ ගැන සලකමු ද? එම්බා දරුව! අප ජීවත් වන්නේ මිනීකන ම්ලේච්ඡයන්ගේ ම ලෝකය කැයි ඔබ සිතන්නෙහි ද? මම මේ ගැන කුමක් හෝ යමක් කරන්නෙමි.”
“ගඟුල් පොඩ්ඩකට නවත්තන්න. මට තියෙනවා කියන්න දෙයක්. ඔය අන්තිම වාක්‍යය තමයි අපි හිතන්න ඕන තැන. ඔතනට තමයි අය්යා අපේ අවධානය යොමු කළෙත්. එයා කිව්වෙ යුද්ද නොකරන තැනට මනුෂ්‍යයා කැඳවන දේ කිරීම වෙතටයි ඔය ප්‍රකාශෙ අපිව කැඳවන්නෙ කියලයි. අපි කවුරුත් කැමති ජීවත් වෙන්න මිසක් මැරෙන්න නෙවෙයි. ඒ හැඟීම තියෙන මිනිහෙකුට බැහැ ඒ හැඟීම තියෙන තමන්ගේ සහෝදර තවත් මනුෂ්‍යයෙක් ව මරන්න. ඊළඟට තියෙන්නෙ අපේ වගකීම, අපේ මෙහෙවර අපට මතක් කරලා දෙන කියමනක්. කියවන්න ගඟුල් දැන් ඒ ටිකත්.
“මට ජීවත් වන්නට ඕනෑ කෙරෙයි. මම තරුණ වෙමි. මා ඉවතට තල්ලු කර දමන්නට කිසි ද සේනාධිපතියකුට මම ඉඩ නොදෙන්නෙමි. ඔව්, මට පිළිවන් වුණොත් ඊට නම් මම ඉඩ නොදෙන්නෙමි. නෑ මම ඉඩ නොදෙන්නෙමි. එසේ කරන්නට ම මට පිළිගන්වන බව සිතා ගන්නට - ඉටා ගන්නට අවශ්‍ය වන තරමේ කෝපයක්, මුරණ්ඩුකමක් දැන් මා වෙත තිබෙයි. මගේ පියා ද සැම විට ම ජීවිතය උදෙසා සටන් කෙළේ ය. ඉතින් මාත් එසේ නොකරන්නේ ඇයි?”
“ඉතින් මාත් එසේ නොකරන්නේ ඇයි?”
මිහිදිනී මෙන් ම සදසි ද කතා කොට ගත්තාක් මෙන් කෙළේ යථෝක්ත ප්‍රකාශය එක වර සිය හඬින් ප්‍රකාශයට පත් කිරීම ය.
“අපි තනි තනි කෙනා එකතු වෙලා තමයි සමූහය හැදෙන්නෙ. සර්ගෙ මේ අවුරුද්දෙම තියෙනවා ඒක තහවුරු කරන තාගෝර් ප්‍රකාශයක්. ඒකෙන් කියැවෙන්නෙ හොඳ දේ තනිව ම නෙමෙයි අනිත් අයත් එක්ක එකතු වෙලා තමයි එන්නෙ කියලා. 86 ජනවාරි හයවෙනි දා පොතේ ීඑර්හ ඊසරාි වලින් ගත්ත ඒ ප්‍රකාශෙ තියෙනවා. අපට පුළුවන් කැමති කෙනෙකුට ඒක යවන්න.”
“ඔය ප්‍රකාශෙන් අපට එන්න පුළුවන් තවත් අදහසක් තියෙනවා අපිටම ක්‍රියාවක් බවට පත් කරන්න පුළුවන්.”
“ඒ මොකක් ද ගඟුල්?”
“ඇයි සදස,ි අපේ සර් - මැඩම් - ඔයගොල්ල - අපි ඔක්කොම එකතු වෙලා මේ දැන් කරන්නෙත් ඒකනෙ. අපි විශ්වාස කරන යහපත උදෙසා අපි කට්ටිය අපට පුළුවන් දේ කරනවා. දැන් ඉස්කෝලෙ පහේ වැඩ පහේදි මේ යන හත් දෙනාටම කරන්න වැඩ තියෙනවා. මේ යන ගමනත් ඒකෙ කොටසක්. අපේ හසිත වාහනේ අරගෙන යනවා. ඒ නිසා අපිට අවස්ථාව ලැබුණා බොහොම සැහැල්ලුවෙන් එක එක දේවල් කතා කර කර යන්න. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි තව පිරිසකට ඒ අදහස් ගලා යන තව ගුරු දියවරක් හැදෙන්නෙ. සර්ගෙ බලාපොරොත්තුවත් හරියට අම්මා තාත්තා කෙනෙක් තමන්ගෙ එකම දරුවට වගේ ඔවුනොවුන්ට ආදරය කරන ආදරණීය සමාජයක් නිර්මාණය කිරීම සඳහා තමන්ට කළ හැකි දේ කරන එකනෙ. මාතා යථා නියං පුත්තං ආදි වශයෙන් මේ ප්‍රකාශෙට බොහොම දුරකට සමාන ප්‍රකාශයක් සර් ලියාගෙන තියෙනවා සංස්කෘත දිනපොතේ.”
“හැබැයි ගඟුල් ඒ ගමන් ම කියන්න ඒක මගේ ප්‍රකාශයක් නොවන බවත්. මන් හිතන්නෙ ඔයා ඔය කියන්න හදන්නෙ ලලිතවිස්තරේ එන ප්‍රකාශයක් නේද?”
“ඔව් සර්, සර්ගෙ සංස්කෘත දිනපොතේ ජනවාරි 22 දින සටහනට ඇතුළත් කරගෙන තියෙනවා ඒක. මෙන්න මෙහෙම.
“මාතුශ්චෛකපුත්‍රේ යථා ප්‍රේම ප්‍රවර්තතේ.”
”හරිනෙ, ඒකෙ තියෙන්නෙත් අම්මා කෙනෙක් තමාගෙ එකම දරුවට දක්වනවා වගේ ප්‍රේමයක් අනෙක් අයටත් දක්වන්න කියලනෙ. ඉතින් සර් ඔය අදහසම ආචාර්ය අදිකාරම්තුමා කියලා තියෙන තැනක් සර් සටහන් කරගෙන තියෙනවා 86 ජනවාරි පළවෙනිදා.
“මට මතකයි ගඟුල්. ඔය තමයි අදිකාරම්තුමාගෙ අවසාන කටයුතු සිදු කරපු දවස. මන් සිතිවිලි පොතකින් උපුටා ගෙන ඔය ලියලා ඇත්තෙ එතුමා මරණය ගැන කරපු ප්‍රකාශයක්. හැබැයි ඒ ප්‍රකාශය අපව කැඳවන්නෙ වඩාත් ආදරණීය ජීවිතයක් වෙතට මිසක් අපි මේ මරණය කියලා කතා කරන දෙය ළඟට නෙමෙයි.”
සිය ආචාර්යවරයා කතා කොට අවසන් වූ පසු ගඟුල් යථෝක්ත ආචාර්ය අදිකාරම්තුමන්ගේ යථෝක්ත සිතිවිලි ග්‍රන්ථ පාඨය මෙසේ ප්‍රකාශයට පත් කෙළේ ය.
“තමා සහ අනුන් යන භේදයක් ජීව ස්‍රෝතයෙහි නොමැති යි. එය මොහොතින් මොහොත සිදු වන මරණයෙන් සහ අලුත් වීමෙන් යුක්ත වේ. ඒ මරණය නාම මාත්‍රයෙන් සිදු වන මරණයක් නොව සම්පූර්ණ වූ මරණයකි. ඒ මරණයෙන් මළ දෙය නැවත හට නොගනියි. එහෙත් ඒ මරණය බිය විය යුත්තක් නොවේ. එය ඉතා ලස්සන දෙයකි.”
“ඔයගොල්ලන්ට කියන්න අපට 86 අවුරුද්ද කියන්නෙ අදිකාරම්තුමන් කරගෙන ගිය වැඩ ඉස්සරහට අපි කරගෙන යන්නෙ කොහොම ද කියන එක ගැන අපි වැඩියෙන් සාකච්ඡා කරපු කාලයක්. ඔය දිනපොත පුරා ඒ සම්බන්ධ සටහනුත් ඇතිග”
“සර් යහපත් මිනිසුන් හිටියත් නැතත් ඒ අයගෙ සුවඳ පැතිරෙනවා කියන කාරණේ අපි අහලා තියෙනවනෙ. ඒ කාරණේ සනාථ වෙන කාරණාවක් ගැන මේ දිනපොතේ ලියලා තියෙනවනෙ.”
“ඔව් ගඟුල්, ඒක අපට භෞතිකවත් ආධ්‍යාත්මිකවත් කියන දෙපැත්තෙන් ම දැනෙන දෙයක්. ඒත් කෙනෙකුට ඒක විශ්වාස කරන්න බැරි අමුතු කතාවක් වෙන්න පුළුවන්.”
“සර්ගෙ 86 ජනවාරි හත්වෙනිදා දින සටහනේ තියෙනවා අදිකාරම්තුමන්ගේ කාමරය පුරා සඳුන් සුවඳ පැතිරුණා කියලා. ලක්ෂ්මී ඇන්ටි සුමුදු ඇතුළු බොහෝ දෙනාට ඒ සුවඳ දැනුණා කියලා. ඔව් ඒ නම් සඳහන් නැති අය අතරට තමයි අපේ අනිල් - රවී වගෙම මමත් ඇතුළු වෙන්නෙ. ඔය ගැන තවදුරටත් යම් සඳහනක් කරලා තියෙනවා නේද?”
“ඔව් සර් ඒ ගැන මෙන්න මෙහෙම ලියලා තියෙනවා.”
“මෙය ඇසූ පමණින් ඇතැම් අය මෙය බොරුවකැයි බැහැර කළ හැකියි. එහෙත් අප නොදන්නා පමණින් අපට නොවැටහෙන පමණින් මේ හැම දෙයක් ම විය නොහැකි දේ වශයෙන් සලකා බැහැර කළ හැකි ද? මෙවැනි දෙයක් ගැන අප බැලිය යුත්තේ පිළිගැනීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීමෙන් තොර ව යි. එහෙත් මිනිස් ස්වභාවය වන්නේ තමා කැමති දේ පිළිගැනීමත් අකැමැති දේ ප්‍රතික්ෂේප කිරීමත් ය.”
“ඔය ගැන තවත් ගැඹුරින් දැන ගන්න කැමති කෙනෙකුට වැදගත් ලිපියක් තියෙනවා අදිකාරම්තුමාගෙ. ඒකෙ මාතෘකාව පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම.”
“සර් අර සුවඳ ගැන තමන්ගෙ ඉංග්‍රීසි දිනපොතෙත් සටහනක් දාලා තියෙනවා.”
එසේ පැවසුවේ මිහිදිනී ය.
“ඒ විතරක් නෙමෙයි දුව, මම සංස්කෘත දිනපොතෙත් ඒ දවසෙ ඔය ගැන සටහනක් තියලා ඇති. ඒකයි මම කලින් කිව්වෙ මගෙ දිනපොත්වල එකම කාරණාව ගැනත් ලියවෙලා තියෙන්න පුළුවන් කියලා. ඒ වගෙම එකම දවසෙ දි එකිනෙකට වෙනස් සිදුවීම් ගැනත් සටහනක් දාලා තියෙන්න පුළුවන්.”
“සර් දාර්ශනිකයන්ගෙ ඇසුරෙ ඉන්න කොට ඒ ඇසුර ලබන උදවියත් දාර්ශනිකයො වෙනවා කියලා කතාවක් තියෙනවනෙ. කවුද සර් මල්මීවල කියන්නෙ.”
