Wednesday, June 1, 2016

පෙම් ගිතෙල්, හිම වලසා සහ සමහර සින්දු ඇහෙන හැටි..)))

"දවසක සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ" සින්දුව යද්දි අම්ම තනියෙන් හිනාවෙන්න තියාගත්තා.

තාත්තා මං දිහා බලල අහනව.. මොකෝ පුතේ මේ?

ඔය සින්දුවෙ මැද කෑල්ලක් තියෙනව, 
"මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා 
  එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා.." කියල..))

අම්ම පොඩි කාලෙ හිතන් ඉඳල තියෙන්නෙ පෙම් ගී තාච්චියෙ දාලා ඊට උඩින් තෙල් දානව කියල..!!

---------------------------------------------------------------------------------------------------------

එකක් දෙකක් නෙමේ ඔහොම තේරුං ගන්න බැරි වෙන සින්දු තියෙන්නෙ.. 

"සඳ සාක්කි කියාපුදෙන් 
 තරු සහතික ලියාපුදෙන්" කියන එක මට ඇහෙන්නෙම, හොර සහතික ලියාපුදෙන් කියල නොවැ..!

---------------------------------------------------------------------------------------------------------

ඔන්න ඕවගේ සින්දු ටිකක් ශෙයාර් වෙනව දැක්ක..))

මේ එව්වයින් මතක තියෙන කෑලි ටිකක්..

"ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ - තොටියෙකි මා මේ සීතල වතුරේ.. " ඕක ඇහෙන්නෙ "ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ - කොටියෙකි මා මේ සීතල වතුරේ" කියල..!!

යළිත් කියන එක නෑහී ගිහින් "අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියා.." කියලත් සමහරුන්ට ඇහෙනවලුනෙ..!

ඔබ දේදුන්න ආකාසයේ..
හංගා තබා
යන ටෙක්නික් බලා..

------------------

රෑ දුරු රට මේ
හිම වලසා
සීත පාලුවේ..

-----------------

සමන් පල්ලි යන්නේ
සඳේ රැස් කැරැල්ලේ..

----------------

වැස්සෙ තෙමෙන්න එන ඇත්තන්ටත් කන්වල වංගු නිසා මේ වගෙ ගීත ඇහිල ඇති ඕනැ තරම්.. 

අද මේක ලියන්න හිතුණෙ වෙන කාරණාවක් හින්දයි.. උදේ පාන්දර එක්කෙනෙක් කතා කර කර ඉන්දැද්දි අහනව,

බබා අහල නැද්ද "රඟපාද්දි ඇවිදින්නට මට අත දුන්න" .. කියල සින්දුවක්..!! 

මං පිස්සු හැදිච්ච අස්සයෙක් වගේ හිනාවෙද්දිවත් උන්දැට නෙමේ කාරණාව තේරුණේ.. )

34 comments:

  1. ඔයවගේ ඇහෙන සින්දු ගානක් තිබුන. මතක් වුනොත් ඇවිත් දාල යන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් මතක් වෙන්නෙ නෑ.. සින්දු ගොඩක් තියෙනව නං තමා එහෙම..))

      Delete
  2. අර කියපු හොර සහතික ලියාපුදෙන් කියන එකයි, යන ටෙක්නික් බලා කියන එකයි නම් මටත් ඇහුනේ මේ ලඟක් වෙනකල් එහෙම තමා... තව තියනවා..
    දේදුණු පාටයි මුහුණ ඔබේ කියන සිංදුවේ මැද තියනවා “වරල ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ“ කියල කොටසක් මට ඉස්සර ඇහුනේ “ඇට හැලෙනා ඇල්ල වගේ“ කියලා.. තව ඔය වගේ ඒවා තිබුනා.. මතක් උනාම කියන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. හොර සහතික කියන එක නම් මට කවදාවත් තරු කියල ඇහිල නැහැ.එහෙම අහන්න උත්සාහ කළත් ඇහෙන්නෙ හොර සහතික කියලමයි..))

      Delete
    2. eka "tharu sahathika" nemeyi lamaya "hiru sahathika"

      Delete
    3. හපුච්චේ.. අනේ මන්දා මේ සින්දු නම්..))

