Saturday, February 27, 2016
23. ඒ සීත දිය පොදේ නහවන්න...
හිතට දුර නැති දුරක
ඇහැට අහු වෙන තැනක
අහම්බෙන් ඔබ පිපීගෙන ඉන්න
නොහිතපු ම විරාමෙක
එක්තරා අහම්බෙක
නෙළාගෙන යන්න මට ඉඩ දෙන්න..
අනවරත වැසි වසින
වැසි වනන්තරය අස
පුංචි ඔසු පැළයක් ව ඉපදෙන්න
සුව කරන්නට නොහැකි
සියලු රෝ දුක් රිදුම්
සෙනේ ඔසු ගල්වමින් සනහන්න..
රලු පරලු පොළොව මත
ලා තෙතක් ඇති බිමක
සීත දිය ඌලක් ව මතු වෙන්න
සපුන් විද රිදුම් දෙන
මහද දෝතට රැගෙන
ඒ සීත දිය පොදේ නහවන්න..
වැහි වර්ගය
කවි වැහි බිංදු,
පෙම් වැහි බිංදු
Tuesday, February 16, 2016
22. දැඟලිලි, කියවිලි, පෙම්කෙළි සහ පාසල් බස් ගැන තවත් කථා
දෙපන්හිඳ බ්ලොගියේ ලියැවිලා තිබුණ ලිපියක් දැක්කම මට අපේ පාසල් බස් රිය සහ ඒ හා බැඳුණු සිදුවීම් අටෝරාසියක් මතක් වුණා. වැසි දැරිය උසස් පෙළ හැදැරූ පාසල බාලිකාවක්. මගේ පාප මිත්‍රයන් අතරින් මාත් තව කෙනෙකුත් එක ම පුරවරයට යන බැවින් අපි අපේ පාසල් බස් රියේ නිත්‍ය සාමාජිකාවන් බවට පත් වුණා. තවත් හතර පස් දෙනෙක් අමතර පන්ති තියෙන දවස්වලට අපේ සුපුරුදු චාරිකාවට එක් වුණා. මුලින් ඉතා ම අහිංසක ආකාරයෙන් බස් රියේ ගමන් කල අපි දහතුන වසරේ ජ්‍යෙෂ්ට උත්තමාවියන් පාසලට සමු දීමත් සමඟ බස් රියේ අසහාය කෙරුම්කාරයන් වුණේ හය,හත වසරවල අහිංසක ළමයින් භීතියට පත් කරමින්. සමහර අටේ නමයේ කෙල්ලන්ට දොළහ පන්තියේ අපිට වඩා දැවැන්ත, උත්තුංග සරීර තිබුණත් ඒවායින් අපි නෙමේ සැලුණේ.
අපිට එක් එක් දිනවලට හම්බවුණේ නානාවිධ ලංගම බස් රථ. වැඩිය ඕන නෑ පණ්ඩුකාභය ස්වර්ණපාලිත් එක්ක පැනලා යන්න පාවිච්චි කරපු බස් රථයෙ යන්නත් දවසක් අපිට වාසනාව ලැබුණා. තවත් දවසක අපේ පාසල් බස්රිය වුණේ විජය කුමාරයා තම්බපණ්ණියෙ ඉඳලා සිරිසවත්ථුපුරයට ගියපු බස් එක.
