Friday, June 27, 2014

නොහඬමි...

කවියක් ව නුඹේ නෙත් දකිමි මම නිල් නුබේ
ඔය නුවන් සීරුවේ මා දෙනෙත් වෙත එබේ
දහසකුත් මේ ගැජුම් ඉපිද හදවත් ගැබේ
වැස්සක් ව මකවි පොත් මතට ඉහිරෙයි ඉබේ

මුළු දවස පොත් අතර සරා වෙහෙසින් තැවෙන
සිත අරන් කවි අතර රැයට සක්මන් කරන
මොහොතකට ස්වප්නෙකින් නුඹේ නෙත් මට පෙනෙන
ඇත්තමයි මිහිරි වෙන කවක් නැත ඔබ පමණ

තුරකි නුඹ මා හදට මිහිරි මල් පෙති ඉසින
ගඟකි බොර දිය මඟැර සිහිල් දිය මට පුදන
සඳකි වෙහෙසෙන සිතට සොමි කැළුම් දී නිවන
මලකි මා හද විලේ සදාකල්හි ම පිපෙන

දුරයි නුඹ මා හදට අන් හැමෝටම වඩා
ඒත් හැම දුරු බැඳුම් එකම නිමෙසෙන් කඩා
බිඳ හෙළන මතකෙකින් දුරු ව යයි හද විඩා
ඉතිං නෙත් බොඳ නොකර ඉඳිමි නොහඬා හඬා



19 comments:

  1. අඬන්නට දැන් කඳුළු නෑ. ඒකයි නාඩා ඉන්නේ..

    ReplyDelete
  2. වෙනද වගේමයි...
    හරි අපූරුයි...
    ජයවේවා

    ReplyDelete
  3. රසවින්දා ..නියමයි

    ReplyDelete
  4. සොඳුරු කවිකම් දකිමි නිවා ලන හද විඩා - හසරැල්ල සුන්දර යි නැගෙන කඳුළට වඩා - සිනා සී කවියකින් අප සමග බස් දොඩා - කුමට නො හඬා හඬනු, සිටිනු මිස නොම හඬා... (පන්තියෙ ඉස්සරහ ම පේළියෙ ඉන්න හොඳ ළමයි මෙහෙම කවි කාට ලියනවද මන්දා :-)))

    ReplyDelete
    Replies
    1. දුර ඉන්න කොට ඇඬෙනවාලු...)))

      අපෝයි... වරදවා වටහා නොගනු මැන.මං ඉස්සරහ පේලියේ නෙමේ ඉන්නේ.ඒ වෙලේ එතෙන්ට ගියේ එතන ඉන්න එක්කෙනෙක් එක්ක ඕපදූපයක් කියවන්න... ))

      අපි මැදපේලි වල බුද්ධිමතුන්!

      Delete
  5. නලින් අයිය කිව්ව වගේ මටත් කඳුලු එන්නෙ දැං ලූණු සුද්ද කරොත් විතරයි! :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! :D

      ජොලියට වගේ කසුන් ලොක්කගෙ මේ සින්දුව අහල බලන්න

      https://www.youtube.com/watch?v=WuhhbY5PkEk

      Delete
  6. අඬලා අඬලා දැන් අඬන්න හිතෙන්නේ නැති තරමටම ඇස් රිදෙනවා... ලස්සනයි නංගෝ කවිය..

    ReplyDelete
  7. ජය වේවා!!

    ReplyDelete
  8. අපූරුයි මේකවි අරුත්බර පදවලින් හැඩ ගැසුනු
    ලියන්නට තවත් කවි මේ හොඳට ඇත ළකුණු

    ReplyDelete