Sunday, February 7, 2016

21. ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ

මුදලට පළමු තැන දෙන දැනුම නොවඩන
පතපොත අතර නැති සිත නිසරු බොහො දෙන
අතරෙහි දකිමි මම ඔබ නිතර සතුටින
ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ
(සරත් විජේසූරිය-ආදරණීය දරුවනි පොතේ පිදුමෙන්)

හැම ගුරු මවක් ගැන ම පියෙකු ගැන ම එලෙස //සතුටින්// කතා කළ නොහැකිය.සතුටින් බැතිබර ව සිහිපත් කළ හැකි ගතිගුණ හැම ගුරුවරයෙක් වෙත ම නොපිහිටයි.හරිහමන් ගුරුවරයෙකු විය නොහැකි නම් සිසුන්ට ඉදගැන්මට පුටු තනන වඩුවකු වන්නැයි ආචාර්ය අදිකාරම්තුමා වරෙක පවසා තිබේ.මම ද එය විශ්වාස කරමි.මට මගේ කුඩා ජීවිත කාලය තුළ වන්දනීය ගුරුවරුත්,වඩු බාසුන්නැහේලාත් දෙපිරිසම හමු වී තිබේ.මට මෙතෙක් ඉගැන්වූ ගුරුවරුන් කෙබදු අය වුවද,ඒ දෙවර්ගයෙන් කොයි වර්ගයට අයත් වුවද මම ඒ දෙපිරිසටම එක සේ ගරු කරමි.මන්ද මට අකුරක් හෝ උගන්වා ඇති බැවිනි.මේ ප්‍රතිඵලය මා තනිව උපයා ගත්තා නොවේ.ඔවුන් මට උපයා දුන්හ....

..ඒ කෙසේ වෙතත් හදවතින්ම පැන නැගෙන ගරුත්වය ඇති වෙන්නේ පළමු වර්ගයේ ගුරුවරුන් කෙරේ පමණකි.ඔවුන් එක්තරා ආකාරයක දුයිෂෙන්ලාය.දුයිෂෙන්ට ආදරය කොට අල්තීනායි වරදක් කළා යැයි ඇතැමුන් කියති.එහෙත් මානව හැගීම් යනු වරදක් විය හැකිද?ඇරත් දුයිෂෙන් බෝසත් මිනිසෙක් කෙරෙහි සිත බැදීම සිසුවියගේ වරදක්ද? වඩාත් වැදගත් වන්නේ එයත් නොවේ.දුයිෂෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අන්දමයි.ඔහුත් අල්තීනායිට ප්‍රේම කළේය.එහෙත් මේ තමන්ගේ සිසුවිය බව ඔහු මතකයේ තබාගෙන උන්නේය.ගුරුවරයෙකුගේ ජීවිතයේ වැදගත්ම කාරණය එය යැයි මම කල්පනා කරමි.ඒ තමන් ගුරුවරයෙකු බව මතක තබා ගැනීමයි.එය මතකයේ පවතින ගුරුවරයෙකුට අමුතුවෙන් ගුරු ජීවිතයට හැඩ ගැසීමක් වුවමනා නොවනු ඇත..

මම සිසුවියක ව හිද මෙසේ ගුරු භූමිකාව ගැන ලිවීම වරදක් විය හැකිය.එහෙත් පසුගිය කාලය පුරාවට මම ගුරුවරුන් සේම පෙර කී අන්දමේ වඩු බාසුන්නැහේලාවද දුටු නිසා වැඩියත්ම මම ඔවුන්ටත් ගරු කරන නිසා මේ බව ලිවිය යුතු ම යැයි සිතිණි.ජීවිතයේ මට අකුරක් හෝ කියා දුන් සෑම ගුරුවරයෙක් ගුරුවරියක් තුළින්ම සැබෑ ගුරුවරයා දකින්නට මසිත ආශා කරන හෙයිනි..

