Tuesday, November 15, 2016

උසස්පෙළ කියන්නේ ආදරේ ගලන තැන...

උසස්පෙළ කියන්නේ
ආදරේ ගලන තැන
හදවතින් හදවතට
යාලුකම පිරෙන තැන

නෝට් පොත් අගිස්සේ
කවි කෑලි ලියන තැන
ඉසිඹු ලන මොහොතකට
හිස් වචන කියන තැන

පුටු ගොඩක් තියෙද්දිත්
බිමින් ඉඳගන්න තැන
විහඟ රෑනක් වගේ
ඔහේ කෑ ගහන තැන

ටයි පටිය අග රැඳුණ
පහන සේ දිලෙන තැන
පහනකින් තව පහන්
දහක් බබළවන තැන

ඇහිඳ අකුරින් අකුර
හෙට දවස තනන තැන
ලබා සරසවි වරම්
විදු මවුන් පුදන තැන

ළදළු යුත් බෝධියේ
සෙවණ යට වඳින තැන
වෙළා සෙනෙහසේ අත්
යාලුකම් රකින තැන

ප්‍රංඥාකුර ලෙසින්
නැණ නුවණ වඩන තැන
වීර දූවරු හදා
රට දැයට පුදන තැන

දහතුනේ අන්තිමේ
ඇස් දුකින් තෙමෙන තැන
වෙන් වෙලා යන්න පෙර
බදාගෙන අඬන තැන

24 comments:

  1. අන්තිම කවිය නම් හිතට දැනුනා කවිපෙල අපූරුයි.
    අවුරුදු හයකට කලින් සතුරන් මිතුරන් එකට බදාගෙන වෙන්වුන දවස මතක් වුනා
    සමහරුන් එදයින් පස්සේ අද වෙනකම් ඇහැට දැකලා නෑ

    ReplyDelete
    Replies
    1. හප්පා.. අපිටත් එහෙම වෙයිද දන්නෙ නෑ කියලා බය හිතෙනවා..))

      Delete
    2. ඉස්කෝලෙට වඩා කැම්පස් එකේ මිතුරුදම් පවතිනවා වැඩියි. මම ඉස්කෝලේ කැම්පස් එකේ වගේම සේවා ස්ථාන දෙකකිනුත් සමුඅරං ගියාට ඒ මිතුදම් රැදෙනවා අඩුයි. ඉස්කෝලේ කාලේ මතකය විතරයි දැන් බොහෝවිට ඉතුරු

      Delete
    3. මාත් උසස්පෙළ කළේ මගේ තුන්වැනි පාසලෙන්.පරණ ඉස්කෝල දෙකේ හොඳම යාලුවෝ නම් තාමත් ඈත් වෙලා නැහැ.ඒත් ඉතින් අනාගතේ ගැන පැහැදිලි නිගමන දෙන්න බැහැනේ.. සමහර යාලුකම් මැකිලා යාවි.. සමහර යාලුකම් ඉතිරි වේවි..))

      Delete
  2. උසස් පෙල කියන්නේ වල බහින තැන, වලි ගලන තැන, ලව් කරන තැන, ජීවිතේ හැරෙන තැන

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් වාගෙ.. වැස්සේ තෙමෙන්න පිළිගත්තා ඕං..!

      Delete
    2. එහෙනම් ඉතින් කුඩේ අකුලගත්තා ඕං. මම මේ දවස්වල අලුත් බ්ලොග් හොය හොය කියවනවා. ඒ ගමන තමයි වැහි කෙල්ලගේ ගෙවල් පැත්තේ ආවේ. මම බ්ලොග් රෝලටත් දා ගත්තා.

      Delete
    3. හැබැයි ඉතින් සෙම්ප්‍රතිශ්‍යාව එහෙම හැදුණොත් ඒවාට වග කියනු නොලැබේ..)))

      Delete
  3. ගෙවී ගිය
    දෙවසරක කාලයේ හැම නිමේශයම
    ලිවිය හැකිනම්
    මේ බිත්ති අතර
    පොරබදී සිතුවිලි
    පෙරට එන්නට
    වෙන්වෙනා මොහොතේ
    ගොලුවේ මුව
    දොඩමලුවේ
    කඳුලු
    ඉස්කෝලේ අන්තිම දවසේ අකුරු කළ සිතුවිල්ලක්...


    මේ කවි පෙළ කියෙව්වම අවුරුදු 5 කට එහා අතීතයට ගියා... පදයෙන් පදය හැමදේම මතකයට ගලා ආවා..

    අපූරුයි වර්ෂා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ..

      ඔන්න ඔය වගේ කම්මැලිකම නැතුව බ්ලොග් එකෙත් කවියක් ලියන්නකො..))

      Delete
  4. ඔක්කොටම වඩා එය
    හිත රිදපු ලොකුම තැන

    ReplyDelete
  5. Replies
    1. ඉස්කෝලෙන් සමුගත්ත දවසේ අඬලා අඬලා ලිව්ව කවියක්..!

      Delete
  6. ol ඊට වඩා ආතල් කියල හිතෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් සාපේක්ෂ කාරණයක්නේ.. මං පුද්ගලික ව වැඩිපුරම වින්දේ උසස්පෙළ ජීවිතේ..

      Delete
    2. ඔව් සාපේක්ෂයිනෙ. ලස්සනයි දිගටම වැඩේ කරගෙන යන්න.

      Delete
  7. ඔන්න අපිත් තෙමෙන්න ආව අක්කේ... ජය වේ !

    ReplyDelete
  8. ඔන්න මම බ්ලොග් රෝලෙටත් ඇඩ් කරගත්තා.

    ReplyDelete
  9. ස්තූතියි රන් මකරා.. වැහි වැටෙන තැනට අඩුවට හිටියේ මකරෙක් විතරයි.ඔන්න දැන් ඒකත් හරි..

    ආදරෙන් පිළිගන්නවා වැස්සේ තෙමෙන්න එහෙනං..))

    ReplyDelete