නුඹේ රුව විත් සිහින ගොතමින් කවි උපද්දයි සෙනෙහයේ
විඩාපත් හද තැවුල් රිදවුම් සැවොම අමතක වන පැයේ
මියුරු සුමියුරු සිහින් කටහඬ සවන්පත් අසළින් වැයේ..
තුරු දෙඅත්වල නැතක් මල් පෙති අැස් අරින අරුමය දැනේ
මසිත තුර මත කුසුම් පුබුදන රන් අතේ පන්හිද පෙනේ
නුබ මතින දියවරින සුළඟින කොතැනින්ද පෙම පැමිණුනේ
දන්නෙ නැතුවයි අාදරේ ගැන දිනක් නුඹ හා හිනැහුණේ..
කවි හිතක නැවතිලා දැන් කවි දහක් ඉහිරෙයි මා හිතේ
පරිස්සම් කර තියාගමි අත පටලවන්නට නුඹ අතේ
ඉතිං සසරම අැවිද යමු අපි කවි ම ඉහිරුණු මාවතේ...
අනේ...............
ReplyDeleteලස්සනයි...
ඒත්.....
මොකද ඒ්ත්?
Deleteපරිස්සම් කර තියාගමි අත පටලවන්නට නුඹ අතේ
ReplyDeleteඉතිං සසරම අැවිද යමු අපි කවි ම ඉහිරුණු මාවතේ...
lassanai
ස්තූති රෙහානි අක්කා.. ඔයාගෙ මුඛර්ජී මූණ කල්ප කාලෙකින් දැක්කෙ..))
Deleteකවිය සොඳුරු යි බස ද මියුරු යි සිත පිනයි හැම දා වගේ - කවි දෙකවි වන දින ළඟ යි දෝ මෙකවි දකිනා විට හැඟේ..))))
ReplyDeleteහී නෑ මං කිව්වෙ දෙකවි වෙන තෙක් පරිස්සම් කර තියාගන්නවා කියා විතරයි නොවැ..))
Delete/පරිස්සම් කර තියාගමි අත පටලවන්නට නුඹ අතේ
ReplyDeleteඉතිං සසරම අැවිද යමු අපි කවි ම ඉහිරුණු මාවතේ..
ඇහිදිමු ඇහිඳිමු....
ජ ය වේ වා !!!
හි හි ස්තූතියි ඈ..!!
Deletenangi.. "kawak liyawuni hithapura" kaviya ko? pls link eka denna..
ReplyDeleteහය්යෝ.. මට මතක නෑ කවිය මොකක්ද කියලා.
Deleteeka delete karala meya :P
Deleteටෙක්නිකල් වැඩක් දාන්න ගිහින් කවි වගයක් ඩිලීට් වුණා නම් තමයි..))
Deleteඅගෙයි !!
ReplyDeleteස්තූතියි....!!
Deleteවාසනාවන්! මේ මල් කුමාරිගෙ ලස්සන හිත කොහෙද? නැවතිලා. සදා වාසනා වේවා!
ReplyDeleteඅනේ ස්තූතියි නැන්දේ... මගෙ හිතට වඩා ගොඩක් ලස්සන හිතක නැවතිලා තියෙන්නේ..
Deleteඔබේ කිව් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ හැමදාමත් වගේම ලස්සනයි
ReplyDeleteබෝම ස්තූති...!!!!
Deleteහිමිව සිටිනා විටදී දැනෙනා සුවය
ReplyDeleteහිතකට ඉස්තරම් ...
අහිමිවිව ගිය කලට සතුරෙක් නොමැත
මේ ලොව පෙම තරම්...
කවි හරිම ලස්සනයි....