ඉස්සර ඉතා බරපතළ ලෙස බ්ලොග් ලියාපු ජීවියෙක් වන වැසිදැරිය ළගක ඉදන් බ්ලොග් වෙනුවට දින සටහන් ලිවීම තෝරගත්තෙ ඓන්ද්රීයව වෙන්න ඕන - ටික්ටොක්මය - බුකිමය වකවානුවක වුණත් පොතක් පෑනක් අරන් දිනය සටහන් කරන්න ලාලසාවක් සහිත පරණ ආත්මයක් වැසි දැරියගෙ සරීර කූඩුව අස්සෙ හැඟවිලා ඉන්න හන්දා..
ඒ වාගෙ වාක්‍යයක් මූර්ති නවකතාවෙ සචී ගැනත් වැසිදැරිය ලිව්වා මතකයි. සචී කියන්නෙ වැසි දැරිය අත්පත් කරගන්න ආසා කරන යුටෝපියානු ආත්මය සහිත ගෑණු දරුවා නිසා සචී ගැන ලියන දේවලට තමන් තුළ තියන විප්රකාර ආසාවනුත් වැසිදැරිය අතින් එකතු වෙනව. ඒ නිසා තමා මෙහෙම පුනරුක්ති දෝස සිද්ද වෙන්නෙ..මේ දවස් ටිකක් වෙහෙස දවස්.. යුවතිපතීන් විදියට වගකීම් දරන්න ගන්න කොට තමයි අම්මා තාත්ත කොපමණ වගකීම් රැසක් කුටුම්භය තුළ දරලා තියෙනවද කියලා වැටහෙන්නෙ. ඉතින් තුරුණුවෝ විදියට ඒ වගකීම් ටික ටික ඉගෙනගද්දි දැනෙන වෙහෙසත් එක්ක කුඩා ඉසිඹුවකට වැසි දැරියත්, වැසි දරුවත.. එහෙම කියන්න මං ආසා නෑ.. ඔහුගෙ අනන්‍යතාව වැස්ස ඇතුළට ගන්නවා වගෙ කියල හිතෙනව. ඒත් ඔහුට බඹරා කියන අය වැසිදැරිවිට බඹරි කියලාත් කියන නිසා දෙන්නෙක් එක්කෙනෙක් වීම සහ කොහේදො කියෙව්ව විදියට එක්කෙනෙක් දෙන්නෙක් වීමක් මිස ඒ ආමන්ත්‍රණය ඇතුළෙ අනන්‍යතා දිය වීමක් නෑ කියලත් හිතෙනව. සුන්දර ලෙස අනන්‍යතා ඒකාත්මික වීමක් සහ අනුබද්ධ වීමක් ඒ වෙතින් දැනෙන්නෙ..
ඒ කොහොම හරි දෙන්නා එක්ක ලස්සන තුරු දසුනක් දිහා බලාන නෙස්කැෆේයි ප්ලේන්ටියි බොන අතරවාරෙ හයිකු කවි ටිකක් කියෙව්ව. ඒ කියවන අතරෙ මට නව යොවුන් දැරියක කාලෙ එකට කවි කියවන කොල්ලෙක් ගැන දැකපු හීනයක් මතක් වුණා. තේ බිදෙන් බිදට හයිකුවක් තොල ගාන ආදරයක් කියන්නෙ කවියක් ලියන්න තරං සුන්දර දෙයක් කියල හිතුණා..
ඒත් කවියක් ලියන්න කලින් ඒ හයිකු ටික මව්බසට පෙරළන්න හිතුණ. ඕං ඔය යටින් අමුණන්නෙ ඒ පරිවර්තනය කරපු හයිකු පෙති ටික..
No comments:
Post a Comment