..අනික් අතට මම මගේ දෙමව්පියන් තුළින් සැබෑ ගුරු භූමිකාව අත් වින්දෙමි.ඒ ප්‍රතිරූපය අන් සියලු ගුරුවරුන් වෙතින් බලාපොරොත්තු නොවෙමි.එය වරදකි.සෑම කෙනෙක්ටම තම තමන්ට වෙන් වූ චරිත,ගති ලක්ෂණ තිබේ.එහෙත් තමන් ගුරුවරයෙකු බව තේරුම් ගන්නා උතුමා ද උත්තමාවිය ද මිස වෙනෙකෙකු කෙලෙස නම් ඒ පදවියට ගැළපෙන්නේ වේද...? කෙසේ පවසතත් ඕනෑම කෙනෙකුගේ හද බැදි ගුරුවරයා ගුරුවරිය මතක් කොට බලන කල්හි ඔහු හෝ ඇය කෙරෙහි පිහිටා තිබෙන උත්තර ගුණාංග රාශියක් තිබෙන බව සිහිපත් වනු ඇත.

ඉතින් ඔය ඇරඹුම් කවියේ ලියැවී ඇති පරිදිම මුදලට නොවේ කරුණාවටත් දැනුමටත් උත්තර ස්ථානයක් දී සලකන,සරු මනසකින් ද පිරුණු හදවතකින්ද යුතු යස ගුණැති ගුරුවරුන් කෙරෙහි සිසුන් වී උපදින්නට අප ඉමහත් ආසා කරමු.මෙලොව ඇති තාක් සියලු ගුරු උතුමන් එය දැනගන්නේ නම් ලෝකයේ හෙට දවස මීට වඩා බොහෝමත්ම සුන්දර එකක් වනු ඇත.

44 comments:

  1. A/L කාලෙ නම් ගොඩක්ම හම්බ උනේ ටියුශන් කඩ කාරයෝ... උගන්නනවට වඩා කුණුහර්පයක් කියල හිනස්සල ගාන කඩා ගන්නවා...

    දැං නම් ලෙක්චර්ස්ල ඉන්නෙ ඔය උඩ පින්තූරෙ වගේ ගුරුවරියොනෙ... එතකොට නම් අපි මීක් සද්දයක් නෑ.. හලී හොඳ ළමයි....

    ගුරු ගෞරවේට බොල... වෙන එකකට නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් තොපිත් මැට්ටෝ වගේ හිනා වෙලා ඔලුවේ කුණු පුරෝගෙන ගෙදර යනවා...අනේ බං අය්යේ....))))))

      ඔව් ඔව්...අපි නොදන්න ගුරු ගෞරවේ...:DD

      Delete
    2. හපෝ... ඔයාටත් තේරේවි A/L ක්ලාස් යනකොට 99.999999999% ක් ගුරුවරු එහෙමයි ඕයි...

      ඉස්කෝලෙ හරියට උගන්නනව නම් අවුලක් නෑ... ඒත් උගන්නන්නෙ නෑනේ..

      Delete
    3. මම යන්නේ නෑ ඔය ග්රූප් ක්ලාස්වල ඉන්ඩිවිජුවල් ටියුෂන් මිස.ඔය කැත කතා අහන්න ක්ලාස් ගිහින් වැඩක් තියෙනවයෑ???

      Delete
    4. මම හිතන්නෙ නංගා ඉන්ඩිවිජුවල් ටියුෂන් වලට වඩා මාස් ක්ලාස් ගැන හිතුවොත් හොඳයි...

      Delete
    5. මෙහෙමනේ.ක්ලාස් නොයා ඔය කස්ටිය ඒ තුන අරන් කැම්පස් යන්නේ අක්කා.ඉතින් පාස්ට් පේපර්ස් කරලා ට්‍රයි කරනවා.දවසකට මෙච්චර පැය ගාණක් වැඩ කරනවා කියල හිතල ඒම් එක තියාගත්තම හරිනේ.ඒ පන්ති සංස්කෘතිය මට දිරවන්නෙ නැහැ අක්කෙ.ඒ ලෙවල් කියන්නෙ පැහැදිලි මනසකින් කරන්න ඕන දෙයක්නෙ.හිතට එකග නැතුව කරන දෙයක් හොදින් කරන්න බැහැ මට.