එක දවසක් අපේ යාලුවෝ අතරින් හය දෙනෙක්ටම අපේ පාසල් බස් රථයේ යන්න සිද්ද වුණා. පහුගිය ආත්මවල කර්ම පටිසන් දීලා එදා අපි ඔක්කොටම යන්න වුණේ හිටං. ඒ දවස්වල ඡන්ද උණුසුම නිසා ජනාධිපතිතුමාවත් මතක් කරමින් අපි වාඩිවෙලා ඉන්න උන්ට රැවුම් ගෙරවුම් නින්දා අපහාසවලින් පහර දෙමින් ගමනාන්තය දක්වා හිටං තමා ගියේ. ඔය අතරේ අපෙන් එකියක්ට රහස් කෝච්චිය කිරීමේ මොන්ටිසෝරි ආසාවක් පැන නැගුණා. ඕං ඉතින් එහා කොණේ සිට මේ කොණ දක්වා අපි හය දෙනා රහස් කියන්ට පටන් ගත්තා. එහා කොණේ උන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි කෙළ පැමිණි විද්වතියක්. කොටින් ම එතුමියට පාරේ යන කපුටෙක් දැක්කාම පවා කීට්ස්ගේ කවි මතක් වෙන තත්වයක් තිබුණා. ඉතින් එතුමිය තමුන්ට එහා පැත්තේ උන්න එවැනිම සාහිත්‍යකාරියකට සී ගල් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ට්‍රිප්ලොව් කියන අහිංසක කොලුවාගෙ නම තමා කනට කොඳුරලා කියලා තියෙන්නෙ. එතුමියට එහා පැත්තේ හිටියේ මං. සීගල් මගෙත් ප්‍රියතම නාට්‍යයක් වෙච්ච හන්දා මාත් බොහොම සන්තෝෂයෙන් එහා පැත්තෙ උන්නු තැනැත්තිගෙ කනට ට්රිප්ලොව් කියා කොඳුරා හිටියා. අවාසනාවක මහත! එතැනින් පස්සේ උන්නු කිසිම කෙනෙක් වැරදීමකින්වත් ඇන්ට්න් චෙකොෆ්ගේ පොතක් අල්ලලා තිවුණ එවුන් නෙමෙයි. ඒත් තමුන්ට ඇහිච්ච විදියට ඒ වචනේ හැමෝම ළඟ ඉන්න එකාගේ කනට කොඳුරලා තිබුණා. ඒ වටය ඉවර වුණා ම බස්රිය මැද්දෑවෙ තිබුණ කණුවක එල්ලිලා උන්න අටවෙනියා බොහොම ගරුගාම්භීරව බස් එකටම ඇහෙන්න තමුන්ට ඇහිච්ච වචනේ ප්රකාශ කළා.
_ත්‍රීවීල් එක.._
මහින්ද - මෛත්‍රී ඡන්ද කැම්පේන් පටන්ගත් සමය තමා අපි අන්තිමට ඉස්කෝලෙ ගිය කාලෙ. ඔය දෙපැත්තටම අයිති ඡන්ද දායිකාවො අපේ බස් රථයෙ උන්නා. ඒ දවස්වල බස් එකේ තිබුණෙ දැඩි ලෙස උණුසුම් දේශපාලන වාතාවරණයක්. දොළහ දහතුනේ දේශපාලන විචාරකයෝ බස් එක ඇතුළේ මිනී මරා ගනිද්දි පුංචි බටු ඇට කෙල්ලො ඒ දිහා බලන් උන්නෙ මහා භීතියකින් ගල් ගැහෙමින්. වාසනාවකට වගේ ජනවාරි 8 වෙද්දි අපේ පාසල් ජීවිතේ අහවර වෙලා.. අපේ දේශපාලන සංවාද කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අපි අදටත් පාසල් ගියාම ගුරුවරු කියනව, උඹල ලබන අවුරුද්දෙ කැම්පස් ගියාම වතුරෙන් නාන්න ඕන නෑ. කඳුළු ගෑස්වලින් ම දිනපතා ස්නානය කරයිලු..නාන්නෙම නැති එකේ ඒකත් නරක නෑ ඉතින්..))
