පත්තර කියන ඒවා සාමාන්‍යයෙන් බොහෝ දෙනා ළදරු පාසල් යන පුංචි ම කාලයේ කියවන්නට පටන් ගනිති.මා වැනි අතට අහු වෙන හැම අටමඟලම කියවන පොඩි එවුන් නම් පත්තර කියවිල්ල පටන් ගන්නේ ඊටත් කලින් ය....)))))
කියවන පත්තර වයසත් සමඟ වෙනස් විීම අපූරු දෙයකි.පුංචි කාලයේ මගේ තේරීම වූයේ පොඩිත්තා,සිඟිත්තා ආදී ඒවාය.කල් යත්ම එව්වා විජයට මිහිරට එහෙම මාරු විය.හතර පහ වසර වෙත්දී මම සිලුමිණ,දිවයින ආදී ලොකු පත්තර කියවන්නට පටන් ගතිමි.
ඒ දවස්වල පටන් ගත් පුරුද්ද අත හැර ගැනීම ඉතා අපහසු කටයුත්තකි.සෙනසුරාදා දවසේ උදේ පාන්දරම තාත්තාත් මාත් නිවසින් අතුරුදහන් වෙමු.නැවත ආපසු එන්නේ සති අන්ත පත්තර හතඅටකුත්,සෝයා අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙනය.. ඉන්පසු උදේ වරුවම අපේ නිවසේ සියල්ලෝ කිසිදු හිතේ කහටකින් තොරව පත්තර උදෙසා වැය කරති..!!!
පරණ පත්තර කියවීම මගේ අනික් පුරුද්දයි.(පුංචි අවදියේ සිට මට වැළදී ඇති පිස්සු තත්ව මගේ දෙමව්පියන්ටත් වැළදී තිබීම කරණ කොටගෙන) අපේ නිවසේ 1970 ගණන්වල සිට පරණ පත්තර කෙළ කෝටි සංඛ්‍යාත ගණනක් තිබේ.ඒවායින්ද වැඩි හරියක් සිත්තර,සතුට,සුහද ආදී වූ චිත්‍ර කතා පත්තර ය.ඉතින් අට නමය වසරේ පටන් මට කම්මැලිකමක් දැනුනු විට කරන්නේ ඔය පත්තර ගොඩ සම්පූර්ණයෙන් ම එළියට ගෙන දූවිලි නාගෙන ඒවා කියවීමය.ඉන් පසු ඇති වන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්ව පිළිබඳව උනන්දු නොවිය යුතු තරමට ඒවා කියැවූ පසු අති මහත් ආනන්දයක් ලැබේ..!!
දුකක් දැනෙනා වෙලාවට 1990 ගණන්වල නවකතා සහිත පරණ අරලිය පත්තර ඉතා හොඳ ඔසුවක් බව ද නොකියා බැරි ය...!!
පත්තරවල නොවැදගත් ප්‍රවෘත්ති සහ ලිපි බොහෝ තිබෙන බව ඇත්ත ය.නමුත් සියල්ල ම කිව යුතු යැයි නියමයක් නැති බැවින් තමන්ට ගෝචර වන ඒවා පමණක් කියැවීමට හැකියාව තිබේ.. එහෙයින් වර්තමානයේ වෙසෙනා බාල පරම්පරාව රූපවාහිනිය මොහොතකට වසා දමා පොඩ්ඩක් පත්තර පැත්තට යොමු වන්නට උත්සාහ කළහොත් කරන්ට් බිල අඩු වී මොළය ද ටිකක් වැඩෙනු ඇතැයි සිතමි...))))
අන්තිමට කියන්නට තියෙන්නේ පත්තර හෙවත් පුවත්පත් යනු මගේ අත්දැකීම්වල හැටියට නම් ඉතා සුන්දර යමක් බව ය...!!