      Delete
    6. A/l ක්ලාස් රැල්ලක් මිසක් අද්‍යාපනය සාර්ථක මගක් නෙමේ. ඒත් දැන් පාසල් වල උගන්නන තරමේ හැටියට වෙන කරන්න දේකුත් නැහැ,..

      නංගිගේ කතාව හරි, එත් ක්ලාස් එකක් තොරගද්දී mass ද group ද කියන එක ගුරුවරයාගේ ඉගැන්වීම් ශෛලිය අනුව වෙනස් වෙනවා.
      target එකක් තියාගෙන වැඩ කරන්න පුලුවන්නම් ඉතිං තව මොනවද... ;)

      (මට දිරවන් නැත්තේ පාඩම් කරන සංස්කෘතිය... :p මෙච්චර කාලෙකට පාඩම් කරලා exam ලියල නෑ... හැකියාවයි ක්‍රියාකාරකම් උගන්නද්දී අල්ලගත්තුවයි එකට දාල exam ගොඩ දාගන්නවා..)

      මගේ සුබපැතුම් නංගි .. ඔයා මග නවතින්න ඕනේ කෙනෙක් නෙමේ....!!

      Delete
  2. මම ද දෙවිවරු මෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමට පින් කර අැත්තෙක්මි! :)

    ReplyDelete
    Replies
    1. ‍හැමෝටම ඒ පින ලැබෙන්නේ නැහැ අලියෝ!!!

      අපි වාසනාවන්තයෝලු!

      Delete
  3. රත්න ශ්‍රී ලියූ අමරදේවයන් ගැයූ එක ගීයක් තියෙනවා

    ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගැලු එලිය නොයා නවතියි


    කියලා මට මතක්වෙන්නේ ඒ ගීය

    ReplyDelete
    Replies
    1. ගුරු තරුව සෙමෙන් බැස යයි
      ගැලු එළිය නොයා නවතියි
      නුබ කොපුල් තලා වැහි බිදු තවරා
      ගුරු තරුව සෙමෙන් බැස යයි

      පරපුරක සිහින යාත්‍රා
      තොටුපොළට යවා හරවා
      පිය සෙනේහයෙන් ලොව කියා දුන්නු
      ගුරු පාද පියුම් සුවදයි

      එක මලක නම් නොවේමැයි
      මල් යායක සිරස නැවෙයි
      පිතු සෙනේහයෙන් ලොව කියා දුන්නු
      ගුරු පාද පියුම් සුවදයි

      ගිය අවුරුද්දේ ගුරුදිනය දවසේ මගෙ කතාව අවසන් කළේ මේ ගීයෙන්! හැබැයි තවම ගීතය නම් අහලා නෑ.මට මතක හැටියට ගංගාවේ ගීතය පොතේ තියෙනවා.ඒකෙනුයි තාත්තා මට ඕක හොයලා දුන්නෙ.

      Delete
  4. ගුරු වරු සහ ගුරු හොරු දෙවර්ගයම අපිටත් ඉගැන්නුවා.. අතලොස්සක් දෙවිවරු නිසා ගොඩගිය මිනිස්සු අපි..

    ReplyDelete
  5. දෙමව්පියෝ හැරුන ම ගුරුවරයෙක්ට තරම් අපේ ජීවිතේට බලපෑම් කරන්න පුළුවන් වෙන කෙනෙක් නැහැ, වර්ෂා! උසස් පෙළ කරනකොට යි තේරෙන්නේ ඒ බලපෑම කොච්චර බලවත් ද කියලා! මම පෞද්ගලික ව විශ්වාස කරන දේ තමයි සිසුන්ගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ගුරුවරයාගේ පෞරුෂත්වය මත. මම නං වාසනාවන්ත යි මුල් කාලේ ගුරු හොරුන්ට අහුවෙලා හිටියත් අන්තිමේ දී දෙවිවරු ළඟ ඉගෙන ගන්න ලැබුණ එක ගැන. :)

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලන්ගෙන්ම ඉගෙනගත්ත අයට තමයි අක්කේ වැඩිපුරම ගුරු දෙවිවරුන්ගෙ වටිනාකම දැනෙන්නේ.ඔයා අර සදහන් කරලා තිබුණ කලාකරු සමන් ඒ වගේ සැබෑ ගුරු දෙවි කෙනෙක්.