“ඒ බණ්ඩාර මල්මීවල. අදිකාරම්තුමන්ගෙ සෙවණෙදි අපට හමු වෙචච් කල්‍යාණ මිත්‍රයෙක්. පස්සෙ වැඩිදුර ඉගෙන ගන්න එයා ඉන්දියාවට ගියා. දැන් ඉංජිනේරුවෙක්. ඇයි ගඟුල් ඔයා මේ දාර්ශනික කතාවයි මල්මීවලයි එකට දාලා ප්‍රශ්නයක් ඇහැව්වෙ.”
“නෑ සර් මේකෙ 11 වෙනි දා දින සටහනේ තියෙනවා සර්ලගෙ අනිල් කියන මිත්‍රයා අදිකාරම්තුමාගෙ කායික අභාවය ගැන ගැන මල්මීවලට ලියන ලියුමක් ගැන.”
“හරි මට මතකයි ඒ කාරණේ. ඒ ලියමන ලිව්වෙ අනිල් මුල් වෙලා මමත් උදව් කරමින්. ඒ ලියමනේ මුලින් වෙන වෙන විස්තර ලියලා අන්තිමට අදිකාරම්තුමාගෙ මරණය ගැන සඳහන් කළා. මේ ලියමන බලපු ලක්ෂ්මී ඇන්ටි තමයි අන්තිමට අපේ ප්‍රඥාව විකසිත වෙන ප්‍රකාශය කළේ.”
“මොකක් ද සර් ඒ ප්‍රකාශෙ.”
“ලක්ෂ්මී ඇන්ටි කිව්වෙ මුලින් සැහැල්ලුව ලියලා පස්සෙ බර දෙනවට වඩා මුලින් බර දී පස්සෙ සැහැල්ලුව ඇති වෙන විදිහට ලියන එකයි හොඳ කියන කාරණේ. පස්සෙ අනිල් ඒ ලියමන හැදුවෙ ඒ උපදෙස් අනුවයි.”
“සර්, අදිකාරම්තුමාගෙ මරණය ගැන දැනගෙන සර්ගෙ සේන කියන නම තියෙන යාළුවෙක් එවපු ලියමනක කොටසක් සර් ලියාගෙන තියෙනවා ජනවාරි 17 යටතේ. ඒ සර්ලත් එක්ක එකට සිතිවිලි සමාජෙ වැඩ කරපු කෙනෙක් ද?”
“ඔය කියන්නේ රත්නපුරේ පිඹුරෙ සේන ගැන. නෑ අපේ වැඩවලට බොහෝ වෙලාවට එකග උනත් සේනට අපිත් එක්ක එකට වැඩ කරන්න සේනට වෙලාවත් තිබුණෙ නැහැ. එයා ඒ කාලෙත් සමාජවාදී දේශපාලන පක්ෂයක ක්‍රියාකාරි සාමාජිකයෙක් වෙලා හිටියා. කලක් කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවෙ හිටපු සරත් මුත්තෙට්ටුවගම මහත්තයා එක්කත් සේනට සමීප මිත්‍රත්වයක් තිබුණා.”
“සර්, මේ ලියමනෙන් ඇඟෙන හැටියට ඒ සමීප මිත්‍රත්වය වගෙම ඇතැම් අදහස් අතින් දුරස්කමකුත් තිබිල තියෙනව නේද?”
”ගඟුල්, දෙන්නෙක් අතර මිත්‍රත්වයක් ඇති වෙන්න අදහස් සමාන වෙන්නම අවශ්‍ය නැහැනෙ. දැන් අපි අතර නැති ටෙරන්ස් ගැනත් මට කියන්න තියෙන්නෙ ඒක. එයා මට ආමන්ත්‍රණය කළේ මගේ ආදරණීය ප්‍රතිවාදී මිත්‍රයා කියලා. මම කැමතියි ගඟුල් ඔයා ඔය මතු කරන අපේ සේනගේ ප්‍රකාශය අපි කාටත් ඇහෙන්න කියවනව නම්.”
“අපට හිමි බොහෝ දේ අපෙන් උදුරා ගන්නා යුගයක පසුගිය දා ලෝක ධර්මයට ගරු කරමින් ආචාර්ය අදිකාරම් විද්වතාණන් ද අපෙන් වෙන් ව ගිය බැවින් ඔබ පිළිබඳ මතකය මසිත තෙරපන්නට විය. එතුමා සමග ඇතැම් අවස්ථාවලදී මට එකග වීමට බැරි නමුදු එතුමාගේ චින්තනය බොහෝ අවස්ථාවල අවිද්‍යාවටත් ප්‍රතිගාමීත්වයටත් එරෙහි ව පණ පෙවුණු නිසා අපි එතුමා සදා සැමරිය යුතු ම යි.”
“මේ සැමරීම කරන්නෙ කොහොම ද කියන එකට අපට උත්තරයක් හම්බ වෙනවා ජනවාරි 19 දින සටහනෙන්. ඒ උත්තරය දෙන්නෙ කාන්තා සිතිවිලි සමාජෙ අනුශාසක විදිහට කටයුතු කරලා තියෙන කල්‍යාණි පලිහවඩන මැඩම්. මම මේ දිනපොතට අනුවයි එහෙම කියන්නෙ.”
“කල්‍යාණි මැඩම් කියන්නෙ අපේ පලිහවඩන සර්ගෙ ආදරණීය බිරිඳ. එතුමිය දැන් ජීවතුන් අතර නැහැ. එතුමිය තමයි නුගේගොඩ අනුලාවෙන් විශ්වවිද්‍යාලෙට ගිය පළවෙනි උපාධිධාරිණිය උනේ. කාන්තා සිතිවිලි සමාජය හැදුවෙ අදිකාරම්තුමා නැති වෙන්න මාස කීපයකට ඉස්සෙල්ලයි. ඒකෙ වගකීම බාර දුන්නෙ අනුලා මැඩම්ට. එතුමාගේ මරණයෙන් පස්සෙ කැඳවපු ඒ කාන්තා සමිතියෙ පළවෙනි රැස්වීමෙදි එතුමිය කිව්වෙ ආචාර්ය අදිකාරම්තුමා තරුණ කාන්තා සිතිවිලි සමාජය නමැති නෞකාව දියත් කළා. එය අපේක්ෂිත අරමුණ කරා පදවගෙන යන එක කාන්තාවන් වන අපේ යුතුකමයි කියලා.”
“ඇත්ත සර් ඒ ප්‍රකාශෙ තුළ තියෙනවා අර්ථවත් යමක් කරපු කෙනෙකුගේ මරණයෙන් පස්සෙ ජීවත් ව ඉන්න අය කරන්න ඕන කාර්යය මොකක් ද කියන එකත්.”
මේ අතරෙදි මිහිදිනී මෙසේ තවත් ප්‍රශ්නයක් මතු කළා ය.
“සර්, අනුලා මැඩම් වගේ ඔය කාලෙදි අදිකාරම්තුමා ගැඹුරින් තේරුම් ගත්ත තවත් කාන්තා චරිත හමු උනේ නැද්ද?”
“මොකද නැත්තෙ අදිකාරම්තුමාගෙ මරණයෙන් පස්සෙ මම ලක්ෂ්මී ඇන්ටීත් එක්ක එක්ක ගිහින් එහෙම විශිෂ්ට කියන විශේෂණය යොදලා කතා කරන්න පුළුවන් ස්ත්‍රී රත්නයක් හමු වුණා. ඒ තමයි රූපසිංහ මෙණෙවිය. ඇයට අවුරුදු හැත්තෑ ගණනක් එතකොටත්. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ සේවය කරපු ගුරුතුමියක්. අවිවාහක ජීවිතයක් ගත කළේ. බලන්න ගඟුල්, මම එතුමිය ගැනත් ඔය දවස්වල ම සටහනක් තියලා ඇති.”
“ඔව් සර් පෙබරවාරි පස්වෙනිදා එතුමිය කරපු ප්‍රකාශයක් සර් මෙහෙම ලියාගෙන තියෙනවා.”
“එතුමා නිවැරදි ජීවිතයක් ගත කළ උතුම් මනුෂ්‍යයෙක්. ආදරය එක තැනකට සීමා කරන්නෙ නැතුව මුළු ජීව ලෝකය වෙතම පතුරුවන්න එතුමාට පුළුවන්කම තිබුණා.”
ගඟුල් යළිත් යථෝක්ත දිනපොතේ ජනවාරි මාසය හා බැඳුණු සටහන් වෙත සිය අවධානය යොමු කෙළේ ය.
“ඔව් සර්, කවද හරි දවසක අදිකාරම්තුමාගෙ ජීවන චරිතය ගැන ලියද්දි හමු වෙන්න ඕන කරන චරිත අතර එතුමිය ද කෙනෙක් කියන සඳහන තියෙනවා ජනවාරි 20 දින සටහනේ. ජනවාරි තුන්වෙනිදා අදිකාරම්තුමා වෙනුවෙන් පැළයක් හිටවන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා ඒක ක්‍රියාවක් කරලා තියෙනවා එදාම.”
“ඔව් එදා ම මී පැළයක් අපි හිටෙව්වා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ. එතුමා මහා වෘක්ෂයක්. මේ මහා වෘක්ෂයට ගරු කරන්න තියෙන එක විදිහක් තමයි භෞතික රුක් රෝපණය. හැබැයි එතුමා ඊටත් වඩා ප්‍රබල ව කරපු දෙයක් තමයි ගිය ගිය හැම තැනකම මනුෂ්‍යත්වයේ පැළ රෝපණය කරන එක. ඒ පැළ තමයි ගඟුල් මේ වෙන කොට ගස්වෙලා මේ රටේ විතරක් නෙමෙයි ලෝකය පුරා පැතිරිලා වැඩ කරන්නෙ. ඒ අය අතර ගිහි අය විතරක් නෙමෙයි පැවිදි යති රුවනුත් ඉන්නවා ගඟුල්. මන් ප්‍රථම උපාධිය ලබපු ආරංචිය දැනගත්ත ගමන් ඒකට සුබ පතලා මට ඒ වෙන කොට ලන්ඩන් බෞද්ධ විහාරේ වැඩ වාසය කරපු හිග්ගොඩ ඛෙමානන්ද හාමුදුරුවො ලියුමක් එව්වා. උන් වහන්සෙ අදිකාරම්තුමාව බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක්. මට මතක හැටියට මගෙ ඔය දින සටහන් අතර ම ඇති උන් වහන්සෙ මට එවපු ලියමනේ උපුටනයක්.”
“ඔව් සර් 86 ජනවාරි 30 දවසෙ තමයි ඒ උපුටනේ තියෙන්නෙ. ඒක වැදගත් කියලා හිතෙන හින්දා මම කියවන්න ද?”
එසේ කියා ගඟුල් කෙළේ යථෝක්ත උපුටනය මෙසේ කියවීම ය.
“මනුෂ්‍ය සංහතියේ හිත සුව පිණිස ම සර්වප්‍රකාරයෙන් කැප වූ උතුම් ජීවන මාර්ගයකට නිසි ආලෝකයත් ධෛර්යයත් එක සේ ප්‍රදානය කරන බුද්ධිමය සම්පතින් ආඪ්‍ය වූ උදාර මනුෂ්‍ය ජීවිතයක් ගොඩ නැගී ඒම පිණිස ඔබේ මේ උසස් සාමර්ථ්‍යය ම ඔබට ඒකාන්ත පිහිටක් වේවා යි ඉතා ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.”
