Friday, May 30, 2014

පත්තර....)))

පත්තර කියන ඒවා සාමාන්‍යයෙන් බොහෝ දෙනා ළදරු පාසල් යන පුංචි ම කාලයේ කියවන්නට පටන් ගනිති.මා වැනි අතට අහු වෙන හැම අටමඟලම කියවන පොඩි එවුන් නම් පත්තර කියවිල්ල පටන් ගන්නේ ඊටත් කලින් ය....)))))

කියවන පත්තර වයසත් සමඟ වෙනස් විීම අපූරු දෙයකි.පුංචි කාලයේ මගේ තේරීම වූයේ පොඩිත්තා,සිඟිත්තා ආදී ඒවාය.කල් යත්ම එව්වා විජයට මිහිරට එහෙම මාරු විය.හතර පහ වසර වෙත්දී මම සිලුමිණ,දිවයින ආදී ලොකු පත්තර කියවන්නට පටන් ගතිමි.

ඒ දවස්වල පටන් ගත් පුරුද්ද අත හැර ගැනීම ඉතා අපහසු කටයුත්තකි.සෙනසුරාදා දවසේ උදේ පාන්දරම තාත්තාත් මාත් නිවසින් අතුරුදහන් වෙමු.නැවත ආපසු එන්නේ සති අන්ත පත්තර හතඅටකුත්,සෝයා අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙනය.. ඉන්පසු උදේ වරුවම අපේ නිවසේ සියල්ලෝ කිසිදු හිතේ කහටකින් තොරව පත්තර උදෙසා වැය කරති..!!!

පරණ පත්තර කියවීම මගේ අනික් පුරුද්දයි.(පුංචි අවදියේ සිට මට වැළදී ඇති පිස්සු තත්ව මගේ දෙමව්පියන්ටත් වැළදී තිබීම කරණ කොටගෙන) අපේ නිවසේ 1970 ගණන්වල සිට පරණ පත්තර කෙළ කෝටි සංඛ්‍යාත ගණනක් තිබේ.ඒවායින්ද වැඩි හරියක් සිත්තර,සතුට,සුහද ආදී වූ චිත්‍ර කතා පත්තර ය.ඉතින් අට නමය වසරේ පටන් මට කම්මැලිකමක් දැනුනු විට කරන්නේ ඔය පත්තර ගොඩ සම්පූර්ණයෙන් ම එළියට ගෙන දූවිලි නාගෙන ඒවා කියවීමය.ඉන් පසු ඇති වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව පිළිබඳව උනන්දු නොවිය යුතු තරමට ඒවා කියැවූ පසු අති මහත් ආනන්දයක් ලැබේ..!!

දුකක් දැනෙනා වෙලාවට 1990 ගණන්වල නවකතා සහිත පරණ අරලිය පත්තර ඉතා හොඳ ඔසුවක් බව ද නොකියා බැරි ය...!!

පත්තරවල නොවැදගත් ප්‍රවෘත්ති සහ ලිපි බොහෝ තිබෙන බව ඇත්ත ය.නමුත් සියල්ල ම කිව යුතු යැයි නියමයක් නැති බැවින් තමන්ට ගෝචර වන ඒවා පමණක් කියැවීමට හැකියාව තිබේ.. එහෙයින් වර්තමානයේ වෙසෙනා බාල පරම්පරාව රූපවාහිනිය මොහොතකට වසා දමා පොඩ්ඩක් පත්තර පැත්තට යොමු වන්නට උත්සාහ කළහොත් කරන්ට් බිල අඩු වී මොළය ද ටිකක් වැඩෙනු ඇතැයි සිතමි...))))

අන්තිමට කියන්නට තියෙන්නේ පත්තර හෙවත් පුවත්පත් යනු මගේ අත්දැකීම්වල හැටියට නම් ඉතා සුන්දර යමක් බව ය...!!



22 comments:

  1. //සෝයා අයිස්ක්‍රීම්// චීකේ... මට නම් පෙන්නන්න බැරි ජාතියක්. පත්තර කිව්වම ඉතින් මටත් හොඳ හොඳ අද්දැකීම් තියනවා. මම හිත යන ලිපි කපල එකතු කරන්න පටන් ගත්තෙ හත අට වසරවල දි. අපේ දිහා නම් එකතු කරපු පත්තර නෑ. මම ඔහොම කපල පොදි ගහපුව තමා තියෙන්නෙ :-))) ඒ කාලෙ ඉතින් මට පිස්සු කිව්වට දැන් නම් එහෙම කියන්නෙ නෑ :-D

    ReplyDelete
    Replies
    1. පින නැතිකමනේ... එව්වා එකක්වත් කෑව නම් මොලේ කූල් වෙලා කතාව ලියන්න හිතෙයි...!!!!

      හි.. හි.. බලන් ගියාම අපි හැමෝටම පත්තර පිස්සුව නෙව..)))

      Delete
  2. අතට අහුවෙන කොළ කෑල්ල උනත් කියවනවානම් එකෙත් ගන්න දෙයක් තියෙනවා නංගි.

