අධ්‍යාපනය ලබන ළමයෙක් විශේෂයෙන්ම මහන්සි විය යුතු බව මම අදහමි.ඔවුන් අනිත් පුද්ගලයන්ට වඩා මහන්සි විය යුත්තාහුද වෙති.සාමාන්‍යයෙන් මා නම් අධ්‍යාපනය විෂයෙහි වැඩි මහන්සියක් යොදවන්නෙමි.. සහ ඒ යෙදවීම සිදු වන්නේ කැමැත්තෙනි.නිරායාසයෙනි.එය මා අකමැත්තෙන් කරන දෙයක් නොවේ.මා දන්නා අතලොස්සක් මිතුරු මිතුරියෝ ද එසේ වෙති.එහෙත් බහුතරය එසේ නැත.ඔවුන්ට අධ්‍යාපනය සදහා යෙදවිය යුතු මහන්සිය කරදරයකි.
වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය.ඔවුන් මහන්සි විය යුත්‍තේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණි.අනිත් සෑම දෙයක්ම ළගටම ලැබේ.ඉතින් එසේ තිබියදීත් කිසිවක් නොකරන ඔවුන් ගැන ඇත්තෙන්ම මම නම් දැඩි ලෙස කණගාටුවට පත් වෙමි.වාසනාවකට මා කිට්ටුවෙන්ම ඇසුරු කරන මිතුරියන් දෙදෙනා එබදු නැත.ඔවුන් අනායාසයෙන් ඉගෙන ගැනීම සදහා මහන්සි වෙති.ඉගෙනගත් දෙය අත්හදා බැලීමක් ලෙස නොව සැබෑ මනුසත් කමින් තමන් උගත් දෙය අන්‍යයන්ට කියා දෙති.ඒ ඔක්කෝටම වඩා ඒ දෙන්නා පොළොවේ පය ගසා ජීවත් වෙති.ඔවුන් ළග කෝලම් ද,මායම් ද නැත.ඒ යහපත් ගතිගුණ වඩාත් ඉස්මතු වන්නේ ඔවුන් ඉගෙනීමේ නිවැරදිම ක්‍රමයක් අනුගමනය කරන නිසා බව මට සිතෙන කාරණයකි.
මට ඉගෙනීම ගැන ලියන්නට හිතුණේ කරුණාදාස සූරියආරච්චි පුරුදු පරිදි සිළුමිණ පුවත්පතේ ලියා තිබුණු ලිපියක් නිසාය.සෑම ලිපියකටම ප්‍රිය නොකළත් ඔහු අතින් ලියැවෙන බොහෝ දෑ තුළ මට කුමක්දෝ අාකර්ශණීය බවක් දැනේ.මේ ලිපියත් එබදුය.එය ළමා කතාවකි.කතාව ගැන කිව යුතු තරමේ දෙයක් නොතිබුණත් එහි ලියැවී තිබුණු පහත වැකිය ඉගෙනීම සම්බන්ධයෙන් මෙහි ලියා තැබිය යුතුම යැයි මට සිතිණි.
"සරුවට බෝග හැදෙන්න නම් හොද පසක් තෝරාගන්න.හොද බීජ ඇට සොයාගන්න.හොදට මහන්සි වෙලා වැඩ කරන්න.අස්වැන්නෙන් කොටසක් නැති බැරි අයට දෙන්න."