“ගඟුල්, මට ඔය ප්‍රකාශෙ වැඩියෙන් වැදගත් වෙන්නෙ උන් වහන්සේ අපට කරන සුබ පැතුම නිසා නෙමෙයි. ඒකෙන් අපිව යොමු කරන දිසාව නිසා. උන් වහන්සෙ අපේ ඉගෙනීම තියා ගන්න කියලා කියන්නේ අපේ පෞද්ගලිකත්ව ඉක්මවා ගිය තැනක යි. අපි ග්‍රහණය කරගන්න ඕන තැන වෙන්නෙ එතනයි.”
අනතුරුව මේ සංකථනයේ දිසානතිය වෙනස් කෙළේ ආචාර්ය පත්නිය යි.
“අපිට තව ගොඩක් දුර යන්න තියෙනවනෙ. කට්ටියටම ඕන උනේ මාත් ඇතුළු ව හයිවේ නොයා අපේ පරණ පුරුදු පාරෙන් මොනරාගල යන්නනෙ. නරක ද අපි ටිකක් නැවතිලා තේකක් එහෙම බීලා ගියොත්. අර ළමයටත් මහන්සි ඇතිනෙ ඩ්‍රයිව් කරලා.”
“ඒකනෙ කතාවෙන් කතාව මටත් අමතක උනා හසිත්ට විවේකයක් දීලා එතෙන්ට යන්න.”
“නෑ ගඟුල්, මමත් ඔය සාකච්ඡාවට සවන් දිදී තමයි ඩ්‍රයිව් කරන්නෙ. අනිත් එක මම ඩ්‍රයිව් කරන එක බොහොම කැමැත්තෙන් කරන දෙයක්. තව ඔහොම යන්. හැබැයි අම්මගෙ අර යෝජනාව නම් බොහොම හොඳ එකක්. තේකක් බොන එක. අම්මෙ දැන් පැල්මඩුල්ල තමයි පහු උනේ. තව පොඩ්ඩක් ඉස්සරහින් පෙට්ටි කඩයක් තියෙනවා. අපේ මිහිදිනී නංගිගෙ තත්තෙට ප්‍රශ්නයක් නැත්නං මම එතන නවත්තන්නම්.”
හසිත් පැවසුවේ සිනාසෙමිනි.
“අනේ අනේ හසිත් අය්යා මන් ගැන හිතාගෙන ඉන්න විදිහ.”
අනතුරුව තුරු සෙවණ ඇති විසල් ගසක් යට පිහිටි සොඳුරු කෙම්බිමක් සේ දැනෙන තේ කඩයක් ළඟ රිය නතර කෙරිණ. පළමු ව රියෙන් බැස්සේ හසිත් ය. එම තේ කඩය පවත්වාගෙන යන ගැමියාගේ මුවග ඇදී ගියේ පුළුල් සිනහවකි.
“මේ අපේ හසිත් මහත්තයනෙ. එන්න එන්න අපේ සර්ලා මැඩම්ලා එහෙමත් ආවද?”
“ආවා ආවා විල්සන් මාමෙ අපි හත්දෙනෙක් ම ආවා. තියෙනව නේද මාමලගෙ රසම රස රොටි. කෝ සාමා නැන්දලත් ඉන්නව ද ඇතුළේ.”
“ඉන්නව ඉන්නව දරුවො තුන් දෙනත් ඉන්නවා . ඉන්න මම උණු උණුවට දාලා දෙන්නම් රොටි.”
අනතුරුව විල්සන් කෙළේ තමා අබිමුවට පැමිණි සහන්ගේ දෑත සෙනෙහසින් අල්ලා ගෙන, පැමිණි සියලු දෙනාට සිය සුපුරුදු පුළුල් සිනහවෙන් සංග්‍රහ කොට ඔවුනට සිය කඩපිළෙහි ඇති අසුන් වෙත කැඳවා ගෙන යාම ය.
“ෂා විල්සන් මාමා දියුණු වෙලානෙ. මේ ඉස්සරහට තව කෑල්ලක් අරගෙන තියෙන්නෙ.”
“ඉස්සරහට විතරක් නෙමෙයි කඩේ පිටිපස්සට වෙන්නත් කෑල්ලක් හැදුවා. ඒ කියන්නෙ පොඩි කාමර කෑල්ලක්. ළමයි තුන්දෙනාට පාඩම් කරගන්න වැඩ පහසු වෙන්නත් එක්ක.”
“විල්සන් මාමල ඉන්න ගේ තියෙන්නෙත් මේ හැතැම්මක දෙකක දුරින් නේද?”
“ඒක ඇත්ත මහත්තයො. ඒ උනාට අපි දෙන්න උදේට ආවම අපිට යන්න වෙන්න රෑ වෙලානෙ. අපි කැමැති අපේ දරුවො අපේ ඇස් මායිමේ ම ඉන්නවට. දරුවොත් කැමති මෙතන එකට වැටිලා වැඩ කර ගන්න. ඒ ගොල්ලො පාඩම් වැඩත් කරනවා. ඒ වගෙම මේ කඩේ වැඩ කරගෙන යන්න උදව් කරන එකත් කරනවා. අපි එක පවුලක්නෙ මහත්තයො.”
“විල්සන් අය්යට තේරෙන දේ අපේ සමහර උගත් ධනවත් කියන අයට නොතේරෙන එක තමයි අවාසනාව.”
එසේ පැවසූ සහන් වෙත පවිත්‍ර සිනහවක් පෑ විල්සන්ගේ අවධානය යොමු වූයේ තමා දෙස සිනහ මුසු මුහුණින් බලා සිටිනා ගඟුල් සහ මිහිදිනී වෙත ය.
“අප්පච්චියෙ මේ ගඟුල් මහත්තයයි මිහිදිනී නෝනයිනෙ.”
“විල්සන් මාමා අඳුනනවා එහෙනං අපේ මේ ගඟුල්ලව.”
“ඇයි හසිත් මහත්තයො, මේ නෝනයි මහත්තයි විපුල් මහත්තයයි රේණු නෝනයි එක්ක සැරයක් මෙහෙ ඇවිත් අපේ දරුවන්ට පොත් එහෙමත් දීලා ගියේ. මට සන්තෝස ගඟුල් මහත්තයලා හසිත් මහත්තයලා යාළුවො වීම ගැන.”
“බලන්ඩකො හසිත්, විල්සන් මාමට එක දවසක් ආවට අපිව මතකයි. මාමා හොඳටම අඳුරන්නෙ අපේ අය්යවනෙ. එදා අපි දෙන්න ආවෙ විපුල් අය්යයි රේණු අක්කයි එක්කනෙ. මාමෙ මේ සර්රුයි මැඩමුයි දෙන්නම අපේ ගුරුවරු.”
“මට හරිම සන්තෝසයි ඒකටත්. ගඟුල් මහත්තයො, මට මේ සර්ලගෙ පවුලෙ පස් දෙනාම හොඳට ම හුරුයි. හදිසි ගමනක් ගියත් අපිත් එක් වචනයක් දෙකක් කතා කරලා තමයි මෙතනින් යන්නෙ. ඒ වගෙම තමයි විපුල් මහත්තයලත්. එහෙම තමයි විස්තෘත පවුල්වල හැටි.”
“ෂා විල්සන් අය්යත් පවුල් සංකල්පෙ විස්තර කරන හැටි හරි අපූරුයිනෙ.”
“නෑ මහත්තයො, මේ සහන් මහත්තය ම තමයි විස්තෘත කියන්නෙ විශේෂයෙන් පැතිරුණ කියන එකටයි කියන අර්ථෙත් කියලා දීලා පවුලක් කියන්නෙ ආත්මාර්ථකාමී ව තමන්ට විතරක් වැඩ සලසගන්න පිරිසකට නෙමෙයි කියන එකත් මට කියලා දුන්නෙ. ඒ සර් ම තමයි හැබැයි දැන් ඒ වචනෙ පරම්පරා දෙක තුනකට අයිති සාමාජිකයන් එක ගෙදරක ඉනන්ව නං එහෙම පවුලකට පාවිච්චි කරන එකට සීමා වෙලා කියලා කිව්වෙත්.”
“කෝ සාමා, අපේ කොල්ලො දෙන්නයි කෙල්ලයි.”
එසේ පැවසුවේ ගුරු පත්නිය යි.
“ඉන්න නෝනා එයාවත් ළමයි වත් තවම දන්නෙ නැහැනෙ නෝනලා ඇවිත් ඉන්න බව. දැන ගත්ත නම් හසිත් අය්යයි සදසි අක්කයි ඇවිල්ල කියලා නෝනලා යන කන් ඒගොල්ලො මෙතනින් යවනවා බොරු. මන් හිතන්නෙ අපේ ගඟුල් මහත්තයි මිහිදිනී නෝනයි ගැන කියන්න තියෙන්නෙත් ඒ ටික ම තමයි.”
ඒ වචන කියා අවසන් වීමට පෙර එතැනට පැමිණි දරුවෝ හසිත් සහ සදසිගේ මෙන් ම ගඟුල් සහ මිහිදිනීගේ අත්වල එල්ලී ඔවුන් කැඳවාගෙන ගියේ තමන් තිදෙනා උදෙසා අලුතින් සාදවා දුන් කාමරය වෙත යි.
“හරි ෂෝක්නෙ මටත් හිතෙනවා මගෙ පොතුයි ඇඳුනුයි අරගෙන ඇවිත් මෙහෙ නවතිතතන්න.”
එසේ පැවසුවේ මිහිදිනිය යි. හසිත්, ගඟුල් සහ සදසි කෙළේ දරු තිදෙනාගේ පොතපත පෙරළා බැලීම යි.
“ෂා හරි හොඳයිනෙ. ඔයගොල්ල සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂා තුනම ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා.”
“හසිත් අය්යෙ, භාෂා තුන ම ඉගෙන ගන්න ගියාට මන් ගොඩක් ආස සිංහලවලට යි. ඒකට අපේ මේ පොඩි නංගි තරුදි ගොඩක් ආස දෙමළවලට. ඔයගොල්ලන්ට කියන්න මෙයා අපේ ඉස්කෝලෙ ඉන්න දෙමළ ළමයිත් එක්ක හරි හරියට දෙමළෙන් කතා කරනවනෙ.”
“ඉතින් කොච්චර දෙයක් ද ඒක. නැද්ද ගඟුල්, අපිට තාමත් බැරි වෙච්ච දේනෙ මේ දරුවො දැන් අපිට කරලා පෙන්නනනෙ. හරි තරුදි දෙමළට ආසයි. එතකොට දිනුදි සිංහලවලට ආසයි. එතකොට ඒ භාෂා දෙක ඉගෙන ගන්න අතරෙ ඉංග්‍රීසිවලට කැමති කෙනෙක් නැද්ද ඔයගොල්ල අතරෙ.”
“ඇයි නැත්තෙ, ඇයි අපේ අය්යා එයා දැන් ලොකු ඉංග්‍රීසි පොත් ගෙනල්ලා කියවනවා. හැබැයි අපි දන්නෙ නැහැ එයාට ඒවා තේරෙනව ද නැද්ද කියලා. හැබැයි ඒ වචන සද්ද නගලා කියවනවා.”
“අය්යගෙ නම සසිඳු වගෙයි මට මතක. සසිඳු ඔයාට උදව් ගන්න පුළවන් මේ අක්කලා දෙන්නගෙන් ම. ඒ දෙන්නම උගන්නන්නෙ ඉංග්‍රීසි.”
“කවුද පුතේ ඔයගොල්ලන්ට නම් දාලා තියෙන්නෙ.”
“අපේ තාත්තා කිව්වෙ මේ නම් තුනම දාලා තියෙන්නෙ අපේ අම්මා කියලයි.”
“ඔය තුන්දෙනාම හොඳට ඉගෙන ගන්න. ඒ වගෙම ඒ ඉගෙන ගත්ත භාෂාව වේවා වෙනත් විෂයක් වේවා ඒවයෙන් ගත්ත දැනුම පාවිච්චි කරන්න ලෝකය වෙන් කරන්න නෙමෙයි එකතු කරන්න.”