නමුත් අපේ පාසල් බස් රථ සංවාද දේශපාලනේට විතරක් සීමා වුණේ නෑ. අලුත් කවි පොත්, හොඳ සිනමා නිර්මාණ.. මේ හැම දෙයක් ම ගැන අපි නිරන්තරයෙන් කතා කළා. පුංචි උන් ආසා කළා වට වෙලා අපි කතා කරන දේවල් අහන් ඉන්න. අනිත් ළමයින්ගෙ කතාවලට බඳුන් වෙච්ච සැලොන් ගමන්, ඇඳුම් පැළඳුම් කිසිදාක අපිට මාතෘකා වුණේ නැහැ. ඒ තර්කානුකූල, සුන්දර සංවාදයන් ජීවිතේට ලොකු ආලෝකයක් වුණා. අදටත් ඒ සංවාදවලට එක්කහු වුණු මරුමුස්, ඩ්‍රමී, ඇස්ට්‍රා ඇතුළු ආදරණීය මිතුරියන් ව සිහිපත් කරන්නේ ගෞරවයෙන්. පොතේ දැනුමට විතරක් සීමා නොවුණු, චින්තනයකින් යුත් පිරිසක් ලෙස සමාජයට අඩිය තියන්න ඒ සංවාද අසීමිත ලෙස වැදගත් වෙච්ච බව මං අදහන කාරණයක්. අනවරත සංවාදවල නියැලෙන්න අපට සොඳුරු සංවාද මණ්ඩපයක් තනා දුන් ඒ ආදරණීය පාසල් බස් රියට එදා මෙන් ම අදටත් අපි ආදරය කරනවා.. ගරු කරනවා..
ලෝකෙ තියෙන හොඳම වාහනේ මොකක්ද කියල ඇහුවොත් අදටත් අපි කාගෙත් කටින්, ස්කූල් බස් එක කියා කියැවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති...))
අපිට එක් එක් දිනවලට හම්බවුණේ නානාවිධ ලංගම බස් රථ. වැඩිය ඕන නෑ පණ්ඩුකාභය ස්වර්ණපාලිත් එක්ක පැනලා යන්න පාවිච්චි කරපු බස් රථයෙ යන්නත් දවසක් අපිට වාසනාව ලැබුණා. තවත් දවසක අපේ පාසල් බස්රිය වුණේ විජය කුමාරයා තම්බපණ්ණියෙ ඉඳලා සිරිසවත්ථුපුරයට ගියපු බස් එක.
එක දවසක් අපේ යාලුවෝ අතරින් හය දෙනෙක්ටම අපේ පාසල් බස් රථයේ යන්න සිද්ද වුණා. පහුගිය ආත්මවල කර්ම පටිසන් දීලා එදා අපි ඔක්කොටම යන්න වුණේ හිටං. ඒ දවස්වල ඡන්ද උණුසුම නිසා ජනාධිපතිතුමාවත් මතක් කරමින් අපි වාඩිවෙලා ඉන්න උන්ට රැවුම් ගෙරවුම් නින්දා අපහාසවලින් පහර දෙමින් ගමනාන්තය දක්වා හිටං තමා ගියේ. ඔය අතරේ අපෙන් එකියක්ට රහස් කෝච්චිය කිරීමේ මොන්ටිසෝරි ආසාවක් පැන නැගුණා. ඕං ඉතින් එහා කොණේ සිට මේ කොණ දක්වා අපි හය දෙනා රහස් කියන්ට පටන් ගත්තා. එහා කොණේ උන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි කෙළ පැමිණි විද්වතියක්. කොටින් ම එතුමියට පාරේ යන කපුටෙක් දැක්කාම පවා කීට්ස්ගේ කවි මතක් වෙන තත්වයක් තිබුණා. ඉතින් එතුමිය තමුන්ට එහා පැත්තේ උන්න එවැනිම සාහිත්‍යකාරියකට සී ගල් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ට්‍රිප්ලොව් කියන අහිංසක කොලුවාගෙ නම තමා කනට කොඳුරලා කියලා තියෙන්නෙ. එතුමියට එහා පැත්තේ හිටියේ මං. සීගල් මගෙත් ප්‍රියතම නාට්‍යයක් වෙච්ච හන්දා මාත් බොහොම සන්තෝෂයෙන් එහා පැත්තෙ උන්නු තැනැත්තිගෙ කනට ට්රිප්ලොව් කියා කොඳුරා හිටියා. අවාසනාවක මහත! එතැනින් පස්සේ උන්නු කිසිම කෙනෙක් වැරදීමකින්වත් ඇන්ට්න් චෙකොෆ්ගේ පොතක් අල්ලලා තිවුණ එවුන් නෙමෙයි. ඒත් තමුන්ට ඇහිච්ච විදියට ඒ වචනේ හැමෝම ළඟ ඉන්න එකාගේ කනට කොඳුරලා තිබුණා. ඒ වටය ඉවර වුණා ම බස්රිය මැද්දෑවෙ තිබුණ කණුවක එල්ලිලා උන්න අටවෙනියා බොහොම ගරුගාම්භීරව බස් එකටම ඇහෙන්න තමුන්ට ඇහිච්ච වචනේ ප්රකාශ කළා.