      Delete
    2. ඔයා ඒ කෙනා ව දන්නව ද? මම උපුටා ගැනීම කළත් පුද්ගලය ව දන්නේ නැහැ. හැබැයි අඳුන ගන්න ආසාවක් තියෙනවා.

      Delete
    3. ඔහු ජීවතුන් අතර නැහැ අක්කේ.

      Delete
    4. ආ! ඒක නං දුක්බර ආරංචියක්. හොඳ මිනිස්සු වැඩි කාලයක් මේ ලෝකේ ඉන්නේ නැහැනේ. ඒ නිසා හිත හදා ගන්නවා.

      Delete
  6. පහ වසරේදි අපිට උගන්වපු ගුරුතුමිය මට ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඇය නම් වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ගුරු මවක්. ඊට පස්සෙ කාලෙකදිත් ඒ වගේ හොඳ ගුරුවරු හමුවුනත් අදටත් මට මුනගැහුණ ආදරණීයම ගුරුවරිය විදිහට මම දකින්නෙ ඇයවයි. නංගියගෙ සටහන කියවද්දි මගේ මතකයට ඇයව නැගුනේ ඒ නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක් ගෙම ජීවිතයේ තමන්ට කවදාවත් අමතක නොවෙන එක ගුරුවරයෙක් ඉන්නවා.කොයි තරම් දයාබර මිනිස්සු තමන්ට මුණ ගැහිල තිබුණත් අර විශේෂ ගුරුවරයා ගැන හැගීම කිසිදාක අමතක කරන්න බෑ.ඒ වගේ ගුරුවරියක් ලබන්න ඔයා වාසනාවන්තයි.

      Delete
  7. ගුරු දෙවිවරු කීප දෙනෙක් මටත් ඉන්නවා. හැබැයි හරිම අතලොස්සයි

    ReplyDelete
    Replies
    1. ගුරුවරු කොහෙත් ඉන්නවා.ඒත් ගුරු දෙවිවරු හැම තැනම නෑ අක්කේ..

      Delete
  8. ඕක වෙන්නේ ගුරුවරු ව‍ගේම ලමයිනුත් ගුරුවරු දිහා බලන ආකල්පට උඩ කියලයි මං නං හිතන්නේ .....

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඇත්තක් නැතුවා නෙවෙයි.සමහර ළමයි කොයි තරම් හොද ගුරුවරයෙක් දිහා වුණත් බලන්නෙ නිවැරදි ඇහැකින් නෙවෙයි.ගුරුවරුන්ගෙ පැත්තෙනුත් ඒක එහෙමයි.ඒක ඉතින් දෙපිරිසේම අනවබෝධයයි අවාසනාවයි...වෙන මොකක්ද!

      Delete
  9. A/L නම් නංගියේ හුගහ් අහු වෙන්නේ කඩ කාරයෝ තමා.. හැබැයි හොද අය නෑ කියලා කියන්නේ නෑ.. ඉන්නවා.. තෝරගන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අය්යේ.වාසනාව තිබුණොතින් හොද ගුරුවරුන්ව හමු වෙනවා.අපේ අතෙයි කොච්චර වුණත් තෝරාගැනීම තියෙන්නේ!

      Delete
  10. ගුරුවරු, ගුරුහොරු.. ඔය ඔක්කොමලා විවිධ තරාතිරමේ ආසාවන් පොදී බැඳගත්තු මිනිස්සුනේ නංගියේ... ආසාව අධික කට්ටිය මුදල් හඹා යනවා... නවත්තන්න බෑ ඉතිං... කළුනික හොයන්නා වගේ..

