ඈ මට මුණ ගැසුණේ අහම්බෙන් ය. ඈ අන්තර්ජාල ලියන්නියකි. ඉන්දියානු - කැනේඩියානු සම්භවයක් සහිත තරුණ චිත්‍ර ශිල්පිනියකි. මිලියන 2.5ක අළෙවි වාර්තාවක් තබමින් අතිශය ජනප්‍රිය වූ ඇගේ පළමු කෘතිය වූ Milk and Honey වැහි වැටෙන තැන කියවන ඇත්තන්ට නුපුරුදු නමක් විය නොහැකි ය. පසුගිය වසරේ එළිදැක්වූ ඇගේ දෙවැනි කෘතිය තවමත් කියවාගන්නට බැරි වූ බැවින් මෙහි සටහන් වන්නේ Milk and Honey නම් සුන්දර අක්ෂර බන්ධනයෙහි එන වඩාත්ම දැණුනු වචන පිළිබඳව ය.
එහෙත් යමක් කිව යුතුම ය. රූපීගේ කවි යුනික් ය. ඒවායෙහි ඇති සජීවි බවත් - ලෝකයේ වෙන කිසිවෙකුගෙන් මා මෙතෙක් අත් විඳ නැති නිර්මාණශීලිත්වයත් පහසුවෙන් වෙන බසකට පෙරළන්නට නොහැකි ය. එහෙයින් මා අතින් වන සිංහල පෙරැලුම්වලින් ඇගේ අපූර්ව කාව්‍යාත්මයට හානි වනු ඇතැයි යන සාධාරණ සැකය මා තුළ තිබේ. එහෙයින් ඒ වචන පරිවර්තනය කරන්නට උත්සාහ නොකරමි.
බොහෝ දෙනෙකුට රූපී පෙනෙන්නේ ස්ත්‍රීවාදිනියක ලෙස විය හැකි ය. විවාදයක් නැත. ඈ ඉතා ගැඹුරින් ස්ත්‍රීත්වය වචනයට පෙරළන්නීය. එහෙත් ඈ පිරිමින් හෙළා දකිමින් ගැහැණුන් පමණක් වැජඹිය යුතු යැයි සිතන අන්දමේ ඇතැම් අන්තවාදී ස්ත්‍රීවාදි කුලකයටද - ගැහැණුන් පහත් කොට සලකමින් පිරිමින් ගරු සැලකිලි ලැබිය යුතු යැයි සිතන අන්දමේ අන්තවාදී පුරුෂෝත්තමාවදී කුලකයටද අයත් නොවේ. මා විශ්වාස කරන අන්දමට ඈ මනුෂ්‍යත්වය උදෙසා ලියන්නියකි; ගැහැණුන්ටත් - පිරිමින්ටත් සියලු කාරණා පිළිබඳව සමාන අයිතියක් ඇති වග විශ්වාස කරමින් එබඳු සමානාත්මතාවෙන් පිරුණු ලෝකයක් උදෙසා ලියන්නියකි. රූපීගේ කවි ස්ත්‍රීවාදිනියකගේ සිතුවිලි ලෙස නොව මනුස්ස දුවකගේ සිතුවිලි ලෙස මට දැනෙන්නේ මාද පුරුෂෝත්තමවාදය හෝ ස්ත්‍රීඋත්තමවාදය වෙනුවට ගැහැණුන්ට - පිරිමින්ට සමානව ජීවත් විය හැකි ලෝකයක් බිහි විය යුතු යැයි විශ්වාස කරන නිසා විය හැකිය.
ඒ මනුෂ්‍යවාදී හස්තයෙන් රූපී වරෙක මෙසේ ලියයි:
අප පිළිගන්නට අකැමැති වන සත්‍යය මෙය නොවේද? රූපී මෙහි කියා ඇති පරිදිම මේ ලෝකයේ උපදින ඕනෑම ගැහැණු දැරිවියකට ඕනෑම ඉහළකට නැගීමේ සවිය තිබේ. එහෙත් උපන් දා පටන් කී වරක් කෙල්ලන් ගස් නැගිය යුතු නොවන බව, කොල්ලන් නිකං ඉද්දී කෙල්ලන් පමණක් මුළුතැන්ගෙයි වැඩට උදව් විය යුතු බව කොතෙක් නම් ඔවුන්ගේ කන වැකී ඇත්ද?
ඈ පවසන්නේ ඒ ස්ත්‍රී පුරුෂ බෙදීම (Gender Stereo-typing) වෙනස් විය යුතු වග ය. ඉතා සරලව කියන්නේ නම් ගැහැණුන්ද පිරිමින් මෙන් ම මනුස්ස ප්‍රාණීන් බව ය. ස්ත්‍රී ශරීරයෙහි ජීව විද්‍යාත්මක කාරණාවන් රූපීගේ අතින් සාමාන්‍යකරණය වන අන්දම ඒ සඳහා වන අපූර්වතම නිදර්ශනයයි.