_ත්‍රීවීල් එක.._
නමුත් අපේ පාසල් බස් රථ සංවාද දේශපාලනේට විතරක් සීමා වුණේ නෑ. අලුත් කවි පොත්, හොඳ සිනමා නිර්මාණ.. මේ හැම දෙයක් ම ගැන අපි නිරන්තරයෙන් කතා කළා. පුංචි උන් ආසා කළා වට වෙලා අපි කතා කරන දේවල් අහන් ඉන්න. අනිත් ළමයින්ගෙ කතාවලට බඳුන් වෙච්ච සැලොන් ගමන්, ඇඳුම් පැළඳුම් කිසිදාක අපිට මාතෘකා වුණේ නැහැ. ඒ තර්කානුකූල, සුන්දර සංවාදයන් ජීවිතේට ලොකු ආලෝකයක් වුණා. අදටත් ඒ සංවාදවලට එක්කහු වුණු මරුමුස්, ඩ්‍රමී, ඇස්ට්‍රා ඇතුළු ආදරණීය මිතුරියන් ව සිහිපත් කරන්නේ ගෞරවයෙන්. පොතේ දැනුමට විතරක් සීමා නොවුණු, චින්තනයකින් යුත් පිරිසක් ලෙස සමාජයට අඩිය තියන්න ඒ සංවාද අසීමිත ලෙස වැදගත් වෙච්ච බව මං අදහන කාරණයක්. අනවරත සංවාදවල නියැලෙන්න අපට සොඳුරු සංවාද මණ්ඩපයක් තනා දුන් ඒ ආදරණීය පාසල් බස් රියට එදා මෙන් ම අදටත් අපි ආදරය කරනවා.. ගරු කරනවා..
ලෝකෙ තියෙන හොඳම වාහනේ මොකක්ද කියල ඇහුවොත් අදටත් අපි කාගෙත් කටින්, ස්කූල් බස් එක කියා කියැවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති...))
වැහි වර්ගය
ඉස්කෝලෙ කාලෙ වැහි බිංදු,
බහුබූත වැහි බිංදු,
මතක වැහි බිංදු
Sunday, February 7, 2016
21. ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ
මුදලට පළමු තැන දෙන දැනුම නොවඩන
පතපොත අතර නැති සිත නිසරු බොහො දෙන
අතරෙහි දකිමි මම ඔබ නිතර සතුටින
ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ
(සරත් විජේසූරිය-ආදරණීය දරුවනි පොතේ පිදුමෙන්)
හැම ගුරු මවක් ගැන ම පියෙකු ගැන ම එලෙස //සතුටින්// කතා කළ නොහැකිය.සතුටින් බැතිබර ව සිහිපත් කළ හැකි ගතිගුණ හැම ගුරුවරයෙක් වෙත ම නොපිහිටයි.හරිහමන් ගුරුවරයෙකු විය නොහැකි නම් සිසුන්ට ඉදගැන්මට පුටු තනන වඩුවකු වන්නැයි ආචාර්ය අදිකාරම්තුමා වරෙක පවසා තිබේ.මම ද එය විශ්වාස කරමි.මට මගේ කුඩා ජීවිත කාලය තුළ වන්දනීය ගුරුවරුත්,වඩු බාසුන්නැහේලාත් දෙපිරිසම හමු වී තිබේ.මට මෙතෙක් ඉගැන්වූ ගුරුවරුන් කෙබදු අය වුවද,ඒ දෙවර්ගයෙන් කොයි වර්ගයට අයත් වුවද මම ඒ දෙපිරිසටම එක සේ ගරු කරමි.මන්ද මට අකුරක් හෝ උගන්වා ඇති බැවිනි.මේ ප්‍රතිඵලය මා තනිව උපයා ගත්තා නොවේ.ඔවුන් මට උපයා දුන්හ....