    ReplyDelete
    Replies
    1. හැම කෙනෙක්ටම ආසාවන් තියෙනවා අක්කෙ.කවුරුවත් ආසාවන් ප්‍රහීණය කරලා නෑනේ.ඒත් ගුරුවරයෙක් අනිත් පුහුදුන් මිනිස්සුන්ට වඩා වෙනස් වෙන්න ඕනේ උගන්නන කාලය තුළදි.ඒක තමා අදහස් කෙරුවේ.තැන්කූ අක්කේ කමෙන්ට් එකට!!

      Delete
    2. මේ අර එග් ලස් කේක් ඉල්ලුවේ වෙජිටේරියන් හින්දා.හොයලා හරි කෑල්ලක් ඕනේ.නැත්නම් කන්න මුකුත් නෑ කියලා විශ් එක ඉල්ලා අස් කර ගන්නව හොදේ...)))))

      Delete
    3. විශ් එක ඉල්ලා අස් කරගත්තට මම උම්මා එකනම් ආපහු දෙන්නෙ නෑලු... දැන් කේක් ඉවරයි.. අවුරුද්දට බලමු ඈ... :P

      Delete
    4. මං එච්චල නලක නෑ.විශ් එක ඉල්ලා අස් කරගන්නෑලු.හැබැයි අවුරුද්දට නම් ඕනේමයි!

      Delete
  11. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  12. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ සැමටත් එසේම වේවා කියලා පතනවා මාමියෝ...))))

      Delete
  13. ඔයාටයි පවුලෙ හැමෝටමයි සුභ අලුත් අවුරුද්දක් වේවා නංගියා! :)

    ReplyDelete
    Replies
    1. අලි අය්යාටත් පවුලේ සැමටත් එසේම වේවා...!!!!

      Delete
  14. වසන්තයේ පැතුම් මල් පිදෙන සුබ නව වසරක් වෙවා....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කියලා පතනවා.ස්තූතියි.

      Delete
  15. වර්ෂා නංගි ඇතුළු පවුලේ සියලුම දෙනාට වාසනාවන්ත නව වසරක් වේවා ....

    ReplyDelete
    Replies
    1. සහන් අය්යාටත් එලෙසම ප්‍රාර්ථනා කරනවා..!!

      Delete
  16. හැමදාමත් වැස්සෙ තෙමි තෙමි හොටු හූර හූර ඉන්න පොඩ්ඩිටත් පවුලේ හැමෝටමත් කිරි පැණි කොකිස් දොදොල් උතුරන නිදුක් නිරෝගී වැස්සටවත් හොස්පිටල් එකකට ගොඩ නොවන සුභම සුභ වාසනාවන්ත වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. මගේ ජම්මාන්තර වෛරක්කාර යසිත් අය්යාටත්,උන්දෑගෙ පවුලේ උදවියටත්,අර අවාසනාවන්ත හනී බනී ගෑණු ළමයාටත්,ඒ ගෑණු ළමයාගේ පවුලේ උදවියටත්,ඔය කිව්ව ඔක්කොම ජාති ඒ විදියටම උතුරන,අව්වටවත් හොසිපිටලු එකකට ගොඩ නොවන්ට සිදු වන නිදුක් නිරෝගී සුවපත් වසරකට පෙරළා සුබ පතමි!!

      Delete
  17. කරකවලා අතඇරියා වගේ උනා බලන්න ආවේ වෙන එකක්. බලන්න උනා වෙන එකක්.. යට පෝස්ට් එකක් උඩට ඇදලා නෙව..
    අපිටනම් හම්බ උනේ හොද ගුරුවරු සෙට එකක් (A/L හැර)

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එක උඩට ඇවිත් නෙව..

      හැම කාලෙම හොඳ - නොහොඳ ගුරුවරු මුණ ගැහෙනවා තමා මචන්..))

      Delete