Sunday, July 3, 2016

රහස්.. රස රහස්...

රඟහලේ මැද පෙළේ අසුනක
නෑසියන් අතර ඉඳ ඉන්න කොට
හිතෙනවා, ළඟක උන්නා නම් ඔබ
වාරු වන්නට
රඳවා මා සිඟිති හිස
පුළුලුර - කැරලි කෙටි කෙස් අස..

ගැහැණුන් පහත් යැයි දොඩවන
පුස් ම පුස් පිරිමි වෙති දස අත
ඔවුන් දකිනා කල
පිරී යන්නෙය මා හද
මහ බැතියකින් සිහි වැ ඔබ මුදු බස්..

මවමින් සිටිමි නෙක සිහින රූ
ඇවිද යන්නට අතිනත වෙළා ඔබ හා
පුරාවිද්‍යා බිම්වල.. කියවමින් සෙල්ලිපි..
පොත් ප්‍රදර්ශනවල.. සිතුවම් ප්‍රදර්ශනවල.. 

ඒත් හඬ ගා කියනු කෙලෙසද 
දැන් ම ලෝකෙට ඔබ ගැන..?

රහස්වලින් මැ නිමැවුණ
රහස් බසින් මැ ඉපදුණ
රහස් ඇසිනැසින් කියැවුණ
රහස් පෙමකිය අප සතු..!

21 comments:

  1. ඕන්න රහස් පෙමට සුභ පැතුම්....ලෝකෙට කියන දවසට අපටත් කියල පාටියක් ඕනේ.....

    ReplyDelete
    Replies
    1. ඔයාලා නාකි වෙච්ච කාලෙක තමා රසික අංකල් එහෙනං පාටිය දෙන්න වෙන්නෙ..))

      Delete
  2. කා ගැනද අප්ප මේ කියන්නෙ? :O

    ReplyDelete
    Replies
    1. මෙයත් හරි හරි ප්‍රශ්න තමා අහන්නෙ..))

      Delete
  3. රකිමින් ඔය රහස,
    සිටියොත් ඉවස ඉවස....
    වැඩි දුරක නැති වේවි,
    දෙදෙනා පසු තැවෙන දවස...

    හොරාට ලව් කර අවසානයේ පසුතැවිලි නොවෙනු!!!

    ReplyDelete
    Replies
    1. එතකොට එළිපිට ආදරේ කරන හැමෝම සන්තෝසෙන් ඉන්නවද මං අහන්නෙ..?

      Delete
  4. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  5. රහස් මොකටද අනේ.. කියල දාමු වර්ෂා. වෙනස් විදියෙ කවියක්, සුන්දරයි. හිතේ තියන් ඉන්නෙ මොකටද අනේ ආදරේ...?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලේ පාට හීන.. නිසි බලධාරීන්ට දන්වන එක ලේසි නැහැ නොව ඉතින්..))

      Delete
  6. හරිම ආදරණීයයි නංගෝ... ඉක්මනටම නිසි බලධාරීන්ට කියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  7. හැමදාම හිතෙන්නේ මට ඔයාට ගැලපෙනම කෙනා ලැබුණා කියල. ඒ තරම් ලස්සනයි මේ ආදරේ.
    මොන බාධක ආවත් ඒ හැම දේකිනම ජය පතනවා නංගි

    ReplyDelete
    Replies
    1. ඔයා-මං-නජාත් අය්යා.. අපි ඉතින් එක පවුලේ නොවුණට ඒ වගේ තමා.කවි ෆැමිලිනේ.. ඉතින් ලොකු අක්කා කියන දේවල් හරියන්න ඕනෑ පොතේ හැටියට.. ගොඩාක් ස්තූතියි..!!

      Delete
  8. Replies
    1. කාලෙකින් දැක්කේ.. පරණ යාලුවෙක්නේ..)))

      Delete
    2. blog නැහැ නංගි දැන්. ජිවිතේ ගොඩක් කාර්යබහුලයි. දවසට පැය 48 ක් තිබ්බත් මදි ගානට :( අනාගත යුතුකම් ගැන හිතන්නත් එපැයි. ;)

      Delete
    3. අහන්නත් බැරි උනා. AL ගියපාර නේද. කොහොමද :))

      Delete
    4. එව්වා කියන්න ඉතින් ඔහේලා බ්ලොග්වලින් අතුරුදහන් වෙලා නොවැ..
      දැන් ඉතින් සරසවි පටන් ගන්න තුරු බලන් ඉමි..))))

      Delete
  9. *******
    කව් කියන මිතුරු කඳු හිස
    මල් නටන හරිත තුරු හිස
    නිම්නයක ගලන සෙනෙහස
    වැසි වසිනු තෙමනු උරහිස

    ප:ලි :
    පෙම් කම් දිනේවා !!!

    ReplyDelete
    Replies
    1. හය්යෝ.. blushed..!!

      ස්තූතියි අය්යේ..))

      Delete