හිත් වාන් දොර උඩින් නුහුරු දියවර ගලන
ප්‍රේමයේ මල්හාර සමයයි..
නැවුම් තරු කතාවක ආලෝක වර්ෂයෙන්
ඇස් නිලංකාර වන කොටසයි..
සයුරු රැල්ලක එතී - සිප්පි පියනක රැඳී
පෙණ නගන වසත් සත් ස්වරයයි..
කුඩා මුවවිට මතින් පෙරි පෙරී එන රොනින්
මකරන්ද ගලන මධු නිවනයි..
සංවාද තොටුපොළේ - පාරුවක නිසසලේ
වචන හබලක වාරු දිගුවයි..
හරිත වන පෙත් දිගේ - දුදුළු බෑවුම් මගේ
අතින් අත පටලැවෙන ගමනයි..
නොතිත් හිත් යුග බැඳී - ලවන් ලවනත රැඳී
දෙහිත් පින්තාරු වන දවසයි..
භවයකින් කෙළවරක් දකින්නට බැරි ඉමක
ඔබ-මගේ උත්තරය සසරයි..
එහෙම උනහම සසර දිගු වෙනවට කැමතියි වගේ.
ReplyDeleteධර්ම විරෝධී වුණාට, කතාව ඇත්ත!
Delete