අනතුරුව කතාවට මෙසේ එක් වූයේ සදසි යි.
“මට ගඟුල් ඔහොම කියන කොට මතක් වෙන්නෙ තාත්තා කියපු දෙයක්. තාත්තලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව ඉන්න කාලෙ අදිකාරම්තුමාගෙ සංකල්පෙකට අනුව පවත්තන් ගිය වෙජිටේරියන් හොස්ටල් එකේ සේවයට ආපු සරත්ට හොඳට දෙමළ කතාකරන්න පුළුවන්ලු. තාත්තගෙ රස්සාව නිසා එයා ඉගෙන ගෙන තියෙන්නෙ මන්නාරම ඉස්කෝලෙක. එයාට විතරයි ඒ දවස්වල යාපනෙන් ඇවිත් ඒ හොස්ටල් එකේ හිටපු තාත්තලගෙ ශ්‍රී කියන යාළුවත් එක්ක දෙමළෙන් කතා කරන්න පුළුවන්කම තිබිලා තියෙන්නෙ.”
අඩ පැයකටත් මඳක් වැඩි වේලාවක් එතන ගත කළ ඔවුහු යළි ගමන ආරම්භ කළහ. අම්මාගේ ඉල්ලීම අනුව හසිත් රියදුරු අසුන වෙත නොයා තත් සංකථනයේ ගඟුල්ගේ කොටස ඉටු කිරීම සඳහා පිටුපස අසුනකට පැමිණි අතර ගඟුල් එතැන් සිට රථාචාර්ය භූමිකාවට අවතීර්ණ වූයේ ය. එතැන් සිට තත් සංකථනය සය දෙනෙකුගේ සංකථනය බවට පත් වූ අතර ම ගඟුල් එහි නිහඬ ශ්‍රාවකයා බවට ද පත් වූයේ ය. තත් සංකථනය ආරම්භ කරන ලද්දේ හසිත් විසිනි.
“තාත්තෙ මේ දිනපොතේ අටවෙනි පිටුවෙ තියෙනවා ශුබ්බු ලක්ෂ්මීගේ ගීත වගෙම බටනළා වාදනයක් ඇහැව්වා කියලා ඒ රාත්‍රියේ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනව නං හොඳයි.“
”ශුබ්බු ලක්ෂ්මී ගැන මම කලිනුත් කියලා තියෙනවනෙ. ඉන්දියාවේ හිටපු සංස්කෘත ගීත ගායනා කරපු විශිෂ්ටතම ගායිකාව. ඒ හඬට ලතා මංගේශ්කාර් එහෙමත් බොහොම ප්‍රිය කළා. ඇගේ ගීත ගැන මම දැන ගත්තෙ අදිකාරම්තුමාගෙනුයි පලිහවඩන සර්ගෙනුයි. අර කියන බටනලා වාදනය චෞරසියාගෙ. ඔය කියන දවසෙ ඒක ඇහැව්වෙ අය්යත් එක්ක. ශුබ්බු ලක්ෂ්මී චෞරසියා කියන්නෙ වෙනම දවසක් අරගෙන කතා කරන්න ඔනෙ චරිත දෙකක්.“
”තාත්තා ඔක්තෝබර් 12 වෙනි දා ලියලා තියෙනවා මහප්පටයි දිනසිරි මාමටයි චිත්‍ර ගුරු පත්වීම් ලැබුණා කියලා පොළොන්නරුවට. ඒ වගෙම ඒ ගමන යන්න උදුල මාමත් එනවා කියලා ලියලා තියෙනවා.“
”කවුද සර් උදුල කියලා සඳහන් කරලා තියෙන්නෙ.“
”අය්යලගෙ අපේ මිත්‍රයෙක්. ඒ තමයි උදුල බණ්ඩාර අවුසඳහාමි. අර වැව ගැන ප්‍රසිද්ධ පොත ලියපු ගෘහනිර්මාණ ශිල්පියා.“
”තාත්තගෙ දිනපොත බලන කොට අපි නම්වලින් විතරක් අහලා තිබිචච් ප්‍රසිද්ධ චරිත හම්බ වෙනවා. එහෙම එක චරිතයක් ගැන තියෙනවා 14 වෙනිදා දින සටහනේ. ඒකෙ ලියලා තියෙනවා පීටර් විජේසිංහ කියන ලේඛකයගෙ අභාවය ගැන.“
”පීටර් විංජේසිංහ කියන්නෙ වටින කියන පොත් පත් කීපයක් ම අපට දායාද කරපු ලේඛකයෙක්. අදිකාරම්තුමාගෙ සමීප මිත්‍රයෙක්. අපේ පලිහවඩන සර්ලටත් ආලෝකයක් වෙච්ච චරිතයක්. ගුරුවරියක් විදිහට සේවය කරපු භද්‍රා අමරකෝන් කියන ලේඛිකාව එතුමාගේ දුව. ඒ කියන්නෙ විභාග කොමසාරිස් කෙනෙක් විදිහට වැඩ කරපු අමරකෝන් සර්ගෙ නෝනා.“
”තාත්තෙ ඒ දවසෙම තාත්තා ලියලා තියෙනවා කොත්මලේ දිංනාග ශාමුදුරුවො ආවා කියලා සිතිවිලි සමාජෙ කාර්යාලෙට තාත්තලව හමු වෙන්න.“
”උන්වහන්සෙ අපිට එක අවුරුද්දක් විතරයි ජූනියර් වෙන්නෙ. උන් වහන්සෙගෙ විෂය උනේ බෞද්ධ දර්ශනය. කොත්මලේ අමරවංස නායක හාමුදුරුවන්ගෙ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. දිංනාග ශාමුදුරුවන්ගෙ උපාධි නිබන්ධයේ මාතෘකාව උනේ අදිකාරම් චින්තනය කෙරෙහි බෞද්ධ දර්ශනයේ බලපෑම.“
”තාත්තෙ සුනෙත් කියන්නෙ තාත්තත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් නේද?“
“ඇයි පුතා ඔයා එකපාරටම සුනෙත් ගැන ඇහැව්වෙ. ඇයි එයාවත් හම්බ උනාද ඔය පොතෙන්.”
“එයාව නෙමෙයි තාත්තෙ එයාගෙ සටහනක් හම්බ උනා. ඔයාගෙ ප්‍රතිඵලවලට සුබ පතලා එවපු. ඒක හරිම හෘදයංගම ප්‍රාර්ථනාවක්. මෙන්න මෙහෙමයි ඒ සටහනෙ තියෙන්නෙ.”
“ඔබේ ප්‍රතිඵල දුටුවෙමි. දයාබර හිතවත මගේ හද පිරි ප්‍රීතිය සමග මගේ සහකාරියගේ සතුට ද ඔබට මෙයින් ප්‍රකාශ කර සිටින්නේ අප ලද ජයග්‍රහණයක් සේ ම ය.”
“ඔය මගෙත් එක්කම එකට හිටපු යාළුවා. එයාට හොඳ සංස්කෘත දැනුමක් තිබුණා. විශ්වවිද්‍යාලෙන් අවුට් වෙන කොට ම විවාහ උනා. එයත් අපේ සරසවි මිතුරියක්. නම සුමනා. සහකාරිය කියලා තියෙන්නෙ සුමනා ගැන.”
“සර් මහානාම සර් ගැනත් යම් යම් සඳහන් කරලා තිබුණා මට මතකයි. ගඟුල් ඔය පොතේ තියෙනව නේද මහානාම සර් අපේ සර්ට දුන්න හොඳ උපදේශයකුත්. මට ඒක මතක්උනේ අපේ සර් මටත් ඒ උපදේශය ඒ විදිහටම දුන්න නිසා.”
රිය පදවන ගමන් පසුපසට හැරී එසේ පැවසුවේ ගඟුල් ය.
“එහෙම නම් ඒක අපටත් වැදගත් වෙන එකක්නෙ. හසිත් අය්යෙ ඒක කියන්ඩකො අපටත් දැන ගන්න එක්ක.”
“මිහිදිනී නංගි, ඒක තියෙන්නෙ ජනවාරි 19 වෙනිදා. මෙහෙමයි ඒ සටහන.”
“සහන් ඉගෙන ගැනීම අතරමග කඩන්නෙ නැතුව කරන්න. වෙන අරමුණුවලට හිත යෙදුවට පස්සෙ ආයෙ ඉගෙනීමට හිත යොදවන එක හුඟක් අමාරුයි. මන් මගේ අද්දැකීම්වලින් කියන්නේ.”
“මහානාම සර් වගේ ආදරණීය ගුරුවරයකුගෙන් පස්සෙ අපට පෙබරවාරි 24 දවසෙ අපට ආදරණීය සංසිද්ධියක් ගැන සටහනක් දකින්න ලැබෙනවා.”
“අපිත් කැමතියි ඒ ආදරණීය සංසිද්ධිය ගැන දැන දැන ගන්න. නැද්ද සදසි.”
සදසි කෙළේ මිහිදිනිගේ ඉල්ලීම හිස සලා අනුමත කිරීම ය. අනතුරුව දිනපොතේ අදාළ පිටුව පෙරළාගෙන කතා කෙළේ හසිත යි.
“මේ තාත්තයි ධර්මවර්ධන අය්යයි දෙන්න, මහප්පවයි දිනසිරි මාමවයි ඇරලවන්න පොළොන්නරු ගිය ගමනෙදි දැකපු සිද්ධියක්. කලින් දවසෙ පොළොන්නරුවෙ විශ්‍රාම ශාලාවක හිටපු මේ හතර දෙනාවම තාත්තලා එක්ක එකට ඉගෙන ගත්ත චන්දරේ මාමා උදෙන්ම ඇවිත් ඒ ගොල්ලන්ගෙ ගෙදර එක්ක යනවා. ඊට පස්සෙ කට්ටියම පොළොන්නරුවෙ නටබුන් බලන්න යනවා. විදේශීය සංචාරකයොත් ඇවිත් තියෙනවා නටබුන් බලන්න. මේ සිද්ධියට අදාළ වෙන්නෙ විදේශික තරුණ යුවළක්. මම මගෙ වචනවලින් නොකියා තාත්තගෙ සටහන කියවන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.”
“විදේශීය සංචාරකයන් රැසක් ද නටබුන් බැලීම සඳහා පැමිණ සිටියා. ඒ අතර සිටි එක් තරුණ සංචාරක යුවළක් අපට පෙරදිග සංස්කෘතිය සිහිපත් කොට දුන්නා. තරුණිය ගමන් වෙහෙස නිසා ක්ලාන්ත ව තරුණයාගේ ඇඟට හේත්තු උනා. ඔහු ඇයගේ හිස අතගා බිම වාඩි කරවූයේ ඉතා පරිස්සමෙන්. අපරදිග යෞවනයන්ගේ සම්බන්ධතා කායික එක්වීම් මත රඳා පවතිතැයි යනුවෙන් කරන චෝදනාව යුක්ති සහගත නැහැ.”
“මොකෝ අපේ මිහිදිනී ඉංග්‍රීසි දිනපොත අතේ තියාගෙන මොකුත් නොකියා ඉන්නෙ. ඇයි විශේෂ දෙයක් නැද්ද ඒකෙ.”
“සිංහල දිනපොතේ තියෙන කාරණා ම තමයි මම මේ මාසෙට අදාළ ව දැක්කෙ. මන් හිතන්නෙ මාර්තු මාසයට අදාළ ව නම් මට මතු කරන්න දේවල් තියේවි.”
