ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...
මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!
උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...
වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..
පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්..