මේ විසි එක්වැනි සියවසේදීත් ඇතැම් ලාංකික නිවෙස්වල ඔසප් වීම යනු තාත්තා හෝ සහෝදරයා ඉදිරිපිට කතා නොකෙරෙන යමකි. තමන්ගේ මව හෝ සහෝදරිය ඔසප් දිනයක විඳින වේදනාව පිළිබඳව අවබෝධයක් නැතිව ඇති දැඩි වුණු තරුණයෙකු ඔසප් දිනයක තමන්ගේ බිරිඳගේ පිට කොන්ද තවන්නට හෝ එදිනට පමණක් හෝ ඈට යමක් උයා දෙන්නට පෙළඹෙනු ඇත්ද යන්න මම ඇතැම් විට කල්පනා කරමි. රූපීගේ කවි තුළින් පරාවර්තනය වන්නේ අපටත් පොදු එබඳු සංස්කෘතික කාරණාය. ගැහැණියකගේ දෙකලවා අතර ඇති දෙය විකුණන්ටද, අැගේ ප්‍රජනන හැකියාව වර්ණනා කරන්නටද ඉදිරිපත් වන ලෝකය එහිදීම සිදු වන ඔසප් වීම නම් අතිශය සාමාන්‍ය කාරණාව අපිරිසිදු යමක් ලෙස දැකීමේ සත්තාව ඈ අතිශය ප්‍රබල ලෙස සමාජගත කරයි.
අවුරුදු විසි පහක තරුණියක ලෙස රූපී ආදරය විවරණය කරන අන්දමට මම වඩාත් ආදරය කරමි. ඈ යොවුන් ආදරය ගැන ලියන්නීය. එහෙත් එතැනින් නොනවතින්නීය. ඇගේ කවිවල බොහෝ විට ඇත්තේ අතිශය පවිත්‍ර වූ සමාජ ආදරයකි.
මේ වචන කියන්නේ ඉතා සුන්දර කරුණකි. ලෝකය කෙරෙහි පෙරළා කරුණාවන්ත වන්නට අපටද ලෝකයෙහි කරුණාව පමණක් ලැබී තිබිය යුතු නැත. ඇතැමුන්ගේ අකරුණාවත් බස්වලට රිදවාගෙන බුම්මාගෙන උන් ඇතැම් දවසක මගේ අභ්‍යන්තරය සුවපත් කළේ රූපීගේ මේ කවියයි. අපට ලෝකයෙන් කරුණාව නොලැබුණද ලෝකයට ආදරය කිරීමේ සුවිසාල වගකීමක් අප සතුව පවතියි. ලෝකය අපට නපුරු වන තරමට අපි ඒ නපුරුකම සෝදා හළ යුතුය. මනුෂ්‍යත්වය ද - සුන්දරත්වය ද ඒ වෙනුවට ආදේශ කළ යුතුය. මා වැඩියත්ම ආශා කරන්නේ රූපී ඒ බව ප්‍රකාශ කරන මඳ - මුදු - සියුමැලි රටාවටය.
රූපී කෞවුර් නමැති සුන්දර හදවතක් ඇති යෞවනිය ගැන කියනවා නම් කියන්නට හුඟක් දේවල් තිබේ. එහෙත් ඇගේ කවි ගැන ලියනවාට වඩා කියවන ඔබටත් ඈව සොයා ගොස් ඒ මධුර වචන විඳින්නට ඉඩක් තැබිය යුතු යැයි හඟිමි. අවුරුදු විසි පහක තරුණියකට ලෝකය වෙනස් කළ හැකි වග - තාරුණ්‍යයට ආදර්ශයක් සැපයිය හැකි වග ඈ මහපොළොවේ ඔප්පු කර පෙන්වන සුන්දර වූත් - ශක්තිමත් වූත් විලාසයට ඔබත් නොවැළැක්විය හැකි ආකාරයකට බැඳී යනු ඇති වග වැසි දැරිය දැඩිව විශ්වාස කරන බැවිනි.
සයිබර් අවකාශෙ ඇතුළෙ අහම්බෙන් වගේ මට ඇගේ නිර්මාණ කියවන්න ලැබුනේ. ඒ කුඩා කවි මගේ හිතගත්ත. රේඛා සිත්තමත් එක්ක පේළි කිහිපයකින් ඈ කවිය ඉදිරිපත්කරන ආකාරයට මම තදින්ම කැමතිවෙන්න පටන් ගන්නව. ඈ කෙටි කවියට වඩා නූතනවාදී හැඩයක් හදුන්වාදෙමින් ඉන්නවා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි.......
ReplyDeleteපැහැදිලිවම ඇගේ කවි හුදු කෙටි කවියෙන් හෝ හයිකු කවියෙන් වෙනස්. ඇගේම චිත්‍රයක් එක්ක මුහු වුණ ප්‍රකාශන ශෛලිය ඇතුළෙ තියෙන්නෙ අතිශය නැවුම් අනන්‍යතාවක්. සම්පූර්ණයෙන් එකඟයි ඔබ එක්ක!