“මට සංස්කෘත දිනපොතේ පෙබරවාරි සටහන් ගැන කියන්න තියෙන්නෙත් මිහිදිනී කියපු දේ ම තමයි. මොක ද අය්යලා පත්වීම් ලබලා පොළොන්නරු ගිය එක, අර විදේශික යුවළ සම්බන්ධ සිද්ධිය වගේ දේවල් ගැන ම තමයි මම සංස්කෘතෙන් ලියලා තියෙන්නෙත්. හැබැයි මගෙ සංස්කෘත දිනසටහන්වලින් මාර්තු මාසෙට අදාළ ව නම් වෙනස් උපුටන ගන්න පුළුවන්. ඔන්න මම මාර්තු නවවෙනිදා අදිකාරම්තුමාගේ ප්‍රකාශයක් ලියලා තියෙනවා සංස්කෘතෙන්.”
“සර් අපට ඒක කියන්ඩකො බලන්න ටිකක් හරි තේරෙනව ද බලන්නත් එක්ක.”
ඒ ඉල්ලීම මිහිදිනීගෙනි.
“තෘණං උප්ත්වා වී්‍රහි ලබ්ධුං න ශක්‍යං මානං ච කෝපං ච උප්ත්වා සාමං කථං ලභේම.”
“සර් තෘණ - මාන - කෝප - සාම වගේ වචනනං තේරෙනවා. හැබැයි සමස්ත අර්ථය ගන්න තේරෙන්නෙ නැහැ. ඒක නිසා සර් ම අර්ථය කිව්වොත් තමයි හොඳ.”
“මිහිදිනී, මේකෙ මුල දි් කියන්නෙ තණ වපුරා වී ලබන්න බැහැ කියන එක. ඊට පස්සෙ කියන්නෙ මානයත් කෝපයත් වපුරලා සාමය කොහොම ද ලබා ගන්නෙ කියන එකයි.”
“මට හිතෙන්නෙ සර් ලෝක බලවතුන් කියලා කියා ගන්න අයට අදිකාරම්තුමා කියන මේ කාරණය තේරුණා නම් වර්තමාන ලෝක තත්ත්වය මීට වඩා ගොඩක් යහපත් වෙන්න තිබුණා.”
“අපේ මිහිදිනී කියන එක හරියටම හරි. සර් ඔය වගෙ වෙන කරපු පරිවර්තන නැද්ද ඔය දින සටහන් අතර.”
“ඇයි නැත්තෙ ගඟුල්. තව එහෙම එකක් විතරක් කියන්නම්. මේක රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ එක කාව්‍යෝක්තියකට මම කරපු පරිවර්තනයක්. මම කියවන්නං ඒ පරිවර්තනේ.”
“තුෂාරබින්දුර්විගලිතෝ මේ. ඒවමවදත් නලිනීපත්‍රං සර්වතාරකානෂ්ට ප්‍රභාතේ ආකාශ්යෛ.”
“සර් මට පුළුවන් ඔය ප්‍රකාශෙ නම් අර්ථෙ කියන්න.”
“ඔන්න ඔයාගෙ අලුත් ගෝලිකාව බාර ගත්තා අභියෝගයක්. එයාට අපි ඉඩ දෙමු.”
එසේ පැවසුවේ ගුරු පත්නිය යි. ඒ අනුව මිහිදිනී මෙසේ යථෝක්ත පද්‍යයේ සිංහලාර්ථය ඉදිරිපත් කළා ය.
“අහිමි ව ගියා මගෙ පිනිබින්දුව. නෙළුම්පත පැවසුවා, තාරකා සියල්ල අහිමි වූ උදෑසන ආකාශයට.”
“කෙල්ල කිව්වා හරියට ම හරිනෙ.”
“සර් අපිට වැඩ වරදින්නයි යන්නෙ.”
“අලුතෙන් එක එක්කෙනා එකතු වෙන එකනෙ ගුරුවරුන් වෙන අපේ සතුට වෙන්නෙත්. ඇත්තටම දුවේ ඔයා කිව්වා හරිනෙ.”
“අනේ සර් ඔය මගෙ විශේෂ දක්ෂකමක් නෙමෙයි. මම දන්නවනෙ සර් තාගෝර්තුමාගෙ ීඑර්හ ඊසරාි පොතට ගොඩක් කැමතියි කියන එක. මේ වචන අතර තියෙන තුෂාරබින්දු තාරකානෂ්ට ආකාශ කියන කොට ම මට මතක් උනා මේ කොයි කවිය ද කියන එක. ඒ අනුමානෙන් තමයි මම අර්ථ කිව්වෙ.”
“නෑ දුව ඔයාට විශේෂ දක්ෂකමක් නැහැ කියන්ඩ බැහැනෙ. අපි එක භාෂාවකින් කියන දෙයට සමාන තවත් භාෂාවක තියෙන දෙයක් අනුමාන කරලා කියන්ඩ පුළුවන් වෙන්නෙ හොඳ කියවීමක් තියෙන කෙනෙකුට ම තමයි.”
“මම අපේ සදසි දුවගෙන් අහලා හිතේ ඇඳගෙන හිටපු මේ දුව ගැන චිත්‍රය තහවුරු කරන වැඩක් තමයි මේ දැන් මෙතන උනේ.”
එසේ පැවසුවේ මෙතෙක් සියල්ලට නිහඬ ව සවන් දෙමින් සිටි ගුරුපත්නියගේ සොයුරිය යි.
“එහෙමනං දැන් අපි මේ දක්ෂ නෝනටම ඉඩ දෙමු, මාර්තු මාසෙ ඉංග්‍රීසි සටහන් අතර එයාට වැඩියෙන් ම දැනිච්ච එකක් ඉදිරිපත් කරන්න.”
“එහෙම නං මැඩම් මට නතර වෙන්න වෙන්නෙ මාර්තු 25 වෙනි දා දින සටහන ළඟ. ඒක උද්ධෘතයක් ක්‍රිෂ්ණ ජීගෙ. එතුමා කියනවා ඊර්ෂ්‍යාව යම් තැනකද එතනදි ආදරය ඇති වෙන්නෙ නැහැ කියලා. ඒ වගෙම ඇලීම තියෙන තැනදිත් ආදරය උපදින්නෙ නැහැ කියලත් කියනවා.”
“සර් තමන් කියවපු පොත්වල වැඩියෙන් ම දැනිච්ච තැන් ලියලා තියෙන එක කවද හරි වටින්නෙ සර්ට නෙමෙයි අනාගත ලෝකයට කියලයි මට හිතෙන්නෙ.”
“මිහිදිනී දුව කියවන්නකො ඒ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ ප්‍රකාශෙ.”
ආචාර්ය පත්නියගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිහිදිනී යථෝක්ත ප්‍රකාශය මෙසේ කියවූවා ය.
ෂ රු්කස‘ැ එය්එ කදඩැ ජ්බ බදඑ ැංසිඑ අයැබ එයැරු සි වැ්කදමිහත කදඩැ ජ්බ බදඑ ැංසිඑ අයැබ එයැරු සි ්එඒජයපැබඑග
“හසිත් පුතා අතේ නේද තාත්තගෙ සිංහල දිනපොත තියෙන්නෙ. ඔන්න සංස්කෘතෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන් ම අදහස් ආවා. දැන් ඔයා අතේ තමයි තියෙන්නෙ සිංහල දිනපොතෙන් මාර්තු මාසයට අදාළ ව කරුණු මතු කරන එක.”
“දැන් අපේ පුංචිත් පටන් අරන්නෙ අභියෝග ඉදිරිපත් කරන්න.”
“මට ලේසියෙන් ම ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් තාත්තා ගොඩක් දේවල් ලියලා තියෙන නිසා. මම පටන් ගන්නෙ අපේ අදිකාරම්තුමාගෙන්.
අදිකාරම්තුමාගෙන් කිව්වේ එතුමා ලියපු ලිපිවලින් කියන එකයි. 86 මාර්තු පළවෙනිදා දින සටහනේ තියෙනවා සිතිවිලි 57 පොත සකස් කරන්න පටන් ගත්තා කියලා හිග්ගොඩ ඛේමානන්ද හාමුදුරුවන්ගෙත් උපදෙස් ලබමින්. මේ පොත ගැන තාත්තම යම් අදහසක් කිව්වොත් තමයි හොඳ.“
”ඔව් අදිකාරම්තුමා ජීවත් ව ඉන්දැද්දි සිතිවිලි පොත් 56 ක් වෙනකන් මුද්‍රණය කරවලා තිබුණා. එතුමා නැති උනාට පස්සෙ එතෙක් මුද්‍රණය නොකිරිච්ච ලිපි එකතු කරලා අර සිතිවිලි පොත් ආකෘතියට පුංචි පොත් හැටියට මුදණය කිරීම ගැන සාකච්ඡාවක් ඇති උනා දවසක. ඒ සාකච්ඡාවෙදි තමයි ඛේමානන්ද හාමුදුරුවන්ටයි මටයි වගකීම පැවරුවෙ ඒ කටයුත්ත කරන්න.“
”සර්ට මතක ද ඒ පොතට ඇතුළත් කරපු ලිපි.“
”ඔව් මට මතකයි, අපි කාගෙත් පොදු අදහසට ගරු කරලා ඒ පොත නම් කළා අම්මා කියන නමින්. ඊට අමතරව අදිකාරම්තුමා නැති වෙන්න ඉස්සෙල්ල ඒ මෑත ඉතිහාසයට අයිති දේශන ආශ්‍රයෙන් තවත් ලිපි නවයක් එකතු කළා. ඒ පොතේ එන පළවෙනි ලිපිය සෙනෙහස. ඒක සකස් කළේ එතුමාගෙ අන්තිම ගුවන්විදුලි සාකච්ඡාවෙ පටිගත කළ හඬපටිය අහමින්. ඒ වගෙම ඒකෙ තිබුණ තවත් වැදගත් ලිපියක් තමයි මේ ජාතිවාදී අරගලයක් නෙමෙයි තුන්වෙනි ලෝක යුද්ධයයි කියන ලිපිය. ඒක එස් ද. එස්. සමරවික්‍රම මහත්තයා අදිකාරම්තුමත් එක්ක කරපු සාකච්ඡාවක් ඇසුරින් සකස් කරපු එකක්. ඒක වර්තමාන සමාජය තමන්ගෙ නොමඳ අවධානය යොමු කරන්න ඕනෙ කරන වටිනා ලිපියක්.“
”තාත්තෙ ඔය පොතේ ම නේද පෞද්ගලික සාමය සහ ලෝක සාමය කියන ලිපියත් රුධිරය හෙවත් ලේ පිළිබඳ විද්‍යාත්මක කරුණු කිහිපයක් කියන ලිපියත් තියෙන්නෙ.“
ඒ අදහස ඉදිරිපත් කෙළේ මේ දිනවල ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ අදහස ද සිතින් දරාගෙන සිතිවිලි ලිපි කියවීමෙහි ලා නිරත ව සිටින සදසි ය.
”ඔව් දුව, ඒ ලිපි දෙකත් අවසාන අර්ථයෙදි සේවය කරන්නෙ ජාති වශයෙන් මනුෂ්‍යයා බෙදිලා වෙන් කිරීමේ තියෙන මුළාව පෙන්නල දෙන්නයි. ඔයිට අමතරව කියතේ උපමාව, මානසික ප්‍රදූෂණය, ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන ආයතන, සැබෑ නිදහස යන මාතෘකා යටතෙත් ලිපි තිබුණා. ඔයගොල්ලොත් මේවා ආයෙ ආයෙත් කියවන්න ගන්න. ඒ වගෙම මිහිදිනී දුවත් සම්බන්ධ වෙන්න අපේ දුව කරන පරිවර්තන වැඩේට.”
“සර් 57 සිතිවිලි පොතෙන් පස්සෙ 58 අංකය යටතෙත් පොතක් මුද්‍රණය කළා නේද?”