    ReplyDelete
  3. පත්තර හොදයි පත්තර බෙදන උන් තමා නරක...

    ReplyDelete
    Replies
    1. දේශක උන්නැහේ පත්තර බෙදන කෙනෙක්ට දේශනයක් දෙන්න ගිහිං සවුත්තු වෙලාවත්ද?

      Delete
  4. අප්පේ මාත් ඒ දවස් වල සිත්තර සත්සිරි වගේ පත්තර කියෙව්ව... ගෙදෙට්ට හොරෙං... අපේ අම්ම නං දැක්කොත් ගම කනව...
    අපේ තාත්ත එක්කහු කරපු ඔය ලංකාදීපෙහරි මොකේ හරි ගියපු චිත්‍ර කතාවක් තිබ්බ මං ආසාවෙන් කියෝපු... ඒත් ඒක නැත්ි වුණා නෙ....
    මතක් වෙනකොටත් දුකයි...
    ඒ දවස් වල තිබ්බ කියවීමේ උණ නෙ මේ දැං ලිවිල්ලක් විදියට එළියට පයින්නෙ

    ReplyDelete
    Replies
    1. අය්යෝ අපරාදෙ....

      කියවන්න කියවන්න තමයි කොහොමත් ලිවිල්ල වැඩි දියුණු වෙන්නෙ නේද??

      Delete
  5. මමත් ආසම වැඩක් තමයි පත්තර කියවන එක. පරණ පත්තර, අලුත් පත්තර ඕනේ එකක්... කම්මැලිකම නැති වෙන්න පත්තර කියවන එක හොඳම වැඩක්...

    ReplyDelete
    Replies
    1. හි.. හි.. තව පත්තර පිස්සියෙක්..!!

      Delete
  6. මේ නංගිට වැලඳී අැති සමහර රෝග ලක්ෂණ මටත් තිබේ

    //එහෙයින් වර්තමානයේ වෙසෙනා බාල පරම්පරාව රූපවාහිනිය මොහොතකට වසා දමා පොඩ්ඩක් පත්තර පැත්තට යොමු වන්නට උත්සාහ කළහොත් කරන්ට් බිල අඩු වී මොළය ද ටිකක් වැඩෙනු ඇතැයි සිතමි.

    මේ එක්දාස් නවසිය බර ගනන් වල නවයුගය පත්තර හෝ විජය මිහිර වැනි පත්තර බව විශේෂයෙන් සඳහන් කලයුතුයයි සිතේ!

    ReplyDelete
    Replies
    1. එළැඹිය හැකි අවසාන නිගමනය නම් අප සියල්ලෝ ම පිස්සන් බව ය....

      අන්තිම කතාවට එකග වෙමි.ඒ දවස්වල පත්තර තමා පත්තර!!!!!!

      Delete
  7. මමත් පත්තර පිස්සියෙක් :D

    ReplyDelete
  8. අපි එකම බෝට්‍ටුවෙ ලෙඩ්ඩු.. හැබැයි මට කියවන්න පරන එව්ව දැන් නෑ මෙහෙ. පත්තර නං ඉතින් අවුරුදු දහයක් අයින් කරලා ඊට පස්සෙ එව්වා කියවන්න කැමතියි.. අයින් කරන ලඟම අවුරුදු දහයෙ පත්තර කාරයො ලිව්වෙ අනුන්ට ඕනෙ විදිඔහට

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි එක පවුලෙ කියන්නෙ සරත් මාමේ...)))))

      Delete
    2. තමන්ගෙ අදහස් ප්‍රකාශ කළ යුතු මාධ්‍ය අනුන්ගෙ බෙරපදවලට නටන එක තරම් පිලිකුල් සහගත දෙයක් තව නෑ!

      Delete
  9. ඇත්තටම පත්තරය ගොඩක් පරණ වෙන්න පරණ වෙන්න එහි වටිනාකම වැඩියි. එහෙම වෙන්නෙ ඒ පුවප්ත හෝ ප්‍රවෘත්තිය පළවූ කාලය ගැන ආපහු හිතන්න පුළුවන් වන නිසා

    ReplyDelete
    Replies
    1. eka eththa.anith eka a dawaswala lipi wunath adata wada bohoma sarthakai..

      Delete
  10. හැම අටමඟලම කියවන පුරුද්දට මෑණියන් වහන්සේ තරයේ විරුද්ධය. ඇගේ අදහස කාලය ඉතුරුකර වැදගත් දේ පමණක් තෝරා කියවියයුතු බවයි.
    එහෙයින් මට වඩා පැරණි පත්තර ඇල්ලීම හෝ තරයේ තහනම් ය.

    ReplyDelete
  11. පත්තර සඟරා සැබවින්ම මිත්‍රයෝ වගේ. සමහර විට ඊටත් වඩා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... නමුත් පරණ පත්තරවල තමා වැදගත් දේ තියෙන්නේ.

      Delete