Deleteසුදුපාට විශාල ඉඩක් ඇතුලෙ කලු පාටින් කුඩා කවියක් එක්ක රේඛා සිතුවමක් ඇහැට විශාල පහසුවක් ලබාදනෙව ( මම දන්න තරමට එ්කට කියන්නෙ minimal art) ඒ හිස් ඉඩත් කවියෙ සංක්ෂිප්ත බවත් ඒක ඇතුලෙ අපිට කැමති විදිහට සැරිසරන්න විශාල නිදහසක් ලබාදෙනව. මේ සරල සුන්දර කම නිසාමයි මම වැඩියෙන් එ කවි වලට කැමති වෙන්නෙ. බොහොම ස්තූතියි මේ විදිහට ඒ කවි ගැන ලිපියක් පළකලාට....
ReplyDeleteඅන්තර්ජාල ලියන්නන් අතරින් broms.the.poet මම රූපී තරමටම කැමති වුණ කවියෙක්.ඒත් මට දැනෙන හැටියට රූපී ඊටත් වඩා එහාට යන්නේ ඇගේ ඒ ප්‍රකාශන ශෛලිය නිසයි.ඇගේ කවි ගැන අලුත් යමක් එකතු කළාට ඔබටත් ස්තූතියි.
Deleteස්තූතියි මම බලන්නම්...
Delete//පුරුෂෝත්තමවාදය හෝ ස්ත්‍රීඋත්තමවාදය වෙනුවට ගැහැණුන්ට - පිරිමින්ට සමානව ජීවත් විය හැකි ලෝකයක් බිහි විය යුතු යැයි විශ්වාස කරන නිසා //
ReplyDelete“Men are from Earth, women are from Earth. Deal with it.”
― George Carlin
A quotation long noted!
DeleteThank you for reminding Pra Jay!
මමත් රූපි සොයා ගියා. ස්තූතියි වැසි. ඇත්තටම අලුත්, ආකර්ෂණීය ප්‍රෙව්ශයන් කීපයක්ම ඇය සමාජයට කතා කරන්න යොදා ගෙන තියෙනවා. ඒක හරි අපූරු වැඩක්...
ReplyDeleteදැනට බ්ලොක් කරලා නිසා කියවන්න බැහැ. කවදා හරි කියවන්න මෙන්න ලින්ක් එක!
Deletehttps://www.instagram.com/rupikaur_/?hl=en
අපූරු සටහනක් ..
ReplyDeleteස්තූතියි!
Deleteමටත් රූපී ව මුණගැහුණේ අන්තර්ජාලයෙන්. ඒ කවි වලටත් රේඛා චිත්‍රවලටත් මම ආකර්ෂණය වුණේ මම කැමති විෂයන් දෙකක් නිසායි. රූපී ගේ Milk & Honey පොත මම මෙහේ පුස්තකාලයක තිබිලා හොයාගෙන කියෙව්වා. ඇගේ කවියක් පරිවර්තනය කරන්නත් උත්සාහයක් ගත්තා. දිනමිණ පත්තරේ පළ වුණු ඒ කවියයි මේ.- http://hotchocolatedays.blogspot.com.au/2017/08/blog-post_22.html
ReplyDeleteස්තූතියි වැසි දැරිය මේ සටහනට- ඈ ගැන නොදැන සිටි අය මේකෙන් ඈව හොයාගනීවී.
ස්තූතියි අක්කා කවිය අපිත් එක්ක බෙදාගත්තට - ලස්සන පරිවර්තනයක්!
Deleteමට හිතෙනවා ඔයා මුළු පොතම පරිවර්තනය කරනවා නම් අපූරුයි කියලා.!
සෑහෙන කාලෙකින් වහින කොට
ReplyDeleteඒ වැහි හරිම ලස්සනය...
අළු දූලි සේදී
බ්ලොග් එකම හරි හැඩය...
බොහොම ස්තූතියි සෝයුරේ..!
Deleteවැස්සේ නම් සෑහෙන කාලෙකින් තමයි..))
රූපී සොයා ගියෙමි.ස්තූතියි ඇය ගැන කීවාට.ආයෙමත් වහින තුරු මඟ බලමි.
ReplyDeleteස්තූතියි මේධාවී - හැමදාම මේ දෙන ආදරයට!
Deleteතරුවක හිද .......
ReplyDelete.....))
Deleteකාලෙකින් වැස්සකට තෙමුනා
ReplyDeleteඒ පැත්තෙත් සෑහෙන කාලෙකින් වැහැලා නැහැ වගෙ දැක්කෙ..))
Deleteකියවල බලන්න හිතෙනවා. ස්ත්‍රීන්ට පැනවුනු තහංචි වග ඒ කාලෙ නම් යම් සාධාරණ සත්‍යයක් තිබුනා. නමුත් දැන් නම් අන්ධානුකරනයෙන් ඒවා කරන බව තමා පේන්න තියන්නෙ.
ReplyDeleteනිස්කාංසුවෙ කල්පනා කරලා බලද්දි දැන් මුල් ඇදලා තියෙන්නෙ ඒ කාලෙ පැල වෙච්චි වැරදි ආකල්ප තමා..
Delete