“ඔව් ඒ විද්‍යාව හා මානසික සංවර්ධනය කියන ලිපියයි සිතීමේ සීමා කියන ලිපියයි දෙක එකතු කරලා. අපේ පලිහවඩන සර් තමයි ඒකට මහන්සි උනේ. 59 පොත බාඳුරා මල් නමින් කරන්න හිටියත් ඒ ලිපි අස්ථානගත වෙලා ඒ වැඩේ අපට කරන්න බැරි උනා. ඊට පස්සෙ අපි කවුරුත් යොමු උනේ සිතිවිලි පොත් දහයක් හරි පහක් හරි එකතු කරලා කාණ්ඩ වශයෙන් මුද්‍රණය කරන එකට. ඒ අතර සිතිවිලි 1, 2, 3, 4 කියන පොත් හතරත් සිතිවිලි 27 නිර්මාංසාහාරය කියන පොතත් පොඩි පොත් හැටියට ඒවයෙ අලුත් මුද්‍රණ කරන්නත් අපිට පුළුවන් උනා.”
“මේ පොතේ මාර්තු 9, 17 දවස් යටතෙ තියෙන දින සටහන් අපට ඓතිහාසික වශයෙනුත් වැදගත්. නවවෙනිදා අප ආදරය කරන - ගෞරව කරන අය වරින් වර අපෙන් සමුගන්නවා කියන ප්‍රකාශෙ තාත්තා ලියන්නෙ අදිකාරම්තුමා ගැන සඳහනක් කරලා. ඊට පස්සෙ 17 දින සටහනේ මේ රටේ හිටපු පැවිදි පඬිරුවනකුත් ගිහි පඬි රුවනකුත් අපට අහිමි ව ගියා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ පැවිදි පඬිරුවන තමයි ඉඳුරුවේ උත්තරානන්ද නායක හාමුදුරුවො. ගිහි විද්වතා තමයි ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහාචාර්යතුමා. ඒ දවසෙ තබලා තියෙන තවත් සඳහනකට මම මගේ පරම්පරාවට අයිති අයගෙ අවධානය යොමු කරන්න කැමතියි. තාත්තා, ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම නිසා ලොකු සිත්තැවිල්ලකින් හිටපු තමන්ගෙ මිතුරියකට එයාගෙ හිත හැදෙන විදිහෙ ලීයමනක් යැව්වා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ ලියමන ගැන තාත්තා තියනවා මෙහෙම සඳහනක්. අන්න ඒක අපටත් වැදගත්.”
“නොයෙකුත් ගැටලු නිසා තැවෙන සිත්වලට වචනයකින් හෝ සහනයක් දෙන්නට අපට හැකි නම් එය කිරීමට අප කිසි සේත් පමා විය යුතු නැත.”
‘මාර්තු දින සටහන් අතර තවත් එහෙම අපට වැදගත් වෙන ප්‍රකාශ තියෙනව ද?“
”තියෙනවා තියෙනවා මිහිදිනී. මාර්තු 19 වෙනිදා පොතට එකතු කරලා තියෙන අදිකාරම්තුමාගෙ මේ සටහන බලන්නකො ඔයාම කියවලා.“
දිනපොත අතට ගත් මිහිදිනී සිය දෑසින් එහි පළමු කියවීම නිහඬ ව සිදු කළා ය. අනතුරුව ඇය අන්‍යයනට ඇසෙන සේ එය කියැවූවා ය.
“සංවේදීභාවය මැනැවින් තිබෙන තැනැත්තා අහසේ පාවෙන වලාකුළෙන්, පියාඹන පක්ෂියාගෙන්, ගස් කොළන්වල වර්ණයෙන්, පිපෙන මලෙන්, ගසෙන් වැටෙන කොළයෙන් යනාදී අප්‍රමාණ සුළු දේවලින් පවා අසීමිත සතුටක් ලබයි.”
“අදිකාරම්තුමා සිරිත් විරිත් හෙළා දැක්කා කියන කාරණේ ඇත්ත ද?”
“ඇයි හසිත් ඔයා එකපාරට ම දැන් එහෙම ප්‍රශ්නයක් ඇහැව්වෙ.”
“මම එහෙම ඇහැව්වෙ සමහර දෙනා ඒ විදිහට එතුමාව දකින නිසා. හැබැයි මාර්තු 28 වෙනිදා එතුමා කරපු දෛනික කතා බහක දි කරපු ප්‍රකාශයක් තාත්තා ලියාගෙන තියෙනවා දිනපොතේ. ඒ ගුවන්විදුලි සංස්ථාවෙන් ගෙදරට ආපු නිවේදකයෙක් එක්ක කරපු කතාබහකදි.”
“හසිත් අපි ඒ කොටස දක්වල ම ඒ ගැන අපේ සර්ගෙ අදහස අහමු.”
“පසුගිය අවුරුදු දා ගුවන්විදුලි නියෝජිතයෙක් එතුමාගෙන් මෙසේ ප්‍රශ්න කළා. ඔබතුමා අලුත් අවුරුද්ද වෙනුවෙන් කරනමේ සිරිත්විරිත්වලට විරුද්ධ ද?”
එයට දුන් පිළිතුරයි, මේ.
“ඇත්තට ම අලුත් අවුරුද්ද කියලා දවසක් වෙන් කරන්න බැහැ. ඒත් කවර හෝ දවසක වේවා - කවර චාරිත්‍රයක නාමයෙන් වේවා - කිසි කෙනෙකුට හිංසාවක් නොවන විදිහට අහිංසක සතුටක් ලබනවා නම් එහි වරදක් ඇතැයි මට පේන්නෙ නැහැ.”
“හැබැයි හසිත් ඔය ප්‍රකාශෙ තුළ ම අදිකාරම්තුමා දරන අදහස පැහැදිලි ව තියෙනවා. එතුමා කියනවනෙ අලුත් අවුරුද්දක් කියලා දවසක් වෙන් කරන්න බැහැ කියලා. ඒ අතර ම කවර හෝ දවසක කෙනෙක් ලබන අහිංසක සතුටකත් වරදක් දකින්නෙ නෑ කියලනෙ කියවෙන්නෙ.”
“ඒක ඇත්ත ගඟුල්, අදිකාරම්තුමා කියන්නෙ පිළිගැනීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීමෙන් තොරව ජීවිතය දැකපු උත්තමයෙක්. අපි අපේ රුචි අරුචිකම් අනුව වෑයම් කරන්නෙ අපි කැමති පැත්තට එතුමාව දා ගන්නවා. අවුරුදු සිරිත කෙරෙන්න ම ඕන කියලා හිතන කෙනාට මේ ප්‍රකාශෙ අරගෙන කියන්න පුළුවන් එතුමා ඒවට විරුද්ධ උනේ නැහැ කියලා. ඒ වගෙම ඒකට විරුද්ධ අදහස දරන කෙනාටත් මේ ප්‍රකාශෙම අරගෙන තමන්ගෙ මතය තහවුරු කරන්න පුළුවන්. ඒත් අපි දන්න අදිකාරම්තුමා හිටියෙ ඊට වඩා වෙනස් මානසික තලයක.”
“තාත්තෙ අද දවසෙ වගෙම ඒ දවස්වලත් අදිකාරම්තුමා තේරුම් ගත්ත වගෙම තේරුම් නොගත්ත අය සමාජෙ හිටිය නේද?”
“ඒක පුතා හැම යුගයකම ජීවත් වෙච්ච මහා පුරුෂයන් ගැන - මහා ස්ත්‍රීන් ගැන තියෙන සමාජ ආකල්පෙනෙ. ධූමපානය මද්‍යපානය පිළිබඳ විද්‍යාත්මක කරුණු තියෙන සිතිවිලි ලිපි තැපෑලට දාන්න ගියහම අපෙන් අහපු අය හිටිය ඕව ගැන පත්‍රිකා යවලා පුළුවන් ද සමාජෙන් දුම්බීමයි මත්පැනයි තුරන් කරන්න කියලා. අදිකාරම්තුමත් සිතිවිලි සමාජෙ කටයුතුත් ගැන වැරදි කියවීමක් තිබිච්ච අය එදා සමාජෙත් හිටියා. අදත් ඇති. ඒව ගැන හිතලා අපිට මේ වැඩ කරන එක නවත්තන්න බැහැනෙ.”
“තාත්තෙ, අප්‍රේල් තුන්වෙනිදා දිනපොතේ තියෙනවා සුරංගම කියලා සූත්‍රයක් ගැනත් ඒ සූත්‍රය සිංහලට පරිවර්තනය කරන්න හිතේ කැමැත්තක් තියෙනව කියලත්. මේ නමවත් අපි අහලා නැහැනෙ. මේක ප්‍රසිද්ධ සූත්‍රයක් නෙමෙයි ද?”
“ඕක ප්‍රසිද්ධ සූත්‍රයක් නෙමෙයි කියලා කියන්න බැහැ. ඒත් ඒක මහායාන සූත්‍ර ධර්ම අධ්‍යයනය කරන අය අතරෙයි වැඩිය ප්‍රසිද්ධ. මුල් සූත්‍රය තියෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. මේක 250 ක් රහතන් වහන්සේලාට දේශනා කළා කියලයි තියෙන්නෙ. ඒ අතර අපට හමු වෙනවා සාරිපුත්ත - මෞද්ගල්‍යාන - සුභූති රහතන් වහන්සේලා වගෙම අපට ථෙරවාද සාහිත්‍යෙ දි හමු නොවන උපනිෂද් කියන නම තියෙන රහතන් වහන්සෙත්. මීට අමතරව ඒ වන විට රහත් වෙලා හිටපු නැති ආනන්ද හාමුදුරුවොත් මඤ්ජු ශ්‍රී බෝධිසත්ත්ව ඇතුළු බෝධිසත්ත්වයන් වහන්සේලත් පසේනදි රජතුමත් යනවා ඒ ධර්ම දේශනේ කරන තැනට. මේ සූත්‍රය ගලා ගෙන යන්නෙ බුදුන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුවො අතර කෙරෙන ධර්ම සාකච්ඡාවක් හැටියට. වෙනත් චරිත සම්බන්ධ වෙන්නෙ අතරින් පතර. අපි පස්සෙ විස්තර ඇතුව මේ ගැන කතා කරමු.”
“දැන් මම අවධානය යොමු කරන්නෙ මේ දිනපොතේ අප්‍රේල් පස්වෙනිදට. අන්න ඒ කොටසෙ එනවා ඒ වෙන කොට ඉන්දියාවට ඉගෙන ගන්න ගිය මල්මීවල කියන යාළුවට ලියපු ලියමනක කොටසක්. ඒක අපිට වැදගත් වෙන්නෙ සමාජයට අර්ථවත් යමක් කරන කෙනෙක් නැති උනහම අපි ගොඩක් දෙනා ඒ වෙලාවට ගොඩක් දුක්වීම මිසක් ඒ වෙනුවෙන් කරන්නෙ මොකක් ද කියන චින්තාවට එන්නෙ නැති නිසා.”
“හසිත් අය්යෙ ඒ ප්‍රකාශෙ අපටත් ඇහෙන්න කියවන්ඩකො.”
“අපි ඉතා ආදරය කරන - ගෞරව කරන - ලෝකයට ඉතාම අවශ්‍ය උතුම් මනුෂ්‍යයන් අපෙන් වියෝවන විට වේදනාව දැනෙන එක ඇත්ත. අපි ඒ උතුම් මනුෂ්‍යයන්ගේ ජීවිතවලින් අංශුමාත්‍රයක් හෝ අපේ ජීවිතවලට ළංකර ගන්නට උත්සාහ කරමු.”
