Saturday, February 27, 2016

ඒ සීත දිය පොදේ නහවන්න...


හිතට දුර නැති දුරක
ඇහැට අහු වෙන තැනක
අහම්බෙන් ඔබ පිපීගෙන ඉන්න
නොහිතපු ම විරාමෙක
එක්තරා අහම්බෙක
නෙළාගෙන යන්න මට ඉඩ දෙන්න..

අනවරත වැසි වසින
වැසි වනන්තරය අස
පුංචි ඔසු පැළයක් ව ඉපදෙන්න
සුව කරන්නට නොහැකි
සියලු රෝ දුක් රිදුම්
සෙනේ ඔසු ගල්වමින් සනහන්න..

රලු පරලු පොළොව මත
ලා තෙතක් ඇති බිමක
සීත දිය ඌලක් ව මතු වෙන්න
සපුන් විද රිදුම් දෙන
මහද දෝතට රැගෙන 
ඒ සීත දිය පොදේ නහවන්න..

22 comments:

  1. කොමෙන්ට් එකට දාන්න අදහසක් එන්නේම නෑනේ.. ලස්සන වැඩි කමටමද කොහෙද

    ReplyDelete
  2. මලක් වෙන්නම් එළියවන්නට
    ඔබට පමණක් නොව ලොවටම
    ඔසු පැලයක් වන්නත් පුළුවන්
    සුව කල හැකිනම් හැමොම
    උල්පතක් වී සිසිල දෙන්නම්
    උනුසුමින් හඬන හැමෝම
    කවදා ලැබේද නොදනිමි
    ආර්ත්මාර්ථකාමී නොවන ප්‍රේමයක්

    ReplyDelete
    Replies
    1. කොච්චර පරාර්ථකාමී වෙන්න හැදුවත් ප්රේමයේ පොඩි ආත්මාර්ථකාමී ගතියකුත් තියෙනව නෙව..))

      Delete
  3. මේ වැස්සත් ලස්සනයි.....

    ReplyDelete
  4. ලියන්නට පිලිතුරක්
    සිතට නොම එයි කවක්
    එබැවින් නොගෙවා දුරක්
    පුදමි සිනහවක් පමණක්

    මුලක් මැදක් අගක් නෑ වගේනං ගනං ගන්න එපා එච්චර :D

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ වැඩක්... අලියා කවදාවත් නැතුව කවියක් ලියල...)))

      Delete
  5. නියමයි කියල කියන්නං

    ReplyDelete
    Replies
    1. එච්චර නියම නං නෑ මේක.. අගය කිරීමට ස්තූතියි ඉවාන්..))

      Delete
  6. ලස්සනයි. අහිංසක වැසි දැරියගෙ අහිංසක ප්‍රාර්ථනා...

    මට මතක් වුණේ චන්‍රද්‍රෙල්ඛාගෙ මේ සින්දුව..

    ඇසට පෙනෙන දුරක සිටින්නම්
    හදට දැනෙන තැනක රැඳෙන්නම්
    තනිව හිඳින නිහඬ රැයක
    කණට ඇසෙන දුරක ගයන්නම්...

    ReplyDelete
    Replies
    1. මං අහිංසකයි කියල කවුරු හරි කිව්වමද කොහෙද.. අනික අපි ඉතින් මුණගැහිලත් තියෙන එකේ තරු අක්කට ඒක ප්‍රත්‍යක්ෂයෙන් ම කියන්න පුළුවන් නෙව..)

      ලස්සන ගීතයක්.. එක පාරටම අහන්න දොළ දුකක් පහළ වුණා මේ කමෙන්ට් එක දැක්කම..))

      Delete
  7. බ්ලොගයට වැටිච්ච අකුරු වැහි බින්දු ටික හරි ලස්සනයි නෙව..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ගිම්මි අක්කෝ...)))

      Delete
  8. හරිම ලස්සනයි වැසි දැරිය ඔයා හරිම දක්ශයි

    ReplyDelete
  9. වරුසා -කවිය ,අදහස, පැතුම හරිම ලස්සනයි.
    ජයවේවා....

    ReplyDelete
  10. වියලී ඉරි තැලුනු කතරට..
    පුංචි වැහි බිදු වැටෙද්දි දැනෙන සතුට
    ම්ම්ම්...
    ඒ දූවිලි සුවද..
    මතක් කරාට ස්තූතියි........
    තවත් වැස්සක් අරන් එනකන් මග බලමින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැස්සෙ තෙමෙන්න ආවට...!!

      Delete
  11. අපූරු පද වැල් ටිකක්...

    ඒ වගේම වැස්සේ තෙමෙන 200 වෙනි කෙනා වීමත් සතුටක්...

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා වැස්සෙ තෙමෙන්න..))

      Delete