      Delete
  3. matath thibuna ohoma sinduwak

    සමනලයා මල හාරනවා සේ

    ReplyDelete
  4. //"රඟපාද්දි ඇවිදින්නට මට අත දුන්න"//

    ඒක තමයි අපූරුම කතාව...මටත් පුංචි කාලේ ඔහොම ඇහුන ගීත තිබුන...දැන් මතකයට එන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. එයා තාම හිතන් ඉන්නෙ ඒක තමා හරි වචනේ කියලා..))

      මගේ නයනාවී සාගරී සින්දුවෙත් තියෙනවා රසරාජිණී කියල වචනයක්.ඒක අපේ අම්මට ඇහෙන්නෙ නසරාජිණී වගේ..

      Delete
    2. අර සිංදුවෙ ඊළඟට තියෙන්නෙ, "බොට දෙන්නං තාත්තේ කොන්ද කැඩෙන්ඩ..." කියල.

      Delete
    3. ඒක නං වැරදියට ඇහෙන එකක් නෙමේ.. හදපු එකක්.ඒ වගේ හදපු සින්දුත් අනන්තයි අප්‍රමාණයි.

      Delete
  5. එහෙම ඇහිල එහෙම කියල පච වෙලත් තියනව....

    ReplyDelete
    Replies
    1. ඒක ගායකයන්ගෙ වැරැද්දනෙ බං.. පැහැදිලිව සින්දුව කියන්නැතුව අහිංසක අපිව නොමග යවනවා..))

      Delete
    2. ඒකනෙ සමහර රැප් ගායකයො අකුරෙං අකුරට ස්පෙල් කරලත් කියන්නෙ, වරදියි කියල...

      Delete
  6. කැම්පස් එකේ කස්ටිය සින්දු කියද්දි අනේ හරි අපූරුවට ඔය වගේ කෑලි අහුලගන්න පුලුවන් වර්ෂා...

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් එන්නෙ ඔයිට වඩා සෑහෙන්න බරපතළ වචනත් එක්ක නොවැ..))

      Delete
  7. පිස්සු හැදිච්ච අස්සයෙන් හිනා වෙන විදිහ පිලිබඳව පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? හැක්

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය හිනා වෙන්නෙ එහෙම තමා..))

      Delete
  8. සමනළයෙක් අතේ එව්වා හම්බ උණාද
    ඌව කන්න පරිස්සමින් කටු පොඩි නොකර...

    ReplyDelete
  9. උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ- පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ..
    මට ඒ කාලේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමා ඇයි තිලක් වෙන්න බැරි කියන එක.

    ReplyDelete
    Replies
    1. මරු මරු..

      තව තියෙනව.දැනුයි මතක් වෙන්නෙ..

      ලස්සන නම් නෑ පෙනෙන්නේ - බිත්තර සුවඳයි දැනෙන්නේ..

      Delete
  10. //රෑ දුරු රට මේ
    හිම වලසා
    සීත පාලුවේ.

    හරි ඉතිං වලහට පාලු අැති :D සුපිරි සින්දුවක් හැබැයි :)

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම සින්දුවක්.. වර්ෂා සමයේ අහන්න කියාපු සින්දුව..!!

      Delete
    2. අනිවාර්යෙන්ම, light off කරල නින්ද එනකං වගේ අැහුවනං ටොප්!

      Delete
    3. දැන් ඔය විරහ ගීත අහන එක නවත්තලා ඇතින්නක් හොයාගන්න අලියො..))

      Delete
  11. ඈ තාර කාවි.( තාර කාලා ) හික්ස් මේ පොස්ට් එක මරු ඈ. :D

    ReplyDelete
    Replies
    1. hee... paraka ekkan yana eka bayanakai e kellawa..

      thank you somiya..

      Delete
  12. නංග ලස්සන පෝස්ට් එකක් අමුණල තියෙන්නෙ. හිනාත් යනව. රස වින්දා දරුවො ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. මං මෙයාගෙ දරුව වෙලා..))

      Delete
  13. මේ ගැන පෝස්ට් තුනක්ම දාල තිබුණ "බණ්ඩ". ගිය අවුරුද්දෙද කොහෙද...

    ReplyDelete
    Replies
    1. හය්යෝ.. දැක්කෙ නෑනෙ.. බ්ලොග් එකකද?

      Delete
  14. හහා තැන්කූ තැන්කූ .... මට මතක ඇති එව්වා නම් ලියන්න ඉඩ මදිවෙයි . නියම ලිපිය !

    ReplyDelete