“සර්, මේ ලෝකයට එන සමහර චරිත කලාවෙන් අර්ථවත් දෙයක් කරලා ලෝකයට සමීප වෙනවා. ඇතැම් කෙනෙක් විද්‍යාවෙන් දැනෙන දෙයක් කරලා ලෝකය ස්පර්ශ කරනවා. සර්, සර්ගෙ මල්මීවල කියන යාළුවට මේ ලියන්නෙ අදිකාරම්තුමා ගැනනෙ. සර්ගෙ ඉංග්‍රීසි දිනපොතේ 18 වෙනිද යටතෙ සටහන් කරලා තියෙනවා වෙනත් පැතිකඩවලින් වගෙම විද්‍යා ක්ෂේත්‍රයත් බබලවපු චරිතයක් ගැන. ඒ සටහන සර් උපුටගෙන තියෙන්නෙ පත්තරයෙන් එදා ෘ්සකහ භැඅි පත්තරයෙන්. මම කියවන්නම් ඒ කොටස.“
උැ ි්කමඑැ එයැ පැපදරහ දf දබැ දf එයැ fැඅ ිසබජැරු පැබ අයද කසඩැා සබ එයසි ජදමබඑරහග
”ඔය මිහිදිනී කියන්නෙ කවුරු ගැන ද?”
“ඒ වෙන කවුරුවත් නෙමෙයි අපේ අදිකාරම්තුමා ම තමයි.”
“මන් හිතන්නෙ දරුවනේ කොයි විදිහකින් හරි ජීවිතයට ළංකර ගන්න ඕන අර්ථ තියෙන මූලාශ්‍රයක් තමයි ත්‍රිපිටකය කියන්නෙ. මාව ඒ පැත්තට යොමු කළෙත් අදිකාරම්තුමා ම තමයි. සංස්කෘත ළඟ විතරක් නතර වෙන්න දෙන්නෙ නැතුව. ඒ පාරෙ මාව ශාස්ත්‍රීය වශයෙන් අරගෙන ගියේ පලිහවඩන සර්. ඒ අධ්‍යයන සිද්ද කරද්දි තමයි මට හොඳටම තේරුණෙ පාලි භාෂාවෙත් ත්‍රිපිටක සාහිත්‍යෙත් අගේ. ඒකයි මම ඔයගොල්ලන්ටත් මොන විෂය කළත් ලැබෙන ඉඩකඩේදි ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න කියලා කියන්නෙ.”?
“ඇත්ත සර් ඇත්ත. අපි ජීවත් වෙන කෙටිකාලෙදි අපිට කරන්න පුළුවන් උපරිම දේ කරලා තමයි අපි මේ ලෝකෙන් සමුගන්න ඕනෙ. සර් අප්‍රේල් හයවෙනිදා දින සටහනට ඇතුළත් කරලා තියෙන්නෙ සිළුමිණ පත්තරේ තිබිච්ච ඒ අදහස දෙන කතුවැකියක කොටසක්. මම කියවන්නම්කො ඒක මෙහෙම.”
විශ්වයේ පැවැත්ම පිළිබඳ මහා පරිමාණය දක්වන ආයු කාලය හා සංසන්දනය කර බැලීමේ දී මිනිසා මිහිතලය මත ජීවත් වන්නේ කෙතරම් කෙටි කාල පරිච්ඡේදයක් ද ?
මහපොළොවෙන් උදුරා ගත් සියල්ල යළි මිහිමවගේ පුදසුන මත තබා ඇය අපට වෙන් කළ සිවු රියන වෙත අපි අපේ ගමන යායුතු වෙමු.
”ඒක අපි කාටත් අපේ ජීවිත දිහා හැරිලා බැලීම වෙත අප යොමු කරන හොඳ කතුවැකියක්.“
මේ වචන පැවසුවේ ඒ වනවිට සිංහල දිනපොත ද අතට ගෙන කියවමින් සිටි මිහිදිනී ය.
”සර් අවුරුදු දවසෙ ලියලා තියෙන සටහනත් වැදගත් කියලයි මට හිතෙන්නෙ. ඒ සටහනේ අදිකාරම්තුමාගෙන් ලබපු ආභාසෙත් තියෙනවා. සර් අපි මේ කරන උත්සවවල අර්ථයක් නැහැ. ඒත් අහිංසක විදිහට මොන දවසක හරි සතුටු වීමේ වරදක් නැහැ කියන වචනවල ඉන්නෙ අදිකාරම්තුමා. ඒ දැක්ම මත ඉඳගෙන තමයි සර් ඊළඟ වචන ටික ලියලා තියෙන්නෙ.“
”මම කැමතියි දුව ඒ වචන ටික ඔයා දැන් කියවනව නම්.”
දැන් අවුරුදු උත්සවය පමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ වන් උතුම් මිනිසකුගේ ජීවිතයට සම්බන්ධ වන නත්තල් දිනය ද සැමරෙන්නේ සතුන්ගේ ලේ මතින්. හිංසාවේ හවුල්කරුවන් ව හිඳිමින් අහිංසක සමාජයක් බිහි කළ නොහැකි යි. අපට කළහැකි සහ අප අනිවාර්යයෙන් කළ යුතු එකම දෙය වන්නේ අප හිංසකත්වයෙන් ඈත් වීමත් අපේ ශක්ති පමණින් අන්‍යයන් ඉන් ඉවත් කර ගැන්ම යයි සිතේ.
”සර්ගෙ අප්‍රේල් 21 දින සටහන් ආශ්‍රයෙන් මම දැන් ප්‍රශ්නයක් අහන්න ද?”
“අහන්න අහන්න මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නම් මම උත්තර දෙන්නම්.”
“සර්ට අර ඒ කාලෙ තිබිච්ච උපාධිධාරි ස්ථාපන සේවයෙන් කතා කරපු සුරාබදු සහකාර කොමසාරිස් තනතුර සර් එපා කියල කිව්වෙ ඇයි?”
“මට මතකයි ඔය දවස. තවර හෝ විෂයක ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් තියෙන කෙනෙක් ව තමයි ඒකට බඳවා ගන්නෙ කියලා තිබුණා. එදා තිබිච්ච ඉන්ටවීව් එකට එහෙම පන්ති සාමර්ථ තිබිච්ච අය හිටියෙ දෙන්නයි. එක්කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ භූගෝලවිද්‍යාව ගෞරව උපාධියක් කරපු කෙනෙක්. අනිත් කෙනා මම. මට ඉස්සෙල්ලයි එයා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ ඉස්සරහට ගියා. ඊට පස්සෙ ගිය මගෙනුත් ඔය තනතුරට එන්න කැමති ද කියලා ඇහැව්වා. මම කිව්වෙ ගුරු පත්වීමක් හරි ශබ්දකෝශ කාර්යාලයක හරි වැඩ කරන්න ලැබෙනව නම් තමයි මම කැමති කියලයි.”
“ඉතින් මේ රස්සාව ඒ දෙකට ම වඩා වැඩි පඩියක් ලැබෙන උසස් රැකියාවක්නෙ කියලා ඒ පරීක්ෂක මණ්ඩලේ මහත්තයෙක් කිව්වා. මම කිව්වා මට නම් ඒක උසස් රැකියාවක් කියලා පේන්නෙ නැහැ කියලා. තව මහත්තයෙක් කිව්වා ඔයා මේකට අකමැති විශේෂ හේතුවක් තියෙනව නම් ඒකත් අපට කියන්න කියලා. එතකොට මම කිව්වෙ ඔය තනතුර තියෙන්න නම් රටේ සුරාව පවතින්න ඕන. ඒ පැවතීම ම රටකට මානව සමාජයකට තර්ජනයක් ඒක නිසා මට ඔය තනතුර නම් එපා කියලයි.”
“ඉතින් ඒකට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ අය මොකුත් කිව්වෙ නැද්ද?”
“එකම එක මහත්තයෙක් ඇර ඒ පරීක්ෂක මණ්ඩලේ හිටපු අනික් නෝනා මහත්තුරු මට උපහාසෙට වගේ හිනා උනා. දෙයක් කතා කළේ අර හිනා නොවිච්ච, ඒ මණ්ඩලේ ප්‍රධානියා කියලා හිතන්න පුළුවන් මැදිවියේ හිටපු මහත්තයා. ඒ මහත්තයා මට බොහොම ආදරෙන් කතා කරලා කිව්වෙ මල්ලි මට ඔයා ගැන කණගාටු යි කියලයි.”
“සර් ගැන කණගාටුයි කියන එකට හේතුවක් එහෙම කිව්වෙ නැද්ද ඒ සර්?”
“ඔව් ඒකට හේතුවත් කිව්වා. මේ තනතුර අවශ්‍ය නැහැ කියපු අනිත් කෙනාට නම් තමන්ගෙ විශ්වවිද්‍යාලෙ කථිකාචාර්ය ධුරයක් ලැබෙන්න ඉඩ තියෙන බව අපට දැනගන්න ලැබුණා. මට තේරිච්ච විදිහට එයා මේකට ඇවිත් තිබුණෙ අද්දැකීමක් ගන්න. ඔයත් එහෙම ද කියලත් ඇහැව්වා.”
“මම කිව්වෙ මට නම් සර් එහෙම තත්ත්වයක් නැහැ. අපේ අධ්‍යයනාංශෙ එහෙම වේකන්සියකුත් නැහැ කියලා කිව්වා. ඒ වෙලාවෙ අර මණ්ඩලේ අයට ආයෙත් ලොකු හිනාවක් ගියා. අර මහත්තයා ඒ වෙලාවෙත් ඒ හිනා වෙන කණ්ඩායමට එකතු උනේ නැහැ. එතුමා මේ සම්භාවනීය පරීක්ෂක මණ්ඩලයක සාමාජිකයෙක් ය කියන එකත් අමතක කරලා බොහොම අනුකම්පාවෙන් මන් දිහා බලලා ආයෙත් කිව්වෙ මල්ලි මට ඔයා ගැන කණගාටුයි කියලා. එහෙම කියලා තවත් දෙයක් කිව්වා.”
“මොකක් ද සර් ඒ කියපු තවත් දෙය.”
රිය පදවන ගමන් ඒ ප්‍රශ්නය මතු කෙළේ ගඟුල් ය.
“මල්ලි මේ සමාජෙ ජීවත් වෙන්නයි ප්‍රතිපත්ති රකින්නයි දෙකක් කරන්න බැහැ කියල තමයි එතුමා කිව්වෙ. හැබැයි ඒ වචන ටික කිව්වෙ මන් ගැන අනුකම්පාවෙන්.”
“ඉතින් සර්ට වැරදුණේ නැහැනෙ.”
“නෑ මට වැරදුනේ නැහැ දුව. අනිත්තෙක මුළු සමාජෙකට ම වරද්දලා ගන්න මතුපිට දියුණුව මට දියුණුවක් වෙන්නෙත් නැහැ.”
“දැන් ඔය සර් හිතන මානසිකත්වයට කිට්ටු වෙන අය ඉන්නවනෙ අපි චණ්ඩියි කියලා කියන අය අතරෙත්.”
”ඇයි මිහිදිනී, ඔයාට එහෙම කතාවක් කියන්න හිතුණෙ.”
“බලන්ඩකො හසිත් අය්යෙ, මේ අප්‍රේල් 29 දින සටහන. එදා සර් ලියලා තියෙනවා අපි සාමාන්‍යයෙන් චණ්ඩි කියලා කියන මනුස්සයෙක් කියපු දෙයක්. මන් හිතන්නෙ මම ඒ අදාළ තැන කියවන්නම්කො, ඔයගොල්ලන්ටත් දැන ගන්න එක්ක.”
මහරගමදී තරුණයන් දෙදෙනකුගේ දෙබසකට කන් දෙන්නට ලැබුණා. ඒ බැලූ බැල්මට චණ්ඩි පෙනුමක් ඇති දෙදෙනෙක්. ඔවුන් කතාකළේ ද චණ්ඩිකම් සහ චණ්ඩියන් ගැන යි. ඉන් එක තරුණයෙක් මෙසේ පැවසුවා.
