ඇත්තෙන්ම මට ලියන්නට ඕනෑ වුණේ ඒ වියුණු අඩවිය ගැනම නොවෙයි. එය කියවද්දී දැනුණ දේ ගැන. සකලවිධ නිර්මාණාත්මක රසාංකුර අක්රීය වී තිබුණ කාලයක එය විසින් දල්වාලන ලද ආලෝකය ගැන. සාහිත්‍ය විචාරය හැදෑරීම නිසා සාහිත්‍යය රස වින්දනය කරනින බැරි තරම් වියළිි ගතියකින් යුතු වූ ඇතුළු හද ඒ වියුණු අඩවිය විසින් ක්ෂණමාත්රීයව පුබුදු කරවනු ලැබුවා.
සාහිත්‍යයට ආශා කරන්නන්, රසවින්දනයට ආසා කරන්නන් ඇතැම් විචාරමූලධර්ම නොදන්නා පමණට ඔවුන්ට වඩා මනරම්ව යමක් වින්දනය කෙරුමට ශක්‍යතාවක් ලැබෙන්නට පුළුවන්. ඒ වාගේම එසේ නොවන්නත් පුළුවන්. හරසුන් සහ හරවත් දෙය තෝරාගන්නට ඇතැමෙකුට හැකියාව ලැබෙන්නේත් ඇතැම් විට විචාරවාදය නිසයි.
අලංකාර වනන්තරයක් සහිත සාහිත්‍යයට පා තැබීම සිදු වන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් එකී වනන්තරයේ ඇවිද යාම මනරම් සහ යහපත් ගමනක් කරගන්නට හැකි පාවහන් යුවළක් අපේ මනස් පා මත පැළැන්දී තැබීම අපේ ගමන පහසු කරවනු ඇති බව ලියා තබමින් මෙසටහන මෙසේ නිම කරනවා.
කදිමය..
ReplyDeleteඔයාගේ බ්ලොග් එක මේ සින්ඩියට එකතු කරන්න https://sithuvili.net/
ReplyDelete