වැසි දැරියට වැස්ස ගැන හැර අන් යමක් ගැන ලියන්නට හැකිද... හැකි විය හැකි ය.එහෙත් මෙවන් වස්සාන සමයන්හී දී මට වැස්ස හැර මුළු ලෝකය ම අමතක වී යාම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි.එපමණට බරපතළ මිනුමකින් මම වැස්සට ආදරය කරමි.ගහකොළ සෝදාගෙන නෙත් ඉදිරිපිට ඇදගෙන හැලෙන සියුම් සුකෝමළ වැසි පොදවලටත්, කළුවර සීත රාත්‍රීන් හී සිත බියපත් කරමින් කඩා වදින අනෝරා වර්ෂාවන්ටත් එක සේ ම ආදරය කරන්නට මා පුරුදු වූයේ කවදා ද කියා හරියටම මට මතක නැතත් මා උපන් දවසේ දී ම වැස්සත් මහදත් අතර පවත්නා අරුම සම්බන්ධය උපදින්නට ඇතැයි විටෙක සිතේ..
මා උපත ලැබ ඇත්තේ ද මහා වැස්සක් අතරතුරේ ය.අන් නමක් ගැන නොසිතා මට වැසි දැරිය යැයි නම් තබන්නට තාත්තාට සිතෙන්නට ඇත්තේ ද ඒ හින්දා ම විය යුතු ය.නමට පමණක් වැස්සක් නොවී කටුක පොළොව තෙමනා ආදරයේ වැස්සක් වෙන්න යැයි ඔහු අදටත් සෑම උපන් දිනක දී ම මතක් කර සිටියි.මේ වැහි කතන්දර අලුත් වූයේ මේ දවස් වස්සානයට අයත් වන හින්දා ම පමණක් නොවේ.ඊයේ මහ රැයේ අහම්බයකින් අහන්නට ලැබුණු මේ අපූරු ගීතය හින්දා ය...
හදන්නට වැහි බින්දුවක් - කරුණාරත්න දිවුල්ගනේ
නිශාචරයෙකු වීම නිසා මහ රැයේ පාඩම් කරන අතරේ දැනෙන නිදිමතට පිළියමක් ලෙස මා කරන්නේ අන්තර්ජාලය ඔස්සේ කරක් ගසා ලස්සන සින්දුවක් සොයා ඇහීමය.ඊයේ අහන්නට ලැබුණ මේ ගීතය හිතේ බිත්තිවල ලස්සන සිතුවම් බොහෝමයක් එක නිමේෂයකට ඇන්දේය.
හදන්නට වැහි බින්දුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සට කල්පයක්...
මෙපමණ ගැඹුරට සිතන්නට යාම විකාරයක් ලෙස ඇතැමුන්ට පෙනෙනවා විය හැකි බව දනිමි.ඒත් ගීත රචකයා ලියා ඇති පරිද්දෙන් ම මහා වැස්සේ කල්පයක් හෝ නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් වුව තෙමෙන්නට මම ද ආසා කරමි.වැස්ස මසිතට එපමණට සුවදායක ය... මෙහැඟුම යට මේ මොහොතේ දී ද මම සෙනේහයෙන් තෙමෙමින් සිටිමි.
මේ ගීතයට එච්චර හිත යන්නෙ නෑ නේ... වැස්ස සම්බන්ධ ආස ම ගීතය නම් මුතුකුඩ ඉහළන මල් වරුසාවේ....
ReplyDeleteඒක දුක හිතෙනවා නොව.. වැස්සේ මුලම පෝස්ට් එකක ඒ ගැන ලියලා ඇති...
Deleteමේක කියෝන කොට වැස්ස ගැන බොහොම පුදුම ලෙන්ගතුකමක් මටත් ඇතිවෙනවා දරුවෝ..
ReplyDeleteවැඩට යනකොට වැස්සකට අහුවුනාම දැනෙන කේන්තිය අරුණු කොට මේ විභීෂණ ත් වැස්සට හරිම කැමතියි.
පොස්ට් එක නම් හරි අමුතුයි..එත් අලංකාරයි...
වැස්ස වහිනකොට ගෙදර අයගේ අතින් ගේ පුරාම ඇති ජනෙල් දොරවල් වැහෙන කොට මයේ කාමරේ විතරක් ජනෙල් ඇරෙන්නේ මාත් ඔය වැස්ස විඳින්න හරිම ආස හින්ද..
වැස්සට අපි කවුරු කවුරුත් හිත යටින් ආදරෙයි මගෙ හිතේ...
Deleteස්තූතියි විභීෂණ මාමේ කමෙන්ට් එකට.සමාන හදවත් ඇත්තෝ හමු වෙන කොට හිතට හරි සතුටුයි..
ඔය මාමා කෑල්ල අත ඇරපන් කෙල්ලේ..
Deleteමම එච්චර වයස නැහැ බන්..
:D:D:D:D:D:D:D:D:D:D:D:D:
ඉතින් දරුවා කිව්වම මං හිතුවා මාමා කෙනෙක් කියලා...
Delete..එහෙනම් සීයා කියන්නම්කෝ..!!
මේක ගැඹුරට සිතන්න යාම විකාරයකියි කීම මට විකාරයකි!
ReplyDeleteඒත් බහුතරයකට අප හිතන විදිය විකාරයකි...
Deleteඑ් උන් විකාරකාරයන් මිස වෙන මොක්කුවත් නොවන නිසාය. මෙය සිරා ප්‍රකාශයකි!
Deleteමහ රැයේ පාඩම් කරන හැටි ගැන නම් මගෙන් අහගන්න එපා....
ReplyDeleteහිහ්.. මහ රැයේ ඔයා ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි කොරන හැටිත් මගෙන් අහගන්න එපා හරිය....
Deleteකාලෙකින් මේ පැත්තට ආවම මතක උනා වර්ෂාව..ආව ඔන්න..දැන්නම් දිගටම එක දිගට ලියන්න තමා අදහස් කරන ඉන්නේ..බලමුකෝ ඉතිං..ආවෙවත් නැති නිසයි බලලා යන්න ආවේ..
ReplyDeleteහ්ම් හ්ම් ලියමුකෝ මල්ලියෝ...
Deleteතාම මෙහෙට වහිනවා නේ, මගේ බ්ලොග් එක නම් වේලිලා ගිහිල්ලා :(
ReplyDeleteඒක හැමදාම එහෙම නොවැ... මොකද තරහකාරයන්ට මේ පැත්ත මතක් වෙලා?
Deleteඅලුතෙන් මුකුත් නැද්ද යකූ..........................
ReplyDeleteනැති නිසානේ යකූ ඔයා පරණ පෝස්ට් එකටම කමෙන්ට් කරලා තියෙන්නෙ...
Delete........ඇත්ත කතාව වැඩ වැඩියි මල්ලියෝ.. විභාගෙ ඉවර වෙලා ආයෙ ලියන්නම්කො!
උඹ ලියනවාද නැද්ද අක්කේ.......?
Deleteනැහැ බොල...!!!!
Delete