Wednesday, March 30, 2016

පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න... - The Correct Post

තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න

සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න

වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.


30 comments:

  1. පහණ නොමැති කල එලියක් කොහොන් එතී
    වැස්ස නොමැති කල සරුවට මුකුත් නැතී
    සුසුමක් නොමැති කල සිරුරක් පමන ඇතී
    නුඹව නොලැබුනොත් මා නම් එසේ වෙතී

    ඉස්සල්ලම ආවට...බුල්ටො එකක් මදි පැකට් එකකම ඕනෙ..

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවියකුත් ලියල... තැන්කූ..)))

      ඉස්සෙල්ලම ආවටත් තැන්කූ..))

      ඒත් බුල්ටො දැන් කඩවල්වල තියෙනවද අප්පා? අපේ තාත්තා ඉස්සර එයාල බුල්ටො කාපු හැටි කියද්දි තරහත් යනව මට.ආසාවට දකින්න කඩේක නැහැ දැන්..

      Delete
  2. Correct post?
    දැං කාටද මේ කියන්නෙ? :)

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් වෙලා එකම පෝස්ට් එක තුන් පාරක් පබ්ලිශ් වුණා.බ්ලොග් රෝල් එකේ පෝස්ට්ස් තුනම පෙන්නනෝ.ඒත් දෙකක් කියවන්න බෑ.මේක විතරයි කියවන්න පුළුවන්.. ඔහෙලටයි දැම්මෙ මේක හරි පෝස්ට් එක කියාලා.. නිදිමතේ මහ රෑ දෙකට විතර නොවැ පබ්ලිශ් කළේ ඉල්ලීමක් ඉස්ට කොරන්න..

      මා කාටද මේක කියන්නේ...
      මා කාටද මේක කියන්නේ...

      https://www.youtube.com/watch?v=tvqtwuH9U9U

      Delete
  3. ලස්සන කවි ටික.

    ReplyDelete
  4. ලස්සන කවිය. ඔන්න හරි පෝස්ට් එක කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා ගගනගාමිතුමනි..))

      Delete
  5. ඉතිං,
    පහනක්ව
    දැල්වෙන්නට
    නුඹට ඇහැකිය...

    ඉනික්බිති නුඹ
    නික්ම ගිය සඳ
    එපහන් සිළුවට පැන
    ඇවිලෙන්නට
    මට පුළුවනි...

    ReplyDelete
    Replies
    1. මෙරුවෙක් ගැන ද මන්දා..))

      ස්තූති රයිටර්.. ඔබ මෙහි දකින්න ලැබීම සතුටක්..!!

      Delete
  6. //තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න
    සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
    ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
    කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න//

    වෑ ! වෑ ! මට වෑ... වෑ කිවොටොත් වෑම තමයි

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හෙළ හවුලට බරයි වගේ නේද මේ කවිය.. එහෙම ලිව්වොත් වෙනසක් වෙයි කියා හිතුණා.ඒ නිසයා මෙහෙම ලියැවුණේ..!!

      Delete
  7. ලස්සන කවි ටිකක්.....

    ReplyDelete
  8. හරිම ලස්සනයි වැසී :)

    ReplyDelete
  9. අපූරු පද පේලි ටිකක්...

    ReplyDelete
  10. Replies
    1. Because the same post was published thrice I named this as the correct post..!!

      Delete
  11. මද පවන වී එන්න
    ආදරෙන් දැවටෙන්න
    මොහොතක් ළඟ ඉන්න
    නොකියාම නොම යන්න

    සඳක් සේ නැග එන්න
    රෑ අහස සරසන්න
    සද කිරණ අහුරන්න
    වලා කැටි නොම එන්න

    සිතක් ඇත ඔන්න
    මග බලාගෙන ඉන්න
    ආදරේ මුමුනන්න
    මගේ ලොවට ඔබ එන්න

    ජය වැසි :D අපුරු කවි පද ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූරු පිළිතුරු කවියටත්..))

      Delete
  12. වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
    වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
    ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
    පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

    හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !

    ReplyDelete
  13. වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
    වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
    ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
    පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

    හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !

    ReplyDelete
  14. අන්තිම කවියට නම් හරිම මනාපයි...හරි ලස්සනයි වැසි .. මේ වැසි එක්ක බෑ :/ සොබාදහම ගැන ,ගම ගැන, වැස්ස ගැන එක එක ඒව දාල මාව අවුස්සනව :( ..මට ඒ වෙලාවට අපේ ගම ගැනමයි ලියන්න හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි අක්කෙ... වැසි වැසි කියන්නැතුව වර්ෂා කියලා කියන්නකො අප්පා.. නිකං වැස්සි වගේ එහෙම කිව්වම..)))

      ඉතින් හිත හිතා ඉන්නැතුව ලියලා දැම්මම ඉවරයි නෙව..)))

      Delete