නුඹේ රුව විත් සිහින ගොතමින් කවි උපද්දයි සෙනෙහයේ
විඩාපත් හද තැවුල් රිදවුම් සැවොම අමතක වන පැයේ
මියුරු සුමියුරු සිහින් කටහඬ සවන්පත් අසළින් වැයේ..
තුරු දෙඅත්වල නැතක් මල් පෙති අැස් අරින අරුමය දැනේ
මසිත තුර මත කුසුම් පුබුදන රන් අතේ පන්හිද පෙනේ
නුබ මතින දියවරින සුළඟින කොතැනින්ද පෙම පැමිණුනේ
දන්නෙ නැතුවයි අාදරේ ගැන දිනක් නුඹ හා හිනැහුණේ..
කවි හිතක නැවතිලා දැන් කවි දහක් ඉහිරෙයි මා හිතේ
පරිස්සම් කර තියාගමි අත පටලවන්නට නුඹ අතේ
ඉතිං සසරම අැවිද යමු අපි කවි ම ඉහිරුණු මාවතේ...