අහිංසක මිනිසුන්ට උදව් කරනව නං මිනිස්සුන්ට කරදරයක් නැතුව ජීවත් වෙනව නං අන්න එයාටයි මචං චණ්ඩියා කියලා කියන්න පුළුවන්.
“දැන් මම කැමතියි, සර්ගෙ ඉංග්‍රීසි දිනපොතට අවධානය යොමු කරන්න. ඒකෙ තියෙන අප්‍රේල් 07 දින සටහනට. ඒක අවසාන කරලා තියෙන්නෙ මෙන්න මේ වාක්‍යයෙන්.”
ශැිඑැරා්හ ඇ අ්එජයැා ් ඔඪ චරදටර්පපැ දබ ෘර ්ාසන්ර්ප ්එඒජයැා එද යසි ිැකකෙැි ිැරඩසජැග
“සර්ට මතක ද මේ වැඩ සටහන මොකක් ද කියලා?”
“මිහිදිනී, අදිකාරම්තුමා සම්බන්ධ රූපවාහිනී වැඩ සටහන් තියෙන්නෙ බොහොම අල්පයක්. එතුමා ජීවත් ව ඉන්න කාලෙ අද වගෙ රූපවාහිනී මාධ්‍ය ජාලයක් තිබුණෙ නැහැ. තිබුණෙ ජාතික රූපවාහිනියයි ෂඔභ ඒ කියන්නෙ ස්වාධීන රූපවාහිනී කියලා ප්‍රසිද්ධ එකයි විතරයි. මට මතක තියෙන්නෙ එතුමා පිළිබඳ රූපවාහිනී වැඩ සටහන් දෙකක් විතරයි. එකක් ගුණදාස ලියනගේ මහත්තයා අදිකාරම්තුමන්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් කරපු පිළිසඳර වැඩ සටහන. අනික අනෝමා වත්තල්දෙනිය නෝනා එතුමාගේ ජීවිතය පදනම් කරගෙන කරපු වැඩ සටහන.”
“සර් දකින විදිහට මේ වැඩ සටහන් වැදගත් වෙන්නෙ මොන විදිහට ද?”
“ඔයා දුව හොඳ ප්‍රශ්නයක් ඇහැව්වෙ. අදිකාරම්තුමාගෙ ජීවන තොරතුරු හොයන කෙනෙකුට වැදගත් වෙන්නෙ අනෝමා නෝනා කරපු වැඩ සටහන. එතුමගෙ ජීවන දර්ශනය ගැන අවබෝධයක් ලබා ගන්න කැමති කෙනෙකුට වැදගත් වෙන්නෙ ලියනගේ මහත්තයත් එක්ක කරපු පිළිසඳර වැඩ සටහන.”
“සර්ගෙ අප්‍රේල් 24 වෙනිදා දින සටහනෙන් අපට හමු වෙනවා කීරන්තිඩියෙ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සෙ. උන් වහන්සෙ ගැන ඒ කාලෙ පත්තරේක හරි සඟරාවක හරි ගිය ලිපියක් මට කියවන්න ලැබුණා. පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙළක අඛණ්ඩ ව ක්‍රියාත්මක වෙච්ච, මතුගම පැත්තෙ යතිවර චරිතයක් හැටියට යි ඒකෙ සඳහන් උනේ.”
“අය්යටත් මටත් උන් වහන්සෙ අඳුන ගන්න ලැබුණෙ අපේ සමරෙ බාප්පා නිසා. ඒ කියන්නෙ ජනමාධ්‍යවේදී චන්ද්‍රභානු සමරවීර නිසා. පස්සෙ මේ ස්වාමීන් වහන්සෙ උපැවිදි උනා. ඒත් මන් දන්න තරමින් කරගෙන ආපු පරිසර වැඩ සටහන් නං අතඇරියෙ නෑ.”
“සර් කොතනින් හරි ගත්ත හොඳ උද්ධෘතයක් තියෙනවා මේකෙ අප්‍රේල් 20 යටතෙ. හැබැයි මූලාශ්‍රය නං නැහැ.”
“අන්න ඕක ඒ කාලෙ මගෙ අතින් වෙච්ච එක වරදක්. ඒ කියන්නෙ සමහර ප්‍රකාශෙක මූලාශ්‍රය ලියා ගන්නෙ නැති එක. මොකක් ද මන් ඒ ගමන මූලාශ්‍රයෙන් තොර ව ලියාගෙන තියෙන ප්‍රකාශෙ.”
“සර්, අපිටත් ගොඩක් වැදගත් දෙයක් තමයි මේ ලියාගෙන තියෙන්නෙ. මේකෙ දි කියනවා ගොඩනැගිලි පාසලක් බිහි කරන්නෙ නෑ කියලා. නිදහස් අධ්‍යාපනය කියන කාරණාව ම හොඳ යෝජනාවක් කියලයි මෙතැන දි කියැවෙන්නෙ. නමුත් වැදගත් ම දේ වෙන්නෙ ගොඩනැගිල්ල නෙමේ එතන ඉඳලා ලබා දෙන හොඳ අධ්‍යාපනය කියලයි මේකෙ දි කියන්නෙ.”
“මම හිතන්නෙ මිහිදිනී, ඔය ක්‍රිෂ්ණජීගෙ ප්‍රකාශයක්.”
“මේ කාලෙ සර් විමලරත්න කුමාරගම කවියගෙ නිර්මාණ කියවීමට යොමු වෙලා තියෙන බවයි, දිනපොත බලන කොට අපට පේන්නෙ.”
“ඔව් ඇතැම් කාලවලදි මගෙ අවධානය වැඩිපුර එක කවියෙකුට යොමු වෙලා ඇති. ඒ අධ්‍යයනයෙ පහසුවට. කුඩලිගම අල්විස් පෙරේරා, බමරකොටුවේ සුධර්ම, කපිල සෙනෙවිරත්ත වගේ කවියො ඒ අතර ඇති.”
“මං හිතන්නෙ සර් ඒ ගැන අපට වෙනම සාකච්ඡාවක් කරන්නයි වෙන්නෙ.”
“අපි දැන් මොනරාගලට කිට්ටු කරලයි තියෙන්නෙ. මට දැන් සුදර්ශි කතා කළා. එයා අපි හත්දෙනාට ඉන්න වැවක් ළඟ නිවාඩු නිකේතනයක් ලෑස්ති කරලා. ඒ ගොල්ලො එනවා මගට, අපිව එතනට එක්ක යන්න.”
ගුරුපත්නිය එවදන් පැවසීමෙන් පසු සහන් පැවසුවේ සිය ආදි සිසු දියණියට කතා කිරීම සඳහා අදාළ අංකය ගන්නා ලෙස ය. ඒ අනුව සහන් සුදර්ශී ගුරුවරියට මෙසේ කතා කෙළේ ය.
“දුව සුදර්ශි, ඔයගොල්ල ගොඩක් මහන්සි වෙලානෙ.”
“මොන මහන්සියක් ද සර්. සර්ගෙයි මැඩම්ගෙයි මෙහෙ ගෝලයො වැඩ බෙදාගෙනයි තියෙන්නෙ. සර්ලා ඔය රෙස්ට් එකේ කැවතුණාට මෙහෙ ඉන්න දවස් කීපයෙදි උදේ දවල් රෑ සංග්‍රහ කටයුතු කරන්නෙ සර්ගෙයි මැඩම්ගෙයි ගෝලයො බෙදාගෙන. ඒකට ඉඩ නොදී ඉන්න එපා. අද හවස් වෙනකොට මාත් එක්ක අපි වැඩ සටහන් කරන ඉස්කෝල පහේ ම නියෝජිතයො එනවා. නියෝජිතයො කිව්වට එන හතර දෙනෙක් නියෝජිතවරියො. එක නියෝජිතයයි. තව අපේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමත් එක විදුහල්පතිතුමෙකුත් එනවා.”
“දැන් ඉස්කෝල පහ තීරණය වෙලා නම් මම කැමතියි ඒ පහේ නමුයි අර නියෝජිතයන් හතර දෙනා නියෝජිතයා වගෙම අධ්‍යක්ෂතුමා විදුහල්පතිතුමා කවුද කියන එක දැන ගන්න?”
“මොනරාගල මහානාමෙ, සියඹලාණ්ඩුව මහ විද්‍යාලෙ, බුත්තල දුටුගැමුණු, මහකළුගොල්ලො ඉස්කෝලෙ, බඩල්කුඹුර ඉස්කෝලෙ තමයි තැන් පහ.”
“එතකොට අර නියෝජිතයො?”
“මහානාමෙ උගන්වන චතුරි මැඩම්ලගෙ සිංහල අංශෙ ආදි ශිෂ්‍යාවක්නෙ එයා එක්කෙනෙක්. ඊට පස්සෙ මහකළුගොල්ලෙ උගන්නන නිශාන්ත ජපුරෙ දේශපාලන විද්‍යාව කරපු. දුටුගැමුණු එකේ ගිමාරා සිංහල කරපු. මේ මම සුදර්ශි. ඒ වගෙම බඩල්කුඹුර ඉස්කෝලෙ ගුණරත්න විදුහල්පතිතුමා.”
“එතකොට කවුද මේ කියන අධ්‍යාපන අධ්‍යක්ෂතුමා?”
“ඒ තමයි පදිමසිරි දිසානායක සර්. ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් අතක් කපලා මොනරාගල හොස්පිටල් එකේ ඉන්න කොට සර්ලා බලන්නත් ආවෙ. ඒත් අපේ ජපුරෙ ආදි ශිෂ්‍යයෙක්නෙ. ඒ සර් ඇවිල්ලා රුසියානු සාහිත්‍යෙ අපට හමු වෙන සැබෑ මිනිසෙකුගෙ කතාව අපට මේ රටේදි අපට ඔප්පු කරලා පෙන්නපු අපේ කාලෙ වීරයා.”
“ඒ සර් තමයි මේ වැඩ සටහනට එන්නෙ සර්ලා මැඩම්ලා කිව්වහම මහ ගැම්මකින් ඒවා අනුමත කරන ලියවිලිවලට අත්සන් කරලා අපට උදව් කළේ. බඩල්කුඹුර අධ්‍යාපන කාර්යාලෙටත් කතා කරලා මේ වැඩවලට අවශ්‍ය සම්බන්ධීකරණය කළෙත් දිසානායක සර් ම තමයි.”
“මට පේන්නෙ සුදර්ශි තමයි මුළු මොනරාගල ම සම්බන්ධ කරන සර්වත්‍රවර්ෂී වැහ වලාකුළ වෙලා තියෙන්නෙ. අපිට හරිම සතුටු යි දුවේ ඒ ගැන.”
සුදර්ශී පැවසූ වැව් තෙර නිකේතනය වෙත ළඟා වන විට මඳ මඳ ව වැටෙමින් තිබූ වැස්ස මහ පොළොව තෙත් කරමින් ඇද වැටෙන මහා වර්ෂාවක් බවට පත් වෙමින් තිබිණ. නිවාඩු නිකේතනික පියස්ස ඉදිරියේ රිය නතර කළ හසිත් පළමු ව ඉන් එළියට බැස්සේ කාටත් ඇසෙන සේ මෙසේ පැදියක් ගයමිනි.
ලක්මවු දියණි මොනරාගල ප්‍රජාතේ
වෙත ආ අපි දකිමු උරුමය අතීතේ
වර්ෂා වසින’තර ගෙන දී සුසීතේ
ඈතින් ඇසේ හද බන්ධන ප්‍රගීතේ

No comments:
Post a Comment