..ඒ කෙසේ වෙතත් හදවතින්ම පැන නැගෙන ගරුත්වය ඇති වෙන්නේ පළමු වර්ගයේ ගුරුවරුන් කෙරේ පමණකි.ඔවුන් එක්තරා ආකාරයක දුයිෂෙන්ලාය.දුයිෂෙන්ට ආදරය කොට අල්තීනායි වරදක් කළා යැයි ඇතැමුන් කියති.එහෙත් මානව හැගීම් යනු වරදක් විය හැකිද?ඇරත් දුයිෂෙන් බෝසත් මිනිසෙක් කෙරෙහි සිත බැදීම සිසුවියගේ වරදක්ද? වඩාත් වැදගත් වන්නේ එයත් නොවේ.දුයිෂෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අන්දමයි.ඔහුත් අල්තීනායිට ප්‍රේම කළේය.එහෙත් මේ තමන්ගේ සිසුවිය බව ඔහු මතකයේ තබාගෙන උන්නේය.ගුරුවරයෙකුගේ ජීවිතයේ වැදගත්ම කාරණය එය යැයි මම කල්පනා කරමි.ඒ තමන් ගුරුවරයෙකු බව මතක තබා ගැනීමයි.එය මතකයේ පවතින ගුරුවරයෙකුට අමුතුවෙන් ගුරු ජීවිතයට හැඩ ගැසීමක් වුවමනා නොවනු ඇත..
මම සිසුවියක ව හිද මෙසේ ගුරු භූමිකාව ගැන ලිවීම වරදක් විය හැකිය.එහෙත් පසුගිය කාලය පුරාවට මම ගුරුවරුන් සේම පෙර කී අන්දමේ වඩු බාසුන්නැහේලාවද දුටු නිසා වැඩියත්ම මම ඔවුන්ටත් ගරු කරන නිසා මේ බව ලිවිය යුතු ම යැයි සිතිණි.ජීවිතයේ මට අකුරක් හෝ කියා දුන් සෑම ගුරුවරයෙක් ගුරුවරියක් තුළින්ම සැබෑ ගුරුවරයා දකින්නට මසිත ආශා කරන හෙයිනි..
..අනික් අතට මම මගේ දෙමව්පියන් තුළින් සැබෑ ගුරු භූමිකාව අත් වින්දෙමි.ඒ ප්‍රතිරූපය අන් සියලු ගුරුවරුන් වෙතින් බලාපොරොත්තු නොවෙමි.එය වරදකි.සෑම කෙනෙක්ටම තම තමන්ට වෙන් වූ චරිත,ගති ලක්ෂණ තිබේ.එහෙත් තමන් ගුරුවරයෙකු බව තේරුම් ගන්නා උතුමා ද උත්තමාවිය ද මිස වෙනෙකෙකු කෙලෙස නම් ඒ පදවියට ගැළපෙන්නේ වේද...? කෙසේ පවසතත් ඕනෑම කෙනෙකුගේ හද බැදි ගුරුවරයා ගුරුවරිය මතක් කොට බලන කල්හි ඔහු හෝ ඇය කෙරෙහි පිහිටා තිබෙන උත්තර ගුණාංග රාශියක් තිබෙන බව සිහිපත් වනු ඇත.

ඉතින් ඔය ඇරඹුම් කවියේ ලියැවී ඇති පරිදිම මුදලට නොවේ කරුණාවටත් දැනුමටත් උත්තර ස්ථානයක් දී සලකන,සරු මනසකින් ද පිරුණු හදවතකින්ද යුතු යස ගුණැති ගුරුවරුන් කෙරෙහි සිසුන් වී උපදින්නට අප ඉමහත් ආසා කරමු.මෙලොව ඇති තාක් සියලු ගුරු උතුමන් එය දැනගන්නේ නම් ලෝකයේ හෙට දවස මීට වඩා බොහෝමත්ම සුන්දර එකක් වනු ඇත.
වැහි වර්ගය
සිතුවිලි වැහි බිංදු
Subscribe to:
Posts (Atom)